දෙසැම්බර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ජනජීවිතය නඟා සිටුවීම සඳහා කෘෂිකර්මාන්තය කේන්ද්‍රගත වැඩපිළිවෙළක්

    දෙසැම්බර් 04, 2024

    ග්‍රාමීය ජනජීවිතය නඟා සිටුවීම සඳහා කෘෂිකර්මාන්තය කේන්ද්‍රගත කිරීමට වත්මන් රජය අපේක්ෂා කරන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා  අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, 

    වී වගාවෙන් අපිට ප්‍රමාණවත් අස්වැන්නක් ලැබෙමින් තිබෙනවා. ඒ සඳහා නව බීජ හදුන්වා දියයුතු වෙනවා. ඉහළ අස්වැන්නකට යන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ වගා කරන්න පුළුවන් බොහෝ භෝග අපේ රටේ වගා කරන්නේ නැහැ. ගොවියන්ට නිසි ආදායමක් නොමැති තත්ත්වයක් තිබෙනවා. භෝග වගා කිරීම සඳහා ජාතික සැලැසුමක් ක්‍රියාත්මක කළයුතු වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා විශාල වියදමක් දරන්න සිදුව තිබෙනවා. ඒ වගේම පශු සම්පත් ක්ෂේත්‍රය දියුණු කරන්නත්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya