දෙසැම්බර් 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතිවාදය හිස එසවීමට කිසිදු ඉඩක් තබන්නේ නැහැ - මහජන ආරක්ෂක අමාත්‍ය

    දෙසැම්බර් 04, 2024

    ජාතිවාදය හිස එසවීමට කිසිදු ඉඩක් තබන්නේ නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. නව නීති ගෙනැවිත් හෝ ඒ සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. පසුගිය දින කිහිපයේදී සිදුකළ අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සහ ඊට පසුබිම් වූ හේතු සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ රටේ යළි, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් දැඩිව කැප වෙන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය
    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    "පසුගිය දිනවල උතුරේ පැවති සැමරුම් උත්සව කිහිපයක් සම්බන්ධ කතාබහක් සමාජය තුළ නිර්මාණය වුණා. ඒ පිළිබඳව අපගේ ස්ථාවරය වුණේ ඔීනෑම කෙනෙකුට තමන්ගේ මියගිය ඥාතින් පිළිගැනීමේ අයිතිය අපි පිළිගන්නවා. එය අදත් අපි පිළිගන්නවා. නමුත් යම් තහනම් සංවිධානවල කොඩි සංකේත , ලාංඡන ප්‍රදර්ශනය කරමින් සැමරුම් පැවැත්වීමට ඉඩක් නැහැ.
    නමුත් පසුගිය දිනවල උතුරේ පැවැත් වූ බවට ඒත්තු ගන්වන, ජනතාව නොසන්සුන් ගන්වන, ඇතැම් විකෘති ප්‍රකාශයන් සමාජ මධ්‍යයන්ගේ සංසරණය වූ බවත්, එම බොහොමයක් ඡායාරූප පසුගිය වසරවල පැවැත් වූ සැමරුම් උත්සවයන්ගේ ඡායාරූප බවත් ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම ඇතැම් ඡායාරූප විදේශයන්හි පැවැත් වූ සැමරුම් උත්සවවල ඡායාරූප බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සමාජ මාධ්‍යයන් මෙහෙයවන යම් සංවිධානාත්මක පිරිසක් ජාතින් අතර අසමගිතාවය ඇතිවන පරිදි මේවා පෙන්වමින් සමාජයට වැරදි මත ගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි. මේ වන විට මේ සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළබවද ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
    යම් පිරිසක් මෙලෙස සංවිධානාත්මකව ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය. දේශපාලන ලැබැඳියාවන් පවතින පුද්ගලයින් මේ සඳහා සම්බන්ධ වී ඇතැයි හෙළිවී ඇතැයිද කීය. මෙම කුමන්ත්‍රණ හේතුවෙන් ඒ ඒ දේශපාලන පක්ෂ වලට ජය ලැබුණද රටක් වශයෙන් කිසිදු ජයක් ලැබෙන්නේ නැතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya