ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2024 නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අද පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යන තේමාව බවත්, මෙම කුළුණු දෙකම එකවර නගා සිටුවන්නේ නැතිව ප්‍රබුද්ධ ජීවිතයක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“රජයේ දැක්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශීර්ෂ තුනක් යටතේ ප්‍රකාශ වුණා. ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම, ඩිජිටල්කරණය, ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය ඒ් ශීර්ෂ තුනයි. ක්ලීන් කරන්නේ හැඩිවෙලා තිබූ පරිසරය පමණක් නොවෙයි. ආකල්ප පිරිසිදු කිරීම/මහජන මුදලට වගවීම, නීති පද්ධතිය රැකීම සහ නීතිය මත පාලනය විශ්වාස කිරීම හැඩිවෙලා තිබෙන මනුෂ්‍යත්වය ඔසවා තැබීම මේ සියල්ලම මෙයට අයත්. පරිසරය පමණක් නොවෙයි - හැඩිවෙලා තිබෙන ක්ෂේත්‍ර සියල්ල පිරිසිදු කිරීම රජයේ වගකීමක්.”