දෙසැම්බර් 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක් දියත් කරනවා - කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

    දෙසැම්බර් 03, 2024

    ගංවතුර තත්ත්වය මුළුමනින්ම පහවගිය පසු ඩෙංගු මර්දනය සඳහා වන වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ඩෙංගු පැතිරීමේ අවදානම පිළිබඳ සැලකිලිමත් වී ඇතැයිද ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය තුළ කටයුතු කරන බවද පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලකට යාමට කියුබානු රජය සමග සාකච්ඡා කරමින් සිටින බවද අවධාරණය කළේය.
    මෙය කාලයක් තිස්සේ කතාබහ කරමින් සිට ප්‍රමාදවූ ගැටලුවක් බවද කියුබානු ආධාරයක් ලෙස කීටයෙක් ගෙනැවිත් ඩෙංගු මර්දනයට උදවුකරගැනීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya