ඔක්තෝබර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය හමුවෙයි

    ඔක්තෝබර් 23, 2024

    ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. එහිදී Marc-Andre Franche මහතා අගමැතිවරිය වෙත සිය සුභ පැතුම් පිරිනැමූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ එකඟතාවද පළ කළේය.

    ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීමේ වැඩපිළිවෙලට සහ ඩිජිටල්කරණ වැඩසටහන සඳහා සහය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කැමැත්ත පළ කලේය.

    කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද Marc-Andre Franche මහතා පැවසීය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස්, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ පැට්‍රික් මැක් කාර්ති සහ නෙත්මිණි මැදවල යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya