ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 45ක් සපිරෙන අපනයන සංවර්ධන මණ්ඩලය

    අගෝස්තු 01, 2024

    1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත මගින් ආරම්භ කළ අපනයන සංවර්ධන මණ්ඩලය  අගෝස්තු මස 01 වැනි දිනට  වසර 45ක් සපිරේ.

    එවකට වෙළඳ හා නාවික අමාත්‍ය ලෙස කටයුතු කළ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මෙම පනත වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබා දී තිබේ.

    අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ ඉහළම අපනයනකරුවන් සිය ගණනකට ගෝලීය වෙළෙඳපොළ වෙත ඔවුන්ගේ මුල්ම අඩිතාලම තැබීම  උදෙසා, අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශන, වෙළඳ දූත මණ්ඩල සාකච්ඡා, මූල්‍ය සහන දීමනා යෝජනා ක්‍රම, ව්‍යාපාර බුද්ධිමය තොරතුරු ලබා දීම යනාදිය මගින් විශාල දායකත්වයක් ලබා දී තිබෙන අතර, තවදුරටත් එම දායකත්වය ලබා දෙමින් පවතී.

    එසේම, නව අපනයනකරුවන් බිහි කිරීමේ ජාතික වැඩසටහන මගින් බිම් මට්ටමේ ව්‍යවසායකයින් අපනයන ක්ෂේත්‍ර‍යට ප්‍රවිෂ්ට කරවීම අපේක්ෂිතයි. එසේම සේවා සැපයීමේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති දැවැන්ත විභවය අවබෝධ කර ගනිමින්, තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM), ඉලෙක්ට්‍රොනික හා විදුලි උපාංග, සුවතා සංචාරක, ඉදිකිරීම්, අධ්‍යාපන සේවා, සමුද්‍ර හා අක්වෙරළ සේවා වැනි අංශ ප්‍රවර්ධනය කිරීම සඳහා අපනයන සේවා නමින් වෙනම අංශයක් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කර තිබේ.

    ඇඟලුම්, තේ, මැණික් සහ රබර් යන සාම්ප්‍රදායික අපනයන කර්මාන්තවලින් ඔබ්බට නව අපනයන කර්මාන්ත සහ සේවා බිහිවීම සඳහා ජාතික අපනයන උපාය මාර්ගය (NES 2018-2022) සකස් කර ඇති අතර බෝට්ටු ගොඩනැගීම, කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග, ICT/BPM, ඉලෙක්ට්‍රොනික හා විදුලි උපාංග සහ සුවතා සංචාරක ව්‍යාපාරය මෙම උපායමාර්ගික සැලැස්ම යටතේ අවධානය යොමු කරන අංශ ලෙස හඳුනාගෙන ඇත.

     එසේම  කාන්තා ව්‍යවසායකත්වය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය වැනි ක්ෂේත්‍ර කෙරෙහි අපනයන සංවර්ධන මණ්ඩලය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

     වර්තමානයේදී  අපනයන උපදේශන කමිටු 24 ක් විවිධ විෂයන්  සඳහා විෂය භාර අමාත්‍යවරයා  අපනයන සංවර්ධන මණ්ඩලය හා එක්ව පිහිටුවා ඇති අතර  මෙම උපදේශන කමිටු අපනයන සංවර්ධන මණ්ඩලෙයහි වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්, ජාතික අපනයන උපාය මාර්ග සැලසුම සහ ජාතික අපනයන ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරනු ලබයි.

     මේ වන විට නව ක්ෂේත්‍ර ගවේෂණය කරමින්, උපාය මාර්ගිකව වැදගත් වන තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, අධ්‍යාපනය සහ සුවතා සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් රටේ අපනයන සංවර්ධනය සහ ප්‍ර‍වර්ධනය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන‍ මණ්ඩලය කටයුතු කරමින් සිටී.

     සුළු පරිමාණ ව්‍යවසායකයන් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය සමග කටයුතු කළ බොහෝ ව්‍යවසායකයන්, මේ වනවිට  අපනයන ක්ෂේත්‍රයේ දැවැන්තයන් ලෙස ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදේ. 

     එසේම, අපනයන සංවර්ධන  මණ්ඩලය  නව ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, නව්‍යකරණය වූ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකරමින් පවතින අතර එම  ප්‍රතිලාභ අපනයන ක්ෂේත්‍රයේ නිරත පිිරිසට මෙන්ම ඒ සඳහා එක්වීමට අපේක්ෂා කරන නවක අපනයනකරුවන්ටද හිමි වනු ඇති බවට අපේක්ෂිතයි.  

     

    දේවිකා සිරිවර්ධන

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya