ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකිකයන්ට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ඊ ගමන් බලපත්‍රයක්

    ජූලි 27, 2024

    2025 – 01 – 01 දින සිට ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයන් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ඊ ගමන් බලපත් ලබාදීම ඇරඹීමට නියමිතය. ඒ අනූව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම් කිරීමේ ක්‍රමවේදය පහත දැක්වෙන පරිදි නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වේ.

    2024/07/16 සිට ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා http://www.immigration.gov.lk සබැඳියෙන් පූර්ව ලියාපදිංචියක් සිදුකළ යුතුය.

    ඒ අනූව 2024/07/17 දිනැති මාධ්‍ය නිවේදනයට අනූව පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙසත්, පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කාරුණිකව දන්වා ඇත.

    ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බවද වැඩිදුරටත් දන්වා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya