අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණේ මේ රටේ වාසනාවට

    නොවැම්බර් 24, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණේ මේ රටේ වාසනාවට බවත් අධිරාජ්‍ය විරෝධී බලවේගවලට මුහුණ දිය හැකි පරිදි ශක්තිමත් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය ශක්තිමත් වුණේ ජාතික බලවේග සියල්ල ඒකරාශී කර ගත් නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමිනි.

    අද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 102, 237, 252, 280, 296, 323, 324 හා 329 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    අපි පාද යාත්‍රා යන කොට චන්ද්‍රිකා බණ්ඩාරනායක සිටියේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවට පස්සේ ජාතීවාදීන්ට නාමයෝජනා දෙන්නේ නැහැ කියලා නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළා. ඇය මුලින් ම ගැහුවේ ජාතික බලවේගවලට. මංගල සමරවීරගේ ලණු කාපු චන්ද්‍රිකා තවලම, සුදු නෙළුම ගියා. දෙවියන් පය නොගහන බිමේ මල පෙරේතයෝ බ්‍රේක් ඩාන්ස් කරනවා වගේ විපක්ෂය අද වැඩකරනවා යැයි ඔහු කීය.

    ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගයි, රනිල් වික්‍රමසිංහයි දෙන්නම එකතුවෙලා සටන් විරාම ගිවිසුම අත්සන් කළේ. ඒ අනුව මහා පාවාදීම සිදු කළේ චන්ද්‍රිකා කුමාරතුංගයි. 2005 දී එතුමාට මහා බලයක් තිබුණේ නැහැ. අධිරාජ්‍ය විරෝධී බලවේගවලට මුහුණ දිය හැකි පරිදි ශක්තිමත් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ශක්තිමත් වුණේ ජාතික බලවේග සියල්ල ඒකරාශී කරගත් නිසයි. මහින්ද රාජපක්ෂ මහතා ජනමූල නායකයෙක්. ත්‍රස්තවාදය අවසන් කළා. සාමය සුරක්ෂිත කළා. සංවර්ධනය ඇති කළා. අද වන විට බෝම්බයක් තියා ට්‍රාන්ස්පෝමරයක්වත් පුපුරන්නේ නැහැ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෑම ජන කොටසකගේ ම පිළිගැනීමක් තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ගැන මම අමුතුවෙන් කිව යුතු නැහැ. වික්ටර් අයිවන් විසින් රචිත චෞර රැජිණ කෘතියෙන් ඇය ගැන බලන්න පුළුවන් යැයි ද අමා.ත්‍යවරයා සඳහන් කළේය.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක පළමු සැරේට භාරගත්තේ කොන්ත්‍රාත්තුවක්. මෙවර දෙවැනි වතාවටත් ලබා දී තිබෙනවා කොන්ත්‍රාත්තුවක්. චන්ද්‍රිකාගේ පළමු ලණුව කාපු රනිල් වික්‍රමසිංහ මහතා අමාරුවේ වැටුණා. දෙවන වතාවටත් මෙවර ලණුව කෑවා. ආණ්ඩුවක් කර ගෙන යන කොට විවිධ ප්‍රශ්න ඇති වෙනවා. කලකිරීම් ඇතිවෙනවා. එසේ විවිධ හේතු මත කලකිරීම් තිබූ මැති ඇමතිවරුන් ඇය බිල්ලට ගත්තා. ඒ වගේම අපේ පක්ෂයේ මහා ලේකම්වරයාත් අපේ ලණුව ගිල්ලා. අපේ පක්ෂයෙන් 64ක් ගන්නවා කිව්වා. මෛත්‍රීපාල සිරිසේන මෙහෙයවන්නේ චන්ද්‍රිකා බණඩාරනායකයි. දැන් ඔක්කෝමලා කුජීත වෙලා ඉන්නවා යැයි ද ජනතාව ඒ ගැන ප්‍රශ්න කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya