අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට සංවර්ධනය සඳහා ඉදිරිපත් කරන ලද අය-වැයක්

    නොවැම්බර් 24, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ)  මේ අයවැය රාජ්‍ය සේවකයා, පදික වේදිකාවේ වෙළෙඳාම් කරන අහිංසක ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා සහන සලසන, රට සංවර්ධනය සඳහා ඉදිරිපත් කරන ලද අය-වැයක් බවත් එය සම්මත වන දිනය අද බවත් වරාය හා නාවුක කටයුතු ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමිනි.

    අද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 102, 237, 252, 280, 296, 323, 324 හා 329 ශීර්ෂයන් ද විවාදයට ගැනේ.

    කුමන්ත්‍රණ බලවේග කොතරම් ක්‍රියාත්මක වුවත් ඒවා ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ අයවැය රට පිළිගෙන තියෙනවා. ජනතාව ආදරය කරන නායකයා සමඟ කඳවුරු බඳින්න අප සූදානම්. එක කඳවුරක් ශ්‍රී ලංකාවේ ජාතියට ආදරය කරන කඳවුර වන අතර ජනාධිපතිතුමා සමඟ මෙරට ජනතාව සිටිනවා. මහින්ද පැරදුනොත් යුද අධිකරණයට ගෙනියනවා කියන ජාත්‍යන්තර බලවේග සමඟ සිටින කඳවුර අනෙකයි. මුදල් මත යැපෙන, රට විකුණන, NGO හාදයන් මේ කඳවුරේ සිටී. ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන් ම ජයග්‍රහණය කරනවා. රටේ භූමිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට පාවා දුන් මෙහෙයුමට ආයෙත් සූදානම් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya