නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතියේ ආධිපත්‍ය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කළ යුතුයි - අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 20, 2024

    රටේ පාලකයා ආදර්ශමත්ව නීතියට යටත්ව කටයුතු කළහොත් ජනතාවත් නීතියට ගරු කරන බවත් අධිකරණ අමාත්‍යවරයාගේ කාර්යභාරය නඩු ඇසීම , මෙහෙයවීම නොව අවශ්‍ය පහසුකම් ලබා දීම බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධිකරණ අමාත්‍ය ධුරයෙහි රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ය.

    රටක ආර්ථික සමාජීය පරිවර්තනයක් ඇති කර ගැනීමට නම් මුලිකව ම නීතියේ ආධිපත්‍යය අවශ්‍ය බවත් අධිකරණයේ ස්වාධිනත්වය සුරක්ෂිත කළ යුතු බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පසුගිය කාලය තුළ අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය වීම සිදු වු බවට සමාජය තුළ මතයක් පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා අධිකරණ පද්ධතිය පිළිබදව මහජන විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය. ජනතා විශ්වාසය දිනාගත් අධිකරණ අමාත්‍යාංශයක්, නීතිපති දෙපාර්තමේන්තුවක්, පොලිස් සේවයක් ස්ථාපිත කළ යුතු බවත් ඇතැම් අණ පනත් හා නීති සාකච්ඡා කිරීමෙන් අනතුරුව යාවත්කාලීන කළ යුතු බවත් අමාත්‍යවරයාට, දේශපාලඥයාට කාර්ය භාරයක් මෙන්ම ඔහුගේ බලයට සීමාවක් තිබෙන අතර නීතියට යටත් විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    නව නීති කිසිවක් අත්තනෝමතිකව නොගන්නා බවද අවශ්‍ය පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අණ පනත් නීති ගෙන එන බවද අමාත්‍යවරයා එහිදී  සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya