අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන්... මැතිවරණය කල්දැමීම සභාවේ රැව් දෙයි...විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක්...ගංඟා ද්‍රෝණි දහයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක්...

    නොවැම්බර් 22, 2017

    මැතිවරණය කල්දැමීම සභාවේ රැව් දෙයි....

    මැතිවරණය කල්දැමීමට සම්බන්ධ නෑ-මහින්ද අමරවීර

    අපිටත් ඡන්දය ඕන- ලක්ෂ්මන් කිරිඇල්ල

    විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක්...

    ගංඟා ද්‍රෝණි දහයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක්...

    විසර්ජන පනත් කෙටුම්පත විවදය එකොළොස්වෙනි දිනය - නොවැම්බර් 22

     

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද එකොළොස්වෙනි දියටත් ආරම්භ වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය,මහවැලි සංවර්ධන හ පරිසර අමාත්‍යාංශය,වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වැයශීර්ෂ අද (22) විවාදයට ගත්තා. පර්ලිමේන්තුව කතානායක කරූ ජයසූරිය මහතා මුලසුනට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.

     

    ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී කෙටියෙන් සිදු කරන්න, කාලය ප්‍රමාණවත් නොවන නිසා, යැයි කතානායකවරයා අද පාර්ලිමේන්තුව ආරම්භයේ දී සභාවට දැනුම්  දුන්නා.

     


    රහසිගත ණය ඇති බවට කර ඇති ප්‍රකාශයක් සම්බණ්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියා.එහිදී සභාවේ නැගී සිටි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේ,අනවශ්‍ය වෙලාවට ප්‍රශ්න ඇතිකරන රෝගයක් මන්ත්‍රීවරයාට තිබෙන බවය.

     

    ප්‍රශ්නවලට වාචික පිළිතුරු...


    පෞද්ගලික උසස් අධ්‍යාපනය රටට අවශ්‍ය බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා මතු කළ පැනයකට lakshman kiriellaපිළිතුරු දෙමින් ප්‍රකාශ කළා.

    බාහිර උපාධි අහෝසි කරනන් නොවේ,එහි ප්‍රමිතිය පිළිබ්ඳ කාරණය ප්‍රශ්නයක් තිබෙනවා. බාහිර උපාධිය අර්ධකාලීන උපාධියක් කරන්න අවධානය යොමු කරන්නවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.


    එයට පිළිතුරු දුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

    අධ්‍යාපනයට නිඳහස් තියෙන්න ඕන. ආර්ථිකය ශක්තිමත් වුණාම උපාධියක් ගන්න වුවමන වෙනවා. එය නැති කරන්න හොඳ නෑ. බහිර උපාධි පාඨමාලා ප්‍රමිතිය අඩුයි. සෑම උපාධිධාරියෙක්ම කැමැති රජයේ රැකියාවක් කරන්න. ඒ නිසා පෞද්ගලික අංශයේ පඬි වැඩි කළ යුතුයි. නිදහස් වෙළඳ කලාපයේ ඇබැර්තු ලක්ෂයක් තියෙනවා. යන්න කෙනෙක් නෑ .

     

    රැකියා දස ලක්ෂයක් ලබාදීමේ සාර්ථකව නිම කරනවා

    රැකියා දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන සර්ථකව නිමකරනවා යැයි රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළා.



    බැදුම්කර ප්‍රශ්නයට වරප්‍රසාද ප්‍රශ්නයක්...

     

    ajith 2දේශපාලන ජීවිතයට හෝ වෘත්තීය ජීවිතයට හානි කිරීමට ඉඩ දිය නොහැකියි

     

    තමන්ගේ දේශපාලන ජීවිතයට හෝ වෘත්තීය ජීවිතයට හානි කිරීමට ඉඩ දිය නොහැකි බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවා.

    මේ චෝදනාව සම්බන්ධයෙන් තමන් විශ්මයට පත් වූ බවත් තමන් ආත්ම ගරුත්වයක් සහිතව දේශපාලන හා වෘත්තීය ජීවිතයෙන් නියැළුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා

    ''මට ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙසයි මට ලේඛනය සාක්ෂි ලෙස අරගෙන තියෙන්නෙ. මගේ ගෞරවය පිළිබඳ අභියෝගය වී තිබෙනවා. මගේ අවංකකම කියන්න අවස්ථාවක් නැති ද? මට හොරු ආරක්ෂා කරන්න අවශ්‍ය නෑ. කොමිෂමෙන් මා හරස් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. මට ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා. කතානායකතුමාට බාරයි මගේ ගෞරවය. ඔබතුමා මැදිහත් වී හරස් ප්‍රශ්න අහන්න මට ඉඩ දෙන්න''


    ඛනිජ සම්පත්වල අයිතිය මධ්‍යම රජය සතුබව විවාදය අතරතුර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්ද්‍රන් යෝගේෂ්වරන් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

    ''ඉල්මනයිට්'' ආදයමක් ලැබෙන ආකරයට සකස් කර ජනතාවට විශල ආදායමක් ලබාගැනීමට හැකිවන ලෙස කටයුතු කළ යුතු බවත්පරිසරයට හානියක් නොවන ලෙස කටයුතු කරමු යැයි එහිදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසා සිටියා.


    විද්‍යාත්මක පදනමකින් තොරව වැව් හාරන්න ඉඩක් නෑ

    විද්‍යාත්මක පදනමකින් තොරව වැව් හැරීමට ඉඩ ලබා නොදෙන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ප්‍රකාශ කළා.

    වාරිමාර්ග අමාත්‍යාංශය වැයශීර්ෂය විවාදය අතරතුර මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා මතු කළ ප්‍රශ්නයකට නැගී සිටිමින් මේ බව ඇමැතිවරයා කියා සිටියා.


    හිතුවක්කාර ලෙස ඇනිකට් දාලා ජලය ලබාගන්නවා කියලා ජනතාව කියනවා. වතුර ටික රැකගන්න ඕන යැයි ද විවාදයේ දී ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

    අමාත්‍ය විජිත් විජයමුණි ස්යිසා මහතා - වැරදි ලෙස ජලය ගන්නවා නම් අපි වාරිමාර්ග පනත අනුව ක්‍රියාත්මක කරනවා.wijayamuni

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා- වැව් ව්‍යාපාරයක් ලෙස හාරනවා.


    අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා- විද්‍යාත්මක පදනමකින් තොරව වැව් හාරන්න ඉඩ දෙන්නේ නෑ. මොණරාගල වැව් 32ක් ප්‍රතිෂ්ඨාපනය කර තිබෙනවා.අප සෘජුව මැදිහත් වෙලා කරන්නේ. වහින වැඩ්ඩ රදවා ගන්න අවශ්‍ය වෙනවා.


    පළාත් පාලන මතිවරණය කල්දැමා ඇති බවත් ඒ සඳහා රජය වගකිව යුතු බව හිටප්ය් ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියා. ඊට පිළිතුරු ලබාදුන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ,''අපිත් මැතිවරණ කල්දැමීමට අකමැති බවය. අපටත් ඡන්දය ඕනෑ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

     

    ඇතැම් ප්‍රදේශවල ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමකට ලක්ව නැහැ. ඇතැම් තැන්වල ඉවුරු කඩාවැටීම් සිදුව තිබෙනවා. ඒ ස්ථාන පිළිසකර කිරීමට පියවර ගතයුතු වෙනවා. පුනානි බටහිර ගොවීන් විවිධ ගැටළුවලට මුහුණ දෙනවා. දිඟු කලක් පුරා ස්ථිර කෘෂිකාර්මික වැඩපිළිවෙලක් නැහැ යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමැති අමීර් අලී මහතා සඳහන් කළා.

     

    මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විවාදයට එක්වෙමින් සඳහන් කළේ, ''මේ රටේ ආර්ථිකය ඉහළ නංවන්නට උර දෙන අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් අද සාකච්ඡා කරනවා. මහවැලි ව්‍යාපාරය තුළ මේ රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුවුණා. ගොවි ජනපද බිහිවුණා. නව ගොඩනැඟිලි, ඇලවේලි ඇතිවුණා. වගා කරන්න ජලය නොමැති ප්‍රදේශවලට ජලය ලබාගන්නට හැකිවුණා. එම භූමිය ලබාගන්න ක්‍රියාකළ ජනතාවට කුමන ආන්ඩුවකින් හෝ සාධාරණයක් ඉටුවී නැහැ''යන්නයි.

    මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා ද විවාදයේ දී අඳහස් දැක්වූවා.

    ''පසුගිය කාලයේ වී ගොවිතැනේ හිඟතාවයක් තිබුණා. ඒ නිසාම සහල් පිටරින් ගේන්න වී තිබෙනවා. ඊට අමතරව තේ, රබර් වැනි භෝග ඵලදාව පහළ ගොස් තිබෙනවා. සහලින් ස්වයංපෝෂිත රටක් අපි. ඊට අවශ්‍ය සියලු සම්භාවිතා රටතුළ තිබෙනවා. අපේ කෘෂිකර්මය අනවශ්‍ය ලෙස ලිහිල් කරන්නේ නම් මහා පරිමාණ ව්‍යවසායකයන්ට වාසිසහගත වෙනවා. අපේ රට කෘෂිකාර්මික අතින් දියුණු කරන්න විද්වත් සැලැස්මක් අවශ්‍ය වෙනවා. ''


    පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයසේකර මහතා- ''වාරිමාර්ග ඇමැතිතුමා වරිමාර්ග සංවර්ධනයට විශල මුදලක් වෙන් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අමුණු සංවර්ධනයට විශල මුදලක් වෙන් කළා. අවුරුදු ගණනවකට පසු සිදු වූ කඩිනම් සංවර්ධනයක් සිදු වුණා.''ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානයක මහතා වැයශීර්ෂ විවාදයට එක් වුණා. එහිදී අඳහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවා.

    රටේ පළාත් පලන ආයතනවලට දැන් ඇති වී ඇති තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරයා සභාවේ අවධානය යොමු කළා. හිතාමතා ඡන්දය කල්දැමීමට කළ ක්‍රියාවක් බව මන්ත්‍රීවරයා පවසා සිටියා.

    නඩුව ඉල්ලා අස්කරගත යුතුයි. අපි පාර්ශවයෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නවා මැතිවරණයක් දිනා ගැනීම වෙනුවෙන් ඕනෑම පාර්ශවයක් සමඟ එකතු වීමට සූදානම් යැයි විවාදයට එක් වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

     


    වැයශීර්ෂ විවාදය අතරතුර ජනපති සභාවට පැමිණෙයි...

    ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වැයශීර්ෂ විවාදයට ගැනෙන අවස්ථාවේ දී පාර්ලිමේන්තු සභාව වෙත පැමිණියා.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විවාදයේ දී අඳහස් දක්වන අවස්ථාවේ දී ජනාධිපතිවරයා සභාවේ රැදී සිටියා.


    පළාත් පාලන මැතිවරණය කල්දැමීමට සම්බන්ධ නෑ ...

    mahinda amaraweeraශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මැතිවරණය කල්දැමීමට කිසිම වුවමනාවක් නෑ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද මරවීර මහතා ප්‍රකාශ කළා.


    ''මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි කියන ස්ථාවරයෙන් ඉන්නවා.ඕනෑම පුරවැසියෙකුට අධිකරණයට යෑමේ අයිතිය තිබෙනවා. කිසිදු ආකාරයකට පළාත් පාලන මතිවරණය කල්දැමීමට මේ කටයුත්තට සම්බන්ධ වී නෑ. අධිකරණ කටයුත්ත කඩිනමින් අවසන් කිරීමට පක්ෂය ලෙස අපේ දායකත්වය ලබාදෙනවා. පක්ෂය ලෙස සකච්ඡා කරමින් යනවා. ජනාධිපතිතුමාගේ ස්ථාවරයත් එයයි.''

    ''සිංහල අවුරුදු වෙන විට සියලු මතිවරණ අවසන් කරල, පළමු රැස්වීම සිංහල අවුරුද්දට පෙර තියන්න උත්සාහය .ඒ සඳහා ගත හැකි සියලු පියවර ගන්නවා.''

    විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටිනවා -''ඉල්ලුවොත් පරාදයි. අල්ලා ගත්තොත් දිනුම් ''

    කිසිදු ආකාරයට මහවැලි ඉඩම් අයතා ආකාරයට ලබාදීමට කටයුතු කර නොමැති බවත් විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බව ද විවාදයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

    ''අපි කිසිදු ආකාරයට මහවැලි ඉඩම් අයතා ආකාරයට ලබාදීමට කටයුතු කර නෑ.මම හෝ ජනාධිපතිතුමා හෝ කිසිදු කෙනෙකුට වාසි ලැබෙන ලෙස ඉඩම් ලබා දී නෑ. චෝදනා එල්ල නොවන ආකාරයට රජයේ ඉඩම් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරමින් යනවා. ඉල්ලුවොත් පරාදයි. අල්ලා ගත්තොත් දිනුම් කියලා මහවැලි ඉඩම්වලට කතවක් තියෙනවා. මෙය වෙනස් කිරීමට සියලු නිලධාරීන් විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් යනවා.''


    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා- රටට ආයෝජන නෑ ඒක ප්‍රශ්නයක්.ඡන්දය පවැත්වීමට ආණ්ඩුවට කිව්වා. බොරුවට සංශෝධන ගෙනාවා.ආණ්ඩුව ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්න.


    කුඹුරු පනතට අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා යැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවා. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කුඹුරු පනත පිළිබඳව ප්‍රශ්නයක් මතු කළා.


    කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා (එ.ජා.ප)

    දළ ජාතික නිෂ්පාදිතයේ පහළ වැටීම සම්බන්ධයෙන් කතා කරනවා. ඒ තුළ කෘෂිකර්ම අංශයේ නිෂ්පාදන පහත වැටී තිබෙනවා. විවිධ හේතුන් මත ගොවියන්ගේ නිෂ්පාදන පහත වැටී තිබෙනවා. රජයේ සංවර්ධන ව්‍යාපෘතීන් හදන විට අවශ්‍ය නීත්‍යානුකූල බලපත්‍ර ලබාගන්න විශාල වශයෙන් ප්‍රමාද වෙනවා. මේ වෙනුවෙන් ප්‍රායෝගික විසඳුම් අවශ්‍ය වෙනවා.


    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිස මහතා විවාදයට එක්වෙමින් අඳහස් දැවූවා. ශ්‍රී ලංකාව අනාධිමත් කාලයක සිට කෘෂිකර්මාන්තයට දායක වූ ජීවන රටවක් තිබෙන රටක්.ස්වයං රක්ශිත රටක් ලෙස ශ්‍රී ලංකාව පැවැතුණා. අද ගම්මිරිස්වලට මිලක් දෙන්න බැරි වෙලා

    ප්‍රථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා- ''ගම් මිරිස් මිල රුපියල් 650යි. මිල 850- 900 දීලා තියන්න. අපිට ගම් මිරිස් මිලදී  ගන්න ක්‍රමයක් නෑ. මේ වෙලාවේ ගොවියාගෙන් එකතුකරගෙන මුදලාලිලා. එයාලට තමයි දෙන්න වෙන්නේ. ගොවියට නොවේ මුදල් දෙන්න වෙන්නේ.ඔබ තුමාලාගේ සහායත් ඕන. එකතු වෙල කරන්න ඔන. ලෝක වෙළඳ පොලේ ප්‍රතිශතය සියයට 5%යි වියට්නාමයට තියෙනවා සියයට 65%ක්.අස්වැන්න වැඩි කළොත් නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්.''


    ''පළමු වරට මහවැලි ව්‍යාපාරය යටතේ ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබාදෙන වැඩපිළිවෙලින් 86000ක් අවසන් කර තිබෙනවා.පොලිතීන් සඳහා දැවැන්ත තීරණය මත පරිසරයට හිතකර වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. පරිසරය සම්බන්ධයෙන් විශල වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක් කර තිබෙනවා ''යැයි විවාදයට එක් වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවා.


    සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසීම් මහතා මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේ මෙවැන්නක්...

    ''වත්මන් ආණ්ඩුව නිර්මාණය කරන්න මුස්ලිම් ජනතාව සියයට 98ක් පමණ ඡන්දය දී තිබෙනවා. පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක සිදුවූ තත්ත්වයන් හේතුවෙන් මුස්ලිම් ජනතාව අතර බියක් ඇතිව තිබෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා හොඳ රටක් නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. මුස්ලිම් ජනතාව රටේ නීතිය, යහපාලනය පිළිබඳ විශ්වාසයක් තබාගෙන ඉන්නවා. ''

    පත්කළ මන්ත්‍රී තුරෙයි රත්නසිංහම් මහතා (දෙ.ජා.ස)

    ''ජනතාවගේ සහ රටේ යහපත වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු ක්‍රියාකරමින් සිටින ආකාරයක් පේන්නට තිබෙනවා. මේ රට සුන්දරව තබාගත යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබෙනවා. පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රීකුණාමලයේ දී සමුළුවක් ද පවත්වා තිබෙනවා. නමුත් ඇතැමුන් පරිසමර විනාශයන් සිදුකරනවා. ඒවා නවත්වන්නට ක්‍රියාකරන විට ඇතැමුන්ගෙන් බලපෑම් එල්ල වෙනවා. ''


    කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා (එ.ජා.ප),

    ''කෘෂිකර්මය සම්බන්ධයෙන් පසුගිය සෑම ආණ්ඩුවක්ම විශාල වශයෙන් මුදල් වෙන්කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව ගොවිතැනට මුල්තැන දෙමින් විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. කුමුරු අක්කර 4,000ක් අපේ දිස්ත්‍රික්කයේ තිබෙනවා. එයින් අක්කර 2,000ක් පමණ පුරන් තත්ත්වයේ පැවැති කුඹුරු බව කියන්න ඕන. ''

    චාල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස),

    ''සෑම ආණ්ඩුවක්ම තමන්ගේ වලකීම ඉටුකර තිබෙනවා නම් රටින් සහල් ගෙවන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා සෑම ආණ්ඩුවක්ම මේ වෙනුවෙන් වගකිව යුතු වෙනවා. ගොවියන්ගේ අවශ්‍යතා ඉතාම වැදගත්. ''

    ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය තරානත් බස්නායක මහතා

    ''කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. මහවැලි සංවර්ධන පරිසර අමාත්‍යවරය ලෙස ජනාධිපතිතුමා මොරගහකන්ද ව්‍යාපෘතිය ආරම්භ කරලා ''වයඹට ඇල'' ව්‍යාපෘතිය අරම්භ කරලා සෙත සැලසෙනවා. ලබන පෙබරවරි වනවිට මහා ජලාශ තුනක් හැදෙනවා. ප්‍රාද්ජේශීය ලේකම් කොට්ඨාශ පහක් ආවරණය වෙනවා.මහවැලි ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල දී ගල්ගමුව ප්‍රදේශයේ ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කළා.''



    ගංඟා ද්‍රෝණි දහයක් ඉදිරියේ දී සංවර්ධනය කිරීමේ වැඩසටහනක්...

    ගංඟා ද්‍රෝණි දහයක් ඉදිරියේ දී සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙන බව වාරි මාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනකරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් සඳහන් කළා.

    ගොවිතැන ගැන කතා කරනවා, ගොවීන් අමුඩ ගහලා කොළඹට ගේනවා. එහෙම කරන උදවිය අද සභාවේ කවුරුත් නෑ. සක්‍රීය දායකත්වයක් දෙන්න නෑ. ඒ ගැන කණගාටු වෙනවා.

    යෝධ වැව ඇළ මාර්ගය සංවර්ධනය කරගෙන යනවා.නීල බැම්ම දෙවැඉ අදියර,සෙංගල් ඔය ව්‍යාපාරයට අනුමැතිය ලබී අවසන්. ජනවරි මස 1 සහ 7 දිනක සෙංගල් ඔය ව්‍යාපාරය සඳහ නැවත අසාර්ථක නොවන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. වැව් 16 ම සංවර්ධනය කරන්නත් කටයුතු කෙරෙනවා.

    ඇලමාර්ග විනාශ කරනවා. වැලි ගන්න ඉවුරු කඩනවා. දැන් මේ තත්ත්ය මත වර්ෂාව ඇත් වුනොත් ඉවුරු කඩවැටෙනවා. නිඟය සමය තුළ වැලි ලබාගැනීමේ බලපත්‍ර නොදීමට තීරණය කරලා තියෙනවා.ජලය ලබා ගැනීමට කිසිම යුද්ධයක් කරන්න අවශ්‍ය වන්නේ නෑ.ඉදිරියේ විශාල වැඩකොටසක් සැළසුම් කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. යක් අමුණ ව්‍යාපෘතිය ආරම්භ කරන්න වැඩපිළිවෙල සකස් කරගෙන යනවා ''


    කාබන් බද්ද පැනවීම තුළ පරිසරය ආරක්ෂ කරගැනීමට හැකියාව ලැබෙනවා

    කාබන් බද්ද පැනවීම තුළ පරිසරය ආරක්ෂ කරගැනීමට හැකියාව ලැබෙන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පරිසර අමාත්‍යාංශය වැයශීර්ෂය විවාදයට එක්වෙමින් සඳහන් කළා.

    ''යම් යම් කරුන කාරණා ගැන කත කළ යුතුයි 2040 කනිජ තෙල් භාවිතා නොකර වාහන භාවිතා කිරීමට යෝජනා කර තිබෙනවා. මේ යෝජනා ගැන සතුටු වෙන්න පුළුවන්. මේ අයවැය කාරණා වසර දෙකකට සීමා කරන්නේ නැතිව 2030 දක්වා ක්‍රියාත්මක කිරීමයි අරමුණ.''

     

    ගොවීන්ට වගාකිරීමට අවශ්‍ය බිත්තර වී හිඟයකින් තොරව තිබෙනවා.....duminda

    ගොවීන්ට වගාකිරීමට අවශ්‍ය බිත්තර වී හිඟයකින් තොරව තිබෙන බවත් රට තුළම අර්තාපල් බීජ නිෂ්පාදනය කිරීමට හැකියාව  ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කෘෂි කර්ම අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් කියා සිටියා.

    ''මේ අයවැය තුළ දක්මක් හා වැඩපිළිවෙලක් තිබෙනවා. අනාගත බලාපොරොත්තුවක් ඇති කරගත හැකි අයවැයක්.මෙය දැක්මක් අරමුණක් හා බලාපොරොත්තුවක් තිබෙන අයවැයක්.''

    ''සාර්ථක මහකන්නය සඳහා බුසල් ලක්ෂ 40ක් අවශ්‍යයි ලක්ෂ තුනක හිඟයක් තිබෙනවා. එය මිලදී ගෙන තිබෙනවා. ගොවීන්ට අවශ්‍ය බිත්තර වී තිබෙන බව කියනවා.රටට අවශ්‍ය අර්තාපල් බීජ දෙලක්ෂ විසිදහස රට තුළ නිෂ්පාදනය කරන්නේ කොහොමද බැලුවා. මේ වනවිට හරිතාගාර හදලා, අපට පුළුවන් 2019 වනවිට ඉලක්කය සපුරා ගන්න පුළුවන්. තවත් හෙක්ටයාරයක හරිතාගාරයක් හදලා ක්‍රියාත්මක කළාම අර්තාපල් බීජ රට තුළම නිෂ්පාදනය කරන්න හැකි වෙනවා''.


    අපනයන ආදායම වැඩිකර ගැනීමට සැලසුම් කළ යුතුයි-කුළු බඩු අදායම වැඩි කිරීමට පියවර

    dayagamage 1අපනයන ආදායම වැඩිකර ගැනීමට සැලසුම් කළ යුතු බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

    ''රටේ ආර්ථික ඵලදායිතාවයට දැවැන්ත අත්තිවාරමක් දැමීමට හැකි වී තිබීම ගැන සතුටු වෙනවා.අද සැලසුම් කරන්න ඕන අපනයන ආදායම වැඩිකරගන්න.ගංවතුර නිසා ආහාර නිෂ්පාදනය රට තුළ අඩු වුණා. ආල් පොල් වැඩි වීමට හේතුව වුණේ මේ දිනවල තිබෙන පෑවිල්ල නිසයි.''

    ''අප අපනයන ආදායම වැඩි කළේ නත්නම් රාජපක්ෂ ආණ්ඩුවේ ණය කන්ද ගෙවා අවසන් කරන්න බෑ.අපේ අපනයන ආදායම අපේ ආර්ථිකයෙන් සියයට 50%ක් දක්වා වැඩිකරගනීම අරමුණ.''

    ''ඇගළුම්වලට පස්සේ,කුළු බඩු කෘෂි කර්ම ආදායම පළමු තැනට ගේන්න බලපොරොත්තු වෙනවා.කුරුඳු ප්‍රමාණය රටවල් 100කට අපනයනය කළ යුතුයි. කුරුඳු සකස් කරන කර්මාන්තශාල නෑ.''

     

     

     

    ගොවි ජනතාවට ජලය ලබාදීමට දැවැන්ත මෙහෙවරක්...

    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සියයට 60%ක වාර්තාගත ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවත් වසර 10ක් රාජ්‍ය ආයෝජන සැළැස්මක් සකස් කර තිබෙන බවත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසා සිටිය.වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදය එක්වෙමින් තවදුරටත් අමත්‍යවරය සඳහන් කළේ,මේ රටේ විශාල වාරි කර්මාන්ත රාශියක් ආරම්භ කර තිබෙන බවය.

    ''යාං ඔය ආරම්භ කළා, වන්දි ලබාදුන්නේ වර්තමාන රජයයි. මොරාණ, කළුගල් ඔය, වැයාපෘති ක්‍රියාත්මකයි. අද අත්සන් කළ කුඹුක්කන් ඔය හා හැඩ ඔය ව්‍යාපාරය.''

    ''2017 රුපියල් බිලියන 11.2ක් සංවර්ධනය සඳහා වෙන් කර තිබෙනවා. සියයට 60%ක වාර්තාගත ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. වසර 10ක් රාජ්‍ය ආයෝජන සැළැස්මක් සකස් කරතිබෙනවා. වෙළි සංරක්ෂණය කරලා,වර්ෂා ජලය රදවා ගන්නේ කොහොමද කියලා බලන්න ඕන.ඉංජිනේරු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් වැඩ කරන්නේ අපේ අමාත්‍යාංශයේ ඉංජිනේරු පුරප්පාඩු 100ක් තිබෙනවා.ඉංජිනේරුවන්ගේ සංවර්ධනයකින් තොරව වාරිමාර්ග සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ.'' 'වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැවැන්ත මෙහෙවරක් ගොවි ජනතාවට ජලය ලබාදීමට කටයුතු කරනවා.'''


    ප්‍රභාත් රත්නායක
    පාර්ලිමේන්තුවේ සිට...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya