අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන්...පාසල් නිල ඇදුම් වවුචර් නිසි පරිදි ... රටපුරා ක්‍රීඩාංගන නඩත්තුවට පියවර...

    නොවැම්බර් 23, 2017

    වරප්‍රසාද කාරක සභාවට යොමු කර යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි....

    පාර්ලිමේන්තුවේ අභිමානය අභියෝගයට ලක්වන සෑම කරුණක් ගැනම සොයාබැලිය යුතුයි....

    පාසල් නිල ඇදුම් වවුචර් නිසි පරිදි ...

    රටපුරා ක්‍රීඩාංගන නඩත්තුවට පියවර...

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද දොළොස්වැනි දිනය -නොවැම්බර් 23

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද දොළොස්වැනි දියටත් ආරම්භ වුණා. අධ්‍යාපන,ක්‍රීඩා, අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශ යටතේ වැයශීර්ෂ අද විවාදයට ගත්තා. පර්ලිමේන්තුව කතානායක කරූ ජයසූරිය මහතා මුලසුනට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.


    වාචික ප්‍රශ්නවලට පිළිතුරු...

    පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් නෑ- අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

    මන්ත්‍රී බුද්ධික පතිරණ මහත විමසූ වාචික පැනයකට පිළිතුරු ලබාදෙමින් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් නොමැති බවය.එමෙන් ම දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් අවම මට්ටමක පවතින බවට වන ප්‍රකාශය අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළා.


    මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා - සත්ව රෝහල් වැඩිදියුණු කරන්න වැඩපිළිවෙලක් තියෙනවාද?

    අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා - නවීන රෝහලක් හදනවා.ලෝකයේ උසස් තත්ත්වයක සත්වෝද්‍යානයක් බවට දෙහිවල සත්වෝද්‍යානය පත් කරනවා.

    උතුරේ පළාත් සභාවෙන් යොමු කරන ප්‍රශ්න වලට පිළිතුරු පාර්ලිමේන්තුවට යොමු නොකිරීම පිළිබඳව මන්ත්‍රී පද්ම උදයශාන් ගුණසේකර මහතා පැවසුවා.

    මේ පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කරන බව කතානායකවරයා, මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් පැවසුවා.

    වාද්දූව පිහිටි තම කාර්යාලය ගිනි ගැනීමක් සිදුවීම හා ජීවිතයට තර්ජනයක් ඇති බවට පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා වරප්‍රසාදයක් කඩවීම පිළිබඳව ප්‍රකාශයක් සිදු කළා.


    වරප්‍රසාද කාරක සභාවට යොමු කර යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි- කතානායකkatanayaka

    පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීපදෙනෙකු සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් වරප්‍රසාද කාරක සභාවට යොමු කර යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

    කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

    නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා - ''පාර්ලිමේන්තුව ජනතා අයිතීන් සුරකින පාර්ලිමේන්තුවක්. පුරවසියන්ගේ අයිතිය සුරකින උත්තරීතර ආයතනයක් පාර්ලිමේන්තුව. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වගකීමක්. අපි පාර්ලිමේන්තුවේ අභිමානය අභියෝගයට ලක්වන සෑම කරුණක් ගැනම සොයාබැලිය යුතුයි.''

    ''පාර්ලිමේන්තුව තවමත් මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයාණුකූලව කටයුතු කර නෑ. මේ ප්‍රශ්නය වරප්‍රසාද කාරක සභාවට යොමු කරලා නිසි පියවර ගන්න''

    එයට පිළිතුරු දෙමින් වරප්‍රසාද කාරක සභාවට යොමු කර යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළා.

     


    අධ්‍යාපන වැය ශීර්ෂ විවාදය .....

    අධ්‍යාපනය ගැන නොවේ කතා කළේ, සනීපාරක්ෂ කම්කරුවන් ගැන කිව්වේ. පාසල්වලට කම්කරුවන් දැමීම ගැන කතා කළා.

    වැරදි ප්‍රකාශ කරනවා යැයි විවාදයේ අඳහස් දැක්වූ මන්ත්‍රී ශ්‍රීධරන් මහතා වෙත පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.


    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා - ''පාසල් යා යුතු දරුවන්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවල්වල ඉන්නවා.උසස් පෙළ දරුවෝ පාසලට එන්නේ නැත්නම් පාසලට දරුවෝ එන්නේ නැති හේතුව බලන්න ඕන. ඒවා සාකච්ඡා කර ඉක්මන් විසඳුමක් සොයාගත යුතුයි.ගුරු හිඟය ඇතිවෙන්න විවිධ හේතු බලපානවා.''


    පාසල් නිල ඇදුම් වවුචර් නිසි පරිදි බෙදා දෙනවා ....

    akila vපාසල් දරුවන්ගේ නිලඇදුම් මිලදී ගැනීමට ලබාදෙන නිල ඇදුම් වවුචර් පත් මෙවර ද නිසි පරිදි බෙදා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා විවාදය අතරතුර ප්‍රකශ කළා

    නිල අදුම් වවුචර් පත් තවමත් මුද්‍රණය වන බවත් පාසල්වලට නිල ඇදුම් වවුචර් පත් තවමත් ලැබී නැතැයි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා. එමෙන් ම එන වසරේ ලක්ෂ දෙකක් අයි පෑඩ් පාසල්වලට බෙදා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.


    පාසල් දරුවන්ට ටැබ් පරිගනක පිළිබඳ ඇති වී තිබෙන දුර්මතය නැති කරගත යුතු යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවා.

    ''පරිගණක ටැබ් ලබාදීම ගැන යෝජනාවක් තිබුණා. එය අනවශ්‍ය දෙයක් ලෙස ඇතැමුන් දකිනවා. ලෝකයේ අධ්‍යාපනය හා දැනුම ලබදීමේ ක්‍රමවේද වෙනස් වී තිබෙනවා. පරිගණකය මූලික වූ අධ්‍යාපනයක් ලබදීම වැදගත් අවශ්‍යතාවක්. විෂය මූලික අන්තර්ගතය සහිතවයි එය ලබාදෙන්නේ. ජාත්‍යන්තර විභාග පරිගණක මත පදනම් ව සිදු වෙනවා. ''


    පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී,අලවතුවල මහතා - ''පසුගිය වසර දෙක තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල කර්යභාර්යක් ඉටු කළා. අලුතින් අධ්‍යාපන සංශෝධන ගනනාවක් ඇති කළා. වසර 13 පසල් අධ්‍යාපනය් අනිවාර්ය කළා. පසල් දරුවන්ට ටැබ් පරිගණක ලබදීම වැදගත් කටයුත්තක්.''


    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා- ''අධ්‍යපන අමත්‍යවරයා ඉතා අසීරු ජාතික කාර්යභාරයක් කරනවා.ඕනෑම රජයක් දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වැඩි කිරීමට ඕනෑම අරගයක් කරනවා.''


    පාසල් ළමුන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගන ඉදිකිරීම අවශ්‍යයි...

    පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් පාසල් ළමුන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගන ඉදිකිරීම  අවශ්‍ය බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවදයට එක්වෙමින් ප්‍රකාශ කළා.



    උපධිධාරීන්ට රැකියා දෙන වැඩපිළිවෙල ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරනවා


    විද්‍යාපීඨ වලට බඳවා ගැනීම දස දහස දක්වා වැඩි කරනවා. උපධිධාරීන්ට රැකියා දෙන වැඩපිළිවෙල ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. අභ්‍යන්තර සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඉන් අනතුරුව බාහිර උපධිධාරීන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා උපාධිධාරීන්ගේ රැකියා ගැටළුව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා- ළඟම පාසල හොඳම පසල ව්‍යාපෘතිය අවසන්වීමට තිබෙන්නේ වසර 2020. කුහකකම අතහැර ඒ පාසල්වලට යන්න. පාසල් ක්ෂේත්‍රය නැංවීමට කටයුතු කරනවා.

     

     

    කිසිදු භේදයකින් තොරව සියලු පක්ෂ එකතු වී රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුයිlasanta aa

    නිදහසින් පසු පැවැති සියලු රජයන් අධ්‍යාපනයට ලබාදුන් ප්‍රමුඛතාවය නිසා අධ්‍යාපනයේ දැවැන්ත දියුණුවක් ලබා තිබෙන බවත් කිසිදු භේදයකින් තොරව සියලු පක්ෂ එකතු වී රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුව ඇතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසුවා.


    ''ප්‍රාථමික මට්ටමේ සිටම පාසල් දරුවන්ගේ ශාරිරික යෝග්‍යතාවය බැලිය යුතුයි.පාසල් මට්ටමින් ම ක්‍රීඩාව ආරම්භ විය යුතුයි. එවිට ජාත්‍යන්තර ක්‍රීඩා ඉලක්ක ජයගත හැකියි.''

    ''ක්‍රීඩාවට හා ශාරීරික අධ්‍යාපනය විෂය න්‍යායාත්මක කරුණින් බහැරව ගිහිල්ල දරුවන්ට සැබෑ අත්දකීම ලබාදිය යුතුව තිබෙනවා.''

    ''ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශාය එකට කටයුතු කළ යුතුයි.නිදහසින් පසු අධ්‍යාපන පද්ධතිය දැවැන්ත දියුණුවක් ලබා තිබෙනවා.සමස්තයක් ලෙස පිළිගත යුතුයි, සියලු රජයන් අධ්‍යාපනයට ලබාදුන් ප්‍රමුඛතාවය නිසා අධ්‍යාපනයේ දැවැන්ත දියුණුවක් ලබා තිබෙනවා. ''

    ''ගුරුවරු බොහෝ දෙනෙක් වැටුපට නොවේ වැඩකරන්නේ. මෙවැනි රජයක බලාපොරොත්තුව රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමයි. එය සිදු විය යුතුයි. කුමන ආණ්ඩු බලයට පත් වුණත් වෙනස් නොවන ජතික ප්‍රතිපත්තියක් සකස් කරගැනීමට හැකියාව ලැබී නෑ. මේ වගකීම සියලු දේශපාලන පක්ෂ භාරගත යුතුයි. අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට භේදයකින් තොරව එයට සියලු පක්ෂ දායකත්වය ලබාදිය යුතුව තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරය පැවසී ය.''


    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධ ක්‍රිෂ්නන් මහතා -

    ''නව රජය විසින් විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ළඟම පාසල හොඳම පසලට පාසල් 6000ක් තෝරාගත්තා. ඉතා වැදගත්  පියවරක්. රක්ෂණ ක්‍රමය සුවිශේෂී ව්‍යාපෘතියක්.මෙය සිසුන්ට ලැබුණු විශේෂ ව්‍යාපෘතුයක්.විවිධ වූ ක්‍රම තුළින් ප්‍රතිලාභ ලබාදෙනවා.ස්මාර්ට් පන්ති කාමර හඳුන්වාදීම සුවිශේෂී ක්‍රමයක්.පාසල් ළමුන්ට පවහන් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ගුරු උපදේශකයින් සඳහා 1500ක් දෙමළ උපදේශකයින් පත් කිරීමට කටයුතු කර තිබෙනවා ''යැයි රාජ්‍ය අමාත්‍යවරයා
    පැවසුවා.


    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා - අධ්‍යාපන විශ්වාසයක් ඇමතිතුමාට තියෙනවා.ක්‍රීඩා සංස්කෘතියක් හදලා පරපුර නිරෝගිමත් කළ හැකියි. දැඩි අවධානය යොමුකරලා ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා- පට්ටපල් බොරු කියන්න එපා. දන්න දේ කියන්න.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා - ගුරුවරු දණ ගහපු අය ගැන එදා කතා කළේ නෑ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දනන්ද අලුත්ගමගේ මහතා - ගුරුවරු දණගැස්වීම වැරදියි. එවැනි අඩුපාඩු කම් නිසා පැරදුණා.

    අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා -සුගතදාස අධිකාරියාට් සියලු ක්‍රීඩාංගන නඩත්තු කිරීමට කටයුතු කරනවා

     

    සියලු දෙනා රටේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි

    සියලු දෙනා රටේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව පවසමින් අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැයශීර්ෂ විවාදයට එක් වුණා

    ''අද හොරකම සමජගත වෙලා. අද හෙළුව රටේ මිනිස්සු දැකලා තිබෙනවා. හොරකම් කරල තියෙන්නේ මහජන දේපළයි. ඒ නිසයි ජනතාව ආන්ඩු මරු කරන්නේ.''

    ''සංස්කෘතිය ආරක්ෂ කරන්න හැකි තැනකද ඉන්නේ කියල පේනවා. සංස්කෘතිය නඟ සිටුවීමට විශාල වැඩකොටසක් කරනවා. ඒ ප්‍රතිඵලය පුරවැසියාට ලබී තියෙනවාද? කියලා බලන්න ඕන. ''

    ''සංස්කෘතිය වෙනුවෙන් වෙනම රූපවහිනී නාළිකාවක් තිබීම වැදගත්. අද සංස්කෘතිය බේරාගන්න බැරි ලෙස සමාජය පිරිහිලා තිබෙනවා.''


    රටපුරා ක්‍රීඩාංගන නඩත්තුවට පියවර..

    daya රටපුරා පවතින සියලු ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩාසංකීර්ණය සමඟ සම්බන්ධ කර නඩත්තු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් ප්‍රකාශ කළා

    ''ක්‍රිකට් පරිපාලනය ගන්නකොට හයවැනි තැන තිබුණේ 2015 දී. එතැන තවම ඉන්නවා.ටෙස්ට් වල අපි හොඳ තැනක ඉන්නවා. අද අලුත් කණ්ඩායමක් ඇවිත් තියෙනවා. අලුත් ක්‍රීඩකයෝ තමන්ගේ ස්ථාවරය හදාගනියි.ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලක් හදලා තිබෙනවා. ශරීර යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රියාදාමය තුළ එක ස්ථාවරයකට එනවා.''

    ''ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගන්න ක්‍රමවේදයක් හදන්න කිව්වා. ඒ අනුව කටයුතු කරන්නේ. හතුරුසිංහ මහතා පුහුණු කරුවෙකු ලෙස ගන්න යනවා. හතුරුසිංහ එළවපු වෙලාවේ කවුරුත් කථා කළේ නෑ. අපිට පොඩි කාලයක් යයි.දැන් අපි නිලවරණයක් තියලා, කටයුතු කරනවා. හතර පස්දෙනෙක් දාලා ක්‍රිකට් දුවන්න බෑ.''

    ''ලංකාවේ පවතින සියලු ක්‍රීඩා සංගමයක්ම තම විගණන වාර්තා ඉදිරිපත් කළ යුතුයි කිව්වා.විගනන වාර්තා නතිව නිලවරණය තිබ්බා. මම විසුරුවා හරියා. බැට්මින්ටන් සංගමයට පනවා ඇති තහනම ඉවත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.පාසල් 316ක දරුවන් අවුරුදු දෙකක් විවිධ ක්‍රීඩාවලට පුහුණු කරනවා. එම ක්‍රියාදාමය යනවා. සියලු ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩාසංකීර්ණය සමඟ එකතුවෙලා කමිටුවක් දාලා නඩත්තු කිරීමේ වැඩපිළිවෙල සිදු කරනවා. සුගතදස ක්‍රීඩාංගනය නවීකරණය කරනවා.''

     

     

    ජීවමිතික ජාතික නාම ලේඛනය සකස් කිරීම ලබන වසරේ ආරම්භ කරනවාnavinna

    ජීවමිතික ජාතික නාම ලේඛනය සකස් කිරීම ලබන වසරේ ආරම්භ කිරීමට කටයුතු කරන බව අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන  හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් පැවසුවා.

    ''දැනට කලාකරුවන් පනහකට වඩා සංඛ්‍යාවකට විශ්‍රාම වටුප් ලබාදී තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන අංශ ස්ථාපිත කර තිබෙනවා 658725ක් ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. රුපියල් මිලියන 3800ක ආදායමක් ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් ලබාගෙන තිබෙනවා.9880 දෙනෙකුට ද්විත්ව පුරවසිභාවය ලබාදී තිබෙනවා''.

    ''නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හදුන්වාදීමට කටයුතු සිදු කරමින් පවතිනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සුවිශේෂී දෙපාර්තමේන්තුවක්. ජාතික නාම ලේඛනය සඳහා තොරතුරු එකතු කිරීමේ ජාතික වැඩසටහනට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. වසර 2018 දී අරම්භ කිරීමට නියමිතයි.මහජනතා සේවා පහසුකිරීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා.''

     

    ශිෂ්‍ය උපදේශනයට ගුරුවරු 3000ක් බදවා ගැනීමට කටයුතු කරනවා

    ශිෂ්‍ය උපදේශනයට ගුරුවakila රු 3000ක් බදවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ  කළා.

    ''අධ්‍යාපන අමාත්‍යාංශයක් ලෙස දැනෙන දෙයක් රටට කළා.පසුගිය කාලය තුළ 2018 විදුලි බලය ලබදීම සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. වැසිකිළි 27,000ක්හදලා අවසන් වී තිබෙනවා. සියලුම පාසල්වල බීමට ජලය ලබාදීම ලබන වසරේ සියයට සියයකින් අවසන් වෙනවා.''

    ''පන්ති කාමර 5300ක් ඉදිකර තිබෙනවා.ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන 764ක් ඉදිකරමින් පවතිනවා.පාසල් දන්ත් ශෛල්‍ය ඒක්ක 20 ක් අලුති ඉදිකර තිබෙනවා.''

    ''ගුරුනිවාස 130ක් ඉදිකර තිබෙනවා. නව ගුරු පුහුණු මධ්‍යස්ථාන 39ක් ඉදිකරමින් පවතිනවා. පිරිවෙන් සියයක වැසිකිළි ඉදිකර තිබෙනවා.2018 දී අනධ්‍යයන සේවකයින් පුහුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.විද්‍යාපීඨ දීමනව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා වැඩි කර තිබෙනවා. රුපියල් 16500කින් විදුහල්පතිවරුන්ගේ දීමනාව වැඩිකර තිබෙනවා.''

    ''මේ රටේ 15,000ක පමණ ගුරුවරු මාරු වෙනවා.එදා නිසි ලෙස ගුරු මාරු සිදු වුණේ නෑ. ඒ කටයුත්ත ආරම්භ කර තිබෙනවා.කාටවත් පෞද්ගලිකත්වයක් නෑ.

    ''පසල් දරුවන් අතර කියවීම වැඩිකිරීමට මිලියන 700ක පොත්පත් සුමාන දෙකකින් පාසල් පද්ධතියට ලබදෙනවා.සුරක්ෂා රක්ෂණය මඟින් ලක්ෂ 45ක් වූ සිසු සිසුවියන්ට අපි ලක්ෂ දෙකක රක්ෂණය ක්‍රියාත්මකයි''

     

     

    ප්‍රභාත් රත්නායක-
    පාර්ලිමේන්තුවේ සිට...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya