අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවට වෛද්‍ය පීඨයක්...අල්ලස් හෝ දූෂණ කොමිෂමට අමතර නිලධාරීන් පනහක්...ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජයේ අවධානය...දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නන්වමින් දියර කිරි ප්‍රචලිත කෙරේ...රාජ්‍ය ආයතන කාර්යක්ෂම ඉලක්ක වෙත ගෙන යෑමට වැඩපිළිවෙලක්....

    නොවැම්බර් 29, 2017

    අද පාර්ලිමේන්තුවෙන්....

    සබරගමුවට වෛද්‍ය පීඨයක්...අල්ලස් හෝ දූෂණ කොමිෂමට අමතර නිලධාරීන් පනහක්...ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජයේ
    අවධානය...දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නන්වමින් දියර කිරි ප්‍රචලිත කෙරේ...රාජ්‍ය ආයතන කාර්යක්ෂම ඉලක්ක වෙත ගෙන යෑමට වැඩපිළිවෙලක්....


    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද දොළොස්වැනි දිනය -නොවැම්බර් (29)

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද (29) දින ආරම්භ වුණා. කර්මාන්ත හා වාණිජ කටයුතු, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන යන අමාත්‍යාංශ යටතේ වැයශීර්ෂ අද විවාදයට ගත්තා. කතානායක කරූ ජයසූරිය මහතා මුලසුන පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.

     

    සබරගමුවට වෛද්‍ය පීඨයක් ...kiriella

    සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ''මේ වනවිට වෛද්‍ය පීඨය සඳහා ප්‍රතිපාදන කොමිෂම පාඨමාලා සකස් කරගෙන යනවා. මේ වසරේ ප්‍රතිඵල අනුව ළමුන් 75ක් බඳවා ගන්න කටයුතු කරන බව අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසුවා.''

     

    පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කෙරෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ( සංශෝධන )- පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළා.

     

    අල්ලස් හෝ දූෂණ කොමිෂමට අමතර නිලධාරීන් පනහක්....

    katanayakaඅල්ලස් හෝ දූෂණ කොමිෂමට අමතර නිලධාරීන් පනහක් ලබාදීමට ව්‍යවස්ථාදායක කමිටුවේ අනුමැතිය මත අවසරය ලබාදී තිබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා වාචික ප්‍රශ්න අවස්ථාවේ මතු වූ ප්‍රශ්නයකට අඳහස් දක්වමින් ප්‍රකාශ කළා.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා-

    අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට 2014 වසරේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2345කි, වසර 2015 දී පැමිණිලි 3913කි, වසර 2016 දී 3650කි 2017 ජූලි 30 දක්වා පැමිණිලි 1322ක්.පැමිණිලි විභාග අවසන් කළ සංඛ්‍යාව 2014 දී 199කි. 2015 දී 2818 කි. 2242ක් වසර 2015 දී ,2017 ජූලි දක්වා 803කි.විභාග කරමින් පවතින පමිණිලි සංඛ්‍යාව 2014 වසරේ 803කි.2015 දී 1095කි. 2016 දී 1208 කි. 2017 ජූලි 30 වනවිට 519කි.

    විමර්ශනය කිරීමෙන් පසු නඩු පැවරීම තීරණය කරන්නේ කොමිෂන් සභාව විසිනි. නීතිපතිවරයාවෙත යොමු කිරීමක් සිදු වන්නේ නැත. ඒ සඳහා නීතිමය ප්‍රතිපාදයක් නැත.මේ සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුවක් මේ කටයුතු සමාලෝචනයට පත් කර ඇත. මේ වනවිට කබිනට් පත්‍රිකාවක් සකස් කෙරෙමින් පවතී. පවරා ඇති නඩු වලින් දේශපාලඥයන් වෙත පවරා ඇති නඩු සංඛ්‍යාව, මහාධිකරණය 2015 හයකි.2016 දී දෙකකි. 2017 වසරේ එකකි.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා- අල්ලස් දූෂණ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක් ස්ථාපිත කරන්න.ඔබතුමාගේ අවධානය යොමු කරනවා. කාර්යක්ෂම නිලධාරී මණ්ඩලයක් පත් කරන්න.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා- මම පැමිණිලි කළා අල්ලස් දූෂණ කොමිෂමට. එය වේගවත් කරන්න

    කතානායක- කොමිෂමට ඇගිලි ගහන්නේ නෑ. අවධානය යොමු කරවන්න පුළුවන්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා - මමත් පැමිණිල්ලක් කළා. අපි දාපුවට ගිහිල්ලා නෑ. පසුගිය කාලයේ වැඩපිළ්වෙල ශක්තිමත් කරන්න ඕන බයේ හැංගිලා ඉන්නේ

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා- කෙසෙල් ගෙඩි ප්‍රශ්නය විමර්ශනය කළා. නීතිපති එකට දැම්මා කිව්වා,ඒකට මොනවා වෙලා ද දන්නේ නෑ.


    වැයශීර්ෂ විවාදය ඇරඹේ.....

     

    ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජයේ අවධානය....

    ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජය අවධානය යොමු කෙරෙහි තිබෙන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසුවා.

    ''රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න් පැහැදිළි වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිබ්වෙනවා.අපේ රට ගෝලීය ආර්ථිකයට සම්බනධ කරලා,අපේ රටේ ජීවත්වන විශාල ජනතාවකට සම්පත්, ආදායම් බෙදී යන ආර්ථික ක්‍රමයවේදයක් හදුන්වා දී තිබෙන්නේ.විවෘත ආර්ථිකයේ අඩුපාඩු තිබෙනවා.''

    ''පෞද්ගලික ආංශය අනෙක් රටවල දියුණු වෙලා තිබෙනවා. ජනතාවබලගන්වන විට බලවත් රටක් බවට පත් වන ක්‍රම අනෙක් රටවල් අනුගමනය කරන්නේ. අද ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජය අවධානය යොමු කෙරෙහි තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කරන්න ඕන''

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා- මම දිවා රෑ මහන්සි වුණා. පොළවල් ගානේ ගියා. ගැස්වලට වෙනම මිල සූත්‍රයක් ගෙනාවා. ජීවන වියදම ඉහළ ගිහිලා. රුපියල කඩා වැටිලා

    අමාත්‍ය කබීර් හෂීම් මහතා- රැ දවල් ගියාට මිල අඩු වුණේ නෑ

    අමාත්‍ය පී. හැරිසන් මහතා- ජීවන වියදම් කමිටුව රැස්වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට සහන දෙනවා


    දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නන්වමින් දියර කිරි ප්‍රචලිත කෙරේp hari

    දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවීමට කටයුතු කරන් අතර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් සඳහන් කළා.

    ''පශු සම්පත් මණ්ඩලයට ගැටළු තිබුනා. පොදු පහසුකම් අපට තිබුණෙ නෑ. ගොවිපළවල් දියුණු කිරීමේ ගැටළු තිබුණා. අපිට ගොවිපළවල් ලාභදායි මට්ටමට ගේන්න හැකි වුණා.කිරි නිෂ්පාදනය වැඩි කිරීමට වැඩපිලෛවෙලක් ක්‍රියාත්මක වෙනවා.සත්ත්ව නිෂ්පාදනයට අවශ්‍ය කිරි ගවයන් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.''

    '' සහනදායි මිලට පොල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. රජය හැටියට ජනතාවට සහනයක් ලෙස රුපියල් 65ට පොල් ලබාදීමට පශු සම්පත් මණ්ඩලය මඟින් සිදු වෙනවා.''

    ''කුකුළ් ගොවිපල හිමියන්ට ශක්තිය ලබාදී තිබෙනවා. පැටව් හා බිත්තර ලබාදීම සිදු කරනවා.මිල්කෝ ආයතනය කිරිවලට හොඳ මිලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ලෝක වෙලඳපොලේ කිරිපිටි මෙ.ටොන් එකක් තිබ්බේ ඩොලර් 2800ටයි.මෙවර 3800 මට්ටමට ගියා. නැවත වරක් ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල අඩු වෙමින් යනවා. බදු අයකිරීමට මුදල් අමාත්‍යාංශයට යෝජනා කර තිබෙන්නේ. අපේ රටේ නිෂ්පාදනය තියෙන්නේ සියයට13 ක් 14ක් තියෙන්නේ. ඉදිරියට පියවර ගන්නේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවීමට කටයුතු කරන් අතර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරනවා. දිනකට ලක්ෂ හතරකට පාසල් දරුවන්ට දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.අනුරාධපුරයේ තණපිටිවලට එදා මොකද කළේ? එදා පාක්ෂිකයන්ට බෙදා දුන්නා. මිල්කෝ ආයතනය කිරි හැලීමේ වැඩපිලිවෙලක නෑ. අපි මේ රටේ කිරි අතිරික්කතයක් ඇති නොවන ලෙස කිරි ගොවියට බයක් වීමට දෙයක් නෑ''

     


    රාජ්‍ය ආයතනවල අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසුවොත් එම ආයතන ඉදිරියට ගෙන යා නොහැකියි

    රාජ්‍ය ආයතනවල අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසුවොත් එම ආයතන ඉදිරියට ගෙන යා නොහැකි බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.

    '' 2015 සිට සමහර පාඩු වූ ආයතන යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබෙනවා. පසුගිය වසර දෙක ඇතුළත මේ ආයතන ගැන සතුටු වෙන්න පුළුවන්. සමහර ආයතන ජාතියට බරක් ලෙස තිබුණා. අද අපිට රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතුයි. විදේශ ආයෝජන ගේන්නේ නැතිව,ආයතන කළමනාකරණය කරන්නේ නැතිව ආර්ථිකය ඉහළ නැංවිය නොහැකියි.

    ''රාජ්‍ය බැංකු අතර ලංකා බැංකුව ලෝකයේ බැංකු 14 අතර සිටිනවා. ලංකාවේ ශක්තිමත් ම බැංකුව ලංකා බැංකුවයි. ලංකා බැංකුව ස්ථාවර තත්ත්වයක තිබෙනවා.මහජන බැංකුව ස්වශක්ති ණය යෝජනා ක්‍රමය දියත් කර තිබෙනවා. රට පුරා ස්වයං රැකියා බිහි කිරීමට දායක වී තිබෙනවා. පිඟන් සංස්ථාවේ නිෂ්පාදනය 2017 වනවිට සියයට 108.7%කින් වර්ධනය කරගන්න හැකි වුණා. පරිපාලනය වෙනස් වුනාම මේ ආයතන යථා තත්ත්වයට පත් කරගන්න හැකි වුණා.''

    ''ජාතික ගුවන් සේවය ප්‍රධාන වශයෙන් අපට අනන්‍යතාවක් තිබිය යුතුයි. ලෝකයේ ගුවන්සේවා වලින් පමණක් ලාබ ලබන්නේ නෑ. ලාබ ලබන්න විවිධ සේවා තිබිය යුතුයි. අප බැලිය යුතුයි, සමාගමක් බර ගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. රටේ මතයක් යනවා ශ්‍රී ලංකන් විකුණනවා කියලා.ශ්‍රී ලංකන් ශ්‍රේණිගත කිරීම් අතින් පස්වැනි තැනට ඇවිත් කියෙනවා. අලාබය අඩු කරගන්න ඕන කොහොමද? ඒවාට උදව් විය යුතුයි. ගුවන් සේවයක් අපේ කියලා තියෙන්න ඕන.අපිට අපේ ගුවන්සේවයක් අවශ්‍යයි. බාණ්ඩාගාරයට අසීමිත බරක්
    දිය නොහැකියි''

     

    නියෝජ්‍ය අමාත්‍ය දුලිප් වෙද ආරාච්චි මහතා මහතා- බෝට්ටු හිමියන් 5000ක් පමණ ශ්‍රි ලංකා රක්ෂණ සමාගමේ රක්ෂණය කර තිබෙනවා. ධීවර කර්මාන්තය කරන අය රක්ෂණය නතර කිරීමේ තත්ත්වයක් තිබෙනවා.ධීවරයාට අත් වූ ඉරණම ඉදිරිපත් කළා. වන්දි මුදල් ගෙවන්නේ නෑ. මේ ගැන අවධානය යොමු කරන්න. ධීවර ජනතාවට වන්දි ගෙවීම නිසි ආකාරයට සිදු කරන්න


    පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා- හොර නිලධාරීන් ඉවත් කරන්න.ගුවන් සේවයේ නිලධාරින් කළකිරී ඉන්නවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා- මේ රටේ මහජන මුදල් අහිංසක ජනතාවට ගෙවන්න වෙලා. මේවා ජනාධිපතිතුමාට කියන්න

    අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා- අපි අහනවා, ඔබතුමාට ජනධිපතිතුමාට කියන්න පුළුවන්.

    අමාත්‍ය කබීර් හෂිම් මහතා- ගුවන් යානා තුන අවලංගු කිරීම අවශ්‍ය තීරණයක්. අත්සන් කරන විට එක්සිට් ක්ලෝස් එකක් දාලා  තිබුණේ නෑ. හයට් එකේ කොන්තරත්තුව අවලංගු කිරීම සොයා බලනවා.

    අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා- බිස්නස් ප්ලෑන් එක මතකයිනෙ. එය කරන්න බැනේ. සමාගම ලාබ ලබන්න බැරි තැනක තිබුණේ.

     

    පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කළ යුතුයි - පාලන මිලක් ඇති කිරීමට සාකච්ඡා කර තිබෙනවා

    mahinda amaraපාරිභෝගික අධිකාරිය නිලධරීන් බඳවාගෙන,බලතල ලබාදී ශක්තිමත් කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසුවා.

    සියලු රජයන් තුළ බරපතල විවේචනයට ලක් වෙන්නේ බඩු මිල වැඩි වීම ගැනයි.මේ රජය පත් වුණාම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා. ඉන්ධන මිල අඩු කළා. ගෑස් මිල අඩු කළා.ටින් මාළු මිල විශාල වශයෙන් අඩු කළා.පාන් පිටි මිල අඩු කළා.

    එළවළු මිල,පොල්වල මිල, දේශීය සහල් මිල වැඩි වීමක් තිබෙනවා.අපි නිරන්තරයෙන් ම සාකච්ඡා කරන්නේ අනෙක් භාණ්ඩ මිල අඩු කරන්නේ කොහොමද කියලා.රටක් විදියට මේවා පිටරටින් ගෙන්න බෑ. යම් මිල වැඩි වීමක් තිබුනත් එහි වාසිය යන්නේ අපේ රටේ ගොවීන්ටමයි.රටේ දේශීය නිෂ්පාදනය අඩු වී තිබෙනවා. විශාල සහල් හිඟයකට මුහුණ දෙන්න සිදු වෙනවා.පිට රටින් සහල් ගේන්න සිදු වෙනවා. පාරිභෝගික අධිකාරිය නිලධරීන් බඳවාගෙන,බලතල ලබාදී ශක්තිමත් කළ යුතුයි. පනත ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් තිබෙනවා''

     

     

     


    කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 2000ක් ජාත්‍යන්තර වෙළඳපොළට - මුදල් රාජ්‍ය අමාත්‍යiran

    ග්‍රාමීය මූල්‍ය සහන ලබාදි තිබෙන බවත් කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 2000ක් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.


    ''දේශපලණික වෙනසක් ඇති කර තිබෙනවා. නිදහස ආර්ථික නිදහසකට පරිවර්ථනය කරන්න ඕන. රජය තුළ යැපෙන සමාජයක් හැදීම හොඳ දෙයක් නොවෙයි.''

    ''හැම පුරවැසියෙක් ම අභිමානයෙන් ජීවත්විය යුතුයි. එදා ලැයිස්තුවෙන් රැකියාවට පත් කළා. හැකියාවට රැකියාවක් ලබාදිය යුතුයි. අධ්‍යාපනයට මුදල් ක්‍රමයෙන් වැඩි කළ යුතුයි.ගුණවත් අධ්‍යාපනයක් සෑම සිසුවෙකුටම ලබාදිය යුතුයි. කෝටි 50 ව්‍යාපාර ආරෂණයට යොද තිබෙනවා. කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 2000ක් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. කාන්තා ව්‍යවසායකත්වයට කටයුතු කර තිබෙනවා. අපි මේ දේවල් කළේ, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමටයි.''

    ''යුද්ධය අවසන් වුණාම නාගරික ප්‍රදේශවල වටරවුල් හැදුවා. රට තුළ සිටිමින්,පවුල අරක්ෂා කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමටයි. ලක්ෂ තුනකට වඩා අලුත් රැකියා උත්පාදනය වී තිබෙනවා. ඊළඟ මැතිවරණයට පෙර රැකියා 50,000ක් ලබාදිය හැකියි.රැකියා 50,000ක් ලබාදෙන්න පුළුවන්. මේ රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම බදු හරහා ගෙවනවා. ග්‍රාමීය මූල්‍ය සහන අපි ලබාදි තිබෙනවා. අධ්‍යාපනයට මුදල් ලබාදී තිබෙනවා''

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා- රටේ කිරි පිටි ගෙන්වීමට විශාල මුදලක් වැය කරනවා.යුද්ධය නිසා කිරි නිෂ්පාදනයට බලපෑවා.දේශීය කිරි කර්මාන්තය ඒ නිසා අඩාල වී තිබුණා. යුද්ධයෙන් පසුව පශු සම්පත නැවත වේගවත් ගමනක යෙදී තිබෙනවා.


    අමාත්‍ය පී. හැරිසන් මහතා- කිරි පිට නිෂ්පාදනය කරන්නේ සියයට 12%යි. පිටරටින් කිරි පිටි සියයට 84%ක් ගෙන්වනවා. ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ ගොස් තිබෙනවා. දන් ක්‍රමයෙන් අඩු වෙනවා.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාගේ රජය කිරි ලීටරයක මිල වැඩි කළා.කිරි දිනකට වඩා තියාගන්න බෑ. රුපියල් 65ට පොල් තියෙනවා. පොල් ලොරියක් අරන් එන්න .කියන තැනකට ගෙනැල්ලා දෙන්න.


    වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකාරන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා-

    ''ඇමැතිවරුන්ට වැඩ කරන්න බැරි වුනා. එක පවුලක් නේ එදා වැඩ කළේ. එදා සංවෘත ආර්ථිකය ප්‍රතික්ෂේප කර විවෘත ආර්ථිකය ආවා. ගුවන් යානා ගැනීම අවලංගු කිරීම අපි ඔක්කොම සාකච්ඡා කර තීරණය ගත්තේ. ඇ.ඩො.මිලියන 98ක්. මාව හිරේ දාන්න ඕන ගිය ආණ්ඩුවේ කබිනට් එකේ හිටියට.''

    ''අපිට ගැළපෙන හොඳ හරකෙක් හදන්න ගැටළුවක් තියෙනවා.ඕස්ට්‍රේලියාවෙන් හරක් ගෙනැල්ලා කිරි හරකෙක් හදන වැඩපිළිවෙලක් හදනවා. කිරි දොවා ගන්න ක්‍රමයක් අවශ්‍යයි . ඒ සඳහා ශීතාගාර අවශ්‍ය වෙනවා. යම් ප්‍රමාණයකාට දියර කිරිවලින් ස්වයං පෝෂිත වෙන්න හැකි වුණා.අපේ රටේ පුංචි දරුවන්ට දියවැඩියාව. ලැක්ටෝස් ශාක මේදය පරීක්ෂා කරන්නේ නෑ. කිරි නිෂ්පාදනය කරන රටවල් විශාල ලැක්ටෝස් ආනයනය කරලා තියෙනවා. අපේ ජාතිය විනාශ වෙනවා.''


    ''ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් නොකර යහපත් ආර්ථික වෘද්ධියක් ලබාගන්න බෑ.බටර් ටොන් 240ක් පිටරට යවන්න හැකියාවක් තිබෙනවා. මේ කර්මාන්ත ගැන අවධානය යොමු කරන්න බැරි.ඉතාම ලාබ ලබනවා සීනි සමාගම් දෙක. මේවා පෞද්ගලීකරණය කරනවාට විරුද්ධයි.සීනි සමාගම් පෞද්ගලීකරණය කිරීමට බලාපොරොත්තුවක් නෑ කියලා කිව්වා මුදල් අමාත්‍යතුමා. ගොවි ජනතාවට යටිතල පහසුකම් සඳහා මිලියන 35,000ක් ලබාදුන්නා. මිලියන 38000ක් ජනතාව වෙනුවෙන් වන්දි ලබාදී තිබෙනවා.''

     

    රාජ්‍ය ආයතන කාර්යක්ෂම ඉලක්ක වෙත ගෙන යෑමට වැඩපිළිවෙලක්- අමාත්‍ය කබීර් හෂීම්

    kabiir2006 සිට 2014 දී රාජ්‍ය ආයතනවල සිදු වූ සමස්ත පාඩුව රු බිලියන 605 ක් බවත් එය දළ දේශීය නිෂ්පදනයෙන් සියයට 18%ක් බවත් රාජ්‍ය ව්‍යවසායක මණ්ඩලයක් සකස් කර රාජ්‍ය ආයතන කාර්යක්ෂම ඉලක්ක වෙත යෑමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ් කළේ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව කරමින්.

    ''ශ්‍රී ලංකන් ගුවන් සේවයට චෝදනා කීපයක් ආවා. අනුන්ගේ පවු මේවා. කබිනට් තීන්දුවක් නතිව, එදා පාලකයෝ කීප දෙනෙක් එකතු වෙලා ගුවන් යාන අටක් ගන්න තීරණය කළා. මේවා අපට අවශ්‍ය ඒවා නොවේ. ඩොලර් තුන් ලක්ෂයක් වැඩි පුර ගෙවලා. අපේ ගුවන් සමාගමට ගැලපෙන්නේ නෑ. ගිවිසුම් අවලංගු කරගන්න බෑ. ඩොලර් මිලියන 89 ක දඬයක් ගෙවන්න සිදු වුණා. ඩොලර් මිලියන 30ක් එක වසරකට පාඩුව ගුවන් යානා ගත්තා නම්. ඒවා අලංගු කිරීමට් අවසන් තීරණය ගන්න සිදු වුණා.''

    ''බිලියන 1.4 ක් පාඩුවෙන ගුවන් යානා ආනයනය කරන්න කටයුතු කර තිබුණා. තමන්ට ඕන ලෙස ගුවන් යානා ආනයනය කරල තිබුණා. එයාලගේ පවු රටේ ජනතාවට ගෙවන්න සිදු වෙලා තියෙනවා. මිහින් එයර් සේවය පාඩුයි. අන්තිමට වෙන්නේ රුපියල් බිලියන 19ක පාඩුවක් විදින්න් අවුණා.''

    ''හයට් හෝටලයේ කොන්තරාත්තුවක් අවලංගු කළා. පසුබිම දැනගෙන කතා කරන්න ඕන. හදිසියේ ජනවාරි 7 වෙනි දින තුන් දෙනෙක් එකතු වෙලා, ඡන්දයට කලින් කොන්තරාත්තුව අනුමත කරනවා.''

    හොර කොන්තරාත්තුව නිසා, වැඩ ආරම්භ කර නති නිසා මේක නැවැත්තුවේ.එයයි අප කළේ, හයට් හෝටලය හදනකොට සුපිරි අපර්ට්මන්ට් ගහනවා. රජපවුලට විය හකියි.රජයට කෝටි ගණනක් පාඩුයි.එය වෙනස් කරන්න වියදමක් ගියා. විදුලි සෝපානයක් තිබුණා. මිලියන 40ක් ගියා ඒක වෙනස් කරන්න.විදුරු ගෙවල්වල ඉදලා ගල් ගහන්න එපා. අත්සන් කළ ජාත්‍යන්තර ගිවිසුම්. සාරය උරා බීලා හප කරපු ආයතන ගණනාවක් අයේ පල උපද්දන ගස් බවට පත් කළා. ඒවා හප කරපු වවුල්ලු අද මේ වෙනස දැක්කාම හිවල්ලු වගේ හූ කියනවා.අපිට අභියෝග ගණනාවක් තිබෙනවා.''

    ''2006 සිට 2014 දී රාජ්‍ය ආයතනවල සිදු වූ සමස්ත පාඩුව රු බිලියන 605යි. අපේ දළ දේශීය නිෂ්පදනයෙන් සියයට 18%ක්.මේක තමයි අප බාර ගත්තේ. 2016 පසු රාජ්‍ය අදායම වැඩි වුණා. බාණ්ඩාගාරයට දෙන ආදායම වැඩි කරන්න හැකි වුනා.අපට වැඩකොටසක් තියෙනවා. ප්‍රධාන කාර්යසාධක දර්ශක ආයතනවලට යවා තිබෙනවා. ප්‍රතිසම්පාදනයට වැඩපිළිවෙලක් සකස් කළා. රාජ්‍ය ව්‍යවසායක මණ්ඩලයක් සකස් කළා. රාජ්‍ය ආයතන කාර්යක්ෂම ඉලක්ක වෙත ගෙන යෑමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා ''


    නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී මහතා-

    පසුගිය කාලයේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළා. ඒ සඳහා සියයට 50%ක් දක්වා සහන ලබාදීමට කටයුතු කළා. කුසා පරිමාණ කිරි ගොවිපල ඇති කිරීමට හා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අති කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

     


    උතුරු නැඟෙනහිර පළාත්වල කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට පියවර- රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන අයතන බවට පත් කළාrisad3

    2018 වනවිට විශේෂ වෙළඳ ආයතන 500ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් කළමනාකරණ ක්‍රියා පටිපාටි හඳුන්වා දෙමින් රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන අයතන බවට පත් කිරීමට කටයුතු කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවසුවා

    ''අපේ ව්‍යවසායකත්වය සංවර්ධනයට සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා.පුහුණු වැඩසටහන් ව්‍යවසායකයන් 5000කට පුහුණුව ලබාදීමට හැකි වුණා. කර්මාන්ත ශිල්පීන් 25,000කට පුහුණුව ලබාදුන්නා. අපගේ තරුණ පරපුරට රැකියා ලබා දීමට මෙය ප්‍රයෝජනවත් වුණා. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ක්කුඩා කර්මාන්ත ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රදේශවල කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා.''

    ''රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන අයතන බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. කළමනාකරණ ක්‍රියා පටිපාටි අප හඳුන්වා දී තිබෙනවා.ආයතන ලාබදායි කරන්න හැකි වුණා. ලක්සල ලාබදායි ආයතනයක් කරන්න හැකි වුණා. රුපියල් මිලියන 32ක් කහටගහපතල ලාබ ලැබුවා. මිණිම් දෙපාර්තමේන්තුව මඟින් ලාබ ලබාගන්න පුළුවන් වුණා.සතොස ආයතනයට හැකි වුනා, සහල් හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය අවම කිරීමට.පැමිණිලි වලට ක්‍රියාත්න්මක වුනා. 2018 වනවිට විශේෂ වෙළඳ ආයතන 500ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදෙනවා.අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට විසඳුම් ලබාදී තිබෙනවා. නියඟය නිසා හාල් හිඟය ආවා. අත්‍යවශ්‍ය භාණ්ඩ සෑම ප්‍රදේශයකටම ලබා දීම සඳහා සතොස හා පෞද්ගලික ආයතන සම්බන්ධ වී එකට වැඩකරනවා''


    ප්‍රභාත් රත්නායක
    පාර්ලිමේන්තුවේ සිට...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya