අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන්...ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට පියවර.... පරිගණක වංචාව පිළිබඳව පරීක්ෂණ දිගටම... නැව් ක්ෂේත්‍රයට ජාතික සැලැස්මක්... කම්කරු නීති රීති සමාලෝචනය කිරීමට පියවර...

    නොවැම්බර් 28, 2017

    ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට පියවර....

    පරිගණක වංචාව පිළිබඳව පරීක්ෂණ දිගටම...

    නැව් ක්ෂේත්‍රයට ජාතික සැලැස්මක්...

    කම්කරු නීති රීති සමාලෝචනය කිරීමට පියවර...

    ආපදා වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් ලබා දුන්නා

     

    විසර්ජන පනත් කෙටුම්පත විවදය දොළොස්වැනි දිනය -නොවැම්බර් (28)

     

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද (28) දහසය වැනි දියටත් ආරම්භ වුණා. අපදා කළමනාකරණ,වරාය හා නාවික කටයුතු, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන යන අමාත්‍යාංශ යටතේ වැයශීර්ෂ අද විවාදයට ගත්තා. කතානායක කරූ ජයසූරිය මහතා මුලසුන පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.

     


    වාචික ප්‍රශ්න වලට පිළිතුරු...

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් නීතිය සාමය හ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මාතර වෙරළ තීරයේ ඉදිකරන ලද ළමා උද්‍යානයේ උපකාරණ  අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගන්නා පියවර සඳහන් කළා.

    අමාත්‍ය සාගල රත්නායක මහතා -''මාතර වෙරළ තීරයේ ඉදිකරන ලද ළමා උද්‍යානයේ උපකාරණ අතුරුදහන් වූ බවට වාර්තා වී නෑ. මෙතෙක්  පැමිණිල්ලක් වර්තා නොවුනත් මේ තොරතුරු අනුව පරීක්ෂණයක් කිරීමට කටයුතු කෙරේ. කඩිනමින් විමර්ශනය ආරම්භ කර ඇත. සිදුවීමක් වී තිබෙනවා. ඒ කාලයේ සිද්ධිය යටගහලා.''

    අමාත්‍ය චම්පික රණවක මහතා- මම ඒ ගැන දැනුවත් වී නෑ.


    ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට පියවර....

    ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කළා.harisan

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවා.

    ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා-

    වී ආරක්ෂක තොග මෙ.ටොන් 50,000ක් පවත්වා ගෙන යන්නේ. සහල් අවශ්‍යතාවය නිසා ඒ තොගයත් මුදා හැර තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා- සහල් මිල ඉහළ ගියා. හාල්වල මිල ඉහළ යැම වළක්වගැනීමට ගත් ක්‍රියාමාර්ග මොනවද?

    සහල්වල හිඟයක් තිබෙනවා. නියඟය නිසා අස්වැන්නක් හරියට ආවේ නෑ. මේ ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. සතොස හා පෞද්ගලික අංශයත් සහල් ගෙන්වා තිබෙනවා. හිඟයකින් තොරව සහල් ලබාදීමට අතිගරු ජනාධිපතුමා සහ අගමැතිතුමා අවශ්‍ය කටයුතු කර තිබෙනවා.

    මුලදි ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කළා. සියලු වී තොග සතොස හරහා සහල් බෙදා හරින්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා. ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරනවා.

     

     


    පරිගණක වංචාව පිළිබඳව පරීක්ෂණ දිගටම...  

    manushaකාන්තාවන්ගේ විදේශ රැකියා සම්බන්ධයෙන් පරිගණක දත්ත ආශ්‍රිතව යම්කිසි වංචාවක් සිදුව තිබෙන බවත් මේ වනවිටත් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ දිගින් දිගටම සිදුවනබවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ
    නානායක්කාර මහතා පැවසුවා.


    පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සිදුව ඇතැයි කියන වංචව සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා- අවුරුදු 45 ට අඩු කිරීම තුළින් අනාරක්ෂිත දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත් වෙනවා. වයස අවුරුදු 50 අඩු කළේ නෑ.


    නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා-අවුරුදු 45 කාන්තාවන් විදේශ ගතවීම අඩු වුණා. හොර ක්‍රමවලින් විදේශගතවීමට උත්සහ කළා. සියලු දෙන නීතිය යටතට ගන්න මේ ක්‍රමය ක්‍රියාත්මක කළේ. පවුල් පසුබිම් වාර්තා
    නොගත්තත් සංවර්ධන නිලධාරීන් විසින් තොරතුරු සොයා බලනව. දරුවන් සිටිනවා නම් විදෙස් රැකියාවකට යන්න ඉඩ දෙන්නේ නෑ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා -මෙය ලොකු ජාවාරම් තිබෙනවා. මේ වනවිට කිසිම ක්‍රියාමාර්ග ගෙන නෑ


    නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා-විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් මෙය ක්‍රියාත්මක වුණේ. අමාත්‍යාංශ ලේකම්වරය යටතේ ක්‍රියාත්මක වෙනවා. දැන් චෝදනාවක් නෑ. පරිගණක දත්ත ආශ්‍රිතව යම්කිසි
    වංචාවක් සිදුව තිබෙනවා.අමාත්‍යාංශය පරීක්ෂණයක් කරනව, තාක්ෂණික වශයෙන් උදව් අරගෙන පරිගණක මාර්ගයෙන් සිදු කළ වංචාව පිළිබඳව.පරීක්ෂණ දිගටම ක්‍රියත්මක වෙනවා.


    වැයශීර්ෂ විවාදය ඇරඹේ.....

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය-.පොහොර  වැඩි මිලකට විකුණනවා. ඒ ගැන අවධානය යොමු කර මැදිහත් වෙන්න. අද මේ වනවිට නියඟය ආවා. ගංවතුර ආවා, ස්වාභාවික තුලනය නැතිවීම නිසා ආපදවකට රට
    ලක් වෙලා. වනසතුන්ගෙන් වන හානිය මහා ආපදවක් ලෙස ර්ට පත්වෙලා.

     


    නැව් ක්ෂේත්‍රයට ජාතික සැලැස්මක්- ජයබහලු පර්යන්තයේ පස්වැනි අදියර ආරම්භ කරනවාmahinda 22

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවැත්ම තිබෙන්නේ නැඟෙනහිර පර්යන්තය ආරම්භ කිරීමෙන් පමණක් බවත් 2017 රුපියල් බිලියන 11ක් වරාය අධිකාරිය ලාබ ලබා තිබෙන බවත් ජයබහලු පර්යන්තයේ පස්වැනි අදියර ආරම්භ
    කෙරෙන බවත් වරාය හා නවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළා.

    ''වරය ක්ෂේත්‍රයේ හොඳ ප්‍රගතියක් වාර්තා කරගන්න හැකි වී තිබෙනවා. ප්‍රමද වූ යෝජන ගණනාවකට ප්‍රමුඛතාවය දී ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබෙනවා.''

    ''අභියෝග අතරින් ප්‍රධාන අභියෝගය,හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව. රමුගත සැලැස්මෙන් පිට නොයා සාකච්ඡා ආරම්භ කළා. මාස දෙකක් තුළ හකියාව ලැබුණා, රජයටත් රටටත් අයහපත් නොවන, වාසිදායක
    ගිවිසුමකට එන්න. කබිනට් මණ්ඩලයේ අනුමතිය ලැබුණා. පසුගිය රජය විශාල මුදලක් වණිජ ණය ලෙස අරගෙන වරය හදලා තියෙන්නේ. වරාය අධිකාරිය ලබන ලාබයෙන් බිලියන 10ක් හම්බන්තොට වරායේ ණය පියවන්න සිදු
    වුණා. මේ වසරේ ණය බිලියන 12ක් දක්වා වැඩි වෙනවා.''

    ''2017 රුපියල් බිලියන 11ක් වරාය අධිකාරිය ලාබ ලබා තිබෙනවා. ජයබහලු පර්යන්තයේ පස්වැනි අදියර ආරම්භ වෙනවා. තවත් පුළුල් කළාම නැව් දෙකක් එක වර සේවා සපයන්න පුළුවන්. හරිත ක්‍රමයක් පදනම් කරගෙන
    නවීන ක්‍රමයට යන්න බලපොරොත්තු වෙනවා.නැඟෙනහිර පර්යන්තය, වරාය අධිකාරිය සතුව තිබිය යුතු බව ජනාධිපතිතුමා කිව්වා.''

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවැත්ම තිබෙන්නේ නැඟෙනහිර පර්යන්තය ආරම්භ කිරීමෙන් පමණයි. කැබිනට් මණ්ඩලය අනුමතියෙන් සංවර්ධන කටයුතු කරන්න බලපොරොත්තු වෙනවා. බටහිර හා උතුරු කොටස
    සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.

    ත්‍රීකුණාමලය වරාය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කළ හැකි නම් සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කරන්න පුළුවන්. ත්‍රිකුණාමලය වරයේ විශාල සංවර්ධනයකට යන්න සැලැස්මක් හදාගෙන යනවා. අපට තිරසාර
    වැඩපිළිවෙලකට යා හැකියි.දේශීය ව්‍යාපාරිකයන් ගෙදර යවන්න සූදානම් නෑ. මේ වනවිට ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරලා, ක්ෂේත්‍රයේ අය සමඟ කතා කර තිබෙනවා. විවෘත කළාම බලන්න පුළුවන් ආයෝජන ගේනවද
    කියලා. කොන්දේශියක් දානවානම් ආයෝජනය මෙපමණයි කියලා. මට අනුමතිය දෙන්න පුළුවන්. මේ ගැන සළකා බලන්න කියා පවසනවා ජාතික සැලස්මක් නැව් ක්ෂේත්‍රයේ හදන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කටයුතු
    කරන බවත් පනත් කෙටුම්පත් සංශෝධනය කරන්න කටයුතු කරනවා.''


    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා - බලාපොරොත්තු වෙනවා ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු රට ගැන සිතා කටයුතු කරයි කියලා. මේ ආණ්ඩුව මොනවද කළේ කියලා අහනවා. රජයේ ආදායම සීග්‍රයෙන් වැඩි වෙනවා.
    අපනයනය වැඩි කරලා ආදායම වැඩි කරන්න ක්‍රියා කිරීම ගැන සතුටු වෙනවා. මේ රටේ අනාගතය ගැන හිතන දේශපාලඥයෝ නම් කකුලෙන් අදින එක නවත්වන්න.

     

     

    රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වැඩ කරන ජනතාවයි- කම්කරු නීති රීති සමාලෝචනය කිරීමට පියවර

    wdjරටේ ආර්ථිකයේ කොඳු නාරටිය වැඩ කරන ජනතාව බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පවසනවා

     
    ''මේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වැඩ කරන ජනතාවයි.කම්කරු අමාත්‍යාංශ අයිතිවාසිකම් ලබදෙන්න කටයුතු කරනවා. ශ්‍රම බලකාය තිරසාර ඉලක්ක සපුරාගැනීමට දක්වන කැපවීම අගය කළ යුතුයි.''

    ''පසුගිය කාලයේ දී කම්කරු කාර්යාල ගණනාවක් රට තුළ විවෘත කළා.මුලතිව් හා කිළිනොච්චි ප්‍රදේශවල නව කම්කරු කාර්යාල ඉදි කළා. ''

    ''කාර්මික සාමය ඇති කිරීම කම්කරු දෙපාර්තමේන්තුවට පමණක් කරන්න බෑ. වෘත්තීය ව්‍යාපාරය ශක්තිමත් වෙනවා. එය සතුටට කරුණක්. රැකියා දස ලක්ෂය සපුරාලීම සඳහා කාර්යක්ෂම කටයුතු කරනවා. රැකියා විරහිත
    තරුණ තරුණියන් 7000කට පමණ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කර තිබෙනවා. යම යම් සංශෝධනය කර තිබෙනවා,අනතුරු සඳහා වන්දි මුදල සංශෝධනය කර වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. අණපනත් පැරණි ඒවා තියෙනවා. අදට ගැළපෙන ලෙස මේ කම්කරු නීති රීති සමාලෝචනය කරන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.''


    පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා-
    ''පූර්ණ හානි වූ නිවස වලට ලක්ෂ 16ක් දෙනවා. එය එකවර ලක්ෂ 16 දෙන්න. දැන් හම්බන්තොට වරායට ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. දැනගන්න කැමැතියි අත්සන් කළාට පස්සෙත් ණය වාරික ගෙව්වද කියලා.
    නැඟෙනහිර පර්යන්තයේ මෙයෙයුම් කටයුතු ආරම්භ කරන්න තියෙන්නේ.යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට තීරණයක් ගෙන ඇනවුම් කළ යුතුයි.''

    අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා-
    '' නිවසක් දෙන තුරු අවස්ථා සළසා තිබෙනවා. එය නොවෙනවා නම් ඒ ගැන සොයා බලන්නම්.ගෙයක් මිලදී ගන්න ලක්ෂ 16ක් දෙන්න් අපුළුවන්.''


    පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා-
    '' නැඟෙනහිර පර්යන්තයේ මෙයෙයුම් කටයුතු ආරම්භ කරන්න තියෙන්නේ.යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට තීරණයක් ගෙන ඇනවුම් කළ යුතුයි.''

    අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා-

    ''මේ වනවිට ණය වාරික ගෙවන්න කලින් කැබිනට් මණ්ඩලයට කිව්වා,මුදල් ඔක්කොම භාණ්ඩගාරයට කියලා. ඒ වාරිකය තාවකලිකව ගෙවන්නම් එය පසුව නිඳහස් කළ යුතුයි කිව්වා. ක්‍රියාත්මක දිනයෙන් පසුව අප මුදල්
    ගෙවන්නේ නෑ.අපි විසර්ජන පනතින් සල්ලි ඉල්ලා නෑ. ලබන මාසයේ බලාපොරොත්තු වෙනවා, කැබිනට් පත්‍රිකාවක් ගේන්න. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කරනවා. එය කඩිනමින් කළ යුතුයි කියන ස්ථාවරයක සිටිනවා.''

    පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා- 

    ''ලංකාවේ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කළ යුතුයි ඒ නිසා එදා අප ඒක නැවැත්තුවා. මේ වනවිට සිදු වී තිබෙනවා, නව් සමාගම්වලට සියයට සියයක් විවෘත්තයි කියලා. දැන් අවශ්‍යතාවය මෙය නොවේ.  රැකියා අහිමි වන තත්ත්වයට පත් වෙනවා. ප්‍රබල නැව් සමාගම් රටට ගෙන්වීමට අවශ්‍ය නම් වරායවල පහසුකම් වැඩි කළ යුතුයි.''


    ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා-

    ''කන්න කීපයක් ගොවිතැන් පාළු වෙල. ජනතව අසීරු විදියට ජීවත් වෙනවා. 13ලක්ෂයක් පවුල්වල කෘෂි බෝග විනාශ වීම නිසා මිලියන 15,000ක් විතර ගෙවන්න සිදු වුණා.ආපද කළමනාකාරණ අමාත්‍යතුමගේ කපවීම ගැන
    අප අගය කරනවා.ආපදාවලට අවශ්‍ය සහාය ලබාදෙන්න. හැමෝම උදව් කළා. මාධ්‍ය උදව් කළා වගේම මේවගේ ඵල විපාක ගැන කලින් දැනුම් දීමත් වැදගත්.''

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා-

    ''සේවකයන් සමඟ සුහඳතාවයෙන් කටයුතු කිරීම කම්කරු අමාත්‍යාංශයේ වගකීමක්.නැඟෙනහිර පර්යන්තය ඇති කරන්න පියවර ගත්තා. වරාය විදේශ ආයතනවලට බාර නොදීමට අමාත්‍යතුමා එලෙසම ක්‍රියා කරන්න.රණායක
    තවම ගෙවල් හදාලා දීලා නෑ. ශාලාව හමුදා කඳවුර පුපුරා යෑමේ සිද්ධිය පිළිබඳ වර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.''

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා-
    '' කොළොන්නාව පවුල් 17,000ක් සඳහා මුදල් බෙදා හැරියා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ලක්ෂ 20,000ක් බෙදා තිබෙනවා. ප්‍රථිඵලය මැතිවරණ ප්‍රතිඵලය දී ලැබෙනවා''


    පාර්ලිමේන්තු මන්ත්‍රී -ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා-

    ''අවම වැටුප වරින් වර යාවත්කාලීන කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි.ජාත්‍යන්තර ප්‍රමිතියට එකඟ විය යුතුයි. ලෝකයේ සෑම තැනම දිනපතා වැඩකරන පැය ගණන අඩු වී තිබෙනවා. සතියකට අවශ්‍ය පැය ගණන සීමා
    කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. කාන්තාවන් සේවයේ යෙදවීම ගැන අවධානය යොමු කර නෑ.''

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා-

    ''කම්කරු ආරවුල් විසඳීමට මැදිහත්වීම ගැන සතුටු වෙනවා.හම්බන්තොට වරාය ප්‍රශ්නයේ දී තරුණ සේවකයන් ඉවත් කළා. සේවකයන් අසීරුවකට පත් වෙලා.''


    අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතා- එහෙම කරන්න බෑ''

    පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා-
    '' පනතක් පසුගාමී නම් එය වෙනස් කිරීම ගැටළුවක් නෑ. පැය අටේ වැඩ දිනය වෙනස් කරන්න යන්නේ ඇයි?  ඩිජිටල් කරණය, තාක්ෂණය හොඳයි. 


    අමාත්‍ය අර්ජුන රණතුංග මහතා -

    ''මම හැකි තරම් හොරකම් නැවැත් වූවා.වරය ධානාත්මක ලෙස වර්ධනය කළා. වෙළඳ මාෆියාවක් තිබුණා. එහි හොරකම් නවත්වන්න හැකි වුණා. බිලියන 6ක ලබයක් 2015 ලැබුවා. 2016 කොලඹ වරාය ලෝකයේ හොඳම
    23 වැනි වරාය වුණා. සේවකයන්ට ප්‍රතිළාභ ලබාදුන්නා. සේවක පඬි වැඩි කිරීම කළා. සේවකයන් බඳව ගැනීමේ දී පිය පුතු පදනම ඇති කළා.රියදුරන්ගේ සේවය ස්ථීර කළා.වරායේ ලොරි සඳහා රුපියල් මිලියන 251ක ආදායමක්
    ලබාගන්න හකි වුණා. හම්බන්තොට වරායේ සේවකයන්ගේ රැකිය සුරක්ෂිත කරන්න.''අපි නඟෙනහිර පර්යන්තය ගැන කතා කළා. ඩොලර් මිලියන 10ක විතර මුදලක් වැඩියෙන් දාලා තිබුණා. සැලසුමක් හදලා තිබුණා, ඒ සඳහා
    අවශ්‍ය ක්‍රේන් ලබාගන්න.

     

    පර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා- හම්බන්තොට වරාය පෞද්ගලික කරණය කිරීමට එදත් අදත් විරුද්ධයි. අද හම්බන්තොට සේවකයන් අසීරුවට ලක් වෙලා.සේවක අයිතීන් තහවුරු කරන්නේ නෑ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා-

    සැලසුම් නැතිව වරයක් හැදුවා.සූර්ය වැව ක්‍රිකට් ක්‍රීඩාංගනය හදන්න වරාය අධිකාරියට කවුද කිව්වේ.ජාත්‍යන්තර ක්‍රීඩංගනය හදන්න තීරණ ගන්නේ තාරුණ්‍යයට හෙටක්.ක්‍රීඩාංගනය ලාබ ගන්නවද? ක්‍රිකට් ගහනවද? ජනතා
    මුදල් නිස්කාරනයේ වැය කරලා.

     

    නැව් ක්ෂෙත්‍ර ලිහිල් කරමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය වීම ඉලක්කයක් .....

    ආර්ථිකය ලිහිල් කිරීම,රජයේ දැක්ම බවත් නැව් ක්ෂෙත්‍ර ලිහිල් කරමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය වීමේ ඉලක්කයක් තිබෙන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
    පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසුවා.

    ''ප්‍රතිපත්තියක් ලෙස රජයේ දැක්ම තමයි ආර්ථිකය ලිහිල් කරලා. නැව් ක්ෂෙත්‍ර ලිහිල් කරලා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානාය් කරන්න ඉලක්කයක් තිබෙනවා. ඉන්දියානු කලාපයේ වර්ධනය සමඟ සාමාන්‍ය පුද්ගලයන්ගේ
    ආර්ථිකය දියුණු කරන්න ලෝකයට එකතු වෙන්න.''

    ''චීනය,වියට්නාමය අපට වඩා ඉහළ ආර්ථිකයක් ලබා තිබෙනවා. අපි දාලා තියෙන නීති නිසා තරඟකාරිත්ව්ය පිළිබඳ ගැටළු තිබෙනවා. අපි බලන්න ඕන එක ක්ෂේත්‍රයක් දෙස නොවේ. අපනයනය ක්ෂේත්‍රය බලන ගමන් මෙය
    බලන්න ඕන. අපේ අපනයනය හා ආනයනය පහළ වැටී තිබෙනවා.නැව් සේවා මෙරටට ගෙන්නා ගන්න නම් අපි ප්‍රායෝගික විය යුතුයි.අපි වරාය නියාමකයෙක් නෑ. තරඟ කරන්න අපහසුයි තරඟකාරි ගාස්තුවක් නම් කරන්නේ
    නැතිව. ගෝලීය නිෂ්පාදනයට එකතු වෙන්න ඕන. අපේ රටෙන් අගය එකතු කළ යුතුයි''

    වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා -

    ''වරායේ සේවක සේවිකාවන්ට බෝනස් දීමනාවක් ලැබෙනවා. හම්බන්තොට වරායේ සේවකයන් 284 ක් ස්ථීර කරන්න කටයුතු කළේ මමයි. වන්දි මුදලක් දෙනවා. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නෑ චීන සමාගමට කතා
    කරලා කිව්වා, වන්දි මුදල වැඩි කිරීමට එකඟතාවයට ආවා. තුන් ගුණයක් වන්දි ලැබෙනවා. රැකියාවේ ඉන්නත් පුළුවන්.තවදුරටත් හම්බන්තොට වරායේ රැකියාව කරන්න පුළුවන්. රැකියා අහිමි කරලා නෑ.''

     

    ගාලු වරාය සංවර්ධනය කිරීමට යුනෙස්කෝ අනුමැතිය- නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම

    ගාලු වරාය සංවර්ධනය කිරීමට යුනෙස්කෝ අනුමැතිය ලැබී තිබෙන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා

    ''නැඟෙනහිර පර්යන්තය වෙනත් සමාගම්වලට බාර දෙන්නේ නෑ, ජැටියේ කටයුතු ආරම්භ කරන්න කටයුතු කරනවා කිව්වා. ගාලු වරාය සංවර්ධනය කරන්න තිබූ බාධාව වූ යුනෙස්කෝ අනුමැතිය ලැබී තිබෙනවා.''

    '' ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය කළ යුතුයි. අපේ වරාය අධිකාරියට ගොඩනගන්න හැකි වරායක්. හම්බන්තොට සේවකයෝ ගැන හිතන්න තිබුණේ බඳවා ගන්නකොටයි.ලබන මාසේ නවය වෙන විට ශ්‍රී ලංකන් සමාගම් දෙකක්
    වැඩ ආරම්භ වෙනවිට සේවකයන්ට වන්දියක් හා රැකියා සුරක්ෂිත කරන්න එකඟතාවය පළ කර තිබෙනවා.'' '

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා-

    ''මේ ගැන ලිඛිතව දන්වා තිබෙනවා.මහින්ද සන්මරසිංහ මහතා-මේ වනවිට සේවකයන් 464ට වන්දි ක්‍රමයක් ලිඛිතව යෝජනා කර තිබෙනවා. කම්කරු නීතියට වඩා වන්දිය තුන් ගුණයක් වැඩියි. වන්දිය අරන් මාගම්පුර
    වරායේ වැඩ කිරීමට කළ හැකියි.කිසිම රටක වන්දි මුදලක් හා සේවයක් එක වරක් ලබාදෙන්නේ නෑ. සේවකයන්ගේ වගකීම බාරගෙන තිබෙනවා.''

    කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා -

    ''නිදහස් වෙළඳ කලාපයේ සේවයන් පිළිබඳව අවශ්‍ය කටයුතු කර තිබෙනවා. තුල්හිරිය පූගෝඩ සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් ලබාදී තිබෙනවා.මේ රටේ පෞද්ගලික අංශය වෙනුවෙන් රුපියල් 10,000ක අවම
    වටුපක් තීරණය කරන්න හැකි වුණා.''

    ''වතුකරයේ කම්කරු කාර්යාලවල අඩුපාඩු හඳුනාගෙන තිබෙනවා. හැටන් කම්කරු කාර්යාලය නවීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා.බදුල්ලේ කම්කරු කාර්යාලයක් අලුතින් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා.''


    ආපදා කළමනකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා -

    ගෝලීය උණුසුම,ආපදාවන්,ගංවතුර තත්ත්වයන් මත එය කළමනාකරණය කිරීමෙන් තමයි රටක ආර්ථිකය ඉදිරියට ගෙන යා හැක්කේ.මෑත කාලයේ බොහොමයක් ව්‍යවසනයකට මුහුණු දෙන්න ජනතාවට සිදු
    වුණා.ව්‍යවසන හතරක් සිදු වුණා. අධික නියඟය, ගංවතුර, නාය යෑම් ආදී ව්‍යවසනකාරී තත්ත්වයක් තුළ ඒයට සාර්ථකව මුහුණ දෙන්නට විශාල කාර්යභරයක් සිදු කළා.රට වැසියන් එකා මෙන් සහයෝගය ලබා දුන්නා.
    ගෝලීය උණුසුම සමඟ ව්‍යවසයන් කරට අරගෙන කටයුතු කළමනාකරණය කළා.

     

    නාය යන ස්ථාන සිතියම්ගත කෙරේ- ආපදා වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් ලබා දුන්නාanura yaa

    රටේ ආපදා වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් ලබාදී තිබෙන බවත් එමඟින් දුකට පත් වූ විශාල පිරිසකට සහන ලබාදීමට හැකි වූ බව ආපදා කළමනකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ආපදා කළමනකරණ
    අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් පැවසුවා

    2016 වසරට සාපේක්ෂව 2017 දී ප්‍රධාන ව්‍යවසන තුනකට මුහුණ දුන්නා. මේ සඳහා පමණක් රටට වූ අලාභය රුපියල් මිලියන 70,000ක් ලෙස තක්සේරු කර තිබෙනවා. රජය පැහැදිලෛ වැඩපිළිවෙලක් යටතේ වන්දි ලබාදිම පමණක් නොවේ නිවාස තනාදීමටත් මුදල් ලබාදුන්නා. මෙලෙස ලබාදුන්නේ ලංකාවේ ප්‍රථමවරටයි.

    වැඩකටයුතු රැසක් කළා. කසළ බැහැර කිරීමට වාහන මිලදී ගනීමට රුපියල් ලක්ෂ 1000ක මුදලක් ලබාදුන්නා.කඩිනම් ආපදා මෙහෙයුම් සඳහා ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.ආපදවන්ට මුහුණ දීමට දිස්ත්‍රික්ක 25ක සුරක්ෂිත මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. නිවාස 15,000ක් හැදීමට බලාපොරොත්තු වෙනවා.මෙය මහ දැවැන්ත වෙනසක් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට ලබදී තිබෙනවා. රුපියල් ලක්ෂ 13326ක මුදලක් ආපදාවට ලක් වූ ජනතාවගේ අවශ්‍යතාවන්ට ලබාදී තිබෙනවා. ආපදා තක්සේරුව පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් සොයා බලනවා.2017 ගංවතුර නාය යෑම් හේතුවෙන් අවශ්‍ය කටයුතු සඳහා රුපියල් 4957 ක ප්‍රමණයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබාදී තිබෙනවා. ජල ටැංකි 6360ක් රජය මඟින් ලබාදී තිබෙනවා.


    නියඟය පීඩනයට පත් වූ පවුල් වෙනුවෙන් වියළි සළාකය පවුල් 7,22000කට ලබාදී තිබෙනවා. මීතොට මුල්ල 31 ජීවිත සඳහා ලක්ෂ 310ක් ලබාදී තිබෙනවා.නව නිවාස ඉදිකිරීමට ලක්ෂ 3920ක් ලබාදී තිබෙනවා.කෑගල්ල ප්‍රදේශයේ තවත් නිවස 650ක් ඉදිවෙමින් තියෙනවා.යටිතල පහසුකම් වෙනුවෙන් ලක්ෂ 2070ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. විශාල මුදලක් රටේ ආපදා වෙනුවෙන් රජය ලබාදී තිබෙනවා. දුකට පත් වූ විශාල පිරිසකට සහන ලබාදීමට හැකි වුණා. කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නවීකරණය කරන්න කටයුතු කරනවා.වැසි ජල මාපක සවි කරන්න කටයුතු කරනවා. ඩොප්ලර් යන්ත්‍ර දෙකක් පුත්තලම හා පොතුවිල් යන ප්‍රදේශවල සවි කරනවා. නාය යන ස්ථාන සිතියම්ගත කිරීම සිදු කරගෙන යනවා. දැනුවත් ගත කිරීම සිදු කරගෙන යනවා.

     

    ප්‍රභාත් රත්නායක
    පාර්ලිමේන්තුවේ සිට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya