අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන්...පළාත් පාලන මැතිවරණය- සභාවේ උණුසුම් සංවාදයක්.. මැතිවරණය කල්දැමීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිනවා... විදෙස් ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්...

    නොවැම්බර් 27, 2017

    පළාත් පාලන මැතිවරණය- සභාවේ උණුසුම් සංවාදයක්... 

    මැතිවරණය කල්දැමීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිනවා...

    විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්... 

    කාන්තාවන් වෙනුවෙන් විශේෂ අධිකරණයක් - සුබසාධනය වෙනුවෙන් වැඩපිළිවෙල රැසක්..

    සමෘද්ධි සමීක්ෂණය ඉදිරියේ දී නිවැරැදි කර නැවත තේරීම් කටයුතු සිදු කරනවා..

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද පහළොස්වැනි දිනය -නොවැම්බර් (27)

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද (27) පහළොස්වැනි දියටත් ආරම්භ වුණා. විදේශ රැකියා, කාන්තා හා ළමා කටයුතු, සමාජ සවිබල ගන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ යන අමාත්‍යාංශ යටතේ වැයශීර්ෂ අද විවාදයට ගත්තා. කතානායක කරූ ජයසූරිය මහතා මුලසුන ටපැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ
    වුණා.


    වාචික පිළිතුරු...

    තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ට පුහුණුව- දිරි දීමනාවක් පිළිබඳ අවධානය

    තොරතුරු තාක්ෂණය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමට කටයුතු කරන බවත් ඔවුන් වෙමින් දිරි දීමනාවක් ලබාදීමට අවධානය යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කළේ.

    දීමනා ලබාදීමේ දී යම් යම් සේවාවල ප්‍රශ්න ඇතිවිය හැකියි. ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් මොවුන් වෙනුවෙන් දිරි දීමනාවක් ලබාදීමට උත්සහ කරන බව අමාත්‍යවරයා පැවසුවා.


    වැයශීර්ෂ විවාදය ආරම්භ වෙයි....


    පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ස්කන්ධරාජා මහත්මිය- කාන්තාවන්ගේ ව්‍යවසායකත්වයට වෙන් කළ මුදල ප්‍රමාණවත්  නොවේ. ආබාධිත අය වෙනුවෙන් මිලියන 15ක් පමණ වෙන් කර තිබෙනවා. එය හොඳ දෙයක්. ඔවුන් වෙනුවෙන් කර්මාන්තයකට හුරු කරවිය යුතුයි.ඔවුන් වෙනුවෙන් ජීවත් විය හැකි තත්ත්වයක් ඇති කළ යුතුයි.


    පළාත් පාලන මැතිවරණය- සභාව උණුසුම් සංවාදයක....

     

    ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නෑ- වංචනිකව ගැසට් පත්‍රය හදලා නෑ

    faisalතමන් මෝල්ටා රටට ගියේ නිසි අවසරයක් ඇතිව බවත් මැතිවරණාය් පිළිබඳ නිකුත් කළ ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නෑ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසාල් මුස්තාපා මහතා සඳහන් කළා.


    ''ප්‍රශ්නයක් අහලා තිබුණා. පිටරට ගියේ ඇයි කියලා, මොල්ටාවේ පළාත් පාලන සමුළුව තිබුනා. ශ්‍රී ලංකාවට අයදුම්පත ලබාදෙන්න තිබුණා. ජනාදිපතිතුමා ගේ අවසරය ඇතිවයි මෝල්ටාවට ගියේ රටින් පන්නේ නෑ. රටේ නායකයාගේ අවසරය ලබාගත්තා. මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ද සඳහන් කළා.''

    පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා - මෝල්ටාවේ තියන්න කලින් මෙහෙ පළාත් පාලන ඡන්දය තියන්න.


    අමාත්‍ය ෆයිසාල් මුස්තාපා මහතා- ''මම නීතිඥවරයෙක්. මට විරුධව නඩු පවරා තිබෙනවා.මම මගේ තනතුර හෑල්ලු කරන්නේ නෑ. මගේ ජනාධිපති නීතිඥ කියන තනතුර වටිනවා.''

    ''ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නකටයුතු කළා. රටට් හා දේශපාලන පක්ෂයාට් සාධාර්නයක් ඉටු කරනවා. ඡන්දය පිළිබඳ ගැසට් පත්‍රය සකස් කිරීමේ දී සියලු පක්ෂ දැනුවත් කළා. ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නෑ.වගකීමකින් කියනවා,දැනට නිකුත් වෙලා තියෙන්නේ අතුරු නියෝගයක් පමණ්යි. සත්භාවයෙන් ක්‍රියා කළේ.ජනතා අධිකරණයට යන්න ලැස්තියි. වංචනිකව
    ගැසට් පත්‍රයක් හදල නෑ''

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා- ප්‍රජාතන්ත්‍රවාදය මැරෙමින් පවතිනවා.ඡනදයක් නැති බව පිළිගන්නවාද?

    අමාත්‍ය ෆයිසාල් මුස්තාපා මහතා - අධිකාරණය දුන්න තීන්දුව අපි පිළිගත යුතුයි.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විවාදයාට එක්වෙමින් ගැසට් පත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටළුව සහ මැතිවරණ කල්දැමීම පිළිබන්දව උද්ගතව පවතින තත්වය සම්බන්ධයෙන් සභාවේ කරුණු විමසීය.


    මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා- ''මහවිරු දිනය සමරන්න ගියෝත් නැවත එල් ටී ටී ඊ පණගන්වෙනවා. අද කුඩු නොවේ පෙති තියෙන්නේ.කොරියාවේ ප්‍රශ්නයට මැතිහත්වීම ගැන ඇමැතිතුමියට ස්තූතිවන්ත වෙනවා.''


    මැතිවරණය කල්දැමීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිනවාiran


    මැතිවරණය කල්දැමීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකින බවත් මැතිවරණය කලට වේලාවට තිබිය යුතු බවත් මුදල් රජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසුවා.

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමි න් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවා.

    ''මැතිවරණ දින ගල්වල කොටන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්. මැතිවරණය කලට වෙලාට තිබිය යුතුයි. තට්ටු මාරුවට මැතිවරණ තියන්න කැමැති නෑ. අපි රට නොමඟ යවන්න නෑ. කලට මැතිවරණ තිබීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ ''


    මුදල් රජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා -


    ''අපි ලස්තියි බියර් පමණක් නොව අනෙක් මත්පන්වලත් මිල වඩි කරන්න ලැස්තියි. කාන්තාවන් සියයට 25%ක නියෝජය ඉටු කරන්න ලැස්තියි. පක්ෂය දිගින් දිගටම මේ වෙනුවෙන් පෙනී සිටිනවා. රාජ්‍ය සේවය සියයට 50%ක කාන්තා දායකත්වයක් තිබෙනවා.කාන්තාවන් වැඩකරන වේලාව පිළිබඳව අවධනය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.ඉහළ ආදායම්වලට සේවය කිරීමට කන්තාවන් පිටරට යා යුතු යි. ඒ සඳහා නැවත අවධානය යොමු කළ යුතුයි. මිලියන 1000ක් කුඩා දරුවන්ගේ සංවර්ධනයට මුදල් වෙන් කළා.කන්තා ව්‍යවසායකත්වය නැංවීමට මුදල් වෙන් කළා.''

    පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා-

    ''කොරියවේ යන අයගේ ධීවර නිෂ්පාදන කර්මන්ත කියල තියෙන්නේ. ඒ අය ගෙදරක කටයුතු සියල්ල කරන්න සිදු වෙල. සමහරු වග කටයුතුවල යොදවලා. ඒ අතර ධීවර කටයුතු කරනවා. අපේ අය දුක් විදිනවා.13ක් පමණ විවිධ හේතු නිසා මිය ගොස් තිබෙනවා. සේවකයන්ගේ ගිවිසුම හරියට ක්‍රියාත්මක කර තිබෙනවා ද කියලා බලන්න ඕන. අපේ ශ්‍රමිකයා වෙනුවෙන් ඒ රටේ හාම්පුතා ගිවිසුම කඩ කලා ද නද්ද කියලා බලන්න ඕන.''


    පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය-


    ''නව රජය සමෘද්ධිය වැඩි කර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කර තිබෙනවා. ප්‍රජතන්ත්‍රවාදය කතා කරන රටවල් කන්තාවන්ට තැනක් දෙන්නේ නෑ. කාන්තාවන්ට තැන දෙන්න අපේ රටේ අය සූදානම් .එහෙත් කොතැනද කියන එක බලන්න ඕන. පළාත් පාලන මැතිවරණයෙන් සියයට 55% ක් කාන්තාවන්ට ලබාදීම ගැන යහපලන රජයට ස්තූතිවන්ත
    වෙනවා.''


    පර්ලිමේන්තු මන්ත්‍රී වසුදේව නානයක්කාර මහතා-
    ''සහනාධර නොකපන්න ඕන. ජනජීවිතයාට සහන,හා ජනතාව සවිබල ගැන්වීමට ක්‍රමෝපායක් දක්වන්න අවශ්‍යයි. ''

    පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා-


    '' රැස්වීම්වලට යන්න,කොඩි කණු දාන්න වෙන්නේ නෑ සමෘද්ධිලාභීන්ට. විදේශ රැකිය සඳහා යන අය වර්ගීකරණයකට ලක් කළ යුතුයි. විදෙස් රටවල යන කාන්තාවන්ගේ ගැටළු අවම කළ යුතුයි.''

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා-


    '' ආබාධිත ප්‍රජාව පිළිබඳ නිසි නියෝජනයක් ලබාදී තිබෙනවා ද කියලා අපෙන් විමසිය යුතුයි. ආබාධිත පුද්ගලයන්ගෙන් සියයට 71%ක් රැකියා කරන්නේ නෑ. රැකියා සඳහා ප්‍රවේශය ලබාදුන්නොත් සමාජයට බරක් නොවී කටයුතු කළ හැකියි.''


    පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය -

    කාන්තාවන්ට මහමග අතවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා. ඉදිරියට පියවර කීපයක් සිදු කිරීමට තිබෙනවා.මානසික අතවරයන්ට නිසි නීතියක් නෑ. ඒ සඳහා කථිකාවක් පාර්ලිමේන්තුව තුළ ඇති කරමු. පැමිණිල්ලක් දාන්න බයයි. එතැනදීත් චරිත ඝාතනය වෙනවා. මෙවැනි කාරණා පිළිබඳ පාර්ලිමේන්තුවේ පුරුෂයන්ගේ ඇස් අරවමු.


    රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා-


    ''සමෘද්ධි බංකු 200ක් ඔනෑම අවස්ථාවක බැංකු පහසුකම් ලබාගැනීමට හැකි ලෙස ක්‍රියත්මක කිරීම වැදගත්. වැඩියෙන් නිශ්පාදන ක්‍රියාවලියට,ස්වයං රැකියා වලට යොමු කරමින් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.''


    පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය-


    ''මුල් විය ලමා සංවර්ධනයට අඩිතාලම දාන්න ඕන.ඊට අදාළ අමාත්‍යාංශ සම්බන්ධ කළ යුතුයි.ගමේ සිටින කාන්තාව ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි.''

     

    දෙමව්පියන් ළඟ දරුවන් වැඩෙන්නට සැළැස්විය යුතු බවත් එවිට යහපත් දරුවන් බිහි වන බවත් යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට ළමයා ඉගෙන ගන්නේ පවුල් ජීවිතය තුළින් බවත් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා.

    ''දරුවන්ගේ සෞඛ්‍ය,පෝෂණය ලබාදෙනවා. හොඳ මානව සම්පත් බිහි කිරීමට නම් මුල් ළම වියට හොඳ ආයෝජනයක් කළ යුතුයි. මිලියන 40ක් මුල් ළමා විය සංවර්ධනයට මුදල් වෙන් කිරීම ඉතා හොඳයි. රටේ උපත් බොහොමයක් ලියාපදිංචි වෙනවා. අනුමාන උප්පැන්න අසහතිකය නීත්‍යානුකූල කරන්න පියවර ගෙන තිබෙනවා. ළම නිවාසවලට යොමු කරන්නේ, දුප්පත්කම හෝ දෙමව්පිය වෙන් වීම නිසයි. දෙමව්පියන් ළඟ දරුවන් වැඩෙන්නට සැළැස්විය යුතුයි. එවිට යහපත් දරුවන් බිහි වෙනවා. යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ළමයා ඉගෙන ගන්නේ පවුල් ජීවිතය තුළින්.අවධානම් දරුවන් සමාජයෙන් හඳුනාගෙන විධිමත් ක්‍රමවේදයක් සකස් කරමු''

     

    විදෙස් ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්- මූලික පනත් කෙටුම්පත සකස් කර අවසන්

    විදෙස් ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබදීම සඳහා වූ මූලික පනත් කෙටුම්පත සකස් කර අවසන් බව එය නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, විදේශ රැකියා අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් පැවසුවා.

    විදේශ ශ්‍රම වෙළඳපොළේදී මේ වනවිට ලංකාවට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ලංකාවේ ශ්‍රම වෙලඳපොළ සම්බන්ධයෙන් ද ගැටළුවක් ඇති වී තිබෙන අවස්ථාවක දී අඩු මුදලකට නුපුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය නෑ.

    පසුගිය වසරේ දී විදේශ රැකියා සඳහ දෙලක්ෂ හතලිස් දෙදහස් නමසිය තිහක් විදේශ ගත වී ඇති නමුත් මේ සැප්තැම්බර් මාසය වනවිට විදේශ ගත වී තිබෙන්නේ,162,328ක් පමණයි.2014 සිට මේ දක්වා ක්ට්මයෙන් ශ්‍රමිකයන් විදේශ ගතවීම් අඩුවීමේ ප්‍රවණතාවක් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.

    විශේෂයෙන් ම ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශගතවීම් අඩු කිරීමට අපි කටයුතු කර තිබෙනවා. එය සියයට 33ක් දක්වා අඩු කරගැනීමට හැකි වී තිබෙනවා.ළමුන්ගේ ආරක්ෂව වෙනුවෙන් කාන්තාවන් විදේශගත වීමේ දී පවුල් පසුබිම් වර්තාවක් ලබාගන්නවා. මේ නිසා දරුවන්ගේ ආරක්ෂව තහවුරු වන අතරවාරයේ දී ම කාන්තාවන් ගෘහ සෙවිකාවන් ලෙස
    විදේශ ගත කිරීම් අඩු කරගැනීමට හැකියාව ලබුණ.

    අලුත් රැකියා වෙලඳපොල හඳුනාගැනීමට පියවර ගෙන තිබෙනවා.අපේ ප්‍රමුඛ අවධනය යොමු කරන්නේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවයි.ලියාපදිංචි නොවූ ශ්‍රමිකයන් රැකියා සඳහා විදේශගතවීමට උත්සහ ගැනීමේ දී ඔවුන් වැළැක්වීමට කටයුතු කරනවා.

    සංචාරක වීසා ලබාගෙන රැකියා සඳහා පිටත්ව යනවා. ඔවුන් පරික්ෂ කර නැවත හරව එවන්නට කටයුතු කරනවා.විදේශගත ශ්‍රමිකයන්ගේ අභිමානය ආරක්ෂා කරගැනීමට කටයුතු කරනවා.

    මේ වසරේ දී වැටලීම් 169ක් සිදු කර එයින් 166ක් සාර්ථක කරගත්තා. ඒජන්සි බලපත්‍ර ලබාදීම සීමා කර තිබෙනව.

    විදෙස් ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුපක් ගැන දීර්ඝ කලයක් තිස්සේ සකච්ඡා කළා. මේ වනවිට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවශ්‍ය මූලික පනත් කෙටුම්පත සකස් කර අවසන්. එය දැන් නීතිපති දෙපර්තමේන්තුවට යව තිබෙනවා. ලබන වසර තුළ විශ්‍රාම වැටුප ලැබදීමට හැකියාව ලැබෙනවා.

     

    වැරදි ආකාරයෙන් සමෘද්ධිය ලබාගන්නා සමෘද්ධිලාභීන් ඉවතට - දුක්ඛිත ජනතාව වෙනුවෙන් කැපවෙන්න

    වැරදි ආකාරයෙන් සමෘද්ධිය ලබාගන්නා සමෘද්ධිලාභීන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් නිවැරැදි සමීක්ෂණයක් සිදු කරන බවත් සමාජ සවිබල ගැන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය රජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,සමාජ සවිබල ගැන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය වැයශීර්ෂය විවදයට එක්වෙමින්.


    ''මේ වනවිට සමෘද්ධි බැංකු 1074ක් පිහිටුවා තිබෙනවා. මෙම බැංකු හරහ සමෘද්ධිලාභීන්ට විවිධ වැඩසටහන් දියත් කර තිබෙනවා.වැඩිහිටි මහලේකම් කාර්යාල හරහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි''


    කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා හඳුන්වා දිය යුතුයි

    ''සමෘද්ධී සංවර්ධන මණ්ඩලය ඉටු කරන සේවය ගුණාමක බවින් ඉහළ බව කිව යුතුයි.සමෘද්ධී ලැබි නොයුතු අය දීමනාව ලබා ගන්න බව කීවා දැනට කොටසක් තොරාගෙන තිබෙනවා ඒවා විධමිත්ව කරන්න අපි කටයුතු කරනවා.කරුණාකරලා දේශපාලන අතකොලු වෙන්න එපා කියලා මම සමෘද්ධි නිලධාරින්ගනේ ඉල්ලා සිටිනවා,ඉතාම දුක්ඛිත ජවීතයක් ගත
    කරන මේ කොටස වෙනුවෙන් ජීවිතය කැප කරන්න කියලා මම ඉල්ලනවා.'''

     

    කාන්තාවන් වෙනුවෙන් විශේෂ අධිකරණයක් - සුබසාධනය වෙනුවෙන් වැඩපිළිවෙල රැසක්

    chanකාන්තාවන් සවිබල ගැන්වීම මෙන් ම ළමුන්ගේ රැකවරණය සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු රැසක් සිදු කර තිබෙන බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් පැවසුවා.

    ''කාන්තාවන් සවිබල ගැන්වීමට ප්‍රතිලාභ රැසක් ලබාදීමට හැකි වුණා.ළමුන්ගේ රැකවරණය සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු රැසක් සිදු කර තිබෙනවා. ඉදිරියට මෙම වැඩසටහන් ජාතික මට්ටමින්, ග්‍රාමීය් අවශයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.වැන්දඹු හා ගෘහ මූලික ජාතික සැළැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා.''

    ''ග්‍රාමීය ආර්ථිකය තුල කාන්තා දායකත්වය ලබාදීමට කටයුතු කරනවා. පළාත් පාලන ආයතන තුළ සියයට 25% ක කාන්තා දායකත්වය ලබාදීම අනිවාර්යය කර තිබෙනවා. මේ වනවිට දැනුවත් කිරීම් රාශියක් කරගෙන යනවා. ගංවතුර නාය යෑම්වලින් විපතට පත් කාන්තාවන් වෙනුවෙන්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මිලියන 75ක මුදලක්
    ලබාදී තිබෙනවා. '' '

    ''දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා. කාන්තාවන් වෙනුවෙන් විශේෂ අධිකරණයක් අවශ්‍ය වෙනවා. එය මෙවර ඉටු කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. ''

     

     

    කොරියාවේ කෘෂි ක්ෂේත්‍රයට ශ්‍රමිකයන් සම්බන්ධ කරගන්න ඉල්ලීමක්- නියමිත රැකියාවට පමණක් යා යුතුයිtalata

    කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට මෙරට ශ්‍රමිකයන් සම්බන්ධ කරගන්න ඉල්ලීමක් කර තිබෙන බවත් කොරියාවට යනවා නම් නියමිත රැකියාවට යා යුතු බව ගිවිසුම් කඩ කළ නොහැකි බවත්අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

    ''විදෙස් ගත ශ්‍රමිකයන් එවන මුදල්වලින් කිසියම් මුදලක් අය කරගන්නා බව වෙබ් අඩවි වල පළ වුණා කිව්වා. ඒ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා. අපේම ප්‍රතිපාදනවලින් පවත්වාගෙන යන කාර්යාංශය. රටට වැඩිම ආදයම උපයන්නේ විදේශ රැකියා කාර්යාංශයයි.''

    ''විශ්‍රම වැටුප ලබදීමට අවශ්‍ය කටයුතු කෙරෙනවා. මේ වනවිට නීති කෙටුම්පත් දෙපර්තමේන්තුවට යවා තිබෙනවා. රජයට බරක් නොවී මේ කටයුතු සිදු වුණාම, යෝජන ක්‍රමය ක්‍රියාත්මක කරන්න බලපොරොත්තු වෙනවා. කොරියාවට යවන්නේ ධීවර අංශයටයි. 6600ක ශ්‍රමිකයන් ප්‍රමාණයක් කොරියාවට ගියා. වැඩියෙන් ම ගියේ ධීවර ක්ෂේත්‍රයටයි. ගිවිසුම් අලුත් කර
    අත්සන් කරනවා. රජ්‍යයන් දෙකෙ ගිවිසුම් කඩ කරන්න බෑ. ධීවර රැකියාවට ගියා නම් එය කරන්න ඕන. අපි ඉල්ලීමක් කර තිබෙනවා කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට මෙරට ශ්‍රමිකයන් සම්බන්ධ කරගන්න කියලා. ''

     

     


    සමෘද්ධි සමීක්ෂණය ඉදිරියේ දී නිවැරැදි කර නැවත තේරීම් කටයුතු සිදු කරනවා

    sb disසමෘද්ධි සහනාධාර ලාභීන් තෝරාගැනීමේ සමීක්ෂණය ඉදිරියේ දී නිවැරැදි කර නැවත තේරීම් කටයුතු සිදු කරන බව සමාජ සවිබල ගැන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමත්‍ය එස්.බී දිසානායක මහතා පැවසුවා

    ''අඩු ආදයම්ලභී පවුල් හ ආබාධිත පුදගලයන් සහිත් අපවුල්, වැඩිහිටි ජනහනය, ඇබ්බැහි වූ අය, විශ්‍රාම වටුපක් දීමේ වැඩසටහන්, සහ රටේ සමාජ වැඩකරුවන් බිහි කිරීම වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. දැවැන්ත ප්‍රාග්ධනයක් අපේ බැංකුවලින් හදාගෙන තිබෙනවා.කුඩා මුදල් අවශ්‍යතා සපුරන්න නොහැකි වූ නිසා ගිණි පොළී කරුවන් ගම්වලට අතුළු
    වෙලා.

    අපි උත්සහ කරන්නේ, ඔවුන්ගේ ග්‍රහනයෙන් මුදව ගෙන ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රාග්ධන ණය ඔවුන්ට ලබාදෙන්න. අපේ එකම ඉලක්කය අපේ රටේ ලක්ෂ 50ක පවුල්වලින් ව්‍යවසායකයන් ඉන්නේ සියයට 93ක් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන් ඉන්නේ. උත්සහ කරන්නේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙල සමඟ පවුල් සංවර්ධන ව්‍යාපෘතියක් හරහා උදව් කිරීමටයි.

    සමෘද්ධි සමීක්ෂණයට ගිය මුදල නාස්තියක් නොවේ.විශේෂඥ උපදෙස් ලබාගෙන විද්‍යාණුකූලව සකස් කළ ප්‍රශ්න පත්‍රයක් හැදුවේ. මේක කොම්පියුටරයට දනකොට වැරදිලා.සමහර අයට සහනාධාර නොලබුණා. මෙය අප නවැත්වුවා. නැවත මෙය නිරාකරණය කරනවා. නැවත තේරීම් කටයුතු කරනවා. ඉදිරියේ දී මේ කටයුත්ත නිවැරැදි කරන්න කටයුතු කරනවා.උතුරු නැඟෙනහිර බැංකු ආරම්භ කරනවා. අපි නිලධාරීන් බඳවා ගත්තා. වැඩිහියන් 9000ක් නිවාසවල ඉන්නවා. ඉදිරියේ දී 25000ක් පමණ තියාගන්න වෙනවා. සැප පහසුකම් ඇති වැඩහිටි නිවාස හදනවා.වැඩිහිටි ජනගහනය සියයට 14%ක්.ජපානයට පමණක් ඉන්න වැඩිහිටි ජනගහනය සිටින රට අපියි. වැඩිහියන් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.''

     


    ප්‍රභාත් රත්නායක-

    පාර්ලිමේන්තුවේ සිට...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya