අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන්...නේස්බී සාමිවරයාගේ ප්‍රකාශය අගයයි... ගිරිහඬු සෑය සංවර්ධනයට පියවර... පොදු ප්‍රවාහනයට උපාය මර්ගික වෙනසක්... මඟී ගමනා ගමනයේ සංස්කෘතික වෙනසක්...

    නොවැම්බර් 25, 2017

    කලා කරුවන්ට විශ්‍රාම වැටුප්....

    නේස්බී සාමිවරයාගේ ප්‍රකාශය අගයයි...

    ගිරිහඬු සෑය සංවර්ධනයට පියවර...

    පොදු ප්‍රවාහනයට උපාය මර්ගික වෙනසක්...

    මඟී ගමනා ගමනයේ සංස්කෘතික වෙනසක්...

    රටට මෙන්ම සෙබළුන්ට යුක්තිය....

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද දොළොස්වැනි දිනය -නොවැම්බර් 25

     

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද දාහතරවැනි දියටත් ආරම්භ වුණා. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා,විදේශ කටයුතු සහ  සංවර්ධන කාර්යභාර යන අමාත්‍යාංශ යටතේ වැයශීර්ෂ අද විවාදයට ගත්තා. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල  මහතා මුලසුනට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.


    වාචික පිළිතුරු විමසීමේ අවස්ථාවට ප්‍රථම නැගී සිටි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා උතුරු කොරියාවට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අඳහස් පළ කළා

    ''පුවතක් පළ වුණා, උතුරු කොරියාව සම්බාධක පැනවීම සම්බන්ධව , එක්සත් ජාතින්ගේ සම්බාධක පනවූ විට එයට එකඟ වෙමින් ඒ තුළයි සම්බාධක පැනවුණේ. ''


    වාචික ප්‍රශ්නවලට පිළිතුරු...

    දායක විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කලාකරුවකු ඉල්ලීමක් කළ පසු ඒ පිළිබඳව සළකා බැලීමක් කළ හැකි බවත් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු ඉටු කළ හැකි බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්,බීනාවීන්න මහතා ප්‍රකාශ කළා.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා- වියපත් කලකරුවන්ට සරණක් නෑ. 31ක් දායක වී ඇත්තේ දායක විශ්‍රාම වැටුපට. සහනයක් ලබාදීමට ක්‍රියාත්ම වැඩපිළිවෙල මොකකද?

     

    අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්,බී නාවීන්න මහතා එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු බවත් කලාකරුවන් ඉන්නාවා නම් ඒ අය නම් කර අවශ්‍යතා ඉටු කර දීමට කටයුතු කරන බව පැවසී ය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා- ජෝන් ද සිල්වා රඟ හල නවීකරණයට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර නෑ. ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද?

    පළමු අදියර අවසානයි. 2වැනි අදියර 2018-2019 අතරතුර ඉදිකර අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා,කැබිනට් එක අනුමත කර තිබෙනවා, මුදල් ප්‍රතිපාදන ලබාදීලා වැඩ අවසන් කරන්න.

     

    නේස්බී සාමිවරයාගේ ප්‍රකාශය අගයයි...

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රකාශයක් සිදු කළ නේස්බි සාමිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අගය කරන බව බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසුවා.

    නෙස්බී සාමිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශල සේවයක් කළ බවත් ඊට ගෞරවක් ලෙස එතුමා ශ්‍රී ලංකාවට ගෙන්වා පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටියා.

    එයට පිළිතුරු ලබාදුන් තිලක් මාරපන මහතා සඳහන් කළේ, ඕනෑ, අවස්ථවක ශ්‍රී ලංකාවට පැමිණීමට නේස්බී සාමිවරයාට දැනුම් දී තිබෙන බවය.


    ගිරිහඬු සෑය සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර- සංවර්ධනය සොයා බැලීමට කමිටුවක්....

     

    ranil 33ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ වන ගිරිහඬු සෑය සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. වාචික පිළිතුරු විමසන අවස්ථාවේ දී ගිරිහඬු සෑය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් පිළිබඳව පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර සිඩ්නි ජයසේකර මහතා මෙහිදී සඳහන් කළේ, මෙම ස්ථානයේ සෙල්ලිපි විනාශ වෙමින් පවතින බවත්, මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.

     

    මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ, මෙම ස්ථානය සංවර්ධනය කිරීම සඳහා වෙනම කමිටුවක් පත් කරන ලෙසය.

     

    බුද්ධ ශාසන,තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, ත්‍රීකුණාමලයේ පිහිටි ගිරිහඬු සෑය පූජාභූමියක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත් මෙම ස්ථානය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කමිටුව පත් කිරීමට කටයුතු කරන බව පැවසුවා.

     

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීම හේතුවෙන් ජනතාව අතර මතු වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළේ ය.

     

    වැයශීර්ෂ විවාදය ඇරඹේ...

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා- පළාත් පාලන අමාත්‍යවරයා රටින් පිටවීම විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කළ යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික කටයුත්නම්පා ර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. විදේශ සේවය ශක්තිමත් කිරීමට විශ්වවිද්‍යාලවලට තවත් පාඨමාලා හඳුන්වාදිය යුතුයි. කණිෂ්ඨ නිලධාරීන්ට පුහුණුව ලබදිය යුතුයි. භාෂා  පුහුණුව සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි.

     

    උපාය මාර්ගික වෙනසක් ඇතිකර පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කළ යුතුයි...patali

    උපාය මාර්ගික වෙනසක් ඇතිකර පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කළ යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රවාහන, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් පැවසුවා.

    ''ජාත්‍යන්තරව අපට වටලා තිබුනා. අපට ජාත්‍යන්තර දේශපාලනය කළමනාකරණය කර ගනීමට අපට නොහැකි වුණා. එය පරාජය කරල, රටේ ප්‍රතිරූපය ගොඩනගලා, යුද අපරාධවලට පිළිතුරු ලබාදීලා, ලෝකයේ සැම කලාපයක් ම ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා. එය ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහනයක්.''

    ''ප්‍රවාහන ක්ෂේත්‍රය රටේ වැදගත් ක්ශේත්‍රයක් වී තිබෙනවා. අද වාහන දහස් ගුණයක් වැඩි වෙලා තිබෙනවා. ලක්ෂ 40ක් පමණ දෛනිකව මහමාර්ගයේ ගමන් කරනවා. දස ලක්ෂයකට අඩු ප්‍රමාණයක් කාර් වෑන් තියෙන්නේ. වැඩි වශයෙන් තියෙන්නේ මෝටර් සටිකල් ස යතුරු පැදි. ''

    ''මේ ක්ෂේත්‍රයේ ආර්ථික බව රුපියල් ට්‍රිලියනකට වැඩියි. මේක කිසි සේත් හොඳ තත්ත්වයක් නොවේ. අනුක්‍රමයෙන් වාහන වැඩි කරගනීම, ආර්ථික බර පැත්තට ගමන් කරමින් පවතිනවා.''

    ''ආර්ථික අඩපන වීම ප්‍රවාහනයෙන් ඇතිවන අනසි බලපෑම බලපානවා. එක බස් රථයක් ඉවත් වෙනවා කියන්නේ අනෙක් වාහන 140ක් ඕන වෙනවා. අද ප්‍රවාහන ගැටළුවට හසු වී තියෙන්නේ. අපි වාහාම උපාය මාර්ගික වෙනසක් ඇතිකරගත යුතුයි. ප්‍රවාහන ප්‍රශ්නයට මාර්ග පද්ධතිය පුළුල් කිරීම සිදු කළේ. මාර්ග තදබදය විසඳන ක්‍රියාදාමයක් නොවේ. පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. මාර්ග තදබදය වැලැක්වීමට කැළණිවැලි ත්‍රිත්ව දුම් රිය මාර්ගය ඉදි කළ යුතුයි''.


    පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මහතා- මහජනතාවට ගමනා ගමන පහසුකම් ඇති කළ යුතුයි. කිළිනොච්චියේ ගමනා ගමන ප්‍රශ්න ගැන සැළකිලිමත් වෙන්න. උතුරේ දුම් රිය ගමනා ගමනය පහසුකම අවශ්‍යයි. දුම් රිය වලට් නිදන මදිරි නැති කර තිබෙනවා. ඒවා ලබාදෙන්න.


    පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා- හම්බන්තොට වරාය හා ගුවන්තොටුපල කියන දැවැන්ත ව්‍යාපෘතිවලින් ප්‍රයෝජනයක් ගෙන නෑ. ලොව කාර්ය බහුල වරායක් කළ හැකියි. සියලු පරිසර සම්පත් තියෙනවා මින් ප්‍රයෝජනයට ගත යුතුයි.

    අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා- එදා අදුරු වලාවක රට තිබුණා. විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථිකය වැටී තිබුණා. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමඟ පවුලක් ලෙස ඉන්නේ. එය කැඩෙන්න හොඳ නෑ. රජයේ ප්‍රතිපත්තිය මැද මාවතකට පැමිණ තිබෙනවා. එය අනෙක් රටවලට ආදාර්ශයක්. පක්ෂ දෙකක් එකතු වී පොදු යහපතට වැඩකරනවා.


    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා- ඒකාබද්ධ විපක්ෂයේ 54ක් ඉන්නවා.අපිට පර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස  හඳුනාගෙන නෑ. පලාත් සභා ප්‍රාදේශීය සභා මැතිවරණ කල්දමා තිබෙනවා. කවදාද මැතිවරණ තියෙන්නේ කියලා පැහැදිළි  නෑ.


    පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා- කිසිම ඩිපෝවක් පාඩු ලබන්නේ නෑ.අද ඩිපෝ ලාභ ලබමින් පවතිනවා. සිසු සැරිය සඳහා තවත් බස් යෙදවීමට අවධානය යොමු කරන්න.පොළොන්නරුව වැනි ප්‍රදේශවල බස් රථවල අඩුවක් පේනවා. අලුත් බස් රථ එකතු කරන්න.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා - එම ඉල්ලීම ඉටු කර තිබෙනවා.


    සහසර ව්‍යාපෘතිය රටපුරා ක්‍රියාත්මකයි- පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුයි

    lasantha parliamentරජය විසින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොවුණොත් අපේ ආර්ථික ඉලක්ක කරා යෑමට නොහැකි වනු ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

    ''ඇතැම් තානපති කාර්යාලවල වීසා ගන්න යනකොට ජනතාව පදික වේදිකාවල ඉන්නවා. පාන්දර හතරේ ඉදන් පොලිම්වල ජනතාව ඉන්නවා.මේක අනෙක් රටවල දකින්න ලැබෙන්නේ නෑ, ජනතාව අපහසුතාවයට ලක් වෙනවා. එය රට තුළ නොවිය යුතු කරුණක්.''

    ''බිලියන 50 සෘජුව ප්‍රවාහනය සඳා වැය කරනවා. පොදු ප්‍රවාහනය ශක්තිමත් නොවීමෙන් තවත් බිලියන 150ක් පමණ වැය කරනවා. මෙය දකින්නේ නෑ. පෞද්ගලික වාහන වැඩි වෙලා. ඉන්ධන සඳහා වැය වන මුදල වැඩි වෙලා.මෙය් ආර්ථික වර්ධනයට බලපානවා. මේ පිළිබඳව රජයක් ලෙස ප්‍රතිපත්තිමය ලෙස අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ''

    ''සෑම කෙනෙකුටම පෞද්ගලික වාහනයක් තිබීම හොඳ දෙයක් එහෙත් රජයේ ප්‍රතිපත්තිය විය යුත්තේ පොදු ප්‍රවාහනයට ජනතාව වැඩි නැඹුරුතාවක් ඇති කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සෑම ප්‍රධාන නගරයම රථවාහන වේගය අඩු වෙලා. සෑම රජයක් ම මාර්ග සඳහා වැඩි මුදලක් වෙන් කරන්න කටයුතු කළා.''

    ''අධිවේගී මාර්ග රටට අවශ්‍යයි.මාර්ග වෙනුවෙන් මුදල් යෙදවිය යුතුයි. ඊට සාපේක්ෂව පොදු ප්‍රවාහනය වෙනුවෙන් වෙන් කළ යුතුයි. මුදල් ක්‍රම ක්‍රමයෙන් ඉදිරියේ දී යෙදවිය යුතුයි.වර්තමාන රජය අයවයෙන් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ඉදිරිවසර හතර තුළ සහසර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙනවා. ජනතා අවශ්‍යතාවය අනුව විධිමත් ප්‍රවාහන කාලසටහනක් සැකසීම අවශ්‍යයි ''

    පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා - ''තම කටයුතු සිදු කරගැනීමට නාපෝළි වල රැකියා කරන ශ්‍රී ලාංකික  ජනතාවට රෝමයට එන්න් වෙනවා. කොම්සියුලර් කාර්යාලයක් නාපෝලිවල ආරම්භ කරන්න. හොංකොන්වල අපට මුදල් එවන ක්‍රමයක් නෑ.ප්‍රවාහන තත්ත්වය තිබුනාට වඩා දැන් හොඳ තත්ත්වයක තියෙනවා.''

    පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා-'' වාහන ලියපදිංචි කිරීම අපේ දිස්ත්‍රික්කවලින් කරන්න ක්‍රමයවේදයක් හදන්න. රිය අනතුරු නිසා මරණ සිදු වෙනවා. රිය අනතුරුවලින් මිය යන්නේ රටේ ශ්‍රම බලකායයි. විනිවිද ලෙස ලයිසන් දෙන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි.''

     


    ඒකීය භාවය ආරක්ෂා කරමින් බලය බෙදීමේ වැඩපිළිවෙලකට යමු....dayasiri

    ඒකීය භාවය ආරක්ෂා කරමින් බලය බෙදීමේ වැඩපිළිවෙලකට යමු. ජාතික කොඩියට අත් තියන්න සූදානම් නෑ යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැයශීර්ෂ විවාදයේ දී ප්‍රකාශ කළා.

    ''පටු ජාතිය වාදය ඉදිරියට දාගෙන යන්න ඇතැමුන් හදනවා.සමහරු ජාතික කොඩිය අල්ලා ගන්නවා.ජාතික කොඩිය ඔසවන්න බෑ කීම නින්දිත ක්‍රියාවක්. ජාතික කොඩියට ඉතිහාසයක් තිබුණා. මේරට එක කොඩියකට එකතු වුණේ විශාල කර්තව්‍යයක් කරලා. ඊ.ඩබ්ලිව් පෙරේරා මහතා එංගලන්තයට ගිහින් කොඩිය ගෙනාවේ.''

    ''සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව නියෝජනය වෙන්න ජාතික කොඩියට එකතු කරලා තියෙන්නේ.සිංහයාගේ අතේ කඬුවෙන් කියන්නේ ශ්‍රී ලාංකීය ජාතියේ අභිමානයයි. සිංහ කොඩිය යටතේ ඉන්න බැරි නම් ලංකාවෙන් යන්න පුළුවන්.''

    ''එකට වැඩකරන්න හදන වෙලාව ජතිවාදය නති කරන්න එපා. එකට යන ගමනකර එකතු වෙලා ජාති භෙදයකින් තොරව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ගමන් කිරීමයි වැදගත් වෙන්නේ. ඒකීය භාවය ආරක්ෂා කරමින් බලය බෙදීමේ වැඩපිළිවෙලකට යමු. ජාතික කොඩිය වෙනස් කරනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි. ජාතික කොඩියට අත් තියන්න සූදානම් .''

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා - ජාතික කොඩියට සියලු දෙනා ගරු කළ යුතුයි. දකුණේ අන්තවාදීනුත් මේ කොඩියට විරුද්ධයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා- බොරු මානව හිමිකම් යෝජනා ඉවත් කළ යුතුයි.මිත්‍ර රටවල් සමඟ හොඳ හිත පවත්වාගෙන යෑමයි වැදගත් වන්නේ. ශ්‍රී ලංකාවට ගෙනා වැරැදි කරනු පදනම් කරගත් යෝජනාවට විරුද්ධව කටයුතු කරන්න.


    නියෝජ්‍ය අමාත්‍ය අසෝක අබේසිංහ මහතා- ''ලංකා ගමනාගමන මණ්ඩලය රජය බාර ගද්දි අර්බුදයක තිබුණා. ගමනා ගමන මණ්ඩලය ලාබ ලබන මට්ටමක පවතිනවා. කෝටි 200කට වඩි ලාබයක් ලබාගන්න හැකි වී තිබෙනවා. ඩිපෝ ලාබ ලබාගන්න හැකි වී තිබෙනවා. 2018 වර්ෂය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කුඩා බස් රථ 100ක්
    ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. '''

    ''දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ස්ථාන නඩත්තු කරන්න කටයුතු කරනවා. විදුලි දුම් රිය සේවයක් සඳහා ඩොලර් මිලියන 600ක් සමඟ සක්‍යතා අධ්‍යයනය කළා.බලාපොරොත්තු වෙනවා දකුණු කළුතර සිට වේයන්ගොඩ දක්වා දුම්රිය මාර්ගය නඩත්තු කරන්න බලාපොරොත්තු වෙනවා.දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වැඩි කළා. පාඩු ලබන තත්ත්වය අඩු කර ගත
    හැකියි.''


    මඟී ගමනාගමනයේ සංස්කෘතිය වෙනස් වෙමින් පවතිනවා- දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය නැංවීමට පියවර

    nimal Mpමඟී ගමනාගමනයේ සංස්කෘතිය වෙනස් වෙමින් පවතින බවත් පොදු ප්‍රවාහනය අකර්ෂණය කරන්නේ කෙසේදැයි අභියෝගය තියෙන බවත් ඒ සඳහා ආයෝජනය කළ යුතු බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා.

    ''ඉදිරි වර්ෂවල ප්‍රවාහන සේවය ජනතාවට සමීප කිරීමට කටයුතු කරනවා. දුම් රිය සේවය සියයට 5%යි ප්‍රවහනය කරන්නේ. අද ප්‍රවනතාවයක් තියෙනවා, තමන්ගේ වාහනවලින් යන්න. මඟී ගමනාගමනයේ සංස්කෘතිය වෙනස් වෙමින් යනවා. පොදු ප්‍රවාහනය අකර්ෂණය කරන්නේ කොහොමද? කියන අභියෝගය තියෙනවා. ඒ සඳහා ආයෝජනය කරන්න ඕන.''

    ''අපි දුම්රිය ගාස්තු වඩි කර නෑ. කැළණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචි කරුවන් ඔවුන් විකල්ප ස්ථානයක පදිංචි කර ඉවත් කර ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කරන්න කටයුතු කර තිබෙනවා. මහනුවර පේරාදෙණිය ඉදිකරගෙන යනවා. විශාල පාලන් හතරක් කරලා තියෙනවා.''

    ''අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 200ක් සඳහා එන වසරේ ටෙන්ඩර් කැදවීමට කටයුතු සූදානම් කර තිබෙනවා. දුම්රිය එන්ජින් ගන්න කටයුතු කර තිබෙනවා. මේ සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙනවා. දුම්රිය මැදිරි 160 ලබාගැනීමට ඉන්දීය ණය සහනාධර යටතේ අවශ්‍ය කටයුතු සිදු කර ගෙන යනවා.''

    ''ඕමන්ත දුම්රිය මාර්ගය සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. පොල්ගහවෙල ද්විත්ව මාර්ගය සංවර්ධනය කරනවා.කොළඹ තදාසන්න දුම් රිය මාර්ගය සක්‍යතා සකස් කරමින් යනවා. කොළඹ- රාගම හතරවන මාර්ගය ඉදිවෙනවා. කොළඹ රඹුක්කන මාර්ගය සංවර්ධනය වෙනවා. වැඩකටයුතු රැසක් වෙනවා. ''

    ''නව සංඥා පද්ධතියක් ඇති කරනවා. ඉලෙක්ට්‍රික් ටිකට් යන්ත්‍ර ලබාදෙන්න කටයුතු කරනවා.ලංකා ගමනාගමන මණ්ඩලය ලාබ ලබන ආයතනයක් බවට පත්වෙලා.ප්‍රවාහන වෛද්‍ය සභාව විශාල සේවයක් කරනවා. විශාල ලෙස බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ දී දායකත්වයක් ඉටු කර තිබෙනවා.''

    ''සිවිල් ගුවන් සේවා අධිකාරිය දැවැන්ත තාක්ෂණික සේවයක් රටට ලබාදෙනවා.සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියේ අවසන් සාකච්ඡාව කරගෙන යනවා. ලංකාවට ගැළපෙන හොඳ සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියක් සකස් කරනවා. ගුවන් තොටුපල ආදායම වැඩිවෙලා තියෙනවා. කිසිම අලුත් කිරීමක් නොකළ ගුවන් පථය අලුත් කළා. මිලියන 900ක සිවිල් ගුවන් සේවා අධිකාරියට ගොඩනගිල්ලක් හදාගෙන යනවා. මඟීන් මිලියන 6ක් සඳහා පමණයි ගුවන්තොටුපලේ ඉඩ තිබෙන්නේ. ප්‍රමදය තිබෙන්නේ අප නිසා නොවෙයි සිදු වී තිබෙන්නේ . තාවකාලික ගුවන් පර්යන්තයක් සෑදීමට කටයුතු කරගෙනවා.''

     

     

    ඉන්දියාව,චීනය ඇතුළු සියලු රටවල් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරනවා

    ඉන්දියාව,චීනය ඇතුළු සියලු රටවල් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරන බවත් හුදකලාවට ලක් වූ ශ්‍රී ලංකාව ඉන් බේරාගැනීමට යහපාලන රජය විවිධ පියවර ගත් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා.

    ''ශ්‍රී ලංකාව හුදකලාවෙන් බේරාගන්න යහපලන රජය විවිධ පියවර අරගෙන තිබෙනවා. ඉන්දු ලංකා හිතවත්කම් දීර්ග කාලයක් තිස්සේ පවතිනවා. ඉන්දීය අගමැතිතුමා ශ්‍රී ලංකාවට සහාය අඛණ්ඩව ලබා දෙනවා.ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ හිතවත්කමේ ශක්තිය මනාව පෙන්නුම් කරනවා.මේ සබඳතාවය ඉදිරියට ගෙන යාමට හැකි වුණේ දෙරටේ විශ්වාසය නිසයි. මසුන් මැරීම දී ඇතිවන ගැටළු විසඳීමට අගමැති මෝදී මැතිතුමා පියවර ගෙන තිබෙනවා.

    ''චීනය සමඟ අපේ රජය මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් ඇතිකරගෙන තිබෙනවා. චීනය අඛණ්ඩව සංවර්ධන කටයුතු වලට දායකත්වය ලබාදෙනවා.
    නේස්බී සාමිවරයා නිවැරැදි දේ වෙනුවෙන් කතා කරන කෙනෙක්. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් කර තිබෙනවා. රජය විශේෂයෙන්,විදෙස් අමාත්‍යාංශය නියම අවස්ථාවේ දී සුදුසු තැන්වල භාවිතා කිරීම වටිනවා.ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ,මානව හිමිකම් රකින රටක් ලෙස දකිනවා.''

     

     

    කළ යුතු දේ දන්නවා- රටට මෙන්ම සෙබළුන්ට යුක්තිය....

    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා -විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවදයට අඳහස් දක්වමින්, 

    thilak

    ''වැදගත් යෝජනා ඉදිරිපත් වුණා..නපෝලි කොන්සියුලර් කාර්යලයක් ආරම්භ කිරීම පිළිබඳව සොයා බලා වැඩපිළිවෙලක් සකස් කරනවා. නේස්බි සාමිවරයාගේ ප්‍රකාශය ගැන දන්නවා. විශාල වෑයමක් දරාලා කරුණු සඳහන් කළේ. ඒවායින් නිසි පියවර ගන්න ගන්නවා. නිසි කලට නියම ප්‍රයෝජනය ලබාගන්න හැකියාවක් තිබෙනවා.''

    ''අපේ පාඩුවේ වැඩේ කරන්න දෙන්න. අපි කළ යුතු දේ දන්නවා. යුද අපරාධ ගැන ප්‍රකාශ කරන්නඕන නෑ. අපි ජාතිවාදීන් නොවේ. රටට සෙබළුන්ට යුක්තිය ඉටු කල යුතුයි. යුක්තිය ඉටු කර ගමන් ලබා දි ඉඇති පොරොන්දු පිළිබඳව නිසි වැඩපිළිවෙල යථා පරිදි ක්‍රියාත්මක කරනවා ''

     


    ප්‍රභාත් රත්නායක
    පාර්ලිමේන්තුවේ සිට...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya