විසර්ජන පනත් කෙටුම්පත විවදය දිනය -නොවැම්බර් 30
විසර්ජන පනත් කෙටුම්පත විවදය අද (30) දින ආරම්භ වුණා. ප්‍රාදේශීය සංවර්ධන, මහා නගර හා බස්නාහිර සංවර්ධන, නගර සැලසුම් හා ජල සම්පාදන, සංවර්ධන කාර්යභාර යන අමාත්‍යාංශ යටතේ වැයශීර්ෂ අද විවාදයට ගත්තා. කතානායක කරූ ජයසූරිය මහතා මුලසුන පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.
පාසල්වල මත්ද්‍රව්‍ය පාලනයට කමිටු පිහිටුවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි...
ජනප්‍රිය පාසල් අතර වාර්ෂිකව පවත්වන මහා ක්‍රිකට් තරඟ සහ සැණකෙළි සඳහා බියර් සමාගම්වල අනුග්‍රහය දැක්වීමට කිසිදු අවසරයක් ලබාදී නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මෙසේ සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා - පාසල් පරිශ්‍ර තුළ ඔනෑම තරඟාවලියක දී මත්ද්‍රව්‍ය දුම් වැටි ආයතනවල අනුග්‍රහය ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. මත්ද්‍රව්‍ය ප්‍රචාරය තහනම් කිරීමට පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා- හෙරොයින් අඩංගු ටොෆි වර්ග පාසල් දරුවන් අතර යනවා කියනවා. ටැටූ මැෂීන් පාසල් තුළට ඇවිත් තියෙනවා. පාසල්වල සැණකෙළි අවට බියර් සමගම් වෙළඳකුටි දානවා.පාසල් අවට මත්පැන් උපයෝගී කරගන්නවා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා - පාසල්වල මත්ද්‍රව්‍ය උවදුර නැති කිරීමට පාසල් මට්ටමින් කමිටු පිහිටුවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. හැකි තරම් අවම කර තිබෙනව. පාසලින් එළියේ ක්‍රිඅයදාමය වළක්වා ගන්න අසීරු.එලියේ සිදුවන වැඩපිළිවෙල පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. මත්ද්‍රව්‍ය උවදුර වැටලීමට වැඩපිළිවෙලක් කළා. යම් අවම වීමක් දක්නට ලැබෙනවා.
පුහුණුවෙන් අනතුරුව රැකියාගත කිරීමේ වැඩපිළිවෙලක්...
කාර්මික හා ඉදිකිරීම් අංශයේ පුහුණුවෙන් අනතුරුව රැකියාගත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් පසුගිය වසර දෙක තුළ රැකියාගත කර ඇති සංඛ්‍යාව 63603ක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබදෙමින් සඳහන් කළා.
පසුගිය වසර දෙක තුළ පුහුණු කර ඇති ආධුනිකයන් සංඛ්‍යාව 166025ක්.ඉදිකිරීම් සහ කාර්මික අංශය සඳහා පුහුණුව ලබාදී ඇති සංඛ්‍යාව 79326කි. එම ප්‍රමාණයෙන් රැකියාගත කර ඇති සංඛ්‍යාව 63603ක්.
පසුගිය වසර දෙක තුළ කාර්මික හා ඉදිකිරීම් අංශයේ පුහුණුව ලැබූ සංඛ්‍යාව ශ්‍රම බලකායේ ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බව ද ඒ අනුව බඳවා ගන්නා ආධුනිකයන් සංඛ්යාව වැඩි කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරය පැවසුවා.
'' පුහුණුවට යොමු නොවන අංශ සඳහා පුහුණු කාලය තුළ යම් මුදලක් ලබාදීමට සහ පුහුණුවෙන් පසු රැකියා ගත කිරීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.අපේ අරමුණ විවිධ ක්ෂේත්‍රවල කර්මාන්තවලට පුහුණු ශ්‍රමිකයන් නොමති බව. ඒ ඉල්ලුම අනුව ගැළපෙන ආකාරයට පුහුණු කිරීම ආරම්භ කරනවා.''
ගුරු සහායකයින් පුහුණු ගුරු සේවයට අන්තර්ග්‍රහනයට පියවර ...
2015 දී බඳවා ගත් ගුරු සහායකයින් පුහුණු ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ගුරු සහායකයින් සම්බන්ධයෙන් මතු ව ඇති ප්‍රශ්නය විමසමින් ස්ථාවර නියෝග 23(2) යටතේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ සඳහන් කළා.
''ගුරු සහායක පත්වීම් ලබාදී බඳවා ගන්නා අවස්ථාවේ දී 6000ක දීමනාව ප්‍රමණවත් නොවූ නිසා 2017- 2-1 රුපියල් 10,000ක් දක්වා වැඩි කර දීමට පියවර ගෙන බෙනවා.දීමනාව වැඩිකර
මින් ඔවුන්ගේ ගෞරවය ඉහළ නැංවීමට කටයුතු කර ඇත. ''
''2017 පුහුණු ගුරු සහතික ලබාගත් ගුරුවරු 3 (1) ගුරු සේවයට අන්ත්‍රග්‍රහනය කර ඇත. ගුරුපුහුණු වලංගු වන පරුදි 3 (1) ශ්‍රේණියට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.ඒ අනුව 2017 වසරේ පුහුණු ගුරු සේවයට සිංහල මාධ්‍යයෙන් 1013ක් ද දෙමළ මාධ්‍යයෙන් 24ක් ද බඳවා ගනු ලැබීය.2018 වසරේ සිංහල මාධ්‍යයෙන් 589ක් ද දෙමළ මාධ්‍යයෙන් 1605ක් ද වසර 2019 දී සිංහල මාධ්‍යයෙන් 164ක් ද දෙමළ මාධ්‍යයෙන් 744ක්ද පුහුණු ගුරුවරු ලෙස ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතයි''
යාපනයට අපද්‍රව්‍ය බැහැර කරන ව්‍යාපෘතියක්...
යාපනය මහ නගර සභා බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.
අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්යාපෘතිය සඳහා ටෙන්ඩර් කටයුතු සම්පාදනය කර ඇති බවත් කී අමාත්‍යවරයා, මෙම ව්යාපෘතිය සඳහා මුදල් ලබාදීමට ප්‍රංශ නියෝජිත ආයතනය එකඟ වී ඇතැයි කීය. එමෙන් ම ඉරනමඩු ජලශයේ ධාරිතාවය වැඩි කිරීමට කටයුතු කරන බවද සඳහන් කළා.
ආපදාව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් - ආපදා සහන ලබාදීම රජය සළකා බලනවා
අපවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවන් සඳහා රජයෙන් ලබාදිය යුතු සහන පිළිබඳව සළකා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
ඊයේ වර්ෂාව සුළඟ නිසා,සිදු වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සහන සැලසීමට ආපාදා කළමනාකරණය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරනවා.අද ප.ව තුනට පක්ෂ නායක රැස්වීමක් පැවැත් වෙනවා. රජයෙන් දිය යුතු සහන පිළිබඳව සලකා බලනවා යැයි අග්‍රාමාත්‍යවරයා පවසුවා
රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා -
අපේ සංවර්ධනයට විශාල කාර්යභාරයක් ඉටු වෙනවා.කොට්ටේ ප්‍රදේශයට වැඩියෙන් මහල් නිවාස එනවා. මේවට නිසි පරිදි අවසර තියෙනවද කියලා බලන්න ඕන.අපිට ව්‍යාපෘති 39න් ෆයිල් 37ක් ලබී තිබෙනවා. ව්‍යාපෘති 4යි ගොඩනැගිලි රෙගුලාසි අනුව සිදු කර තියෙන්නේ.මාව නැති කරන්න හැකියාවක් නෑ. ඇමැතිතුමා අරගෙන තියෙන පියවර වැදගත්. වැරැදි ලෙස හදලා තියෙන ගොඩනැගිලි
විරුද්ධව කටයුතු කරන්න. අගනුවර ලස්සනට තබාගනිමින් ඉදිරියට අරන් යන්න වැඩපිලෛවෙලක් සකස් කිරීම අරමුණ බවද අමාත්‍යවරය පැවසීය.
අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්- බැදුම්කර කොමිසමේ වැඩ කටයුතුවලට රජයේ පූර්ණ සහාය ලබාදුන්නා
බැදුම්කර කොමිසමේ වැඩ කටයුතුවලට අප රජයේ පූර්ණ සහාය ලබා දුන් බවත් බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008 – 2014 කාලය තුළ සිදු කර ඇති මේ මහා වංචාව පිළිබඳව සෙවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
ඊට අමතරව මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට නොදන්වා ලබාගත් ණය හානිකුත් කළ බැදුම්කර පිළිබඳව පරීක්‍ෂා කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ අවධානය යොමුකරවීමට බලාපොරොත්තු වන බවත් එසේම, මෙම කාලය තුළ කොටස් වෙළෙදපොල තුළ සිදු වූ මහාවංචාවන් පිළිබදව ද සෙවීමට කටයුතු කරන බවද බැදුම්කර කොමිෂමට සහාය දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අද (30) පාර්ලිමේන්තුවේවිශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
අපේ රටේ ව්‍යවස්ථානුකූලව මුල්‍ය පාලනය බාර පාර්ලිමේන්තුවටයි. ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.“රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය.” ඒ නිසා බැඳුම්කර කොමිසමේ ඉල්ලීම පරිදි එහි ගොස්, කොමිසම හමුවේ මා සිදු කළකරුණු පැහැදිලි කිරීමපිළිබඳව මේ ගරු සභාව වෙත දැනුම් දිය යුතු බව මගේ අදහසයි.
බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසමට සහයදක්වමින් අවශ්‍ය ඕනෑම කරුණු පැහැදිලි කිරීමක් කිරීමට මා සූදානම් බව මම මීට කලින් අවස්ථාවක දන්වාසිටියා. මා එසේ දන්වා සිටියේ කොමිසමෙහි සාක්‍ෂි සටහන් කරද්දී මගේ නම ද සඳහන් වූ නිසා මෙන්මමහබැංකුව මගේ අමාත්‍යංශය යටතට ගැණෙන ආයතනයක් වන නිසයි.
ඒ අනුව කොමිසම කරුණු 20 ක් සම්බන්ධයෙන් මගෙන් පැහැදිලි කිරීම් ඉල්ලා සිටියා. ඉන් පසුව තවත්කරුණු 28 ක් සම්බන්ධව තොරතුරු විමසා සිටියා. මම ඒ සියල්ල සම්බන්ධව ලිඛිතව පිළිතුරු ලබා දුන්නා.මේ අතර මා දුන් පිළිතුරු කීපයක් ගැන වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බව කොමිසම දන්වාසිටියා. ඒ අනුව නොවැම්බර මස 20 වන දා මම කොමිසම හමුවට ගොස් කරුණු පැහැදිලි කළා.
කොමිසමේ සාක්‍ෂි විභාගයේදී මෙතෙක් අනාවරණය නොවූ කරුණු කීපයක් පිළිබඳව කොමිසම හමුවේ කරුණු දැක්වීමට මට සිදු වුණා. ඒ, 2015 වසරේ අප ආණ්ඩුව බාර ගන්නා විට රටේ තිබූ මුල්‍ය තත්වයයි.2014 වසර වන විට පැවැති මුළු විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 3,113 ක්. එය දළ දේශීයනිෂ්පාදිතයෙන් 30% ක්. 2014 වසරේ පැවැති සමස්ථ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.3%ක්. දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.4% ක් ණය ගෙවීමට වැය වුණා. රටේ තිබූ ආර්ථික තත්ත්වය අනුවරජයේ ආදායම ණය ගෙවීමටත් මදි වුණා. රජයේ වියදම් සඳහා තවත් ණය ගැනීමට සිදු වුණා.2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු විස්තර මා ශ්‍රී ලංකා මහ බැංකුවෙන්ලබාගෙන තිබෙනවා. මෙම සෑම වසරකම බහුතරයක් නිකුත් කිරීම් සිදු කොට තිබෙන්නේ පුද්ගලික ඍජුනිකුත් කිරීම්. මෙහි කිසිම විනිවිදභාවයක් තිබිලා නැහැ.
මා මේ අවස්ථාවේ මවිසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් 2008 වසරේ සිට 2014 වසර දක්වාභාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ වාර්තාව සභාගත කරනවා. මෙම කාලය තුළ රුපියල් බිලියනපන්දහස් එකසිය හතලිස් හතක (රු. 5,147,751,210,000/-) ක බැඳුම්කර නිකුත් කර තිබෙන අතර ඉන්රුපියල් බිලියන හාරදහස් හත්සිය දෙකක (රු. 4,702,232,210,000/-) බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ පුද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේයි. එනම් මෙම කාලය තුළ මුළු බැදුම්කර නිකුතුවලින් සියයට90 කට වඩා වැඩි ප්‍රතිශතයක් නිකුත් කර තිබෙන්නේ පෞද්ගලික ඍජු බැඳුම්කර නිකුතු ක්‍රමය යටතේයි.
මෙම කාලය තුළ අවස්ථා 84 ක දී පෞද්ගලික ඍජු නිකුත් කිරීම් ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කරතිබෙනවා. බැඳුම්කර වෙන්දේසි ක්‍රමය මඟින් නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකම රුපියල් බිලියන 435.5 ක්පමණයි. 2015 වසර තුළ දී පුද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ අවස්ථා හතරක දී පමණයි. එහි වටිනාකම රුපියල් බිලියන 157.5 යි. දැනට නිකුත් කර ඇති භාණ්ඩාගාරබැඳුම්කර සඳහා 2017 සිට 2045 දක්වා ගෙවිය යුතු මුළු මුදල හා පොලිය පිළිබඳව පුරෝකථනවාර්තාවක් මා මහ බැංකුවෙන් ලබා ගත්තා. ඒ අනුව 2045 වන තෙක් බැඳුම්කර සඳහා රුපියල් බිලියන4154 කුත්, පොලිය වශයෙන් රුපියල් බිලියන 3086 කුත් ගෙවීමට තිබෙනවා. නමුත් මෙම කාලය තුළ රජයට බැදුම්කර හරහා තවත් ණය ගන්න සිදු වෙනවා. ඒ සඳහා අනාගතයේ දැරීමට සිදුවන වියදම් මෙම පුරෝකථනයට ඇතුළත් වී නැහැ. එම මුදලත් එකතු වූ විට අති විශාල ණය මුදලක් ඉදිරියේ දී ගෙවීමට සිදු වෙනවා. මේවා ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවටයි.
2015 ජනවාරි මාසයේ දී අප බලයට පත්වීමෙන් අනතුරුව මාර්තු මාසයේ දී අප මේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමසීමක් කළා. එහිදී අපට පෙනී ගියේ මුදල් මණ්ඩලය විසින් පුද්ගලික ඍජු නිකුත් කිරීම් ක්‍රමයයටතේ බැඳුම්කර නිකුත් කිරීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. මුදල් මණ්ඩලය තීරණය කොට තිබුණේ රජයේ මුදල් අවශ්‍යතාවය සඳහා කෙටි කාලීන විසඳුමක් ලෙස Cඅප්ටිවෙ මූලාශ්‍ර හරහා මුදල් සෙවීමයි. පුද්ගලික ඍජු නිකුත් කිරීම යටතේ විශාල වශයෙන් බැඳුම්කර නිකුත් කිරීමට එමඟින් කිසිඳු අනුමැතියක් ලබා දී තිබුණේ නැහැ. උදාහරණයක් වශයෙන් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආදී ආයතන මගින් බැඳුම්කර නිකුත් කිරීමටයි එම තීරණ ගෙන තිබුණේ. මා එම මුදල් මණ්ඩලයේ තීරණ සභාගත කරනවා.
එසේ නම් සිදු වී ඇත්තේ කුමක්ද? මුදල් මණ්ඩල තීරණයක් නොමැතිව, විනිවිදභාවයකින් තොරව තමන්ට රිසි පරිදි පොලී අනුපාතයන් තීරණය කොට තමන්ට අභිමත ප්‍රාථමික ගැනුම්කරුවන් වෙත ලබා දීමේ ක්‍රමවේදයක් දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. මෙය අවභාවිතයන් ගණනාවකට හේතු වුණා. 2015 වසරේ අප මෙම රජය බාර ගන්නා තෙක් ක්‍රියාත්මක වූ ක්‍රමය පිරමීඩ වංචාවකට සමානයි. ඇත්ත වශයෙන්ම විශාලම පිරමීඩ වංචාව මෙයයි. මේ ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය හා පොලිය ආපසු ගෙවීමට අපේ ආර්ථිකයට ශක්තියක් කරන්නට අපි 2025 දැක්ම ඉදිරියට ගෙන යනවා. මෙම ණය බර පැටවෙන්නේ මේ රටේ ජනතාවටයි.
දැනට ක්‍රියාත්මක වෙන බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008 – 2014 කාලය තුළ සිදු කර ඇති මේ මහා වංචාව පිළිබඳව සෙවීමට අපබලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට නොදන්වා ලබාගත් ණය හා නිකුත් කළ බැදුම්කර පිළිබඳව පරීක්‍ෂා කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ අවධානය යොමුකරවීමට අප බලාපොරොත්තු වෙනවා. එසේම, මෙම කාලය තුළ කොටස් වෙළෙදපොල තුළ සිදු වූ මහා වංචාවන් පිළිබදව ද සෙවීමට බලාපොරොත්තු වෙනවා.
මෙවැනි වංචනික ක්‍රමවේදයක් වෙනුවට විනිවිද පෙනෙන, විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බව අප කාගේත් පිළිගැනීමයි. ඒ නිසයි අපි විවෘත වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කළේ.මීට කලිනුත් විවෘත වෙන්දේසි සීමිත අවස්ථා කීපයකදී ක්‍රියාත්මක කර තියෙනවා. නමුත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට වඩා විධිමත් හා විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සැකසීම අපේ අපේක්‍ෂාව වුණා. ඒනිසා වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කරන අතරතුරම එය වඩාත් විධිමත් කරලීම උදෙසා ජාත්‍යන්තර විශේෂඥ උපදෙස් ලබා ගැනීමට අප ක්‍රියා කළා. එක්සත් ජනපද භාණ්ඩාගාර විශේෂඥයෙක් අපට ඒ සඳහා සහය වෙනවා.
අප රජය දැනට ශක්තිමත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කොට තිබෙනවා. ඉදිරියේදී සෑම දෙනාටම එහි ප්‍රතිලාභ හිමි වෙනවා. අපි 2015 වසරේ රජය බාර ගන්නා විට ආර්ථිකය ස්ථාවර මට්ටමක තිබුණේ නැහැ. නමුත් දැන් අපි යම් ස්ථාවරත්වයක් ගොඩනංවා තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘති සඳහා පුද්ගලික ආයෝජන ලබාගැනීමේ ශක්තිය අද අපට ලැබී තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘති සඳහා දිරිගැන්වීම්
රාශියක් ලබාදී තිබෙනවා. අයවැය මගින් ව්‍යාපාර වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළවල් අප යෝජනා කර තිබෙනවා. මහනුවර සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා විහිදුණු කර්මාන්ත හා සංචාරක සංවර්ධනකලාප තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, නව රැකියා බිහි කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. GSP + සහනය ලැබීම හරහා දේශීය ව්‍යවසායකයන්ට වැඩි වශයෙන් විදේශ විනිමය ඉපැයීමට අවස්ථාව උදා වී තිබෙනවා. මෙසේ අපනයන වැඩි වීම හේතුවෙන් ආදායම වැඩි වෙනවා. මේ අනුව 2025 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සීඝ්‍රයෙන් වැඩි වීම නිසා ණය හා දළ දේශීය නිෂ්පාදිතයඅතර අනුපාතය අඩු වෙනවා. ඒ නිසා අපට මෙම ණය බර ගෙවීමට හැකි වෙනවා.
අප හැම විටම කටයුතු කළේ පාර්ලිමේන්තුවේ මුල්‍ය පාලනය ශක්තිමත් කරලීම උදෙසායි. රටේ මුල්‍ය තත්වය වාර්තාව මම පාර්ලිමේන්තුවට වාර්තා කර තියෙනවා. මුල්‍ය පාලනය පිළිබඳ ගරු මන්ත්‍රීවරු විමසූ අවස්ථාවන්හිදී ඒ සියල්ලට මේ පාර්ලිමේන්තුවේ පිළිතුරු ලබා දී තියෙනවා. අද මම මේ ප්‍රකාශය කරන්නේත් ඒ ප්‍රතිපත්තියම අනුගමනය කරමින්.
අප රජය බලයට පත්වූ පසු බැඳුම්කර නිකුත් කිරීමට විනිවිඳභාවයෙන් යුතු ක්‍රමවේදයක් ඇති කළා. ඒ නිසා සෑම දෙයක්ම අපට පරීක්‍ෂා කරන්න පුලූවන්. ඒ නිසා බැඳුම්කර වංචාවක් පිළිබඳව චෝදනාවක් එල්ල වූ විගසම එය පරීක්‍ෂා කිරීමට ක්‍රමවේදයක් තිබුණා. අප විසින් පිටිපන කමිටුව පත් කළා. එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කළා. එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කළා. විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු සභාපතිත්වය දරණ කෝප් කමිටුව හරහා ඒ පිළිබඳව පරීක්‍ෂා කළා. කෝප් කමිටු වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් පසුව ඒවා නීතිපතිවරයා වෙත යොමු කළා. ඉන් නොනැවතී තවදුරටත් කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ද පත් කළා. එම කොමිසමේ වැඩ කටයුතුවලට අප රජයේ පූර්ණ සහාය ලබා දුන්නා. මා ඇතුලූ රජයේ අමාත්‍යවරුන් කමිටුව හමුවේ සාක්‍ෂි ලබා දුන්නා. ඉතිහාසයේ මේ ආකාරයට යම් සිද්ධියක් පිළිබඳව විමර්ශනය කිරීමක් සිදු වූයේ ප්‍රථම වතාවටයි. එවැනි තත්ත්වයක් කළින් තිබුණේ නැහැ. රාජපක්‍ෂ පාලන සමයේ මෙහෙම පරීක්‍ෂණ කළා නම් පරීක්‍ෂණ කරපු අයට යන්න වෙන්නේ ලසන්ත වික්‍රමතුංග යවපු පාරේ. අපියි මෙවැනි විනිවිදභාවයක් ඇති ක්‍රමවේදයක් ඇති කළේ.
මම හැමදාමත් කියන පරිදි, ජනාධිපතිතුමාත්, මමත් නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරලීම සඳහා කැපවී කටයුතු කරනවා. මෙය අපේ රටට අලූත් අත්දැකීමක්. සමහරුන්ට තේරුම් ගන්නට බැරි තරම් සංකීර්ණ ක්‍රියාවලියක්. අත්දැකීම ආගන්තුක නිසා අඩුපාඩු, වැරදීම් සිදු වෙන්නට පුළුවන්. ඒවා අපි සකස් කර ගනිමු. නමුත් රාජපක්‍ෂ රෙජීමයේ දී මෙන් වැරදි අඩුපාඩු සියල්ල පාපිස්සට යට කර, නීතියේ ආධිපත්‍යය පාගා දමන්නට අප සූදානම් නැහැ. සමාජ සාධාරණත්වය වලලා දමන්නට අප සූදානම් නැහැ. ජනවාරි 08 වනදා අප බාර ගත්තේ ණය උගුලකට හසු වුණු රටක්. නීතිය ක්‍රියාත්මක නොවුණු රටක්.
දූෂණයෙන් හා වංචාවෙන් පිරුණු රටක්. රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බිය වැද්දුණු රටක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මමත්, අපේ සම්මුතිවාදී රජයත් මේ තත්වය වෙනස් කරලීමේ මාර්ගයට අපේ රට අවතීර්ණ කර තියෙනවා. ඒ ගමන් මග කටුකයි. දුෂ්කරයි. බොරු වලවල්වල නොවැටී, මං මුලා නොවී, ඒ ගමන් මග ඉදිරියටම ගොස්, ශීලාචාර ආණ්ඩුවක්, සාධාරණ සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහිකරලීම සඳහා අප ඇපකැප වන බව අවසන් වශයෙන් සදහන් කරන්න කැමතියි.
පළාත් පාලන මැතිවරණ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට පෙත්සම් කරු එකඟ වුණා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකරතිබූ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට එකඟතාවය පළ කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින නඩුව සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මෙසේ මෙසේ පැවසුවා
''පක්ෂ නායක රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් පෙත්සම් කරු සමඟ දීර්ග සාකච්ඡාවක් පැවැත්වූවා.ඉන් පසුව යම් එකඟතාවයකට ආවා, ඒ අනුව අද පෙත්සම් කරු සහ මා වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගේ නියෝජිතයෙක් උසාවියට ගොස් මෙම නඩුව සමථයකට පත්ව තිබෙන බවත් නඩුව ඉල්ලා අස්කරගැනීමට උසාවියට දැනුම් දෙන්නට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එම පෙත්සමෑඉ තිබූ යම් යම් කරුණු පිළිබඳව සහනයක් ලබාදෙන්නට මම පොරොන්දු වුණා.''
මාගම්පුර වරායේ කිසිදු සේවකයකුගේ සේවය අහිමි කර නෑ....
හම්බන්තොට මාගම්පුර වරායේ කිසිදු සේවකයකුගේ සේවය අහිමි කර නැතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවා.
එහිදී මන්ත්‍රී දිනේෂ් ගුනවර්ධන මහතා සඳහන් කළේ, සේවකයන් 470ක් ඉවත්කිරීමට කටයුතු කර ඇති බවය.
මෙහිදී පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ, හම්බන්තොට වරායේ දිගටම සේවය කිරීමේ හැකියාව ඇති බවට ලිඛිතව ඔවුන් වෙත දන්වා ඇති බවත් රැකියා අහිමි කිරීමක් සිදුව නොමැති බවත් ය.
මෙහිදී අඳහස් දැක් වූ කම්කරු හා වෘත්තීය සමිති සඳතා අමාත්‍ය ඩබ්ලිව් .ඩී.ජේ සෙනවිරත්න මහතා කියා සිටියේ,මෙම ගැටළුව සකච්ඡා කිරීම සඳහා අදාළ පාර්ශව සහ සමාගමේ සභාපතිවරයා සාකච්ඡාවකට කැඳවා ඇති බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරිකාර් මහතා-
ආපදා නිසා හානියට පත් වූ අයට රුපියල් බිලියන 1.78ක් කොළොන්නාවට ගෙවා අවසන්. ගංවතුර ආධාර දුන්නෙත් මේ ආණ්ඩුව. අවශ්‍ය සහනාධාර දුන්නෙත් මේ රජය. වතුරට යටවෙලා අධාර නොලැබුණු අයට එම ආධාර ලබාදීමට කටයුතු කරනවා.කොළඹට පැය 24 වතුර දුන්නට කොළොන්නාවට දෙන්න බෑ. තවමත් පැය දෙකක් වතුර කපනවා. ඒ පිළිබඳව විරෝධය ප්‍රකාශ කරනවා.මේ අයවැය මඟින් මුදල් ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. පසුගිය මාස හතරේ දී තමයි ගොඩ වූ ඇළ මාර්ග හෑරුවේ. එයට බෝක්කු දාන්න ඕන කොළොන්නාව නගරය දියුණු කළ යුතුයි.අනවසර පදිංචි කරුවන් ප්‍රශ්නයක් මේගාපොලිෂ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. ඔප්පු නැති අයට සාධාරණව කටයුතු කරන්න ,ඒ ගැන අවධානය යොමු කරන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා-
ජල සම්පාදන මණ්ඩලය මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන්න යනවා. නතිනම් ජල බිල වැඩි වෙන්න පුළුවන්. බිලියන 200ක් පමණ ණය අරගෙන තියෙනවා.විශාල මූල්‍ය අනතුරක් ළඟ ආයතනය තිබෙන්නේ.මෙය ඇති කළ අර්බුදයක් ඒ සඳහා ජනතාවට මුහුණ දෙන්න සිදු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා-
මේගාපොලිෂ් බිහි වුණේ නාගරිකකරණය නිසා ඇති වූගැටළු වලට ඉහළ මට්ටමේ සාමූහික විසඳුම් ලබාදීමේ අරමුණින්.ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මාර්ග යටවෙලා, විදුලිය නතිවෙලා, නාගරික ජනතාව බලවත් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ.එදා පාර්ලිමේන්තුවත් යටවුණා. එදා පාතාලාය මර්ධනය කළා.
ගුණාත්මක පානීය ජලය ලබාදීම ඉලක්කයයි- ජල සැපයුම් කාර්යක්ෂම කිරීමට පියවර
ගුණාත්මක පානීය ජලය ලබාදීම ඉලක්කය බවත් ජල සැපයුම් සේවා කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බවත් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය
අඹතලේ වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ජල ගටළුවට විසඳුම් ලබාදෙන්නට හැකි වෙනවා. මඩකළපුව මහනගර සභාවට අපජල ව්‍යාපෘතිය සකස් කරලා, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට යාවා තිබෙනවා.
මේ රටේ ජනතාවගේ ජීවිතවලට කිට්ටු සේවාවන් සළසන ජනතාව සතුටින් තියන අමාත්‍යාංශයක්. 2020 දී සුරක්ෂිත පානීය ජලය ලබාදෙන්න කටයුතු කරනවා. ගුණාත්මක පානීය ජලය ලබාදීම අපේ ඉලක්කයක්. ජල සැපයුම් සේවා කාර්යක්ෂම කරන්න කටයුතු කරනවා. දැනට ව්‍යාපෘති 62ක් ක්‍රියාත්මක වෙනවා. නව සනීපාරක්ෂක ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කරනවා. 2017 දී ව්‍යාපෘති හයක් අවසන් කිරීමට නියමිත බවද අමාත්‍යවරිය සඳහන් කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා-
පසුගිය කාලයේ පාතල ලෝකයක් තිබුණා.එදා ජනතාවට අවශ්‍ය සංවර්ධනයක් ලබාදෙන්න බරි වුණා. කොළඹ නගරයේ ජනතාව ඉවත් කරලා,බහු ජාතික සමාගම්වලට ලබාදීමට උත්සහ කළා.කොයි වෙලාවේ තමන්ගේ ඩමෙන් යන්න වෙයි ද කියලා කොළඹ ජනතාවට එදා බියක් තිබුණා. අද ඒ බිය නැතිවෙලා.
හදබිම අධිකාරිය මුළු රටම ආවරණය කරයි- ''හරිත සවිය'' නමින් විශේෂ කෘෂිකර්ම වැඩසටහනක් ක්‍රියාත්මයි
හදබිම අධිකාරිය මේ වනවිට මුළු රටම ආවරණය කර තිබෙන බවත් හරිත සවිය නමින් විශේෂ කෘෂිකර්ම වැඩසටහනක් ක්‍රියාත්ම කිරීමට නියමිත බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් පවසුවා.
අමාත්‍යාංශවලින් ආවරණය නොවනව්යාපෘති ක්‍රියාත්මක කිරීමත් ඵලදායි සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම අමාත්‍යාංශයේ වගකීමක්. අප රටක් ලෙස ප්‍රසස්ථ සංවර්ධන මට්ටමකට පමිණ නෑ.
රටේ සැම පළාත්ම සංවර්ධන වැඩසටහන් රැසක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙවැනි විශේෂ ව්යාපෘති සම්බන්ධීරණය කිරීම අප අමාත්‍යාංශයේ වගකීමක්. ත්‍රීකුණාමලය සංවර්ධන සැලසුම් අවසන් වෙමින් පවතිනවා. නගරබද සංචාරක කර්මාන්තය ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතිය. මුතූර් ආහාර සැකසුම් කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙනවා. කුච්චිවේලී,නිලාවේලී නීල හරිත සංවර්ධන ප්‍රදේශයක් ලෙස සංවර්ධනය වෙනවා.ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය කිරීම සිදුවනු ඇත.
රටට විදේශ ආයෝජන ලබාගත අයුතුයි මහා පරිමාන ව්‍යාපෘති ආරම්භ කළ යුතුයි. මහාපරිමාන ආයෝජන ආයෝජකයන්ට ආරාධනා කර තිබෙනවා. ත්‍රීකුණාමලයේ සංචාරක හෝටල් යොට් මරීනා සංචාරක වරායක් ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා. ඒ තුළින් රැකියා අවස්ථා බිහි වෙනවා.
මහාපරිමාණ ආයෝජන තුළින් රටට දැනෙන කාර්යභාරයක් කිරීම අරමුණයි. මධ්‍යම පරිමාණ ව්‍යවසායකන් වෙත ණය යෝජනා ක්‍රමය ,ව්‍යවසායකත්ව සමඟ ශ්‍රී ලංකාවක් සමඟ සම්බන්ධ කරගනිමින් කර්මාන්ත දියුණු කිරීමට,නිවාස සංවර්ධන දියුණු කිරීමට අවස්ථා සලසනු ඇත.
සංචාරක ස්ථාන ආශ්‍රිත පොදු වෙළඳ සැල් ,භෝජනාගාර, ආදී ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරනු ඇත.ආරක්ෂිත පාලම් සඳහා ප්‍රතිපාදන අප අමාත්‍යාංශයට ලබාදෙන්න.හදබිම අධිකාරිය මුළු රටම ආවරණය කර තිබෙනවා. ජාතික ආහාර සංග්‍රාමයට වැඩසටහන් ක්‍රියාත්මකයි පැල ලක්ෂයක් බෙදා දෙනව. හරිත සවිය නමින් විශේෂ කෘෂිකර්ම වැඩසටහනක් ක්‍රියාත්ම කිරීමට නියමිතයි. මෙය ඉදිරි වර්ෂ තුන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගොවි පවුල් නගා සිටුවීමට වැඩසටහන් ක්‍රියාත්මකයි.දිස්ත්‍රික් නවයක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.ජාතික මට්ටමේ සැලසුම් සම්බන්ධීකරණය කරමින් විශාල
ව්‍යාපෘති සිදු කෙරෙනවා.
යකඩ සපත්තුවට යට නොවන සංවර්ධනයක් - විධිමත් ජතික බහුතික සැලසුමක් රටට හඳුන්වා දෙනවා
යකඩ සපත්තුවෙන් සංවර්ධනය නොකරන බවත් විධිමත් ජතික බහුතික සැලසුමක් රටට හඳුන්වාදීමට නියමිත බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
ව්‍යාපෘති 500ක් නිසි පරිසර ඇගයීම කරලා, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට් ආනුකූලව ක්‍රියාත්මකකරලා, මහා භාණ්ඩාගාරයට බරක් නොවී ශක්තියක් වීමට කටයුතු කළා.2014 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය 14.9%යි.අවිචාරිමත් ඉදිකිරීම් ක්‍රියාවලියක් වෙනුවට විධිමත් ඉදිකිරීමේ ක්‍රියාවලියක් සහිතව වැදගත් පියවරක් තබන්න් හැකි වුණා.
අපි විප්ලවීය පරිවර්ථනය නොවෙන්න, විදේශ ආයෝජන වැඩියෙන් ගලා එන්න හැකි වුණා.ණය බුබුලක් මඟින් එදා ඉදිකිරීම් සිදු වුණා. සෘජු ආයෝජන මඟින් මේ ආණ්ඩුව සංවර්ධ්නය කර ඉදිරියට යෑමට හැකි වුණා.
විධිමත් ජතික බහුතික සැලසුමක් රටට හඳුන්වාදීමට නියමිත බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. කොළඹ,ගම්පහ,දඹුල්ල, ත්‍රිකුණාමලය හඳුනාගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය සංකල්ප සැලැස්ම මේ දෙසැම්බර් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනව. අම්බලන්ගොඩ සිට තිස්සමහරාමය දක්වා, යාපන කිළිනොච්චි කොරිඩෝ හදුනාගෙන යටිතල ආයෝජ්න සිදු කරන්න හඳුනාගෙන තිබෙනවා.
මහනගර සැලසුමට මහාපරිමාණයෙන් ආයෝජනය කරන්න හැකියාවක් නෑ. කොමිස් ගනනේ නෑ. අනාගතපරපුර ණය බර ඇතිකරන ව්‍යාපෘතියක් නොවේ අනාගත පරපුර ශක්තිමත් කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ. රටට අලුත් ආදර්ශයක් අප හඳුන්ව දී තිබෙනවා. පෞද්ගලික හා රාජ්‍ය අංශයත් එකතු කරලා දැවැන්ත ව්‍යාපෘතිඉදිරියට ගෙන යෑම සිදු කරනවා.බ්ලූමැන්ඩල් ප්‍රදේශය ලබන වසරේ විධිමත් සංවර්ධනය කරනවා.මීතොට මුල්ල කසළ කන්ද සංවර්ධනය කරනවා. එක් කොටසක නාගරික උද්‍යානයක් සකස් කරනවා. අප යකඩ සපත්තුවෙන් සංවර්ධනය කරන්නේ නෑ. කොළඹ ඉඩම් කුණුකොල්ලයට දීපූ රාජපක්ෂලා නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් ගැන කතා කරනවා. මූල්‍යමය අතින් ශක්තිමත් තැනකට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන්න හැකි වුණා.නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංචිතය අප ශක්තිමත් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය
ඇමතිවරයාට හා මන්ත්‍රීවරයට මුලසුනෙන් අවවාද...
පාර්ලිමේන්තුවේ ගෞරවට රැකෙන ලෙස කතා කරන්න.විෂයට අදාළව කතාකරන්න. වැදගත් විදියට කතා කරනන් යැයි මුලාශනයේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාට හා අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට නියෝග කළේ ය.
කල්මුනේ,සමන්තුරේ ඇතුළු නගර සංවර්ධනයට යෝජනාවක්- ජල සම්පාදන මණ්ඩලයේ වැටුප් සංශෝධනයට කමිටුවක්
2030 තිරසර ඉලක්ක සාක්ෂාත් කරගැනීමට විශාල වගකීමක් පැවරී තිබෙන බවත් කල්මුනේ,සමන්තුරේ ඇතුළු නගර සංවර්ධනයට විශාල සංවර්ධන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයට එක්වෙමින් සඳහන් කළා.
අත්තනගල්ල ව්‍යාපෘතිය ගැන විවේචනය කළා. මේ ව්‍යාපෘතිය ජනගහනය තුන් ලක්ෂයකට පළමු අධියර ටටතේ දෙවැනි අදියර දී ලක්ෂයකට පානීය ජලය ලබදෙන ව්‍යාපෘතියක්. රටේ දියත් කරන විශාල ව්‍යාපෘතියක්.
අපේ ණය බරතාවය ගැන කිව්වා.මේ පිළිබඳව අප දැරීමට තියෙන බර අඩු කිරීමට භාණ්ඩාගාරය එකඟ වී තිබෙනවා. මිල සංශෝධනය අප ප්‍රමාද කර තිබෙනවා, එය කෙතරම් පාඩු වුවත්. පොළොන්නරුව නැඟෙනහිර පානීය ජල යෝජනා ක්‍රමය දැඩි ලෙස වකුගඩු රෝගයට ගොදුරු වූ ප්‍රදේශ ආවරණය කරන්නේ.වකුගඩු රෝගීන් සිටින ප්‍රදේශවල ජල ව්‍යාපෘති වසර 2020 අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. 2030 තිරසර ඉලක්ක සාක්ෂාත් කරගැනීමට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ වැටුප් සංශෝධනයට කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යනය කර නිර්දේශ ලබාදෙවී.වැටුප් ප්‍රශ්නයක් තිබෙනවා.
අපේ අමාත්‍යාංශය තුළින් කල්මුනේ,සමන්තුරේ ඇතුළු නගර සංවර්ධනයට යෝජනාවක් ලබාදී තිබෙනවා. දැනටමත් සැලසුම අනුව විශාල සංවර්ධන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න යෝජනා කර තිබෙනවා. පොතුවිල්වලට අවශ්‍ය පානීය ජලය හා කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලාය් ලබදීමට අවශ්‍ය කටයුතුකරමින් පවතිනවා. වාලච්චේන ජල සම්පදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
ප්‍රභාත් රත්නායක
පාර්ලිමේන්තුවේ සිට...