2020 වසර වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
මානව හිමිකම් කොමිෂන් සභාව අනාගතයේ දී ඉතාමත්ම දැඩි ලෙස ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යනවා- ආචාර්ය දීපිකා උඩගම
කිලිනොච්චිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (28) දින පැවැති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීවෙමින් කළ කතාව.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් 2018 මැයි මස 24 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.
වාර්තා නාට්‍ය එළිදැක්වීමේ උළෙල අද (24) දින පස්වරු 3.00 ට කොළඹ 05, පොල්හේන්ගොඩ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ දෙවන මහළ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
තමන් මුදල් ඇමැති ලෙස පත් වී ගත වූ වර්ෂය තුළ රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්කර දීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඥාති - ගජ - මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ මුළු රට තුළ ම සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන් ද රට හුදෙකලා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට නැවත වාරයක් ''විපත් මග'' ට ඇද දැමීමේ මහත් උත්සහයක නිරත වන බව පෙනේ.
වාර්ෂිකව සංවිධානය කරන ජාතික රණවිරු සැමරුම පවත්වන අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ සමරු උළෙල රජයක් විදියට පසුගිය අවුරුදු නවයක් තිස්සේ මේලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් අපේ ආරක්ෂක සේවාවන් විසින් පරාජය කිරීමෙන් පසුව 2009 මැයි මාසයේ 18 වනදායින් පසුව සෑම වසරකම පවත්වා තිබෙනවා.
කෑගල්ල, අරණායක සාමසර කන්ද නාය ගොස් අදට ( මැයි 17) දිනට වසර දෙකක් සැපිරෙයි. ජීවිත හා දේපළ රැසක් විනශ කරමින් 2016 වසරේ සිදු වූ ස්වාභාවික ව්‍යවසනයන්ගෙන් සමාජය ම සංවේදී වූ ස්වාභාවික ව්‍යවසනයක් ලෙස සාමසර කන්ද නාය යෑම හඳුන්වා දිය හැකිය.
2020 දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මත පළ කරන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීම හාස්‍යයට කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි.
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 17 වැනි වාර්ෂික සමුළුවේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා කළ කථාව
අප රාජ්‍යයක් ලෙස නැඟී සිටිමින්,ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේ දී අපගේ උරුමයන් මෙන් ම, දේශීයත්වය අපේ මහා සංස්කෘතිය,අපේ ඌරුව ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නගා සිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.
ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදි ඇත. මෙවර තේමාව වන්නේ මහජනතාව දැනුම්වත් කිරිම හා තැලසීමියා රෝග වාහකයින් හඳුනා ගෙන තැලසීමියා රෝගින් අතරසිදු වන විවාහ වළක්වා ගැනිමයි.
ගැසට් නිවේදනයේ සඳහන් කරන්නේ රජයේ නිවාඩු හා බැංකු නිවාඩු පමණයි
පුද්ගලික අංශයේ නිවාඩු ගැසට් නිවේදනයේ කිසිම වර්ෂයක දී සඳහන් කර නෑ
පුද්ගලික අංශයේ නිවාඩු හෝ වෙළෙඳ නිවාඩු තීරණය කර චක්‍රලේඛයක් නිකුත්කරන්නේ කම්කරු අමාත්‍යාංශයෙන්
ලෝක කම්කරු දිනය යෙදී තිබුණු මැයි 01 දා නිවාඩු දිනය මැයි 07 වැනිදා ට වෙනස් කිරීමේ ගැසට් නිවේදනයේ එදින පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙස සඳහන් නොකිරීමෙන් ගැටලුවක් මතුව ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම කරුණු නිවැරදිව නොදැන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික වෙසක් කලාපය ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය අරලියගහ මන්දිරයේදී අප්‍රේල් 29 වන දින සිට මැයි මස 02 වන දින දක්වා පැවැත්වේ.