මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය සුබ මොහොතින් ඇරඹේ...

    ජූලි 23, 2018

    21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියෙහි  කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජ රටට – කඳුරට එක් කරන මොරගහකන්ද – කළුගඟ උමං  මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම අද (23) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    මීටර් 845ක් දිග මොරගහකන්ද මහා වේල්ලේ කෙළවර මහ කළු ගලේ නෙළන ලද අඩි 27 ක් උස අවුකන බුදු  පිළිමයේ අනුරුව වන්දනාමානය සඳහා නිරාවරණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    එමෙන්ම මොරාගහකන්ද ජලාශය ''කුලසිංහ ජලාශය'' ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් නම්  කරනු ලැබීම සුවිශේෂී කටයුත්ත ද සිදු විය. ඒ මෙරටට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක‍්‍රම නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවාණන් සැමරීම පිණිසය.

    මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25 විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කෙරේ. මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට බහු කාර්ය ව්‍යාපෘතියකින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25ක් එක් කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

    මොරගහකන්ද – කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝ මීටර් 9 ක් දිග උමග සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් ද සුබ මොහොතින් ආරම්භ විය.මෙම ඇළ මාර්ගය මගින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්ත්පරයකට ඝන මීටර් 35ක් මොරගහකන්ද ජලාශයට ගමන් කරයි. මෙම උමගේ පළල අඩි 25 ක් වන අතර, ඇලේ පළල අඩි 25 කි. එය මාස 36 කදී ඉදිකිරීමට අපේක්ෂිත අතර මෙහි සියලු සැලැසුම් පරිසර හිතකාමී අයුරින් නිර්මාණය වීම විශේෂත්වයකි.

    මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වේ. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ  248කි. එනම් අක්කර අඩිවලින් 200,880 කි. මෙම ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර උස  මීටර් 68කි. වේල්ලේ මුදුණත පළල මීටර් 8ක් වේ. මෙහි අනෙකුත් සැඳලි වේල්ල ජලාශයට දකුණු පස ඉදිවන  අතර එහි දිග මීටර් 28ක් වන අතර උස මීටර් 719කි. ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කි.මි 128 ක් වන අතර ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.

    කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය  සැපයෙන අතර, පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2,000ක පමණ  ප‍්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපැයීමෙන් අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද  ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya