අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුවේ තුරුණු දිරියෙන් තවත් තරුණයෙකුට දිරිය

    ජූනි 20, 2018

    ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය-

    ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමයේ තවත් ණය ප‍්‍රදානයක් මන්නාරම පේසාලේ ප‍්‍රදේශයේ තරුණ කේෂාලංකරණ ශිල්පියෙකු වන ජී. ලෙස්ලි මහතාට පසුගිය දා පිරිනමන ලදී.

    ජාතික වෘත්තිය කුසලතාව සහිත ඩිප්ලෝමාධාරියෙකු වන ලෙස්ලි මහතා ස්වයං ව්‍යාපාරයක් ලෙස සැලොන් ආයතනයක් පවත්වාගෙන යන දිරිය තරුණ ව්‍යවසායකයෙකි.

    තම පාසල් අධ්‍යාපනය නිමාවත් සමගම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ ආයතනය (NAITA) හරහා රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රය පිළිබඳව හදාරන මෙම දිරිය තරුණයා ඉන් පසුව තමාගේම ව්‍යාපාරයක් ලෙස සැලොන් ආයතනයක් පවත්වාගෙන යන අතරම ක්‍ෂේත‍්‍රය පිළිබඳව වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදුකර ඇත. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දිස්ත‍්‍රික් නිලධාරීතුමියගේ සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යවසාය සංවර්ධන නිලධාරීන්ගේ උපදෙස් මත ණය මුදල ලබා ගැනීම සදහා තමා විසින්ම සකස්කරගත් ව්‍යාපාරික සැළැස්මක් ඔහු ඉදිරිපත් කර තිබිණි.

    තම දැනුම සහ ලැබුණු ණය මුදල යොදා තම සැලෝන් ආයතනය සියළුම රූපලාවන්‍ය කටයුතු සිදුකරන රූපලාවන්‍යාගාරයක් බවට පත් කිරීමටත් දැනට දෙදෙනෙකු පමණක් හිමිව ඇති රැුකියා අවස්ථාවන් තවත් කිහිප දෙනෙකුට ලබා දීමටත් ඔහු බලාපොරොත්තු වේ.

    හෙට ලොව දිනන්න සිහින දකින දිරිය යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත මෙම තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වේ. තම හැකියාවෙන් තමාගේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකය ද සරු කරවන ලෙස්ලි මහතා පිළිබඳ මෙම සටහන දිවයින පුරා සිටින යොවුන් ව්‍යාපාරිකයන්ට මනා පූර්වාදර්ශයකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya