2024 වර්ෂයේ මහ කන්නයට අදාළ පොහොර සහනාධාරය ලබා දීම පසුගිය ඔක්තෝම්බර් මස 14 වැනිදා ආරම්භ කළ බවත් දිස්ත්‍රික්ක 22ක ගොවින් එක්ලක්ෂ නවදහසක් වෙනුවෙන් රුපියන් මිලියන 1292ක් ලබා දී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉන් ගොවින් 19,900ක් සිටින අම්පාර දිස්ත්‍රික්කයට මිලියන 291ක් වැඩිම වූ මුදල දී ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
පළමු අදියරේදි හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 15,000ක් ද දෙවන අදියර සඳහා රුපියල් 10,000ක් ලබා දිමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා, පළමු අදියරේදී සහනාධාරය ලබා දිම සිදුවන්නේ කුඹුරේ ප්‍රථම සී සෑම අවසන් කර ඒ බව දැන්වූ වහාම බවද පෙන්වා දුන්නේය.
පොළොන්නරුවේ ගොවීන් සඳහා කඩිනමින් පොහොර සහනාධාර ලබාදීම සිදු වන බවත් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ගොවී ජනතාවගෙන් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටීයේය.