අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ” - පාඨලී චම්පික රණවක

    ජූලි 14, 2018

    අද අපේ ආදර්ශය වෙන්න  ඕන පිදෙස් කැස්ත්‍රෝ හරි චේගුවෙරා නෙමෙයි. අද ආදර්ශය වෙන්න  ඕන මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජි. ඒ තමයි අපිට තියෙන යුගය. අලි බාබා හදපු ජැක්, ගුගල්,ෆේස්බුක් හරි, බයි ඩූ, මේ අය කවුරුවත් දැවැන්ත ප‍්‍රාග්ධනයක් එක්ක මේ වෙළඳ පොළට ඇතුළු වුනු අය නෙමෙයි. තමන්ගේ නවෝත්පාදන ක්‍රියාවලිය හරහාම මේකට ඇතුල් වෙලා ලෝකය වෙනස් කරපු අය.  මෙහි තියෙන සීමා මායිම් අත්‍යන්තයි.

     

    අමාත්‍ය වරයා මේ අදහස් පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සිවිල් සංවිධාන එකතුව එක්ව සංවිධානය කළ “මානව අයිතීන් සුරැකෙන සංවර්ධන උපාය මාර්ග” යන මැයෙන් මහජන මන්ත‍්‍රණ සභාවක් පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවැත්වූ අවස්ථාවේදීය...

    තවද, “අද ලංකාවේ මේ කවුරුත් අමතක කලාට ඇප් හදන කට්ටිය, රබර් සහ පොල් වලට වඩා අපනයන ආදායමක් ගේනවා. අපි මේක උස්සන්න ඕන තේ, පොල්, රබර් වලට වඩා වැඩියෙන්. මේක උස්සන්න නම් මේකට අවශ්‍ය යටිතල පහසුකම් හදන්න  ඕන. ඒකට අවශ්‍ය ඒ වැඩසටහන හදන්න  ඕන. ඒකට තමයි මහරගම අපි තාක්ෂණ පීඨය ඇති කලේ. ශිෂ්‍යයන්ගේ අයිතීන් ගැන කතා කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තමයි මේවට විරුද්ධව පෙළපාලි යන්නේ.

    අවුරුදු 10කට කලින් අපි කවුරුවත් හිතුවේ නැහැ කර්තෘවරු නැති පත්තරයක් තියෙනවා කියලා. අද ඒක තියෙනවා. ඒක තමයි ෆේස් බුක්. අපි කවුරුත් අවුරුදු 10 කට කලින් හිතුවේ නැ ඉස්කෝල පන්ති කාමරයක් තියෙනවා කියලා ගුරුවරු නැති, පුස්තකාල නැති, විද්‍යාගාර නැති, අද ඒක තියෙනවා. ඔන් ලයින් ස්කූලින්, දැන් මේක ඔන් ලයින් ෆැක්ටරිස් බවටපියවරෙන් පියවර යනවා. තව අවුරුදු 10 කින් අපි වැඩිහිටියෝ වෙලා,වයසට ගිහිල්ලා, මේ රට ලෝකේ සම්පූර්ණ වෙනස් එකක්. මේකට අපි ඇතුල් වෙන්න  ඕනා.” යැයිද අමාත්‍යවරයා  පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya