ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    රටේ බදු ආදායම් ක්‍රමවත්ව එකතු කර කළමනාකරණය කරනවා නම් පොදු මහජනතාවට වැදගත් සේවයක් ලබාදෙන අතරේ රටේ සංවර්ධනය නොකඩවා ඉදිරියට ගෙනියාමේ හැකියාව ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

    මානව හිමිකම් ක‍්‍රියාකාරීන් ඇතුළුව මහජනයාට සිදුවන විවිධ හිරිහැර හා නීති විරෝධී කටයුතු සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණයවීම් වලට ගොදුරු වූ අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබදව නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් කලින් කලට මහජනයා දැනුවත් කිරීම සිදුකෙරේ.

    සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමට කිසිවෙකුටත් වුවමනාවක් නොමැති බවත් එහෙත් මේ අංශ පිළිබඳව අධීක්‍ෂණය කරන, ක්‍රියා කරන මාර්ගයක් තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සමාජ මාධ්‍ය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ විවිධ ස්ථරවල සාකච්ඡාවට ලක්ව තිබේ.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධනයකට අනුව, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මැතිතුමා එක්දින සංචාරයක් සඳහා 2018 මාර්තු මස 14 දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතය.

    ඉන්දියාවේ නවදිල්ලිනුවරදී හෙට (11) ආරම්භවීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (10) පස්වරුවේ නවදිල්ලිනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එරටට ළඟාවිය.

    අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

    බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.

    රට තුළ ගොඩනැගිය යුතු ජාතික සමගිය, සංහිදියාව,විශ්වාසය, මිත‍්‍රත්වය ජාතීන් අතර ගොඩනැගීම සඳහා රජය විදියට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියයි .

    සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් රජයක් වශයෙන් අප තරයේ හෙළා දකින බවත් වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීතිවිරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ජාතිවාදය මතින් තම අරමුණු ඉටුකරගැනීමට මාන බලන දේශද්‍රෝහීන්ගේ ගොදුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අතුරුදන්වූවන් සඳහා බාධා නොමැති ගමනක්...

    ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙන මෙම රජය මෙරට ජනතාවට දුන් වැදගත් පොරොන්දුවකට ප‍්‍රාණය දුන් මේ මොහොත දැකබලා ගැනීමට අපි වාසනාවන්ත වෙමු. අතුරුදන්වූවන් සඳහා වූ කාර්යාල පනත වසර 2016 අගෝස්තු මාසයේ දී සම්මත වූ අතර එහි රාජකාරී කටයුතු කරගෙන යාමට හා පරීක්ෂණ ඉක්මනින් ආරම්භ කිරීම සඳහා පෙබරවාරි 27 වැනි දින සත් පුද්ගල කොමිෂන් සභාවක් ප‍්‍රකාශයට පත්කරන ලදී.

    ගෝත්‍රික මත පරදා නවීන ලොව ජය ගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතින් අතර ගැටුම් නිර්මාණය කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහිවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සංවත්සර පුෂ්පෝපහාර උළෙළ අදයි.

     

    මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374දී

    අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී කෝට්ටේ ශ්‍රී කාල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අදහස් කිහිපයක් පහත සඳහන් වේ.

    ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්ව වසර 70ක් සම්පූර්ණවීම සමරන අභිමානවත් 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ලෝක නායකයින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත සිය උණුසුම් සුබපැතුම් පළකරති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya