අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හරිත සතිය - Green Week - 2018

    මාර්තු 26, 2018
    ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍යංශය, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ජර්මනියේ Deutsche Gesellschaft fur Internationale Zusammenarbeit GIZ & GmbH එක්ව සංවිධානය කරන ලද හරිත බලශක්ති ශූරයා 2017 තරඟාවලියට ඉදිරිපත් වූ   හරිත ව්‍යාපෘතීන් අසුවක් (80) අතුරින්  හොඳම හරිත ව්‍යාපෘතිය ලෙස  ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් ඉදිරිපත් කළ “Government’s Renewable Energy and Energy Efficiency Networking Project” ව්‍යාපෘතිය තෝරා ගැණිනි. 
     
    එම ව්‍යාපෘතියේ විවිධ උප ව්‍යාපෘති වල ප්‍රායෝගික භාවිතයන් දියත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය හරිත සතියක් - Green Week අද සිට මාර්තු මස 29 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    මෙහි සමාරම්භක අවස්ථාව අද (26) උදෑසන  ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ආරම්භ වූ අතර ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ජර්මානු තානාපති  John Rohde මහතා සහභාගී විය. රාජ්‍ය පරිපාලන හා  ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ගරු ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා , විදුලි බල හා බලශක්ති පුනර්ජනනිය අමාත්‍යංශයේ ගරු ලේම් ආචාර්ය බී.එම්. එස්. බටගොඩ මහතා සහ  ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ගරු අධ්‍යක්ෂ ජනරාල්  වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     බලශක්ති අරපිරිමැස්ම, බලශක්ති සංරක්‍ෂණය, සූර්ය බලශක්තිය නිපදවීම හා භාවිතය, කසල කළමනාකරණය හා කසල මගින් බලශක්තිය නිපදවීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම,කාබනික පොහොර නිපදවීම හා එම කාබනික පොහොර භාවිතය තුලින් කාබනික වගාව දිරිමත් කිරීම,නාගරික පරිසරයක පිහිටි රජයේ ආයතනයක්  ලෙස පරිසර කළමනාකරණය තුලින් තිරසාර සංවර්ධනය සාක්‍ෂාත් කර ගැනීම සඳහා ආදර්ශයක් සැපයීම මෙම හරිත සතියේ ප්‍රධාන අරමුණු වෙයි.
     
    මෙම හරිත සතිය තුළ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනික පරිශ්‍රයේ විවිධ හරිත වැඩසටහන් හා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත. හරිත පාසැල් වැඩසටහන් මාර්තු 28 වන දින මෙම පරිශ්‍රයේදී කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ පාසැල්වල ළමුන්ගේ සහභාගීත්වයෙන් හරිත පාසැල් ව්‍යාපෘතිවල ආදර්ශයන් ප්‍රදර්ශනය කෙරේ.
     
    SLIDA හරිත සතියේ අවසන් දිනය වන මාර්තු 29 වන දින SLIDA කාර්යය මණ්ඩලය හා රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හරිත පා ගමන සංවිධානය කර ඇත. 
     
    මෙම SLIDA “හරිත පා ගමන” 2018.03.29 වන දින පෙ. ව. 8.00ට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් ගමන් ආරම්භ කර ටොරිංටන් අවට පරිශ්‍රය ආශ්‍රිතව ගමන් කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya