අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාවයි- ඇමැති මංගල සමරවීර

    පෙබරවාරි 27, 2018

    ගෝත්‍රික මත පරදා නවීන ලොව ජය ගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    රටක් දියුණවට පත් වීම යනු තරුණ පරපුර අධ්‍යාපනය අතින් ඉදිරියට ගමන් කිරීම බව හෙතෙම පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් රජය නිරත්නතරයෙන් කැපවන බව වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය විවෘත කිරීම සහ නව සිවු මහල් පංති කාමර ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමිනි.

    ‘‘කෘෂි කාර්මික, කාර්මික, තාක්ෂණික විප්ලව ගැන අපි අහල තියෙනවා. දැන් කතා කරන්නෙ ඩිජිටල් විප්ලවය ගැන. ඊට සරිලන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කෘතිම බුද්ධිය ගැන කතා කරන යුගයක් අප ඉදිරියේ තියෙන්නේ. 2030 වෙනකොට ගණකාධිකාරීවරුන්ගේ කටයුතු සම්පූර්ණයෙන් ම තාක්ෂණය විසින් භාර ගන්නවා. 2025 වෙද්දි රියදුරන් නැති වාහන බිහිවෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා.

    2014 අයවැයන් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරල තිබුණෙ රුපියල් බිලියන 196කට ටිකක් අඩුවෙන්. 2018 අයවැයෙන් අපි අධ්‍යාපන වෙනුවෙන් රුපියල් බිලියන 333ක් විතර වෙන් කරල තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අපි කටයුතු කරන්නේ ඒ ආකාරයට.

    මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳන්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya