ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

     

    ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පාරවිලයනය දිනය ලෙසින් නම් කොට තිබේ. එයට හේතුව වන්නේ ලෝකයට ලේ වර්ග හදුන්වාදුන් වෛද්‍ය
    ''කාල් ලැම්ස්ටේනර්'' ගේ ජන්ම දිනය පාදක කරගෙනයි.ඔහුට කරන්නා වු ගෞරවයක් වශයෙන් එදින යොදා ගෙන තිබේ.


    මෙවර (2018) ලෝක රුධිර පාරවිලයන දිනයේ තේමාව වන්නේ ''සෑමවිටම තවකෙනෙක් වෙනුවෙන් පෙනි සිටින්න'' (Be one there for someone else) යන්නයි.

    ලෝකයේ ස්වේච්ඡාවෙන් රුධිරය ලබා දෙන පරිත්‍යාගශිලින් සිටින රටවල් 53 ක් තිබෙන අතර ශ්‍රී ලංකාව ද ඊට අයත් වේ. රුධිර පාරවිලයන සේවාව හෙවත් ලේ බැංකුව 1950 පසුව ආරම්භ වන අතර එය ජනතාවට අතරට යන්නේ 1956 දි ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන් ඝාතන සිද්ධියත් සමඟය.එහිදි මුල්වරට ලේ පරිත්‍යාගශීලීන් හට විවෘත ආරාධනයක් කර ඇත්තේ එදාය. එදා සිට අද වනතුරු ලේ බැංකුව හා එහි සේවාව රට පුරා ව්‍යාප්තව තිබේ. මුල් කාලයේ ලේ බැංකුව ලෙස භාවිතාව තිබුණේ ජාතික රෝහලේ ශල්‍යාගාර ඒකකයට යාබද සීල් කළ කාමරයකි. එය දැන් තිබෙන ගොඩනැගිල්ලට ගෙන එන්නේ 1980 දීය.1967 දී ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ට රතු කාඩ්පත ලබා දිම ආරම්භ විය. එකල ලේ දන්දිම ජනප්‍රිය කිරිම සඳහා රුපියල් දහයක දීමනාවක් ලබා දි ඇති අතර එය 1979 දි නවත්වා තිබේ.


    ලේ දන්දිමේ ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට ඇති අතර කලාපිය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මාතර කඔූරුගමුවේ පිහිටා තිබේ. ඊට අමතරව ලංකාවේ ප්‍රධාන රෝහල් ඒකාබද්ධ කර පර්ෂද මුලස්ථාන 19ක් පිහිටා ඇත.ඊට අනුබද්ධව ලේ බැංකු 102 තිබෙන බව නාරාහේපිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ වෛද්‍ය දීපා සරණජීව මහත්මිය කියා  සිටියාය.

    රුධිරය දන්දීම සඳහා කෙ‍නකු කැමති වූ පමණින් එය පරිත්‍යාග කළ නොහැකිය. ඒ සඳහා සැපිරිය යුතු සුදුසුකම් කිහිපයක්ද වෙයි. රුධිරය පරිත්‍යාග කරන්නා වයස 18ත් 60ත් අතර නිරෝගී අයකු විය යුතුය. මෙහි නිරෝගී බව යනුවෙන් අදහස් කරන්නේ බර කිලෝග්‍රෑම් 55ක් පමණ වන බෝනොවන රෝගවලින් පෙළෙන තැනැත්තෙක්ය.

    දියවැඩියාව, අධිරැධිර පීඩනය, නරක කොලෙස්ටරෝල්, අක්මා වකුගඩු රෝග, හදවත් රෝග, පිළිකා, වැනි බෝනොවන රෝග මෙන්ම බෝවන මාරාන්තික රෝග ගැනද සොයා බැලීමක් සිදුකරනු ලබයි. එහිදී විශේෂයෙන්ම HIV, සිපිලීස්, හෙපටයිටීස් B සහ C, මැලේරියාව වැනි රෝග ගැන විශේෂ අවධානය යොමුකෙරේ. රුධිර හිමෝග්ලෝබින් ප්‍රමාණය සෑහෙන මට්ටමක තිබීමත්, මත්ද්‍රව්‍ය, කුඩු ආදියට ඇබ්බැහි වූවකු නොවීමත්, වැරදි ලිංගික සබඳතා නොපැවැත්වීමත් සුදුසුකම්ය. ගර්භනී අවස්ථාවේදී ද රුධිරය ලබා නොගන්නා බවත්. එසේ වුවද වයස අවරුදු 18 – 55 අතර නිරෝගි ඕනැම පුද්ගයෙකුට දවසේ ඕනෑම වෙලාවක ලේ පරිත්‍යාග කිරිමට හැකිබව වෛද්‍ය දීපා සරණජීව මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.


    සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ රතු රුධිරානුවලටය. රැධිර පට්ටිකා සහ ප්ලාස්මාවට ඇති ඉල්ලුම සාපේක්ෂව අඩුය. නමුත් රතු රුධිරානු සාමාන්‍ය තත්ත්වය යටතේ රැස්කර තබාගත හැකි උපරිම කාලය දින 35ත් 42ත් අතරය. මේ නිසා පරිත්‍යාග වශයෙන් ලැබෙන රුධිර පරිමාවෙන් සියයට 25ක් පමණ අපතේ යාමක් සිදුවන අතර ලේ පරිත්‍යාග ලබාගැනීම අඛණ්ඩව පවත්වාගන යාමට සිදුවේ.


    සාමාන්‍යයෙන් දුර්ලභ ලේ වර්ග ලෙස ගැනෙන O නෙගටිව්, B නෙගටිව් සහ AB නෙගටිව් වැනි ලේ වර්ග ඇති අය සිය ලේ පරිත්‍යාගයට යොමුවිම වඩා වැදගත් බව නාරාහේපිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂවරිය පවසයි. 2016 වසරේ රුධිර දායකයින් 4,14,000ක් තම රුධිරය ලබා දි ඇති අතර 2017 වර්ධනය එය 4,24,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලේ පරිත්‍යාග කඳවුරු සංවිධානය ගැන මෙන්ම ඔබට ඇති ළඟම ලේ බැංකුව ගැන තොරතුරු www.nbts.health.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. නැතිනම් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ 0112369931-4 යන දුරකතනවලින් සතියේ සේවා දිනවල  දැනගන්නට අවස්ථාව ලබා දී තිබේ.

    ''ආරෝග්‍යා පරමා ලාභා'' ලෙසින් බුදුන් වහන්සේ ධම්ම පදයේ දේශනා කර ඇත්තේ නිරෝගී බව ලොව ඇති උතුම් ලාභය බවයි. කොතරම් මිල මුදල් උපයා ගත්ත ද රෝගි විමෙන් තම ධනය හා සිතේ සහනය වියැකී යන බව එදා මෙන් ම අදටත් මතුවටත් සදා සදා සත්‍යයකි.

    2020 වසර වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    මානව හිමිකම් කොමිෂන් සභාව අනාගතයේ දී ඉතාමත්ම දැඩි ලෙස ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යනවා- ආචාර්ය දීපිකා උඩගම

    අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දිනය සමරමින් අද (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

    කිලිනොච්චිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (28) දින පැවැති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීවෙමින් කළ කතාව.

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් 2018 මැයි මස 24 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

    වාර්තා නාට්‍ය එළිදැක්වීමේ උළෙල අද (24) දින පස්වරු 3.00 ට කොළඹ 05, පොල්හේන්ගොඩ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ දෙවන මහළ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    තමන් මුදල් ඇමැති ලෙස පත් වී ගත වූ වර්ෂය තුළ රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්කර දීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඥාති - ගජ - මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ මුළු රට තුළ ම සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන් ද රට හුදෙකලා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට නැවත වාරයක් ''විපත් මග'' ට ඇද දැමීමේ මහත් උත්සහයක නිරත වන බව පෙනේ.

     වාර්ෂිකව සංවිධානය කරන ජාතික රණවිරු සැමරුම පවත්වන අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ සමරු උළෙල රජයක් විදියට පසුගිය අවුරුදු නවයක් තිස්සේ මේලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් අපේ ආරක්ෂක සේවාවන් විසින් පරාජය කිරීමෙන් පසුව 2009 මැයි මාසයේ 18 වනදායින් පසුව සෑම වසරකම පවත්වා තිබෙනවා.

    කෑගල්ල, අරණායක සාමසර කන්ද නාය ගොස් අදට ( මැයි 17) දිනට වසර දෙකක් සැපිරෙයි. ජීවිත හා දේපළ රැසක් විනශ කරමින් 2016 වසරේ සිදු වූ ස්වාභාවික ව්‍යවසනයන්ගෙන් සමාජය ම සංවේදී වූ ස්වාභාවික ව්‍යවසනයක් ලෙස සාමසර කන්ද නාය යෑම හඳුන්වා දිය හැකිය.

    2020 දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මත පළ කරන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීම හාස්‍යයට කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි. 

    දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 17 වැනි වාර්ෂික සමුළුවේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා කළ කථාව

    අප රාජ්‍යයක් ලෙස නැඟී සිටිමින්,ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේ දී අපගේ උරුමයන් මෙන් ම, දේශීයත්වය අපේ මහා සංස්කෘතිය,අපේ ඌරුව ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නගා සිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.

    ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදි ඇත. මෙවර තේමාව වන්නේ මහජනතාව දැනුම්වත් කිරිම හා තැලසීමියා රෝග වාහකයින් හඳුනා ගෙන තැලසීමියා රෝගින් අතරසිදු වන විවාහ වළක්වා ගැනිමයි.


     ගැසට් නිවේදනයේ සඳහන් කරන්නේ රජයේ නිවාඩු හා බැංකු නිවාඩු පමණයි
     පුද්ගලික අංශයේ නිවාඩු ගැසට් නිවේදනයේ කිසිම වර්ෂයක දී සඳහන් කර නෑ
     පුද්ගලික අංශයේ නිවාඩු හෝ වෙළෙඳ නිවාඩු තීරණය කර චක්‍රලේඛයක් නිකුත්කරන්නේ කම්කරු අමාත්‍යාංශයෙන්


    ලෝක කම්කරු දිනය යෙදී තිබුණු මැයි 01 දා නිවාඩු දිනය මැයි 07 වැනිදා ට වෙනස් කිරීමේ ගැසට් නිවේදනයේ එදින පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙස සඳහන් නොකිරීමෙන් ගැටලුවක් මතුව ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම කරුණු නිවැරදිව නොදැන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya