අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑමවිටම තවකෙනෙක් වෙනුවෙන් පෙනි සිටින්න -ලේ බිඳක් දන්දෙන්න - ජිවිතයක් රැක ගන්න

    ජූනි 14, 2018

     

    ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පාරවිලයනය දිනය ලෙසින් නම් කොට තිබේ. එයට හේතුව වන්නේ ලෝකයට ලේ වර්ග හදුන්වාදුන් වෛද්‍ය
    ''කාල් ලැම්ස්ටේනර්'' ගේ ජන්ම දිනය පාදක කරගෙනයි.ඔහුට කරන්නා වු ගෞරවයක් වශයෙන් එදින යොදා ගෙන තිබේ.


    මෙවර (2018) ලෝක රුධිර පාරවිලයන දිනයේ තේමාව වන්නේ ''සෑමවිටම තවකෙනෙක් වෙනුවෙන් පෙනි සිටින්න'' (Be one there for someone else) යන්නයි.

    ලෝකයේ ස්වේච්ඡාවෙන් රුධිරය ලබා දෙන පරිත්‍යාගශිලින් සිටින රටවල් 53 ක් තිබෙන අතර ශ්‍රී ලංකාව ද ඊට අයත් වේ. රුධිර පාරවිලයන සේවාව හෙවත් ලේ බැංකුව 1950 පසුව ආරම්භ වන අතර එය ජනතාවට අතරට යන්නේ 1956 දි ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන් ඝාතන සිද්ධියත් සමඟය.එහිදි මුල්වරට ලේ පරිත්‍යාගශීලීන් හට විවෘත ආරාධනයක් කර ඇත්තේ එදාය. එදා සිට අද වනතුරු ලේ බැංකුව හා එහි සේවාව රට පුරා ව්‍යාප්තව තිබේ. මුල් කාලයේ ලේ බැංකුව ලෙස භාවිතාව තිබුණේ ජාතික රෝහලේ ශල්‍යාගාර ඒකකයට යාබද සීල් කළ කාමරයකි. එය දැන් තිබෙන ගොඩනැගිල්ලට ගෙන එන්නේ 1980 දීය.1967 දී ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ට රතු කාඩ්පත ලබා දිම ආරම්භ විය. එකල ලේ දන්දිම ජනප්‍රිය කිරිම සඳහා රුපියල් දහයක දීමනාවක් ලබා දි ඇති අතර එය 1979 දි නවත්වා තිබේ.


    ලේ දන්දිමේ ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට ඇති අතර කලාපිය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මාතර කඔූරුගමුවේ පිහිටා තිබේ. ඊට අමතරව ලංකාවේ ප්‍රධාන රෝහල් ඒකාබද්ධ කර පර්ෂද මුලස්ථාන 19ක් පිහිටා ඇත.ඊට අනුබද්ධව ලේ බැංකු 102 තිබෙන බව නාරාහේපිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ වෛද්‍ය දීපා සරණජීව මහත්මිය කියා  සිටියාය.

    රුධිරය දන්දීම සඳහා කෙ‍නකු කැමති වූ පමණින් එය පරිත්‍යාග කළ නොහැකිය. ඒ සඳහා සැපිරිය යුතු සුදුසුකම් කිහිපයක්ද වෙයි. රුධිරය පරිත්‍යාග කරන්නා වයස 18ත් 60ත් අතර නිරෝගී අයකු විය යුතුය. මෙහි නිරෝගී බව යනුවෙන් අදහස් කරන්නේ බර කිලෝග්‍රෑම් 55ක් පමණ වන බෝනොවන රෝගවලින් පෙළෙන තැනැත්තෙක්ය.

    දියවැඩියාව, අධිරැධිර පීඩනය, නරක කොලෙස්ටරෝල්, අක්මා වකුගඩු රෝග, හදවත් රෝග, පිළිකා, වැනි බෝනොවන රෝග මෙන්ම බෝවන මාරාන්තික රෝග ගැනද සොයා බැලීමක් සිදුකරනු ලබයි. එහිදී විශේෂයෙන්ම HIV, සිපිලීස්, හෙපටයිටීස් B සහ C, මැලේරියාව වැනි රෝග ගැන විශේෂ අවධානය යොමුකෙරේ. රුධිර හිමෝග්ලෝබින් ප්‍රමාණය සෑහෙන මට්ටමක තිබීමත්, මත්ද්‍රව්‍ය, කුඩු ආදියට ඇබ්බැහි වූවකු නොවීමත්, වැරදි ලිංගික සබඳතා නොපැවැත්වීමත් සුදුසුකම්ය. ගර්භනී අවස්ථාවේදී ද රුධිරය ලබා නොගන්නා බවත්. එසේ වුවද වයස අවරුදු 18 – 55 අතර නිරෝගි ඕනැම පුද්ගයෙකුට දවසේ ඕනෑම වෙලාවක ලේ පරිත්‍යාග කිරිමට හැකිබව වෛද්‍ය දීපා සරණජීව මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.


    සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ රතු රුධිරානුවලටය. රැධිර පට්ටිකා සහ ප්ලාස්මාවට ඇති ඉල්ලුම සාපේක්ෂව අඩුය. නමුත් රතු රුධිරානු සාමාන්‍ය තත්ත්වය යටතේ රැස්කර තබාගත හැකි උපරිම කාලය දින 35ත් 42ත් අතරය. මේ නිසා පරිත්‍යාග වශයෙන් ලැබෙන රුධිර පරිමාවෙන් සියයට 25ක් පමණ අපතේ යාමක් සිදුවන අතර ලේ පරිත්‍යාග ලබාගැනීම අඛණ්ඩව පවත්වාගන යාමට සිදුවේ.


    සාමාන්‍යයෙන් දුර්ලභ ලේ වර්ග ලෙස ගැනෙන O නෙගටිව්, B නෙගටිව් සහ AB නෙගටිව් වැනි ලේ වර්ග ඇති අය සිය ලේ පරිත්‍යාගයට යොමුවිම වඩා වැදගත් බව නාරාහේපිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂවරිය පවසයි. 2016 වසරේ රුධිර දායකයින් 4,14,000ක් තම රුධිරය ලබා දි ඇති අතර 2017 වර්ධනය එය 4,24,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලේ පරිත්‍යාග කඳවුරු සංවිධානය ගැන මෙන්ම ඔබට ඇති ළඟම ලේ බැංකුව ගැන තොරතුරු www.nbts.health.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. නැතිනම් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ 0112369931-4 යන දුරකතනවලින් සතියේ සේවා දිනවල  දැනගන්නට අවස්ථාව ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya