අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමසර නය යෑමට වසර දෙකයි - කඳුළු අතරින් හිස එසවූ සාමසර ජන ජීවිතය- නිවාස අහිමි වූ ජනතාවට හිසට සෙවණක්...

    මැයි 17, 2018

    කෑගල්ල, අරණායක සාමසර කන්ද නාය ගොස් අදට ( මැයි 17) දිනට වසර දෙකක් සැපිරෙයි. ජීවිත හා දේපළ රැසක් විනශ කරමින් 2016 වසරේ සිදු වූ ස්වාභාවික ව්‍යවසනයන්ගෙන් සමාජය ම සංවේදී වූ ස්වාභාවික ව්‍යවසනයක් ලෙස සාමසර කන්ද නාය යෑම හඳුන්වා දිය හැකිය.

     

    සාමසර කන්ද නාය යෑමත් සමඟ, බලපෑමට ලක් වූ ප්‍රදේශවාසීන් තම දෛනික ජීවිතය පවත්වාගෙන යාමට නොහැකිව දුෂ්කරතාවයට පත්විය. තමන් මුළු ජීවිතකාලයම උපයා ගත් සියලු සම්පත් තත්පර කීපයකින් පස් යට සැඟව ගියේ ය.

    තමන්ගේ ආදරණීය නෑ හිතවතුන් බොහොමයක් පස් අතර නොපෙනී ගියේ ය. රටක් ලෙස මෙවැනි ඛේදවාචකයකට ලක්වන විට තම පුරවැසියා අත නොහැරි රජය, කෙටි කාලීන ,මධ්‍යකාලීන හා දීර්ග කාලීන සැලසුම් ඔස්සේ සහන සැලසීමට ක්‍රියා කළේ ය.

    විපතට පත් වූවන් ගලවා ගැනීමට ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සංවිධාන රැසක් පෙරමුණ ගෙන සිටි අතර රජය ඒ සඳහා අඛණ්ඩව මඟ පෙන්වීම සිදු කළේ ය.

    samasaraරජය කිසිදු ප්‍රමාදයකින් තොරව සහන ලබාදීමට ඉදිරිපත් විය.ජනතාවට අහිමි වූ නිවස ලබාදීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද රජය කටයුතු කළේ ය.නිවාස, ජලය, විදුලිය ආදී ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සළසා දීමට රජය කඩිනමින් මැදිහත් විය. නාය යෑම හේතුවෙන් පවුල් රැසකට සිය වාසස්ථාන අහිමි විය. 140කට ආසන්න මිනිස් ජීවිත රටට අහිමිය. අවතැන් කඳවුරු 23ක පුද්ගලයින් 4156ක් රඳවා සිටියහ. හනි වූ දේපළ වටිනාකම රුපියල් මිලියන 4000කට ආසන්නය.

    සියළු බලාපොරොත්තු සුන් වූ ජනතාව වෙත සිය වගකීමේ දෑත දිගු කළ රජය හිසට වහලක්, සුරක්ෂිත පරිසරයක් ලබාදීම වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කිරීම ආරම්භ කළේ ය. සාමරස කන්ද නායයෑමෙන් නිවාස දේපළ අහිමි වූ ජනතාව වෙනුවෙන් හිසට නිවහනක් ලබාදීම සඳහා රජය පෙරමුණ ගත්තේ ය.

    සාමසර කන්ද නාය යැමෙන් ඉක්බිති වසර දෙකකට පසුව,සාමසර කන්ද නය යෑමෙන් පීඩාවට පත් වූවන්ට අහිමි වූ මිනිස් ජීවිත හැර අනෙකුත් බොහෝ යටිතල පහසුකම් මේ වනවිට හිමිව තිබේ.මේ වනවිට අවතැන් කඳවුරුවල සිටි අපේම ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු සිදු කර තිබේ. රජය පූර්ණ මැදිහත්වීමෙන් ඔවුන්ගේ හිසට සේවණක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව 09කි. ඒ අනුව පුද්ගලයින් 1717 දෙනෙකුට හිසට සෙවනක් ලැබී තිබේ.ජලය, විදුලිය, මංමාවත් ඇතුළු සියලු යටිතල පහසුකම් සියල්ල මේ නිවාස සංකීර්ණ වෙත ලැබි තිබේ. චීන රජයේ ආධාර මත ඉදි කළ අරනායක,රුවන්දෙණිය තට්ටු නිවාස ක්‍රමය කෑගල්ලේ ඉදි කළ අංග සම්පූර්ණ ප්‍රථම තට්ටු නිවාස සංකීර්ණයයි.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එල්.ජේ.පී.ජී.චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අඳහස් දක්වමින් සඳහන් කළේ මෙවැන්නකි.

    ''ආසියාව තුළ මෙවැනි ව්‍යවසනයකින් පසු කඩිනමින් මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කළ පළමු අවසථාව බවයි පෞද්ගලික හැඟීම. ඇතැම් යටිතල පහසුකම් ලබාදෙන්නට තිබෙනවා.ඇතැම් සංවර්ධන කටයුතු වියදම් අධිකයි. ඒ සඳහා ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.මේ වසරේ අවසන් කළ හැකියි. ජලය ලබාදීමට වැඩ කටයුතු සකස් කර තිබෙනවා. අධි අවධානම් වී පැමිණි සියලු දෙනාම සහ නාය යෑම නිසා අවතැන් වූ සියලු දෙනම සාපේක්ෂවශයෙන් ඔවුන් සියාට වඩා පහසුකම් සහිතව සිටින බවයි මාගේ නිරීක්ෂණය.වඩා සුරක්ෂිත සහ පහසු ස්ථානවල ජීවිත් වෙනවා. තමන්ගේ භූමිය ආරක්ෂා කරගැනීම, කසල කළමනාකරණය වනි කටයුතු ජනතාව විසින් සිදු කර ගත යුතුයි. මෙම ජනතාවට සමූහ කර්මාන්ත ආරම්භ කරන්නට කැමැති නම් ඒ සඳහා ආධාර ලබාදීමට හැකි බවද කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ ය.

    අරණායක ප්‍රාදේශීය ලේකම් ෆයිසාල් මහතා මෙතෙක් සිදු කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙලෙස අඳහස් දැක්වූවා.

    ''නිවාස ව්‍යාපෘති රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විසින් සිදු කරනු ලැබුවා. එම ඉදිකිරීම් සිදු කළේ, රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ. නිවාස 31 දෙනෙකු අවශ්‍ය නැති බව ප්‍රකාශ කර තිබුනා. තවත් පවුල් 12 සම්පූර්ණයෙන් අතුරුදහන් වී තිබෙනවා. ඒ සියල්ල හැර පවුල් 521ක් සඳහා නිවසට නිවසක් යන මූලික අඳහස අනුව නිවාස ලබදී තිබෙනවා. අභ්‍යන්තර මාර්ග පද්ධතිය සියයට 80%ක් පමණ අවසන් වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට ලැබී තිබෙනවා. විදුලිය හා ජල පහසුකම් ලබාදී තිබෙනවා. මේ වසර අවසන් වන විට සියලු පාරවල් සම්පූර්ණයෙන් නිම කිරීමට හැකි වෙනවා. මේ වනවිට බොහොමයක් ගැටළු අවසන් කර තිබෙනවා.''


    ඒ අනුව,මේ වනවිට සමසර ජන ජීවිතය යථාතත්ත්වයට පත්වෙමින් තිබේ. තවදුරටත් අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම වෙනුවෙන් රජය අඛණ්ඩ සහාය ලබාදීමට ඉදිරිපත් වී සිටියි.

     

    ප්‍රභත් රත්නායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya