ඔක්තෝබර් 24, 2018

tamieng

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර විශ්වාසය දිනයි - ''ඒ'' ශ්‍රේණියට උසස් වෙයි

    මැයි 31, 2018

    මානව හිමිකම් කොමිෂන් සභාව අනාගතයේ දී ඉතාමත්ම දැඩි ලෙස ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යනවා- ආචාර්ය දීපිකා උඩගම

     

    ජාතික මානව හිමිකම් පිළිබඳ විශ්ව සංවිධානය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව '' ඒ'' ශ්‍රේණිය ලබා දීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (31) කොළඹ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මෙනවිය විසින් මෙලෙස අඳහස් දැක්වූවාය.......

     

    මුළු රටේම ජයග්‍රහනයක්.........

    මනව හිමිකම් කොමිෂන් සභාවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම, ඒ ශ්‍රේණිය දක්වා ඉහළ දමා තිබෙනවා. මෙය මානව හිමිකම් කොමිෂන් සභාවේ ජයග්‍රහණයක් පමණක් නොව, මුළු රටේම ජයග්‍රහනයක්. මෙම ශ්‍රේණිගත කිරීම, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සන්ශෝධනය සම්මත වී නොතිබුණා නම්,අපහසු කාර්යයක් වනවා කියලා ප්‍රත්‍යක්ෂයි.

     

    19 ව්‍යවස්ථාවේ ශක්තිය.......

    19 වනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහයෝගය ලබා දුන්නා. එහි ප්‍රථිඵල මෙසේ පෙන්නුම් කෙරෙනවා.

     


    ජාත්‍යන්තරය දිනාගැනීම.....

    ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම,යනුවෙන් හදුන්වන්නේ,මනව හිමිකම් කොමිෂන් සභාව දේශීය නීතිය යටතේ පිහිටවනු ලැබූ කොමිෂන් සභාවක් වුවත් දේශීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කරන,ආයතනයක් වුවත් ජත්‍යන්තර තලයේ ජාල ගත වීම,අතිශයින් ම වැදගත් වෙනවා. ලෝකයේ බොහෝ රටවල මානව හිමිකම් යාන්ත්‍රණ තිබෙනවා. මෙම යාන්ත්‍රණවල එකතුවක් තිබෙනවා, The Global Alliance for National Human Rights Institutions (GANHRI), කියන ජාත්‍යන්තර එකතුව.එය සන්ධානයක්. ජාත්‍යන්තර වශයෙන් එහි මිණුම් දඩු සකස් කර ඉදිරිපත් කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින්. මූලධර්මයන් ජාත්‍යන්තර පිළිගැනීමට ලක් කෙරෙන්නේ, විශේෂයෙන් දේශීය වශයෙන් පිහිටුවා තිබෙන මානව හිමිකම් යාන්ත්‍රණවලින් ජනතාවට සාධාරණ ආරක්ෂාවක් ලබාදීමට හැකියාව තිබෙනවා ද කියා බැලීමයි. මෙහිදී කොමිෂමකට තිබෙන ස්වාධීනත්වය, ප්‍රමාණවත් බලතල ලබා දී තිබීම, සහ ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා ලද මානව හිමිකම් ආරක්ෂා කිරීමේ හැකියාව තිබීම සළකා බැලෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2007 දී සහ 2009 දී ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට අයදුම්පත් ඉදිරිපත් කර තිබුණා.එහෙත් එම අවස්ථා දෙකේ දීම අපෝසත් වුණා, ස්වාධීනත්වය, පිළිබඳ ප්‍රශ්නයක් තිබීම නිසයි.විධායකය සෘජුවම තම අභිමතය පරිදි කොමසාරිස්වරුන් පත් කිරීම්,එවකට තිබූ විශාල දුර්වලතාවයක් ලෙස පෙන්නුම් කර තිබුණා. එසේම තුලනාත්මක ලෙස රටේ තිබෙන මානව හිමිකම් ප්‍රශ්න් අවිශේෂයෙන් ම අතුරුදහන් වීම් වැනි ඉතාමත් ම වැදගත් මානව හිමිකම් ප්‍රශ්න පිළිබඳ කටයුතු කිරීම පසුබට වීම කියන කාරණයත් ඉදිරිපත් කර තිබුණා.

     


    ස්වාධීනත්වය තහවුරු කිරීම.......

    මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා පත් කිරීමේ ක්‍රියාදාමයන් වැදගත් බව පෙන්නුම් කෙරෙනවා. අනෙක් කරුණ වන්නේ මනව හිමිකම් කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය,පෙන්නුම් කර තිබෙනවා, ස්වාධීනව ඕනෑම මානව හිමිකම් ප්‍රශ්නයක් පිළිබඳව පැකිලීමකින් තොරව මැදිහත්ව කටයුතු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපත් වී තිබෙනවා කියන කරුණ ''ඒ'' දක්වා ලබාගැනීමට. අප කිසිම කෙනෙකු දේශපාලන පත්වීම් පිළිගන්නා අය නොවෙයි. ඒ නිසයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතැන දී වැදගත් වෙන්නේ. ඒ පිළිබඳව ජනතාව අවබෝධ කරගත යුතු වෙනවා.

     

    මානව හිමිකම් කොමිෂන් සභාව ශක්තිමත් කිරීම....

    මානව හිමිකම් කොමිෂන් සභාවට වසරකට පැමිණිලි දහස් ගනනක් ඉදිරිපත් වෙනවා.මේ පැමිණිලි සන්ඛ්‍යාව දෙස බලන විස සහ සිටින කාර්යමණ්ඩලය දෙස බලන විට අපහසු කාර්යයක්, ඉතාම ඉක්මනින් පැමිණිලි පිළිබඳව සොයා බලලා විසඳුම් ලබාදෙන්න. මානව හිමිකම් කොමිෂන් සභාව තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සාධකය වන්නේ පිරිස් බලය වැඩි කිරීමයි. ඉතාම දක්ෂ හා මානව හිමිකම් ගැන කැපවූ නව කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම අභියෝගයක්. නොයෙක් අභියෝග මධ්‍යයේ මේ සියල්ල සිදු කළේ.

     

    ජනතා අපේක්ෂාවන්.........

    ජනතාවට විශාල අපේක්ෂාවන් තිබෙනවා. ඔවුන් අසරණ තත්ත්වයට පත් වූ විට ඔවුන් බලාපොරොත්තු වන්නේ, මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ ඒ පිළිබඳව විසඳුමක් ලබාගැනීමටයි. අප බලපොරොත්තු වෙනවා, මානව හිමිකම් කොමිෂන් සභාව අනාගතයේ දී ඉතාමත් ම දැඩි ලෙස තම ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට ගමන් කිරීමට. මෙය මහජනතාව වෙනුවෙන් පිහිටුව තිබෙන ආයතනයක්. මෙහි මූලිකම අරමුණ වන්නේ මහජන යහපත සඳහා කටයුතු කිරීමයි.

    පසුගිය දසක ගණනාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වුණා. රටේ ආරක්ෂාව සඳහා සුදුසු නීති  තිබිය යුතුයි. එවැනි නීති සම්පාදනය කළ යුත්තේ,මානව හිමිකම් ආරක්ෂා වන ලෙසයි. ඒ පිළිබඳව කොමිෂන් සභාව නිර්දේෂයක්
    ඉදිරිපත් කළා. මරණ දඬුවම, වෛරී ප්‍රකාශන, අතුරුදහන් වූ කාර්යාලය හා නීති රාමුව ගැන නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

    මානව හිමිකම් කොමිෂන් සභාවේ එක් කාර්යභාරයක් තමයි, පැමිණිලි විභාග කර බැලීම. අනෙක් කාර්යය තමයි රජය දැනුවත් කිරීම. අප ඒ සඳහා විශාල අවධානය යොමු කළා. නිසි ලෙස නීති සම්පාදනය කර ගන්නව නම්, මහජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරගැනීමට පිටුවහලක් වෙනවා. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් වෙමින් පවතිනවා. එම කෙටුම්පත් මානව  හිමිකම් කොමිෂන් සභාව විසින් අධ්‍යයනය කිරීම වැදගත්.අපට බොහෝ අවස්ථාවල දී මෙවැනි කෙටුම්පත් නොලැබීම ප්‍රධාන  ගැටළුවක්. නීති රීති නිසි ලෙස කෙටුම්පත් කිරීම ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාවට ඉතාම වැදගත් වෙනවා.


    පැමිණිලි විභාගයට පිරිස් බලය ප්‍රමාණවත් නෑ. එන පැමිණිලි වැඩියි. කාර්යක්ෂමව ජනතවට සහන ලබාදෙන්නේ කොහොමද කියන  එක ගැන බලනවා. මානව හිමිකම් විෂය පථයට නොවැටෙන විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවා. ඒව බොහෝ අවස්ථාවල විභාග කර බැලීමටත් බාර ගන්නවා. පරිපාලන ක්ෂේත්‍රයෙන් සිදුවන අකටයුතු සිදුවීම්,අපට එනවා. දේශපාලන හේතුමත සැලසුම් කරන ලද ඝාතන, අතුරුදහන් වාර්තා වී නෑ. මූලික වශයෙන් දකින්නට තිබෙන්නේ රැදවියන්ගේ පැමිණිලි, අත් අඩංගුවට ගැනීම් සම්බන්ධ පැමිණිලි, වධ හිංසා පැමිණිලි.

     

    නවීකරණය විය යුතු නීති........

    මෙවැනි ජනතාවට ඉතාම වැදගත් වන ආයතනවල කටයුතු කාර්යක්ෂමව කරගෙන යෑමට බාධාවක් ව පවතින චක්‍රලේඛන හා නීති රීති නවීකරණය විය යුතුයි. පාරදෘශ්‍යභාවය තිබිය යුතුමයි. ඒවාගේම වගවීමත් තිබිය යුතුයි. අප ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එහෙත් කාර්යක්ෂම විය යුතුයි. වගවීම නිසා කර්යක්ෂමතාව විසිවෙනවා නම්, එතැන දී ජනතාවට සෘණාත්මක බලපෑමක් තිබෙනවා. යල්පැනපු නීති රීති නිසා කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකි වේනම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් බව පේනවා. ඒ නිසා නීතිරීති නවීකරණය විය යුතුයි.

     

    සැමගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම.....

    කිසිම රටකට රාජ්‍ය ආරක්ෂාව අමතක කරන්න බෑ. රාජ්‍ය ආරක්ෂාව තිබිය යුතුයි. රාජ්‍ය ආරක්ෂාවේ දී මානව හිමිකම් ප්‍රබල ලෙස උල්ලංඝණය වන්නේ නම්,එය තවත් තර්ජනයක් වෙනවා, රාජ්‍ය ආරක්ෂාවට. රටේ හොඳ ස්ථාවර තත්ත්වයක් පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය ආරක්ෂව සම්බන්ධයෙන් හොඳ පනතක් තිබිය යුතුයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම කියන්නේ සැමගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමයි.


    සටහන- ප්‍රභාත් රත්නායක

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu