මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    විවිධ හිරිහැරවලට ලක් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමට යෝජනා සහ ඉල්ලීම් භාර ගැනේ

    බදු අය කර ගැනීම සඳහා පවතින ක‍්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු  අමාත්‍යංශයත් ජාතික තරුණසේවා සභාවත් එක්ව සංවිධානය කළ යොවුන්පුරය -2017 කඳවුර ඊයේ (29) ආරම්භ විය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත 2017 මාර්තු 23 වන දින ඉදිරිපත් කෙරුණු ''ශ්‍රි ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය ''නැමැති යෝජනාව සම්මත කරගැනීම පිණීස සහය දැක්වූ සියලු රටවලට ශ්‍රි ලංකා රජය සිය ප්‍රණාමය පළ කරයි.

    තමිල් මිරර් පුවත්පතේ කර්තෘවරයාගේ කතුවැකි එකතුවෙන් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව-

    රජයේ දුරදර්ශී ක්‍රියාමාර්ග නිසා ස්වභාව ධර්මයේ විවිධ වෙනස්කම් හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට නිසි පරිදි සහන සැලසීමට හැකියාව ලැබී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීතව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත‍්‍රයන් අසූ දෙදෙනෙකු සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් පත‍්‍රයට (01) දින පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීය.

    1818 ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් විසින් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 මාර්තු 01 වනදා ප.ව.4.00ට මහනුවරදී පැවැත්වේ.

    තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    අද අපේ රට යටත් විජිතවාදයෙන් නිදහස ලබා වසර 69 ක් සම්පූර්ණ වන අවස්ථාව. 69 වැනි ජාතික නිදහස් සමරු උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස, අභිමානවත් ලෙස පැවැත්වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා.

    2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පහත සඳහන් වේ.

    ශ්‍රී ලාංකේය දේශයේ ඉතිහාසය විමසන විට ජාතියේ ගමන් මගට සුවිශේෂී වූ සේවාවන් සිදු කළ සංධිස්ථානයන් බොහෝ හමුවෙයි. මේ රටේ තේ දල්ලේ ඉතිහාසය විමසන විටද එය රටට, සමාජයට කළ බලපෑම් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක් ඵෙතිහාසික සංධිස්ථානයක් සේ සැලකීම යුක්ති යුක්තයි. අපේ රටේ තේ ‍වගාවට වසර 150ක් සම්පූර්ණ කෙරෙයි. දශක පහළොවක් යනු ඕනෑම ක්ෂේත්‍රයක් විෂයෙහි දැවැන්ත කාල පරාසයකි. පරම්පරා ලෙස ගත හොත් ගණනාවකි. 

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ද්විපාර්ශවික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත්, කඩිනමින් නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹිමටත් අවශ්‍ය පියවර ගත යුතු බව පකිස්ථාන් අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් (HE Nawaz Sharif) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.

    සකල කලාවෙන් මෙලක එකලූ කරන්නට වාසනාව හිමිකරගත් දුර්ලභ කලාකරු, මහගම සේකර අපෙන් නික්ම ගොස්, ජනවාරි 14 වනදාට වසර 41 ක් ගත විය. දෙව් ලොවින් ආරාධනා ලැබී මනු ලොවින් කලින්ම නික්ම යන විට ඔහුගේ වයස අවුරුදු හතලිස් හතක් විය. 1976 ජනවාරි 14 වනදා මහගම සේකර නම් මහානර්භ කලාකරුවාණෝ මනු ලොව කලා කටයුතු නවතා අපව හැර ගියහ.
    ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි. 

    ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ක්‍රියාත්මකවන සුවිශාල සංවර්ධන ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා- චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී  ආරම්භ කළේ ය.

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත විශාලතම ටයර් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි පස්වැනි දින, හොරණ, වගවත්ත ආයෝජන කලාපයේ දී සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya