News.lk - The Official Government News Portal of Sri Lanka

 

tami

eng

  • මුල් පිටුව
  • පුවත්
    • නවතම - ආරක්ෂක
    • ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
    • කාලීන සිදුවීම් සහ දේශපාලන
    • සංවර්ධන - ප්‍රාදේශීය
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් - ක්‍රීඩා
    • ප‍්‍රාදේශීය පුවත්
    • පුවත් සේයා
  • ආර්ථික
  • ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
    • ප්‍රභාලේඛන මැඳුර
    • වීඩියෝ රඟහල
  • විශේෂාංග
  • කැබිනට් තීරණ
  • විමර්ශන
  • විශේෂ ආවරණ
    • දින 100 වැඩසටහන
    • තරුණ සමුළුව
    • 2015 අයවැය
    • අද මිල
  • විමසීම්
    • පෙර වෙබ් අඩවිය
      • පෙර වෙබ් අඩවිය - 1
      • පෙර වෙබ් අඩවිය - 2
    • ටෙන්ඩර් දැන්වීම්
    • අයඳුම්පත් භාගත කිරීම්
මීතොටමුල්ල අනතුරට පෙර ජනතාව දැනුම්වත් කළා
19
April

මීතොටමුල්ල අනතුරට පෙර ජනතාව දැනුම්වත් කළා Featured

Published in විශේෂාංග
  • font size decrease font size decrease font size increase font size increase font size
  • Print
  • Email

දැන් සියල්ල සිදුවී හමාරය. දැන්වත් රජය විසින් ජනතාව වෙත නිකුත් කරනු ලබන නිවේදන සඳහා ජනතාව සුවිශේෂි අවධානයක් යොමු කළ යුතුය.  ජනතාව රජයේ නිවේදනවලට කන්නොදීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 14 වැනි දා මීතොටමුල්ල ඛේදවාචකය මුළු ජාතියටම පාඩමක් කියා දී ඇත. රජයේ නිලධාරීන් එහි තිබුණු අවධානම් බව ජනතාව වෙත අවධාරණය කරමින් කටයුතු කර තිබියදී ජීවිත ගණනාවක් අහිමි වූ සිද්ධියේ තොරතුරු මේ වන විටත් හෙළි වී ඇත.

හදිසි අවස්ථාවකදී ප්‍රශ්ණ කරමින් සිටීම නිවැරදි ප්‍රතිපත්තියක් නොවන අතර එවැනි අවස්ථාවක ගතයුතු කඩිනම් පියවර පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබේ. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතුය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මෙසේ සඳහන් කළේය.

"මීතොටමුල්ල ප්‍රදේශයේ පැවැති තත්ත්වය යටතේ බරපතල අනතුරුදායක තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව 2017-04-05 වන දින දහම්පුර ග්‍රාම නිලධාරීන් විසින් ප්‍රා‍දේශීය ලේකම් සිසිර කුමාර මහතා වෙත වාර්තා කර ඇත. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ  ප්‍රා‍දේශීය ලේකම්වරයා ස්ථාන පරීක්ෂාවක් සිදුකර වහාම ඉවත් වන ලෙස වාචිකව උපදෙස් ලබා දී ඇතත් එයට ප්‍රතිචාරයක් නොමැති තැන ප්‍රා‍දේශීය ලේකම් විසින් කොළඹ දිසාපති සුනිල් කන්නංගර මහතා දැනුවත් කර ඇත.

එම අවස්ථාවේදීම දිසාපතිවරයා ප්‍රා‍දේශීය ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ ලිඛිතව ලිපියක් මඟින් නිවෙස්වලට භාරදෙන ලෙසය. ඒ අනුව 2017-04-07 වන දින දහම්පුර ග්‍රාම නිලධාරී එච්. එම්.  කුමාර මහතා විසින් ප්‍රධාන වශයෙන් අනතුරට මුහුණ දෙන නිවාස 10 ට ලිඛිතව ලිපි භාර දී ඇත.
ඉන් අනතුරුව මේ පිළිබඳව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සහ කො‍ළොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන්ට ද ලිඛිතව දන්වා ඇත. තවද කොළඹ දිසාපතිවරයා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, කොලොන්නාව නගර සභාවේ ලේකම්, වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ආදීන් ද දැනුවත් කිරීමට කටයුතු කොට තිබේ.

ඇත්ත වශයෙන්ම රජයේ වගකීම ඉටුකරමින් රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂම ලෙස කටයුතු කර තිබීම ඉතාමත් ප්‍රශංසනීය බව සඳහන් කළයුතුමය. තවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්වත් කිරීමක් කර ඇත. කොළඹ මහදිසාපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා, ග්‍රාම නිලධාරී මහතා ආදර්ශවත් ලෙස කටයුතු කර ඇති බව කිව යුතුය. "

මෙම සිදුවීම සිදුවීමට පෙරාතුව දහම්පුර ග්‍රාම නිලධාරී මහතා විසින් 2017-04-07 දින නිවාස වලට ලිපි භාර දී එම ලිිපි භාරගත් බවට ද අත්සන් තබා ඇති බව එම ලිපි නිරීක්ෂණය කිරීමේදී පැහැදි වේ.

ජීවිත 30ක් අප අතරින් සමුගෙන හමාරය. ඔවුන් සැමදෙනාගේම යැපෙන්නන්ව ආරක්ෂා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් රජය පියවර ගෙන ඇත.

ඉදිරියේදී සිදු විය හැකි මෙවන් ඛේදවාචකයන් වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුම්වත් වීම වෙනුවෙන් මෙම තත්ත්වය හෙළි කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කටයුතු කර තිබේ.

මෙම ආපදා අවස්ථාවේදී ක්‍රියා කළ ත්‍රිවිධ හමුදාපතිතුමා ඇතුළු සියලු නිලධාරීන්ටත්, පොලිස්පතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ටත්, කොළඹ නාගරික කොමසාරිස් බී.කේ.ඒ. අනුර මහතාටත්, කොළඹ දිසාපති සුනිල් කන්නන්ගර මහතාට,  කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතාට, 511 ඒ දහම්පුර ග්‍රාම නිලධාරී එච්.එම්. කුමාර මහතාට, රජයේ විශේෂ ස්තූතිය හිමිවිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනතාව දැනුවත් කිරීම සඳහා නිලධාරීන් අතර හුවමාරු වූ  ලිපි කිහිපයක් ද පහත සඳහන් වේ.

 

කළනනව පරදශය ලකමග ලපය

කළනනව පරදශය ලකමග ලපය 1

 

ගරම නලධර ලපය

 

ගරම නලධර ලපය 11 කටස

 

ජනතව වත භර දන ලපයක 2

 

ජනතවට දනම දන ලපයක

 

 

Tweet
  • Social sharing:
  • Add to Facebook
  • Add to Delicious
  • Digg this
  • Add to StumbleUpon
  • Add to Technorati
  • Add to Reddit
  • Add to MySpace
  • Like this? Tweet it to your followers!
More in this category: « ඔබ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන අවුරුද්දක් වේවා!! මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි »
back to top

Features

  1. ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය දකුණු ආසියාවේ පහළ මට්ටමක පවතින බවට පළ…

    Sat Apr 2018

  2. පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසඳයේ ප‍්‍රධාන දේශනය සිදුකරමින…

    Wed Apr 2018

  3. රාජ්‍ය වෙසක් උත්සවය - 2018

    Wed Apr 2018

  4. උත්සව සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා ඇරඹේ

    Wed Apr 2018

  5. නව බදු පනත මගින් පන් ලක්ෂයකට ආසන්න සේවා නියුක්තිකයන් බද්දෙන්…

    Tue Apr 2018

  6. අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

    Mon Apr 2018

  7. ප්‍රවෘත්ති නිවේදනය- ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක…

    Tue Apr 2018

  8. ජනපතිතුමා, අගමැතිතුමා සමඟ අභියෝග මැද අඳුරෙන් ආලෝකයට යන ගමන එ…

    Tue Apr 2018

  9. කොන් කරන තරමට ම ප්‍රතිඵල භයානක ක්ෂය රෝගය

    Tue Mar 2018

  10. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හරිත සතිය - Green Week - 2…

    Mon Mar 2018

  • ජනාධිපති
  • අග්‍රාමාත්‍ය
  • පාර්ලිමේන්තුව
  • අධිකරණය
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  • අමාත්‍යාංශ නාමාවලිය
  • මාධ්‍යායතන නාමාවලිය
  • රජයේ ගැසට් පත‍්‍රය
  • නවතම
  • ජනපති
  • ආර්ථික
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • සංස්කෘත සහ කලා
  • ක්‍රීඩා
  • විදෙස්

dgi log front

electionR2sin

recu

bestweb sliver media

FacebookTwitterRSSGPlusYoutube

sms2015

channel

  • මුල් පිටුව
  • නවතම
  • ජනපති
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • ආර්ථික
  • විදෙස්
  • ක්‍රීඩා
  • සංස්කෘත සහ කලා
  • අඩවි අනුරූපිතය
Copyright © The Official Government News Portal of Sri Lanka 2018 All rights reserved.
විශේෂාංග