ඔක්තෝබර් 23, 2021
tami eng youtube  twitter facebook

    විශේෂාංග

    පිළිකා ‍රෝගය ‍ලොව පුරා ජනතාව ‍පෙළෙන ප්‍රධාන ‍‍රෝගාබාධ වලින් එකකි. ලොව පුරා සිදුවන මරණයන්ට ප්‍රධාන ‍හේතුව ‍ලෙස සැල‍කෙන්‍‍නේ හෘද හා වාහිණිගත ‍රෝග වන අතර ‍දෙවෙනි තැන හිමිවන්‍‍නේ පිළිකා ‍රෝගයටයි.

    1949 වසරේ මාර්තු 24දා එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා ශ්‍රී Ranil2ලංකාවේ සිවුවරක් අගමැති තනතුරෙන් පිදුම් ලබමින් මෙරට දේශපාලන, ආර්ථික සංස්කෘතියේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන යුග පුරුෂයෙකු, උදාර ජන නායකයකු වනු ඇතැයි එදා කිසිවකුත් නොසිතන්නට ඇත.

    වර්මානයේ සමාජීය වශයෙන් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇති වකුගඩු රෝගය මේ වන විට උතුරු මැද පළාතේ ප්‍රබලම සෞඛ්‍යමය ගැටළුව බවට පත්වී ඇත.  ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීම තුලින්  මෙම රෝගය  ලංකාවේ අනෙකුත් පළාත් වලද  පැතිරී  පවතින බවද පැහැදිලි වේ.

    වස්ගමුව ජාතික වනෝද්‍යානයට ලංකාවේ ජාතික වනෝද්‍යාන කිහිපය අතර සුවිශේෂි වැදගත්කමක් හිමිවේ. විශේෂයෙන් වියලි කලාපීය හා තෙත් කලාපීය සීමාවක එනම්  මධ්‍ය කඳුකරයේ  නැගෙනහිර බෑවුමෙන් ආරම්භ වන මාතලේ දිස්ත්‍රික්කයට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයට මායිම්වන ප්‍රදේශයක මෙය පිහිටා ඇත. ඒ නිසා ලංකාවේ නැගෙනහිර පළාතට ආසන්නව පිහිටි දේශගුණික තත්ත්වයත් මධ්‍ය කඳුකරයේ ඇති දේශගුණික තත්ත්වයත් එහි දක්නට ඇත. එහෙයින් වස්ගමුව ජාතික වනෝද්‍යානය ජෛව විවිධත්වය අතින් සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කරයි. 

    ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට  මැති සබයට පැමිණි කාන්තාව වන්නේ ඇඩ්ලින් මොළමුරේ කුමාරිහාමිය. ඒ 1931.11.14  දින රුවන්වැල්ල ආසනය සඳහා පැවති අතුරු මැතිවරණය ජය ගනිමිනි . ඒ වැඩි ජන්ද 9,398 කින් එම අසුන ජය ගෙන ලංකාවේ ප්‍රථම මන්ත්‍රීවරිය වීමේ වාසනාව උදාකර ගෙනය.1932.05.28 දින උතුරු කොළඹ ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් වැඩි ජන්ද 8,701 ක් ලබා ගෙන තේසම් සරවන මුත්තු මහත්මිය දෙවන මන්ත්‍රීවරිය බවට පත් විය.

    හික්කඩුව මුහුදු පතුල යට සෞන්දර්යාත්මක අසිරිය විද ගන්න දේශිය විදේශිය සංචාරකයෝ නිරන්තරයෙන් එති යති. ලංකාවේ සංචාරක කර්මාන්තය හා බද්ධවු හික්කඩුව වෙරල තීරය හා කොරල්පර සහිත මුහුදු පතුල පාරිසරික මෙන්ම සංචාරක වශයෙන්ද ද්විත්ව වැදගත්කමක් දරයි. 

    මුතු අහුරක සිරි ගෙන පෙණ පිඬු නඟමින් සුමුදු වැල්ල සිප එන සිහින් රළ පහර, නීල ගගන පුරා විසිරුණු සුදු පුළුන් වලා පෙළ අතුරින් පෙරී එන හිරුඑළියේ කාන්තියට නීල මාණික්‍යයක් සේ දිස්වන සුපැහැදිලි නීල සමුදුර නෙතට රසඳුනක් වැනිය. විටෙක සිහින්ව විටෙක රළුව රළ පහර බිඳෙන හඬ සමඟ මුසුව ගත දැවටෙන සුපෙම්වත් කරදිය සුළඟ ගත ප්‍රබෝධමත් කරවයි. මොහොතකට දෙව්ලොව සුවය විඳින්නට සිහින පාරාදීසයකට පිවිසියාක් බදු හැඟීමක් මා ගත වෙලාගත්තේය.

    A air dilheඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ වාසය කරන මිලියන 2.2ක් පමණ වූ කුඩා ළමුන් ට දූෂිත විෂ දුමාරය ආඝ්‍රහණය වීම නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි පෙනහලු ආබාධ ඇති වී ඇතැයි ටයිම්ස් සඟරාව වාර්තා කරයි.

     
    පොසොන් සමය නම් , ලාංකීය ජන හදවත් නිරතුරු බුදු දම් ප්‍රභායෙන් උස්කරවන  සමයකි. 
    සිරිලක ජනයා චිරාත් කාලයක් සිය සිතුමෙහි පැතුමෙහි ප‍්‍රමුඛ තැන තබාගත්තේ බුදු දහම බව 
    නොකිවමනාය. ඒ අපරිමිත වු භක්තියක් ද සහිතවයි. පෙර වක උගත් නූගත් භේදයකින් තොරව 
    ස්වකීය හද සද බුදු දහම වෙත විවර කර එයින් විහිදුන අධ්‍යාත්ම සුව ඉතා අපුරුවට වින්ද වගට 
    සාධක අපමණය. 
     
    බුදු දහම තරම් සිත පිළිබදව විග‍්‍රහ කරන ලද තවත් දහමක් කොහිද ? නිවැරදිව සිතීමත් . නිවැරදිව 
     කතා කිරිමත්, නිවැරදිව ක‍්‍රියා කිරිමත් අතර අන්‍යසම සම්බන්ධතාවක් පවතී. එසේ නම්  ඕනෑම 
     කෙනෙකුගේ චර්යාවට චිත්ත අභ්‍යන්තරයේ ඇතිවන සිතිවිල්ල හේතුවේ. මේ බැව් ධර්ම 
     දේශනයෙන්, බණකතාවෙන්, ඉතා සරලව අපූර්ව ආකාරයට ලාංකීය ජනතාවට නොඅඩුව ලැබුණි. 
     
    සුවහසක් ජන සිත්  පහන් සුවය පතා තුන්ලෝකාග‍්‍ර වූ අමා මෑණි බුදුපියාණන් වහන්සේ  ශ‍්‍රී 
     සද්ධර්මය දේශනාකළ සේක. එහි ඵල සංවර්ධනාත්මක අන්තයෙන් බලා භුක්ති විදිමට අප 
     කවුරුත් සිතා ගත යුතුවේ. 
     
    සංවර්ධනයේ විශේෂ මාන දෙකකි. එනම් භෞතික සංවර්ධනය හා අධ්‍යාත්මික සංවර්ධනය යි. 
     සංවර්ධනයේ තිරසර බවට හෙවත් ධරණීය සංවර්ධනයක් ඇතිකර ගැනීම සදහා යන ගමනේ දී 
    මෙම දෑ අංශයම සමබරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය ය. එහිදී වඩා වැදගත් කලින්ම වඩවාගත යුතු  
    සංවර්ධනය වන්නේ අධ්‍යාත්මික සංවර්ධනය යි. මනස ව්‍යාකූල වු , මානසික පීඩා වලින් පෙළෙන 
     
    සිත් ලෙඩ වූවන් සිටින සමාජයක් කිසිවිටකත් සාර්ථක භෞතික සංවර්ධනයක් කරා ගමන් 
     
    කරන්නේ නැත. මෙම තත්ත්වය මත පිහිටා විග‍්‍රහ කිරීමේ දී බුදු දහම යනු පුද්ගලයා තුල උත්තරීතර 
     අධ්‍යාත්මය නන්වාලීමට මුඛ්‍ය වන අමිල දහමකි. 
     
    බහු භාණ්ඩික බව, තරගකාරීත්වය. පවුල් ආරවුල්, වංචා දුෂණ , දික්කසාද , ළමුන්ගේ මානසිකත්ව 
    වැරදි අතට වෙනස්වීම්, ළමා අධ්‍යාපනය බිදවැටීම්, ආදි විවිධ සමාජ අසම්මතයන් ගොඩනැගී 
    වැඩෙන්නේ යට කී අධ්‍යාත්මයේ අඩුව පදනම් කරගෙනයි. මුල්‍ය උත්පාදනය පරමාභිලාශි 
    කරගන්නා හා ඒ වෙනුවෙන් මතුපිටින් සුදු පැහැ පෙන්වන නමුත් යටිසිතේ ගැඹුරු මමත්වයක් 
    තැන්පත්කරගනි.  අනෙකා ගැන නොසිතා ස්වාර්ථය සාධනය කරගන්නා මනු විලස් මකාගත්  
    පුද්ගලයින් අපමණය.  ඉන් උන් මුදා , සුන් සිත් පිලිසකර කර යථාවට ගන්නා ශක්තිය ඇත්නම් 
    භාග්‍යවත් බුදුන් වහන්සේ විසින් දේශිත ශ‍්‍රී සද්ධර්මයටම  පමණි.  එහි අලෙන්නාට නිරාමිස 
    සුවයේ අගයත් , උසස් විනෝදය හෙවත් විශ‍්‍රාන්තියේ අගයත් මනාව සපථ කරගත හැකිය. 
    වත්මන් ජිවන රටාව අනුව බොහෝ මිනිසුන්ගේ අධ්‍යාත්මය නැමැති අත  ඉතා කෙටි වී තිබේ. 
     
    භෞතිකත්වය නැමැති අත ඉතා දිගුය. එයින් ගම්‍ය වන විශේෂ සාධකයක් තිබේ. වඩා දිගු අතින් 
     
    ඇති ඵලය කිම, එමෙන්ම වඩා කෙටි වු අතකින් ද කිසිදු ප‍්‍රයෝජනයක් නැත. 
     
    එසේ නම් අද ජිවත්වන බොහෝ දෙනා ස්වකීය වර්ධිත අවිඥානය නිසා අධ්‍යාත්මික හා භෞතික 
     යන අංශ දෙකෙන්ම අංගවිකලයින් බව ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකිය. පිං කිරිම සමාජ 
     වටිනාකමක් සේ සිතා කිරිම, වන්දනා ගමන් විනෝද ගමන් බවට හරවා ගැනීම, ආදි සාධක මතින් 
     වත්මන් පරපුරේ ආටෝප සාටෝප පොකුර මනාව විද්‍යමාන වේ. රටම පවින් මුදන  ජය ශ‍්‍රී මහා 
     බෝධිය, පොසොන් සද එළියේ දීප්තියෙන් බබළන රන්වැලී සෑය, ආදි මන් පිනන  පිං පුරන 
     ඓතිහාසික සිද්ධස්ථානවලින් විරාජමාන වන අනුරාපුර පිං බිම, අනුබුදු මිහිදු මහ හිමිපාණන්ගේ 
     පාද ස්පර්ශය ලැබ ලංකේය සමාජයම දහමින් නැහැවු හදබිම වන මිහින්තලාව, බොදු දිවියට දම් 
     සිසිලස පොරවන තන්තිරිමලය පුදබිම ආදි  අති පුජනීයත්වය පත් සිද්ධස්ථාන පෙරටුකර 
     පවත්වන පොසොන් උත්සවයේ දී සිරිලක  සිව්කොට බොහෝ දනෝ රැස් කකා එහි ඇදෙති. 
     වදිති . බොහෝ දේ පතති. මේ  අමතරව විරූප විගඩම් සෝබන සහිත සැණකෙලි බිම් හි 
     රදන්නෝද හිග නැත. ඔවුන් සිත් හි සුපසන් ගුණ ඇත්දැයි සැක සහිතය. සතියෙන් සැරිසරන 
     බැතිමත්හු ද හිග නැත. ඒ අප හික්මුණු සම්ප‍්‍රදායෙන් උපයාගත් ශුද්ධ වූ වත්කමයි. 
     
    සහජීවනයේ සත්තාව ඉතා සරලව සිරසට පෙරන යතිවරයාණන් වහන්සේලා විසින් සහජිවනය 
    සදහා ඇවැසි පහසු මං තනනුයේ බදු දහම ඉතා භක්ති සම්ප‍්‍රයුක්තව ඇසුරු කරමිනි. එම බොදු දම් 
    පද ජිවන සාක්ෂාත්කරණය වෙනුවෙන් බුද්ධියට ගෝචර කරගන්නා පිරිස හිගය. එහෙත් එම පිරිස 
    නොබෝ කල්හිම ඉහළට ගෙන ආ යුතුය. 
     
     චිත්ත අභ්‍යන්තරික සහජීවනය, එනම් පුද්ගල සිතෙහි තැන්පත් සාමකාමී බව පවුලක සාමකාමි 
     බව ගොඩනගයි. සමාජයේ සාමකාමි බව සැකසෙන්නේ ඊට අනුව ය. බුදු දහමේ බහුතර ඉගැන්විම් 
     සිත පෙරටුකරගෙන ඇති නිසාවෙන්ම එකී අත්‍යවශ්‍ය අභ්‍යන්තරික සාමය ලගාකර ගැනිම අපහසු 
     වන්නේ නැත. එහෙත් අතිශය ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් , සිය දිවි නසාගැනිම් , මිනී මැරුම් ආදියෙන් 
     ආඪ්‍ය සමාජයක් අද දක්නට ලැබේ. ඊට මුඛ්‍ය හේතු සාධකය නම් පුද්ගල මනස තුල ධර්මතා 
     සංවර්ධනය නොවීමයි. මේ නිසා පුද්ගලයා තමා පිළිබදව නිවැරදි තක්සේරුවකට එන්නේ හෝ 
     අන් සිත් හි ස්වභාවය මද පමණකට හෝ හදුනාගන්නේ ද නැත. 
     
    පෙර කල මෙන් නිති පතා ආගමික ස්ථානයකට යාම  තබා නිවස තුල ආගමික වතාවත් සිදුකිරිමට 
     වත්මන් පරපුරට ඉඩ ප‍්‍රස්ථා නැත. එතරම් තරගකාරී, සංකිර්ණ දිවි පෙවෙතක් ඔවුන් ගතකරයි. 
     රැඩින් ලිෆ් බ‍්‍රවුන් නැමැත්තා ඉදිරිපත් කරන සමාජ ව්‍යුහය තුල මවක විසින් සිදුකල යුතු අනිවාර්ය 
     සාධකයක් ලෙස දරුවන් රැකබලා ගැනීම හදුන්වාදී තිබේ. විවාද නැත. එය සත්‍ය ය. නමුත් 
     වත්මන් මව්වරු තම දරුවාගේ  සැදුම වැඩුම දිවා සුරැකුම් මධ්‍යස්ථානයට භාරදී තිබේ. මෙයින් 
     රුවා තුල සමාජය යහපත් වෙනසකට පත්කිරිමට අවශ්‍ය වෙනසකට ලක්නොවේ. අයහපත් 
     සමාජ වෙනසට මෙම තත්ත්වය හේතු නොවන්නේ ද? මෙය එක් උදාහරණයක් පමණි. 
    විවේකයක් නැති මිනිසුන්ට විවේක බුද්ධියක් කොයින් ලැබෙන්නද? දැන් සිටින්නේ එක් දෙයකට 
     සිමා වු රොබෝවරුන් වන් පිරිස් ය.  බුද්ධියේ හා සංවේදිතාවයේ සමබරතාවයක් ඔවුන් තුල 
     
    ඇත්තේ නැත. දරුවාට සරුංගලය කඩෙන් ගෙනවිත් දෙන්නේත්, දානය සකසා සැදැහැතින් 
     පංසලට ගෙනගොස් බුද්ධ පුජා පවත්වා පිං රැස්කරගන්නවා වෙනුවට  දානය හිමි දිනට පංසලට 
     මුදල් යවා සැනසෙන්නේත් , පොදු වැඩ මගහරින්නේත්, නිතර ගැටුම් ඇතිකර ගන්නේත්, කායික 
     හා මානසික රෝගී බවින් පෙළෙන්නේත්, මේ හේතු  දුරදිග යාම නිසා බව දැන් සැබෑවක් වි 
     හමාරය. 
     
    මෙවන් තත්ත්වයක් පවතින සමයෙක මිහිදු හිමි සමරන , මිහිදු බණ පිළිපදින දනන් තනන්නට 
    ඇවැසි සමයෙක විවෘතභාවය පසක් කරන හෘදය සාක්ෂිය මතුකර ගැනිම අගනාම කටයුත්තකි. 
     එවිට දැඩිව පවතින පුද්ගල අවිඥ්ඥානය මර්දනය වී හෘදය සාක්ෂියේ උතුම් ඵලයක් වන සමාජය 
     සකසන මිනිසුන් නිර්මාණය වන්නට පටන් ගනී. එනම් විඥ්ඥානධාරී මිනිසුන් බිහිවන්නට පටන් 
     ගනී, ඒ මතින් සැබෑ බොදු බැතියෙන් ක‍්‍රියා කරන සමාජ හිතැතියන් තව තවත් බිහිවීම වලකාලිය 
     නොහැකිය. ඔවුන් විසින් බුදු දහමේ ශක්තිය උපයෝගි කරගෙන සමාජයේ පවතින වල් පැළෑටි 
     ගලවා දමා හොද බීජ වපුරනු ඇත. එයින් ලැබෙනා අනර්ඝ ඵලය නම් මුලින් කි පරිද්දෙන් සැමට 
     සෙත සදන භෞතික හා අධ්‍යාත්මික යන දෑ අංශයේ ම සමබර තිරසර සංවර්ධනයක් ඉපැදිමයි. ඒ 
     වෙනුවෙන් වන පණිවුඩය පැතිරවීමට අවැසි උත්තරීතර උත්තේජනයක් ලෙස මිහිදු හිමි සමරමු, 
     
    මිහිදු බණ පිළිපදිමු  බැති සිතින් සදා. 
     
     
    ෂෙල්ටන් බණ්ඩාර 
    අනුරාධපුර ප‍්‍රවෘත්ති නිලධාරී  
     
    සත්වෝද්‍යානයක් කියූ සැනින් අපට මතක් වන්නේ කූඩුවක සිරකොට ඇති සතුන් ඇති දෙහිවල සත්තු වත්තයි. ඒ වෙනයමක් නිසා නොව ලංකාවේ අපට සියලු සතුන් එකවර නැරඹිය හැකි ආකාරයෙන් පවතින එකම ස්ථානය වන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය බැවින් නිසා එය එසේ වීම අරුමයක් නොවේ. එහෙත් ඒ අරමු පුදුම කතාව දැන් අතීතයට එකතු වී ඇත. වර්තමානයට අලුත් කතාවක් අලුත් අත්දැකීමක් එක් වී ඇත. ඒ විවෘත සත්වෝද්‍යාන සංකල්පයයි. එය ශ්‍රී ලාංකිකයන්ට නම් තරම් අමුතු ආකාරයේ අත්දැකීමක් වුවත් එවැනි සංකල්පයන් පවතින රටවල සංචාරකයන්ට නම් එම ක්‍රමය පුදුම එළවන කරුණක් නොවුනත් මේ හරහා ලැබෙන අත්දැකීමනම් අලුත්ම ආකාරයේ එකක් වනු නොඅනුමානය. 

    සමනල රෑනක් සේ ඉගිළී අකුරට ගිය පාසල් කාලය කිසිවෙකුටත් අමතක නොවන්නකි. දේදුණු හීන රැසක් පාට කරන පුංචි සමනල පැටව් සේ නිදහසේ සුව අරණක ආදරණීය කැදැල්ලක සුරතල් වෙමින් දිවි ගෙවූ බාලවියක් අපටත් තිබුණා නොවේද? එහෙව් අපට දැනුම් තේරුම් ඇති මේරූ අවධියකට පා තැබූ කල තවත් පිරිසක් අප සිටි බාලවියේ මල් හීන ඇහිදිනවා යැයි අමතකව යන්නට හැකියාවක් නොමැත. නමුත් පාට පාට දේදුන්නක සමනල සිහින සොයන අහිංසක කුඩා ජීවිත රැසක අනාගත ලෝකය ම මකාදමමින් සොඳුරු බාලවියේ දුව පැන නටනා පුංචි සමනල ජීවිත වන් කුඩා දරුවන් සිඳබිඳ දමා තලා පොඩිකරන්න බලා සිටිනා වල්මත් වූ වෘකයන් වැනි එවන් කෘර පාපතරයන් අද සමාජයේ පැටව් ගසා ඇත.

    images 1එක්‌දහස්‌ නවසිය හැත්තෑපහේ පෙබරවාරි මස 16දා පින්නලන්ද වත්තේ අක්කර 22ක භූමි ප්‍රමාණයක් මූලික කරගනමින් පින්නවල අලි අනාථාගාරය ආරම්භ වන්නේ වනාන්තරවල අතරමං වන අලි පැටුවන්ට රැකවරණය ලබාදීමේ අරමුණු පෙරදැරි කරගෙනය. ඒ අනුව එකල වන සත්ත්ව විෂය භාර ඇමැතිවරයා වූ කෑගල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. බී. ජී. කළුගල්ල මහතාගේ සංකල්පයකට අනුව මෙම අලි අනාථාගාරය ආරම්භ කොට ඇත්තේ එසේ අතරමං වු කුමාරි, කොමලි, මාතලී, අනුෂා, ජදුරා, නීලා සහ විජය යන අලි පැටවුන් 07දෙනෙකුගෙනි. මේ වන විට විජය අලියා මියගොස් ඇති අතර වර්තමානයේ  අලි අනාථාගාරයේ අලි 84කින් සමන්විත මෙම කණ්ඩායමට නායකත්වය සපයන්නේ මුල් කාලීන සාමාජිකයෙකු වන මාතලීය. 

    19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අති බහුතරයක‍‍ගෙන් සම්මත වීම සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයක් බව රජය අවධාරණය කර සිටියි.

    නුවරඑළිය නගරයට ප්‍රවිෂ්ඨ වන ඔනෑම අයෙක් නුවරඑළිය ග්‍රෙගරි වැව මග හැර නොයනු නොඅනුමානය. අප්‍රේල් වසන්තය වන විට පමණක් නොව සෙසු කාල සීමාවන් හිදී ද ග්‍රෙගරි වැව රස විඳින්නන් බහුලය. එයට දිවා රෑ අදාළ නොවේ. එතරම්ම එය සුන්දර පාරිසරික ස්මරණයකි. ග්‍රෙගරි වැව නිර්මාණය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිදු වූවකි.

    ද්‍රව ඉංජිනේරු විද්‍යාව යන සංකල්පය විදහා දක්වමින් යුරෝපා සංගමයේ ආධාර ලබාගනිමින් හංගේරියානු ගෘහ නිර්මාණ ශිල්පියකු වන මාටියස් ගුතායි විසින් තම මුල් නගරය වන බුඩාපේස්ට්හි දකුණින් පිහිටි කෙෂ්කෙමෙට්හි නිවසක් ඉදි කර ඇත. මේ සංකල්පය මඟින් උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ගොඩනැඟිලි නිර්මාණයේ දී ජලය යොදාගනී.

    ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය - පින්නවල

     

    සතුන් කෙරෙහි දක්වන ආදරය හා දයාවත් ඔවුන්ගේ චර්යා රටාවන් නිරීක්ෂණය කිරීමට ඇති ඇල්මත් හේතුවෙන් විශාල ජනතාවක් සත්වෝද්‍යාන හා මින්මැඳුරු නැරඹීමට ඇදී එති. වාර්තා වී ඇති තොරතුරුවලට අනුව ලෝක ජනගහනයෙන් සියයට 10ක් එනම් මිලියන 700ක ජනතාවක් වාර්ෂිකව ලෝකයේ විවිධ රටවල ස්ථාපිත කොට ඇති සත්වෝද්‍යාන හා මින්මැඳුරු නැරඹීමට පැමිණෙති.

     

    නව සඳ බැලීම
     
    අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින ද  නව සඳ බැලීම මැනවි.
    ක‍්‍රි. පූ 3 වැනි සියවසේ විජයශ‍්‍රී ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් ශ‍්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේදී එවකට ශ‍්‍රී ලංකාවේ රාජ්‍යත්වය දැරූ දේවානම් පියතිස්ස රජු විසින් ශ‍්‍රී ලංකා භූමිය ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කළ බව වංශ කතාවල සඳහන් වේ.එදා සිට ම ශ‍්‍රී ලංකාවේ රජවරුන් අපේ ප‍්‍රධාන වගාව වූ වී අස්වැන්නෙන් මුල්ම කොටස (අග‍්‍ර සස්‍ය) බෝධීන් වහන්සේට පූජා කිරීම ප‍්‍රධාන රාජ්‍ය උළෙලක්ව පැවතුණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya