අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ දෙවන අදියරේ කැනීම් කටයුතු අවසන් කරමින් මාධ්‍යට අදහස් දක්වමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහචාර්ය වරයා මෙසේ ද පැවසීය."මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පොලොන්නරුව පූජා නගරය ආශ්‍රිතව සිදු කෙරෙන පස් අවුරුදු පර්යේෂණ ව්‍යාපෘතිය මේ වනවිට එහි දෙවන අදියර අවසන් කර තිබෙනවා.එන්ගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලය සහ ඉන්දියාව,නේපාලය,බන්ග්ලාදේශය,ඔස්ට්‍රේලියාව ,ඉන්දුනීසියාව යන රටවල විශේෂඥ කණ්ඩායම් සමග සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් විදිහටයි මෙය සිදු කෙරෙන්නේ.
විශේෂයෙන්ම පොලොන්නරුව අංක දෙක ශිව දේවාලය අසල කැනීම්වලින් ඉතාම පැහැදිලි වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන්ව පවතින බවක් පෙනෙනවා.එහි පළවෙනි කොටස හින්දු ආගමික කටයුතු කරගෙන ගිය ආකාරයයි.දෙවන කොටස තුළ මේ ආශ්ර්තව ජන කණ්ඩායමක වාසස්ථානයක ලක්ෂණත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණත් ඔවුන් භාවිතා කළ උපකරණවල තොරතුරුත් අපට ලැබී තිබෙනවා.තුන්වන කොටස නිෂ්පාදන ක්‍රියාවලියට හසු කර ගැනීමත් එම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යකඩ හා වීදුරු භාණ්ඩ නිෂ්පාදනය ආදී කටයුතු සිදු කළ අන්දමත් සොයා ගන්න හැකි වෙනවා.
දැනට මේ ස්ථානයෙන් ලැබී තිබෙන පුරා විද්‍යෙත්මක ශාක්ෂි අනුව එම්.බී.පී වර්ගයේ උතුරු ඉන්දියානු ඔප දමන ලද මැටි භාණ්ඩ ලැබී තිබීඅ සහ ඒවායේ පරිහරණ ස්වභාවය අනුව අපට පෙනී යන්නේ අඩුම වශයෙන් ක්‍රි.පූ.හාරසීය කාලය දක්වා කාල පරිච්ඡේදයක මේ ස්ථානයේ යම් ජනාවාසයක පසුබිමක් තිබුණු බවයි.ඒ කාල පරිච්ඡේදය පිළිබද තොරතුරු ලැබීමත් සමග පොලොන්නරුව පූජා නගරයේ ඉතිහාස කතාව ඉතාමත් ඈතට දිව යනවා.මේ භූමිය අනුරාධපුර රාජධානියේ ආරම්භක කාලසීමාව දක්වා කාල පරිච්ඡේදයකට දිව යන බව මේ එම්.ඩී.ටී වර්ගයේ මැටි භාජන සොයා ගැනීමෙන් තහවුරු වෙනවා.ඒ අනුව මෙතනින් සොයාගත් රතු ඔප දමන ලද භාණ්ඩ,ක්‍රි.ව. තුන හතර කාලය දක්වාත් ඒ වගේම ස්ලාමික හා චීන පිගන් භාණ්ඩ ක්‍රි.ව.යෙන් 09 ,දහතුන අතර කාල පරිච්ඡේදයකට අයත් යම් ඓතිහාසික කාල පරාසයක තොරතුරුත් හෙලිවෙනවා.
ශිව දේවාල අංක දෙක කාණ්ඩයට අනුව මැටි පහන් ,කාසි අච්චු තොරතුරු ,ලිවීම සදහා භාවිත කළ යම් ආකාරයක තහඩු ආදී භාණ්ඩ රාශියක් සොයා ගැනීම නිසා ඉතාම වටිනා අන්තර්ජාතික සම්බන්ධතාවක තොරතුරුත් හෙලි කරගන්න හැකි වුණා.ඒ අනුව පොලොන්නරුව නගරය ජනාකීර්ණ නගරයක් බවට ක්‍රි.පූ. හාරසීයේදි පමණ තිබුණු බවට තොරතුරුත් හමුවුණා.අපි ශිව දේවාලය සදහා භාවිතා කළ අත්තිවාරම හා සම්බන්ධ මවු පාෂාන පිරික්ෂීමේදී අපට පෙනී ගිය කරුණක් නම් වෙනත් ස්ථානයකින් ගෙනෙන ලද ඔප දමා කැටයම් කරන ලද ගල් පුවරු භාවිත කර තමයි මෙම හින්දු දේවාලය ක්‍රි.ව.දහවන සියවසේ දී ඉදි වන්නේ.චෝලයන් විසින් පෙර ගොඩනගනලද ගොඩනැගිල්ලක අවශේෂ මත මෙය ගොඩ නගා ඇති බව පෙනී යනවා.ඊට අමතරව ඇතුළු නුවර ස්ථාන දෙකක කළ කැනීම්වලිනුත් මෙම ස්ථානයෙන් ලැබුණු එම්.ඩී.ටී.කැබලි හමුවී තිබෙනවා.ඒ අනුවත් අපට කියන්න පුලුවන් පොලොන්නරුව ක්‍රි.පූ.හාරසිය වන විටත් ජනාවාස පසුබිමක් තිබුනා කියන කාරණය.
මේ ස්ථානය අවට සිදුකළ ගවේශන අනුව මෙගලිතික සොහොන් හතරක් අපට හමුවී තිබෙනවා.මෙම ස්ථානවල කාල නිර්ණය තවමත් හරි හැටි කර නැතත් යටත් පිරිසෙයින් ක්‍රි.පූ.හයසීය හත්සීය තරම් ඈතට යනවා.ඉබ්බන්කටුව වැනි ස්ථාන අනුව බැලීමේ දී අනෙක් අතට යකඩ කර්මාන්තය,වීදුරු කර්මාන්තය පිළිබදව තොරතුරු අපට ලැබී තිබෙනවා.එතකොට පොලොන්නරුවේ ඉතිහාස කතාව ඒතොරතුරු සමග ආදේශ කරන්න හැකි වේවි.තවත් වසර තුනක් මේ කැනීම් සිදු වෙනවා. ඒතකොට එය අපට අනාවරණය කරගන්න පුලුවන් වේවි යයිද පැවසීය.
-Wasantha Kasthuriarachchi