සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණියේ ගැබිනි මවුවරුන් 100කට වියළි ආහාර සහ උපකරණ

    ජූලි 26, 2024

    කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 100 දෙනෙකු උදෙසා රුපියල් ලක්ෂ 17ක වටිනා කමින් යුත් පෝෂණීය වියළි ආහාර ඇතුළු උපකරණ ලබාදීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද (26) පැවැත්විණ.

    කැලණිය ප්‍රාදේශීය සභා අරමුදල් යටතේ මව්වරුන්ගේ පෝෂණීය අවශ්‍යතා සපුරාලීම තුළින් නීරෝගී සම්පන්න දරුවෙකු ලොවට දායාද කිරීමට සවියක් වීමේ අරමුණින් කැලණිය ප්‍රාදේශීය සභාව මගින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබිණ.

    එහිදී අලුත උපන් දරුවෙකු සඳහා අත්‍යාවශ්‍ය උපකරණ සහ සහල්, මුං ඇතුළු පෝෂණීය ධාන්‍ය, කිරි පිටි ද සහිත වියළි අහාර ප්‍රදානය කෙරිණ.

    එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඊ.එල් සුභසිංහ යන මහත්ම මහත්මීන් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya