අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ඇරඹේ - රැකියා අවස්ථා දහස් ගණනක්

    ජනවාරි 05, 2017

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත විශාලතම ටයර් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි පස්වැනි දින, හොරණ, වගවත්ත ආයෝජන කලාපයේ දී සිදු කෙරිණි.

    මෙම නව ටයර් කර්මාන්තශාලාව වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජනය රුපියල් බිලියන 11.25කි. ටයර් නමින් මෙම නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කෙරේ.

     

    රජයේ නව ආයෝජන ප්‍රවර්ධන ව්Sඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක රිජිට් ටයර් පුද්ගලික සමාගම සමඟ එක්ව තැබූ දැවැන්ත කර්මාන්ත ඉදිරි පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය.

     

    ජාත්‍යන්තරයේ ඉහළම පිළිගැනීමක් තිබෙන යුරෝපීය මරන්ගෝනී සමාගමේ තාක්ෂණික සහයෝගය ලබන ශ්‍රී ලාංකික ටයර් නිෂ්පාඩහකයෝ ද වෙයි. මෙම නව ටයර් කර්මාන්තශාලව මඟින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තුන්දහසකට අධික ප්‍රමාණයකට රැකියා අවස්ථා විවර වෙයි.

     

    නව ටයර් කර්මාන්තශාලාවට ආරම්භ කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීම මත සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් සිදු කරන්නකි.

    මෙය මෙරට ඉදි කෙරෙන අංග සම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලවකි.විදේශ විනිමය ඉපයුම ඉහළ යාම, රැකියා නියුක්තිය වර්ධනය, රටේ ධනය පිටරට ඇදීයාම අවම කිරීම, ගෝලීය අවශ්‍යතාවන්ට ගැළපෙන පුහුණු ශ්‍රමිකයින් නිර්මාණය කිරීම, ස්වාභාවික රබර් සඳහා අගය එකතු කිරීම, රබර් වගාකරුවන්ගේ ජීවන තත්ත්වය නැංවීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෙළඳපොළට නිකුත් වන නිෂ්පාදන හරහා විදෙස් වෙළඳපොළ ආකර්ෂන්ය කරගැනීම, යටිතල පහසුකම් නැංවීම තුළින් දෙස් විදෙස් ආයෝජකයින්ට අප රටේ ආයෝජනය කිරීම පිළිබඳ විශ්වාසය ගොඩනැගීම යනාදී ප්‍රතිලාභ රැසක් මෙයින් අපේක්ෂිතය.


    ටයර් කර්මාන්ත සංකීර්ණය ඉදිකිරීමට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් නැංවීම සිදු කෙරෙන අතර එමඟින් ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට හැකිවෙයි.එමෙන් ම රබර් වගාවට ප්‍රචලිත කලාපයක කර්මාන්ත ශාලාව පිහිටවන බැවින් රබර් වගාකරුවන්ට සිය නිෂ්පාදනවලට  වැඩි වටිනාකමක් ලබාගැනීමට අවස්ථාව උදා වෙයි.

     

    ටයර් නිෂ්පාදනයට අමතරව ස්වාභාවික රබර් සඳහා අගය එකතු කිරීම පෙරදැරිව වෙනත් අංශ කීපයක්ම ස්ථාපිත කිරීමට පියවර ගැනේ.ජාත්‍යන්තර කැනීම් කර්මාන්තයේ භාවිතවන අධික බරට ඔරොත්තු දිය හැකි ඉහළ ශක්තියකින් යුතු  අධිපීඩන සහ තෙල් ආකර ආශ්‍රිතව විශාල ඉල්ලුමක් ඇති අධිපීඩන Conveyor Belts හයිඩ්‍රොලික් පයිප්ප විශේෂ වෙයි.

     

    හරිත කර්මාන්ත සංකල්පය අනුව  යමින් මෙම ටයර් කර්මාන්ත සංකීර්ණය ඉදිකිරීමට යෝජිතය.නවීන යුරෝපා තාක්ෂණය,නිපුන වෘත්තීමයභාවය,පරිසර හිතකාමී බව නිෂ්පාදන විවිධාංගීකරණය හා ගුණාත්මකබව යනාදී සියල්ල මඟින්  දෙස් විදෙස් වෙළඳපොළ ජයගැනීම ප්‍රධාන අරමුණක් වන අතර ටයර් කර්මාන්ත සංකීර්ණය වසර එක හමාරක් තුළ ඉදිකර අවසන් කිරීමට සැළසුම් කර තිබේ.

     

    සටහන- ප්‍රභාත් රත්නායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya