ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය ජුනි 30 දා

    ජූලි 26, 2024

    ඉස්ලාමාබාද්නුවර දී 2024 ජූලි 30 වැනි දින පැවැත්වීමට නියමිතශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් දරයි.

    ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය පැවැත්වෙනුයේ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන සහ පාකිස්තාන විදේශ ලේකම් මුහම්මද් සයිරස් සජාඩ් ක්වාසි යන මහත්ම මහත්මීන්ගේ සම සභාපතීත්වයෙනි. 

    මෙම උපදේශන මගින් ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය මෙන්ම ආර්ථික හා වෙළෙඳ, ආරක්‍ෂක සහ ආරක්‍ෂණ, අධ්‍යාපනය, සංස්කෘතිය, මාධ්‍ය සහ ක්‍රීඩා, කොන්සියුලර් කටයුතු, කෘෂිකර්මාන්තය සහ තාක්‍ෂණය වැනි සහයෝගිතා ක්ෂේත්‍රවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂා කෙරේ. 

    මෙම උපදේශනවලට සමගාමීව විදේශ කටයුතු ලේකම්වරිය පාකිස්තාන නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය මුහම්මද් ඉෂාක් දාර් මහතා බැහැ දැකීමට ද නියමිතය. 

    ශ්‍රී ලංකා නියෝජිත පිරිසට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් රවීන්ද්‍ර.සී.විජේගුණරත්න මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඇතුළත් වෙති

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන අවසන් වරට (6 වැනි වටය) 2020 දෙසැම්බර් මාසයේ දී මාර්ගගතව පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya