සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    HelpAge අක්ෂි රෝහලින් නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 50,000 ක්

    ජූලි 26, 2024

    වයස්ගත වැඩිහිටි ජනතාවගේ සෞඛ්‍ය, මානසික, ආර්ථික   ආරක්ෂණය වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන පුණ්‍ය ආයතනයක් වන “HelpAge” පුණ්‍ය ආයතනය වැල්ලවත්ත පිහිටි “HelpAge” අක්ෂි රෝහලින් නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම 50,000 ක් සිදු කිරීමේ සැමරුම් උත්සවය අද (26) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත “HelpAge”  අක්ෂි රෝහලේ දී පැවැත්විනි.

    ඇසේ සුද මතුවීමේ රෝග හේතුවෙන් මෙරට වයස්ගත ජනතාව වැඩි වශයෙන් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සදහා යොමුවන අතර “HelpAge” පූණ්‍ය ආයතනය විසින් එම වයස්ගත ජනතාව වෙනුවෙන් නොමිලයේ මෙම ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කර ඇත.

    වැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාපිතව ඇති “HelpAge” අක්ෂි රෝහල 2009 වසරේ ආරම්භ කර ඇති අතර, වැඩිහිටි ජනතාව වෙනුවෙන් ආරම්භයේ සිටම මෙම ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම නොමිලේ සිදු කර ඇති අතර, ඒ අනුව අද වන විට අක්ෂි ශල්‍යකර්ම 50,000 සීමාව පසු කිරිමට හැකියාව ලැබී ඇත.

    අද දින අක්ෂිකාච සැත්කම් 50,000 සම්පූර්ණ කරමින් මෙම රෝහල දුප්පත් වැඩිහිටි ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන මෙම සේවාව ඉතාමත් අගය කළ යුතු බවත්, මෙම වැඩසටහනකට සුමිත්‍රයෝ පදනම ද දායකත්වය ලබා දී ඇති බවට මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

    1990 වර්ෂ වල වැඩිම වයෝවෘද්ධ ජනතාවක් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකූබවත්, මානසික ආතතියෙන් පෙලෙන වැඩිහිටි ජනතාවක් ඉන්න රටක්, සියදිවි හානි කර ගන්නා  වැඩි ප්‍රමාණයක් සිටින රටක් ලෙසත් ශ්‍රී ලංකාව සැලකෙන බව ද පැවසීය. එමෙන්ම අධික රුධිර පීඩන රෝගීන්, දියවැඩියා රෝගීන් වැඩියෙන්ම සිටින රටක්  ලෙසත් ශ්‍රී ලංකාව සැලකෙන බව ද ඒ මහතා පැවසීය.

    එවැනි වැඩිහිටි ජනගහනයකට රජයේ අනුග්‍රහයකින් තොරව මෙම රෝහල විසින් සපයන සේවාව අතිමහත් බවත්, රජයේ අනුග්‍රහය නොලබමින් දිළිඳු ජනතාව වෙනුවෙන් සේවය සපයන රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස “HelpAge”   ආයතනය සපයන සේවාව නැවත නැවතත් අගය කර සිටින බව ද පැවසීය. 

    ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම 50,000 ක් සිදු කිරිම මෙන්ම වැඩිහිටි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය වෙනු‌වෙන් කැප වු “HelpAge” ආයතනයේ සහ රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩල සදහා මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සේවාව ඇගයීමේ සහතිකපත් සහ මුල්‍ය ප්‍රදානයන් ද ලබාදෙන ලදි. 

    “HelpAge”පුණ්‍ය ආයතනය විසින් වැඩිහිටි ජනතාව සෞඛ්‍ය සම්පන්නභාවයෙන් ශක්තිමත් කිරිම වෙනුවෙන් නොමිලේ අක්ෂි සායන, ජංගම කඳවුරු මෙන්ම එම ජනතාවට ස්වයං රැකියා අවස්ථා ද ලබාදෙනු ලබයි. එමෙන්ම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යනු ලබයි. මෙම සියළු කටයුතු සදහා අරමුදල් සපයා ගනු ලබන්නේ ජනතාවගේ පරිත්‍යාග මුදල් වලින් වන අතර, ඒ සදහා දායකත්වය දැක් වූ සියළු ජනතාවට “HelpAge”ආයතනය මෙහි දී ස්තූතිය පුද කරනු ලැබිය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල, “HelpAge” ආයතනයේ සභාපති දේශබන්දු තිළක් ද සොයිසා මහතා, විධායක අධයක්ෂ සමන්ත ලියනවඩුගේ මහත් ඇතුලු “HelpAge” ආයතනයේ සහ රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya