අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවිධ වර්ගයේ නීති විරෝධී ආවේක්ෂණය සහ හිරිහැරවලට ලක්වීම පිළිබදව පැමිණිලි කිරීම සඳහා මහජනතාවට ඇති විවිධ යාන්ත‍්‍රණ

    මාර්තු 17, 2018
    මානව හිමිකම් ක‍්‍රියාකාරීන් ඇතුළුව මහජනයාට සිදුවන විවිධ හිරිහැර හා නීති විරෝධී කටයුතු සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණයවීම් වලට ගොදුරු වූ අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබදව නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් කලින් කලට මහජනයා දැනුවත් කිරීම සිදුකෙරේ.
     
    රටේ සියලූම පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිත භාවය තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවේ රජය නිරන්තරයෙන් බැදීසිටින අතර කිසියම් හෝ ආකාරයකින් මහජනතාවට එරෙහිව සිදුකරනු ලබන ක‍්‍රියා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පවතින නීති රාමුව තුළ හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
    එබැවින්, කිසියම් හෝ පුද්ගලයෙකු බියවැද්දීමකට ලක්කිරීමක් හෝ එවැනි බියවැද්දීමකට ලක්වූ බව දැනුවත් වූයේනම්, කිසියම් හෝ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් හිරිහැරයට ලක්වූයේනම් පහත ස`දහන් එක් යාන්ත‍්‍රණයක් හෝ සියල්ල හෝ ඔස්සේ පැමිණිලි කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වනු ලැබේ.
     ජාතික පොලිස් කොමිසම - 1960 (ක්ෂණික ඇමතුම්), 0115 107 722
     ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම - 1996 (ක්ෂණික ඇමතුම්), 0112 505 575
     ශ‍්‍රී ලංකා පොලීසියේ විශේෂ පරීක්ෂණ ඒකකය - 119 (ක්ෂණික ඇමතුම්)
     පොලිස්පතිට කියන්න - මාර්ගගත පැමිණිලි සඳහා - www.telligp.police.lk

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya