අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍යයේ සමාජීය කාර්යභාරය - පුළුල් සංවාදයක් අවශ්‍යයි - සමජ මාධ්‍ය පිටුපස සිටින පුද්ගලයාට ආචාර ධර්ම හා නීතිරීති තිබිය යුතුයි

    මාර්තු 14, 2018

    සමාජ මාධ්‍ය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ විවිධ ස්ථරවල සාකච්ඡාවට ලක්ව තිබේ.

    පසුගියදා මහනුවර සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන්  ඇතැම් සමාජ මාධ්‍ය හැසිරුණු ආකරය සම්බන්ධයෙන් ද  රජයේ අවධානය යොමු විය. සමාජය තුළ ජාතිවදී හැඟීම් ඇවිස්සෙන, තර්ජනාත්මක, අපහාසාත්මක ප්‍රචාර ඇතැම් සමජ මාධ්‍ය හරහා ප්‍රචරය වීම වැලැක්වීමටත්, සමාජ දේහය තුළ සාමය, ආරක්ෂාව මෙන්ම සමාජ සාධරණත්වය තහවුරු කිරීම පිණිසත් සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිතා කළ යුතු බවට ද සමාජයේ කතාබහක් ඇතිව තිබේ.

    සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිතා කිරීමත්, සමාජ සංවර්ධනය, සුරක්ෂිතභාවය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ සමාජ වගකීම පිළිබඳව සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය පිළිබඳ විද්වතුන් කීපදෙනෙකු රජයේ නිලපුවත් වෙබ් අඩවියට මෙසේ අඳහස් දැක්වීය.

     

    සමජ මාධ්‍ය පිටුපස සිටින පුද්ගලයාට ආචාර ධර්ම හා නීතිරීති තිබිය යුතුයි- ආචාර්ය ටියුඩර් වීරසිංහ

     

    Tudor Weerasingheසමාජ මාධ්‍ය අන්තර්ගතය නියාමනය කළ යුතු බවත් සමාජ මාධ්‍ය පිටුපස සිටින පුද්ගලයාට ආචාර ධර්ම හා නීතිරීති තිබිය යුතු බවත් නිසි ප්‍රමිතියට නොමැති නම් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ගැන කවුරුත් විරුද්ධ නොවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

    ''සමාජ මාධ්‍ය පුළුල් ලෙස පොදු මහජනතාව අතර භාවිතයට එන්නේ විසිවැනි සියවසේ ආරම්භයත් සමඟයි. මෙහිදී අඳහස් ,තොරතුරු,පණිවුඩ හුවමරුවේ දී සම්ප්‍රදායික මාධ්‍ය යාන්ත්‍රණය වෙනස් වී නව තාක්ෂණය සමඟ මාධ්‍ය භාවිතය වෙනස් වුණා.''

    ''මෙය සමාජය හඳුනාගන්නේ නව මාධ්‍ය මෙවලමක් ලෙසයි. මෙම නව මාධ්‍ය මෙවලම තුළ ''ෆෙස් බුක්'',''ට්විටර්'' වැනි සමාජ මාධ්‍ය උපාංග බිහි වුණා. එහෙත් එම මාධ්‍ය තුළ අන්තර්ගතයේ වෙනසක් දකින්නට නෑ. තාක්ෂණික වශයෙන් සිදුව තිබෙන නවීනත්වය පමණයි.''

    ''ඕපදූප, කේලම්, කටකතාවලට සාම්ප්‍රදයික සමාජයෙත්  නීතිරීති තිබුණා. සමාජය එවැනි දේ ප්‍රතික්ෂේප කළා. එදා සමාජය පැනවූ නීති රීති ආචාර ධර්ම නව මාධ්‍ය වෙත ආදේශ කිරීමයි කළ යුත්තේ. මාධ්‍ය මෙවලම්වලට ආචාරධර්ම නෑ. ඒ පිටුපස සිටින පුද්ගලයාට ආචාර ධර්ම හා නීතිරීති තිබිය යුතුයි.''

    'වර්තමාන සමාජය තුළ තාක්ෂණයෙන් සඟවන්නට කිසි දෙයක් නෑ. රහස්‍යභාවය අඩුයි. එසේ කළත් එය ප්‍රායෝගික නෑ. එය එක්තරා ආකරයක වියදම් අධික ක්‍රියාවලියක්.''

    ''අද සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන පණිවුඩවලට අයිතිකරුවෙක් නෑ. සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන පණිවුඩවල අයිතිකරුවන් හෝ බලවේග හඳුන්වාදිය යුතුයි. ඒ සඳහා ක්‍රමයක් අවශ්‍යයි. එතැනටයි නීතිය හා ආචර ධර්ම ක්‍රියාත්මක විය යුත්තේ. අද සමාජ මාධ්‍යවල ප්‍රවෘත්තිය මූලික න්‍යයයන්වත් ක්‍රියාත්මක වන්නේ නෑ. කවුද? කොහේද? කියන මූලික මූලධර්මවත් ක්‍රියාත්මක නෑ. සමාජ මාධ්‍ය අන්තර්ගතය නියාමනය කළ යුතුයි. මේ තත්ත්වයන් හඳුනගෙන සුදුසු ලෙස මාධ්‍ය ආචාර ධර්ම හා නීති රීති බලාත්මක කළ යුතුයි. මාධ්‍ය භාවිතාවන් නෛතික හා ප්‍රමිතීන්ට යුක්තද? කියා සොයා බැලිය යුතුයි. නිසි ප්‍රමිතියට නොමැති නම් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ගැන කවුරුත් විරුද්ධ වන්නේ නෑ.''

     

    සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරයේ ගැටළු ගණනාවක් තිබෙනවා 

     

     

    frediසමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරයේ ගැටළු ගණනාවක් තිබෙන බවත් මේ වෙනුවෙන් පුළුල් සංවාදයක් ගොඩ නැඟිය යුතු බවත් වෘත්තීය වෙබ් මාධ්‍යකරුවන්ගේ සංගමයේ සභාපති ෆෙඩී ගමගේ මහතා සඳහන් කරයි.


    ''අපේ රටේ මිලියන 6ක් පමණ සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස අතර 60% ක් පමණ සිටින්නේ තරුණයින්. ඔවුන් සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරයේ ගැටළු ගණනාවක් තිබෙනාවා.''

    ''මේ වෙනුවෙන් පුළුල් සංවාදයක් අපි ගොඩ නැගිය යුතුයි. Ethical Social Media කියන සංකල්පය අපි දියුණු කර ගන්න ඕන. වෛරී ප්‍රකාශ සමාජ ජාල තුළ පතුරවන පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබා දිය යුතු අතර අනෙක් පැත්තෙන් මෙම Ethical Social Media සංකල්පය දියුණු කළ යුතුය.''

    ''අචාර ධර්මික සමාජ මාධ්‍ය කලාවක්'' ගොඩ නැගීමට FACE TO FACEBOOK නමින් වෙබ් සංගමයක් අපි ආරම්භ කළා. මේ සංවාදය අපි රට පුරාම ප්‍රචලිත කරන්න ඕන. ''

     

     

     

    සමාජ මාධ්‍ය මඟින් අඳහස් ප්‍රකාශ කිරීමේ දී එය වගකීම් සහිතයි

     



    indikaසමාජ මාධ්‍ය මඟින් අඳහස් ප්‍රකාශ කිරීමේ දී එය වගකීම් සහිත විය යුතු බව ජෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු,තාක්ෂණික උපදේශක, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ඉන්දික ගමගේ මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්විමේ දි තාක්ෂණික පැත්තක් තියෙනවා. මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීම සමාජ ජාලාවලින් වෙන දෙයක්. හැබැයි මේ අදහස් ප්‍රකාශ කිරිමෙන් සමාජයට විතරක් නෙමෙයි රටට ම විශාල බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරිමේ දි ඉතාමත් වගකීම් සහගත විය යුතුයි.90 දශකයෙන් පසු පරම්පරාව ජාතිවාදයට නැඹුරුතාවය වැඩිවිමක් දක්නට ලැබෙනවා. උදාහරණයක් විදියට පසුගිය සිද්ධින්වල දි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ වසර 1990 හා 2000 පසු පරම්පරාවේ අයයි.

    මේ සම්බන්ධයෙන් මිනිසුන් දැනුවත් කිරිමක් අනිවාර්යයෙන් ම සිදුවෙන්න ඕන. දේශපාල‍ඥයින්ට වගේ ම අපේ රටේ අධ්‍යාපනඥයින්ට ද වගකිමක් තියෙනවා. පාසල් විෂය මාලාවක් ජාතිකත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දිමක් සිදු කරන්න ඕන. රජය කළ යුත්තේ සමාජය බල ගැන්විමයි. මේ ප්‍රශ්නයට සමාජ විද්‍යඥයින් හා අධ්‍යාපනඥයින් මැදිහත්විම සිදු කළ යුතු වෙනවා.

     

     

     


    තාක්ෂණය ගැන දනුම තිබුනත් භාවිතා කිරීම දන්නේ නෑ

     

    amali uthpala nandasiriතාක්ෂණය ගැන දැනුම තිබුණත් එය භාවිතා කරන්නේ කෙසේ දැයි බොහොමයක් නොඳන්නා බව කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ඒකකයේ කථිකාචාර්ය අමාලි උත්පලා නන්දසිරි මෙනවිය පවසයි.

    ''සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ නව මාධ්‍ය තුළින්. ඒ කියන්නේ පරිගණකය හෝ ජංගම දුරකතනය තුළින්. පත්තර, ගුවන් විදිලුය, රූපවාහිනිය මේ හැම ස්වරූපයක්ම නව මාධ්‍ය තුළ තිබෙනවා. සමාජ මාධ්‍ය බොහොම වේගවත්. සමාජ මාධ්‍ය තුළ බහු මාධ්‍ය තියෙනවා. මේව බොහොම ප්‍රබලයි. වේගය ඉතා වැඩියි. මෙහි වේගය ඉතා  වැඩි නිසා ප්‍රතිචාර දැක්වීමත් ඉතා වේගවත්. තාක්ෂණය ගැන දැනුම තිබුණත් එය භාවිතා කරන්නේ කොහොමද කියල බොහොමයක් දන්නේ නැහැ.''

    ''අපේ සංස්කෘතිය තුළින්, ආගම තුළින් සමාජයේ ජීවත් වන හැටි අපට උගන්වනවා. අපට ආවේග තිබුණත් ඒ ආකාරයෙන්ම මුදා හරින්න නරකයි. සාහිත්‍ය, ක්‍රීඩාව වගේ දේවල් වලින් අපට උගන්වන්නේ මේ අධ්‍යාත්මික දේවල්. නමුත් අපි මේ සියල්ල් අමතක කර මුදල්, බලය, ධනය සොයනවා. අපිට සමාජ වගකීමක් තිබෙනවා, සමාජීය මාධ්‍ය ගැන. මේවට තිබෙනවා රංචු හැකියාව. තරුණ ජීවිත තමයි මෙම නිසා අනතුරට ලක් වෙලා තිබෙන්නේ. මාධ්‍ය භාවිතයේදී අපට තිබෙනව වගකීමක් සහ වගවීමක්.මාධ්‍ය භාවිතයේ ඇති වේගවත් බව සහ අපේ හැගීම් වඩාත් ඉක්මනට ප්‍රකාශ කරන්න පුළුවන් නිසා අපි මේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා.නමුත් තොරතුරු ලබා දීම ගැන වගකීමක් සහ වගවීමක් නැහැ. වයස් මට්ටමක් නොතකා ඕනම කෙනෙකුට මෙයින් තොරතුරු දැක බලා ගන්න පුළුවන්. මේව අපේ හෘද සාක්ෂිය සම්බන්ධ ගැටළු. අපි මේවා පිළිබඳව හිතන්න ඕන. අපි ළග විනයක් තියෙන්න ඕන. මේ සමාජ මාධ්‍ය වල අපට තියෙන අවබෝධය අපට තිබෙන වගකීම සහ වගවීම, තාක්ෂණය දැනි සිටියාට විතරක් මදි.''  

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya