එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුවිගන්ෂාම් මහත්මිය විසින් ගුවන්තොටුපළේදී ජනාධිපතිතුමා මහත්හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත්සිං මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද ඒ අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිතුමා නවාතැන් ගන්නා ටාජ්හෝටලයේදී ද තානාපති කාර්යමණ්ඩලය විසින්ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් සූදානම්කර තිබිණි.
ජනාධිපතිතුමාගේ මෙම දෙදින නිල සංචාරය සඳහා අමාත්‍ය නිමල්සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටි.