අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුයි - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

    ජූලි 30, 2018

    නිෂ්පාදන ආර්ථිකයක් ඇති කර අපේ රටට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය අඩු කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව එක්ව සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාව ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    ''රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාර හවුල්කාරීත්වය හා සංවර්ධන ඉලක්ක''මැයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහාතා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී තම අඳහස් පළ කළේ ය.

    දේශනයේ දී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා;

    1948 අපේ රට නිදහස ලබා ගෙන මේ අවුරුදු 70 තුළ, රටේ ආදායමට වඩා වියදම අඩු වෙලා තිබෙන්නනේ වසර 02ක් පමණයි. ඒ 1954 සහ 1955 වසරවලයි. වසරකම වසර 68 ම අපේ රටේ ආදායමට වඩා වියදම වැඩ වෙලා තිබෙනවා.1954 වසරේ දි ආනයන ඩොලර් මිලියන 246ක් වෙද්දී අපනයන ආදායම ඩොලර් මිලියන 296 ක්. ඩොලර් මිලියන 50ක වාසියක් තිබිල තිබෙනවා.ඒත් මේ ආනයන අපනයන වලින් දැන් තිබෙන්නේ අවාසියක්. ඉතින් මෙවැන් තත්ත්වයක් තුළ අපේ රට ඉදිරියට අරන් යන හැටි ගැන දේශපාලඥයින් කතා කරනවා. විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ගැන. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරලා අපේ රටට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය අඩු කළ යුතුයි.

    මේ සඳහා යම් යම් රජයවල් ඇවිත් විවිධ යෝජනා ගෙනාවත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ.

    අපේ රටට වර්ග කිලෝ මීටර් 65,000ක් තිබෙනවා. පළාත් 9ක් දිස්ත්‍රික්ක 25ක් ග්‍රාමසේවා වසම් 14020, ගම් 39000 පවුල් පනස් දෙලක්ෂයක් තුළ තුළ ජනතාව දෙකෝටි දාහතර ලක්ෂයක් ඉන්නවා.මේ රටේ ඉන්න මෙම පවුල් පනස් දෙලක්ෂය ජිවත් කිරිම තමයි රජයක යුතුකම වන්නේ.

    මේ රටට ආදයම් ලැබෙන ක්‍රම මොනවාද? සෘජු සහ වක්‍ර බදුවලින් තමයි,අපට ආදායම් ලැබෙන්නේ. නමුත් කියන්න කණගාටුයි, අපි බලයට එන විට අපේ රටේ සෘජු බද්ද 16%ක් සහ වක්‍ර බද්ද 84%ක් වුණා.

    මේ රට මැදි ආදායම් ලබන රටක සිට ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරිමේදී රජයක් විදියට අපට විශාල වැඩකොටසක් කරන්න තිබෙනවා. අපට මෙහිදී ජනතාව ආකර්ෂණය වන ජනප්‍රිය යෝජනාවල් කරන්න බැරි වෙනවා. ඒත් අපි කෝටි ලක්ෂයක බැණුම් ඇහුවා. අපි බලයට එද්දි තිබූ සමස්ත බදු ලිපි ගොනු ගණන 690000ක්. ඒ බදුවලින් තමයි, අපි ආදායම් ඉපැයුවේ.

    යුද්ධයක් නිසා අපේ රට අවුරුදු 30ක් ආපස්සට ගියා. දැන් හැදෙන්නේ මිට අවුරුදු 25කට 30කට කළින් හැදෙන්න ඕන අධිවේගී මාර්ග.ලෝකෙන්ම පෝසතෙක් විදියට හඳුන්වන බිල් ගේට්ස්ගේ ආදායමට වඩා අඩුයි අපේ මුළු රටේම ආදායම. ඉතින් මේ ප්‍රශ්න විසඳගෙන තමයි අපි යන්නේ.ඒකයි අපි කිව්වේ 2025 දී පොහොසත් රටක් කියලා. ගිය අයවැයෙන් ''එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා'' වැඩසටහන ආරම්භ කළා. ව්‍යවසායකයෝ ලක්ෂයක් බිහි කළා.

    අපි දැන් උපාධිදාරින්ට ලක්ෂ 15ක ණයක් දෙනවා. හොඳ ව්‍යාපෘතියක් දුන්නොත් පොළි රහිතව ඒ ණය ලබා දෙනවා. මම නියෝජනය කරන ප්‍රවාහන අමාත්‍යංශයේ ස්කූල් වෑන් තිබෙන අයට ලක්ෂ 40ක් දුන්නා බස් එකක් ගන්න. පොළිය 3.5%. කුකුල් මස් වගේ පොඩි පොඩි ව්‍යාපාර කරන අයට ඩී පිෂර් එකක් ගන්න දෙනවා.මාධ්‍යවේදීන්ට ලක්ෂ 3ක් දෙනවා උපකරණ ගන්න පොළී රහිතව. මෙහෙම කරන්නේ මේ රටේ ව්‍යවසායකයෝ ඇති කරලා මේ රට ඉදිරියට අරන් යන්නයි. එ සඳහා තමයි අපනයන කළාප ආරම්භ කරල අපනයන කවුළු අරඹද්දී බාධක එනවා. ඒක නතර කරන්න බැහැ. බලය ගිලිහිලා ගිය අය බලය ලබා ගන්න එනවා. මමත් පුද්ගලිකව හිතුවා, මේ ආණ්ඩු දෙක එකතු වුණහම කිසි ප්‍රශ්නයක් නැතිව මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් කියලා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya