නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වයංපෝෂිත යුගයකට මඟ කියන දියවර ලකුණ

    ජූලි 23, 2018

    ‘‘ස්වයංපෝෂිත යුගයකට මඟ කියන දියවර ලකුණ’’ අද මොරගහ කන්ද - කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ දියවර රැුඳවුම් මංගල්‍යය සහ මොරගහකන්ද - කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීමේ මහා මංගල්‍ය සිදු වෙනවා. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප‍්‍රධානත්වයෙන්. ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද උදෑසන 09.00ට ලග්ගල - කළු ගඟ වේල්ල අබියසදීයි මේ ඓතිහාසික මහා මංගල්‍යය සිදුවෙන්නේ.

    ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අප‍්‍රහිත ධෛර්යය හා කැපකිරීම මත ආරම්භ වූ මොරගහකන්ද - කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතිය එතුමාගේ ඍජු හා පෞද්ගලික අධීක්ෂණය මතයි ක‍්‍රියාත්මක වන්නේ. ඉතා කොටි කාලයක් තුළ මෙවැනි අති දැවැන්ත සංවර්ධන සංග‍්‍රාමයක් අති සාර්ථක ලෙස ජයග‍්‍රහණය කරා ගමන් කෙළේ ජනාධිපතිතුමාගේ මේ මඟපෙන්වීම හේතුවෙනුයි.


    මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් දුම්බර මිටියාවත අස්වද්දමින්*ුමදඑත රජරට, කඳුරට පමණක් නොව නැගෙනහිර, වයඹදිග වගාබිම් දක්වා ද රන්දියවර ගලා යාමට නියමිතයි. එමගින් කෘෂිකාර්මික කටයුතු පමණක් නොව වාපි සංවර්ධනය, ජල විදුලි බල උත්පාදනය,ත සංචාරක ක්ෂේත‍්‍රය, වන සංකරක්ෂණය*ුමදඑත ආහාර සුරක්ෂිතතාව, නගර නිර්මාණය ආදී විවිධ ක්ෂේත‍්‍ර පුබුදුවාලන යුගයේ මහා වාරි ප‍්‍රාතිහාර්යය සිදු වීමට නියමිතයි. 

    පසුබිම


    ශ‍්‍රී ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයේ දැවැන්තම වාරි කර්මාන්තය ලෙස මොරගහකන්ද - කළු ගඟ මහා ජාලාශ ව්‍යාපෘතිය අභිෂේක ලබා තිබෙනවා. මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘතියට එකී කිරුළට හිමිකම් කීමට හැකි වුණේ ඒ හා බැඳී පවතින අනගිභවනීය කරුණු කිහිපයක් නිසයි. ශ‍්‍රී ලංකාවේ විශ්මිත වාරි කර්මාන්තය ලෙස අභිෂේක ලබා තිබෙන පරාක‍්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයක් විශාල මොරගහකන්ද - කළු ගඟ ජලාශයේ ධාරිතාවය අක්කර අඩි 660,000ක්.මේ සඳහා රුපියල් කෝටි 23,000ක් ආයෝජනය කර තිබෙනවා. මොරගහකන්ද - කළු ගඟ මහා ජලාශයේ රඳවා ගන්නා මේ දැවැන්ත ජල කඳ මගින් අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, ත‍්‍රිකුණාමලය, කුරුණෑගල දිස්ත‍්‍රික්කවල ලොකු කුඩා වැව් 1551ක් පෝෂණය වෙන බව මහවැලි අධිකාරිය පවසනවා, ඒ ඉහළ ඇළහැර ව්‍යාපෘතිය මගින් වැව් 1200ක්. වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් වැව් 303ක්. මැදිරිගිරිය සංවර්ධන ප‍්‍රදේශ තුළ වැව් 32ක් හා ලග්ගල සංවර්ධන ප‍්‍රදේශය තුළ වැව් 16ක් වශයෙන්. මෙම ප‍්‍රදේශවල ජීවත් වන 100,000කට අධික ගොවි ජනතාවට අවශ්‍ය වාරි ජලය වසර පුරා ගොවිතැන් කටයුතු සඳහා සැපයීමත්, පිරිසිදු පානීය ජලය ලබා දෙමින් ජනතාව සමෘද්ධිමත් මෙන්ම නීරෝගීමත් පරපුරක් බවට පරිවර්තනය කිරීම ද මේ ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාවක් වෙනවා. ලංකාවේ වාර්කර්මාන්ත ඉතිහාසය තුළ මෙවැනි පුළුල්භාවයක් හා සුවිශාලභාවයක් මීට පෙර කිසිඳු යුගයක වාර්තා වී නැහැ.


    කළු ගඟ ජලාශය


    කළු ගඟ ජලාශ වේල්ල ඉදිකිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය 2016 වසරේ ජූලි 25 වැනිදා මුල්ගල තබා නිදන් වස්තු තැන්පත් කළා. අඹන් ගඟ හරස් කර ඉදිකර මොරගහකන්ද මහා ජලාශයට ජලය සැපයෙන අතිරේක ව්‍යාපෘතියක් ලෙස කළු ගඟ ජලාශය ක‍්‍රියාත්මක වෙනවා. කළු ගඟ ජලාශයේ ධාරිතාවය ඝන මීටර් මිලියන 248ක්.එහි පස් පුරවන ලද ගල් වේල්ල ( ප‍්‍රධාන වේල්ලේ පළල උස මීටර් 68කින් ද දිග මීටර් 568කින් ද යුතු වෙනවා.අනෙක් වේල්ල (සැලදි වේල්ල පළලා මීටර් 28ක් උස වන අතර එහි දිග මීටර් 719ක් බවයි මහවැලි සංවර්ධන අධිකාරිය පවසන්නේ. මේ වේලි ඉදිකිරීම සඳහා කුවේට් සංවර්ධන අරමුදල (ඩොලර් මිලියන 33. 13) සෞදි සංවර්ධන අරමුදල (ඩොලර් මිලියන 46ක්) ඔපෙක් ජාත්‍යන්තර අරමුදල (ඩොලර් මිලියන 16ක්) හා ශ‍්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 16.52ක ප‍්‍රතිපාලන ලබා දී තිබෙනවා.

    මොරගහකන්ද - කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතිය හා සම්බන්ධ උමං මාර්ග පද්ධතිය පිළිබඳව මේ වන විට ජනතාවගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඒ ලංකාවේ ඉදිවන දිගම උමං මාර්ග පද්ධතිය එය වන නිසයි. ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය - මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය විසින් නිකුත් කර ඇති වාර්තා අනුව ‘‘ඉහළ ඇළහැර ව්‍යාපෘති ඇළ, මහකනදරාව දක්වා කිලෝමීටර 94ක් දිග ඇළ මාර්ගයේ කිලෝ මීටර් 26ක් දිග උමං මාර්ගයක් තිබෙනවා.එය ශ‍්‍රී ලංකාවේ ඉදිවන දිගම උමං මාර්ගය බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව කළු ගඟ සිට මොරගහකන්ද දක්වා කිලෝමීටර් 9ක් දිග ඇළ මාර්ගයේ කිලෝ මීටර් 7.85ක උමං අළ මාර්ගයක් තිබෙනවා.


    ඍජු ප‍්‍රතිලාභ
    මොරගහකන්ද - කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතිය මගින් රටට හිමිවන ප‍්‍රතිලාභ,
    1. ඍජු ප‍්‍රතිලාභ
    2.අමතර ප‍්‍රතිලාභ
    3. වක‍්‍ර ප‍්‍රතිලාභ වශයෙන් වර්ග කර දැක්විය හැකියි.

    ඍජු ප‍්‍රතිලාභ තුළ කෘෂිකාර්මික සංවර්ධනය,මිරිදිය මත්ස්‍ය සංවර්ධනය සහ විදුලි බල උත්පාදනය තිබෙනවා.

    * කෘෂිකාර්මික සංවර්ධනය : දීර්ඝ කාලයක් පුරා ජල හිඟයෙන් පීඩා විඳිමින් සිටින ලංකාවේ ප‍්‍රධානතම කෘෂිකාර්මික කලාපයට අයත් හෙක්ටයාර් 82,000ක් සඳහා යල-මහ දෙකන්නයේ ම වාරි ජලය සැපයීමට හැකිවීම මෙහි ප‍්‍රධානතම ප‍්‍රතිලාභයයි. විවිධ ප‍්‍රදේශවල සියයට 100 සිට සියයට 154 දක්වා වන වගා තී‍්‍රව‍්‍රතාවයේ සාමාන්‍ය අගය සියයට 181 දක්වා ඉහළ නැංවීම මෙමගින් සිදුවෙනවා.

    මෙහි ඍජු ප‍්‍රතිලාභයක් ලෙස හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න ඉහළ යන අතර අතිරේක කෘෂිකාර්මික නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලැබෙනවා. මුළු කෘෂිකාර්මික වාර්ෂික ප‍්‍රතිලාභය රුපියල් මිලියන 4000ක් පමණ වනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

    * මිරිදිය සංවර්ධනය : ජලාශයෙන් වාර්ෂිකව මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන හැකියාව ටොන් 3000ක් ලබා ගැනීමට අපේක්ෂිතයි. එහි වටිනාකම රුපියල් මිලියන 225ක් ලෙස සැලකෙනවා.

    * විදුලිබල උත්පාදනය : මෙමගින් වාර්ෂිකව මො*ඃ39තග වොට් 25 විදුලි බල උත්පාදනයක් සිදු කරනවා. එමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336ක් පමණ වෙනවා.


    * අමතර ප‍්‍රතිලාභ-

    වස්ගොමුව වනෝද්‍යානය, ගිරිතලේ - මින්නේරිය වනෝද්‍යානය, නකල්ස් කඳුවැටිය ආශ‍්‍රිත රිවස්ටන්,පිටවල පතන හා සේර ඇල්ල ,දඹුල්ල පන්සල,දඹුල්ල අන්තර් ජාතික ක‍්‍රීඩාංගණය, කණ්ඩලම වැනි සංචාරක හෝටල් අතර මැද මොරගහකන්ද - කළු ගඟ ජලාශ ඉදිකිරීමත් සමග සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය ද පුළුල්වන බව පැහැදිලි කරුණක්.මෙමගින් මෙම ප‍්‍රදේශවල ජනතාවට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පුළුල් වෙළඳපොළක් ද රැකියා හා ව්‍යාපාරික අවස්ථාද බහුලව නිර්මාණය වෙනවා.


    * වක‍්‍ර ප‍්‍රතිලාභ-


    මෙම ව්‍යාපෘතිය මගින් සමස්ත ජනතාවටම වක‍්‍ර ප‍්‍රතිලාභ රැසක් හිමිවෙනවා. නවීන මාර්ග ඉදිකිරීම,විදුලිය සැපයීම, අධ්‍යාපනය පහසුකම් සැලසීම, සැලසුම්සහගත නගර නිර්මාණය, (ලග්ගල හා බිසෝපුර වැනි ) පොදු ජල පහසුකම් සැපයීම තුළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු වීම මෙහි වක‍්‍ර ප‍්‍රතිලාභ වශයෙන් සැලකිය හැකියි. ජලාශ ඉදිවීම හා පරිසර පද්ධතිය ක*ළමනාකරණය වීම තුළ පාරිසරික සංචාරක ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක වීම හා රැකියා අවස්ථා නිර්මාණය වීම ද මෙමගින් සිදුවන අනිවාර්යය සංවර්ධන ප‍්‍රතිලාභයක් වශයෙන් සැලකිය හැකියි. මොරගහකන්ද - කළු ගඟ ව්‍යපෘතිය මගින් නැවත පදිංචි කරන්නන් සඳහා සහ පරිසර කළමනාකරණ සැලසුම් රැසක් ක‍්‍රියාත්මක කර තිබීම අප අපගේ සුවිශේෂ අවධානයට ගත යුතු කරුණක්. මන්ද මීට පෙර ක‍්‍රියාත්මක වූ බෙහොමයක් දැවැන්ත සංවර්ධන වැඩසටහන්වලදී මේ හා සම්බන්ධ නොසකලකා හැරීම් ගැන ප‍්‍රබල විවේචනයක් ජනතාව තුළ තිබෙනවා.

    නැවත පදිංචි කරන ජනතාවගේ සංවර්ධනය
    මේ නැවන පදිංචි කරන්නන් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය හා අනෙකුත් පහසුකම් සැපයීම සඳහා පහත සඳහන් පියවර ගෙන තිබෙනවා.


    * ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වන පවුල් 3000කට ආසන්න සියලූම පවුල් සඳහා අහිමි වන දේපොළ සඳහා වන්දි මුදල් ලබාදීම,

    * සෑම පවුලක් සඳහාම ගොඩ ඉඩම් අක්කර 2/1ක් හා මඩ ඉඩම් අකක්ර 1 1/2ක් බැගින් ලබාදීම,
    * වාණිජ ව්‍යාපාර හා කර්මාන්ත අහිමි වන්නන් සඳහා නව වාණිජ හා කර්මාන්ත ඉඩම් ලබාදීම,
    *සෑම පවුලකටම නව ඉඩම් සංවර්ධනය සඳහා කෘෂි මෙවලම් කට්ටලයක් ලබාදීම,
    *නව ඉඩමෙහි තාවකාලික නිවසක් හා වැසිකි*කඑතියක් ඉඳිකර ගැනීම සඳහා රුපියල් 50,000ක දීමනාවක් ලබාදීම,
    * ලබා දෙන වාරි ඉඩමේ පළමු අස්වැන්න ලබා ගන්නා තෙක් සෑම පවුලක් සඳහාම මාසික වියළි ආහාර සලාකයක් ලබාදීම,
    * නව ඉඩම් වගා කටයුතු සඳහා කෘෂි බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබාදීම,
    * නව ජනපදිකයින්ට විකල්ප ආදායම් මාර්ග උත්පාදන මාර්ග හඳුන්වාදීම හා ක‍්‍රියාත්මක කිරීම සඳහා අමතර පුහුණු කිරීම් හා මූල්‍ය සහාය ලබාදීම,
    * නැවත පදිංචි කරනු ලබන සෑම ගම්මානයකටම විදුලි බල පහසුකම් සහ සෑම නිවසක් සඳහා ම නළ ජල පහසුකම් ලබාදීම,
    * සෑම නිවසකටම පිවිසුම් මාර්ග ඇතුළුව මාර්ග පද්ධති සකස් කිරීම,
    * බලපෑමට ලක්වන ප‍්‍රදේශවල සියලූ පොදු සේවා සැපයෙන පොදු පහසුකම් හා පෞද්ගලික ආයතන සහිත අංග සම්පූර්ණ නව නගරයක් ලෙස ලග්ගල නගරය සංවර්ධනය කිරීම,

    * නව ජනපදිකයින් සඳහා රැුකියා අවස්ථා උදාවන කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම, ඉහත සඳහන් සංවර්ධන කාර්යයන්ට අමතරව පාරිසරික ක*කඑතමනාකරණ සැලසුම් යටතේ
    * මොරගහකන්ද ජලධාරා ප‍්‍රදේශයේ ගංඟා, ඇළදොළ රක්ෂිතයන් හෙක්ටයාර් 11365ක පමණ නැවත වන වගාව,
    * මොරගහකන්ද ජලාශය වටා මීටර් 100ක රක්ෂිත ප‍්‍රදේශයක් වෙන් කිරීම හා එහි හෙක්ටවාර් 650ක නැවත වන වගා කිරීම,
    * මින්නේරිය - ගිරිතලේ ස්වභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලිමංකඩක් වෙන් කිරීම,
    * මින්නේරිය - ගිරිතලේ ස්වභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සත්ව වාසභූමි වැඩි දියුණු කිරීම

    ඉහත සඳහන් සියලූ සැලසුම් ප‍්‍රශ්සත හා තිරසාර ආකාරයෙන් ක‍්‍රියාත්මක වන පසුබිමක් තුළ මොරගහකන්ද - කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වන බව නිසැකය.

    සටහන
    තුෂාල් විතානගේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya