නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    නීති විරෝධී ලෙස මුහුදෙන් ඔස්ටේ‍්‍රලියාව කරා පැමිණීම් සහ පුද්ගල ජාවාරම් මැඬපැවැත්වීම සඳහා ඔස්ටේ‍්‍රලියානු රජය දැඩි දේශසීමා ආරක්ෂණ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කොට තිබේ.

    ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ඊයේ (25) දිනයේ ලොව පුරා වෙසෙන කතෝලික බැතිමතුන් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබූහ.

    ජාතියේ ප්‍රමුඛතා පටලවා නොගෙන සිය පළමු සහ දෙවන ධූර කාලයන්හිදී කටයුතු කළ බවත් ත්‍රස්තවාදය ඉවත් කිරීමෙන් පමණක් ම නීතිය හා සාමය පවත්වාගෙන යන බව සහතික කර ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කොළඹ දී පැවසීය.

    1991 දී හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ මිත්‍රයෙකු වූ සුමනසේකර මහතාට ලියුම් කෑල්ලකට කන්තලේ සීනි කර්මාන්තශාලාව පවරලා දුන් බවත් 1994 වහපු කර්මාන්තශාලාව අදත් වසා ඇති බවත් එජාපයේ දැන් ඉන්න නායක තුමා එදා හිටපු අග්‍රාමාත්‍යවරයා හැටියට 2001 – 2003 කාලයේ පැල්වත්ත, සෙවණගල, හිඟුරාණ සීනි කම්හල් ද එලෙස විනාශ කර දැමූ බවත් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සිහිපත් කළේ පසුගිය 4 වැනි දා කන්තලේ සීනි කර්මාන්තායතනය යළි බලගැන්වීමේ මහජන හමුව අමතමිනි.

    වර්ෂ 1964 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් සිය ප‍්‍රථම උපාධිය ගෞරව සාමර්ථ්‍යයක් සහිත ව සමත් වන විට තිස්ස කාරියවසම් දෙවිසි හැවිරිදි තරුණයෙකි. උපාධිය නිමවා ටික දිනකින් හෙතෙම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයෙකු ලෙස බඳවා ගනු ලැබිණි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු වසයෙන් සූසාළිස් වසක සේවා කාලයක් නිම කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ චරිතය විසි වන සියවසේ ද්විතීයාර්ධයෙහි ශ‍්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයෙහි අර්ථාන්විත පරිච්ඡේදයක් සේ හැඳින්විය හැකි ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරෙහි සුශ‍්‍රැත නාමයක් වන තිස්ස කාරියවසම් පිළිබඳ ව කිසිවකු නො දන්නා යමක් පැවසීම මට නම් කළ නො හැක්කකි. ඒ එතුමා ගැන යම් සත්‍යයක් වේ නම් එය සියලු දෙනා අතැඹුලක් සේ දන්නා දෙයක් වන බැවිනි. තිස්ස කාරියවසම් නාමය එපමණට ම අද්‍යතන ශ‍්‍රී ලාංකික ශාස්ත‍්‍රවන්තයන් තුඬ තුඬ පැතිරි නාමයකි.

    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" තුළින් සබරගමු පළාතේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති ඇඹිලිපිටිය නගරය විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටියි.

    අනුරාධපුරය, සෑම මොහොතකම සිය රටට, ජනතාවට ආශිර්වාද සපයන ශ්‍රී ලංකාවේ පූජනීයම නගරයකි. මෙරට බුදු දහම පිහිටුවීමෙන් පසුව ගොඩනැඟුණු පළමු බෞද්ධාගමික නගරය වන්නේ ද මෙය යි. මිහිඳු මහ හිමිපාණන් විසින් නම් කරන ලද පූජනීය ස්ථාන අටක්  විශේෂයෙන්ම මෙහි පිහිටා තිබේ. මෙලක පමණක් නොව  ලෝකයේ නේක රටවල ද බහුතර ජනතාවකගේ පා ස්පර්ශ වූ පුණ්‍ය භුමියේ ඓශ්චර්යය කොතරම්ද? එය තම තමන් සිය සිත්සතන් තුළින් ම කියවා ගත යුතු මැන ගත යුතු  ප්‍රමාණයකි.

    දස වසරක සංවර්ධන කි‍්‍රයාන්විතයේ අතිමහත් ප‍්‍රතිලාභ ජනතාව වෙත හිමිකර දී ඇති කාල පරිච්ඡේදයක නාගරික සංවර්ධනයේ ද නවමු වෙනසක් අද වන විට සිදුව ඇත. සංවර්ධනය යනු තවදුරටත් අපේ රටේ ජනතාවට දුරස්ව පවතින දෙයක් නොවන බව පසක් කරමින්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ ජාතික සංවර්ධන වැඩසටහන පෙරටු කොට ගත් දැවැන්ත සංවර්ධන කි‍්‍රයාවලිය මුළු මහත් දේශය පුරා සෑම ක්ෂේත‍්‍රයක ම විහිදී පැතිරී ඇත.

    1959 වර්ෂයේ ඉපිද අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සිය ද්විතීයක අධ්‍යාපනය හැදෑරූ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා 1979දී නීති විද්‍යාලයට ඇතුළත් විය. 1982දී නීතිඥයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔහු 1980දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් දේශපාලන කටයුතුවල නිරත විය.

    මග නැඟුම මහ මැඳුර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කරන ලද සම්පූර්ණ කතාව මෙසේය.

    විශ්වවිද්‍යාල දූ පුතුන් දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන සරසවිය කරා එන්නේ තමන්ගේ අනාගතයත් ස්වකීය දෙමාපියන්ගේ අහස උසට බැඳි සිහිනත් සැබෑ කිරීමේ උදාර පරමාර්ථයන් පෙරදැරි කරගෙනය. සරසවියට පා තැබීමෙන් පසුව ඔවුන් දිනපතා මුහුණ දෙන ආර්ථික දුෂ්කරා අතර බරපතළ ගැටලුවක් ලෙස දරුවන් මුහුණ දුන් නොවිසඳුණු ම ගැටලුව වූයේ අනෙකක් නො ව නේවාසිකාගර ගැටලුව යි. සරසවි ආපනශාලාවෙන් සහන මුදලකට ලැබෙන බත්වේල හෝ තේ උගුර රසකර ගිලින ඔවුන් පෞද්ගලිකව ඇනෙක්සියක් හෝ බෝඩිමක් සඳහා මාසික ව මුදලක් ගෙවන්නටත් ඇතැම් විට දෙමාපියන්ගේ කණකර උගස්කොට ඒ සඳහා මුදල් ගෙවන්නට ත් සිදු වූ කාලයක් තිබිණි. 
    ඌව පළාත ආගමික, සංස්කෘතික මෙන් ම සොබාව සෞන්දර්යය හේතුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණයට නතු වී තිබේ. එයිනුත් බදුල්ල දිස්ත්‍රික්කය සුවිශේෂී වන්නේ, සොබාදම් මාතාවගේ සුන්දර නිර්මාණයක් වන ස්වාභාවික දිය ඇලි කිහිපයක්ම එහි පිහිටා  තිබීමයි. ඒ අතරට ලංකාවේ උස ම දිය ඇල්ල වන බඹර කන්ද මෙන් ම දුන්හිඳ, දියළුම, රාවණා ඇතුළු තවත් දිය ඇලි කිහිපයක් ඇතුළත්ය. මෙම සුන්දර නිර්මාණයන් දැක බලා ගැනීමට වසරකට නන්දෙසින් බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් ප්‍රමාණය අති විශාලය.

    මහින්ද රාජපක්ෂ මැතිතුමා සහෝදරයන් හය දෙනෙකුගේ හා සහෝදරියන් තිදෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනි පුතු ලෙස වර්ෂ 1945ක් වූ නොවැම්බර් 18 වැනිදා ශී‍්‍ර ලංකාද්වීපයේ දකුණු පළාතේ වීරකැටිය නම් වූ ග‍්‍රාමයේ ජන්මලාභය ලැබීය. බාල වියේ සිට ම සිංහල බෞද්ධ සම්ප‍්‍රදායට අනුව හැදී වැඩුණු මහින්ද සිය පවුල් සම්ප‍්‍රදාය අනුව මහප්පා වන ඩී.එම්. රාජපක්ෂයන් ඇතුළු ඥාතීන් අධ්‍යාපනය ලද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ඇරඹීය. අනතුරුව කොළඹ නාලන්දා විද්‍යාලයෙනුත්, තර්ස්ටන් විද්‍යාලයෙනුත් උසස් අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයට ඇතුළත් වූයේය.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවන වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දී වසර 04ක් පිරීම නිමිත්තෙන් විවිධ පැතිකඩ ඔස්සේ පළවන ලිපි බොහෝය. මෙම ලිපිය එයට වෙනස්  වන්නකි. වසර 25කට පෙර මහින්ද රාජපක්ෂයන් ජවිපෙ සහ එජාප රාජ්‍ය භීෂණයට මුහුණ දෙමින් 1989 මහ මැතිවරණයට මුහුණ දුන් අතර එය ඔහුගේ දේශපාලන ජීවිතයේ දෙවැනි ගමන විය.

    "තරුණ අපේක්ෂාවන්ට මුල් තැන දෙන සුභවාදී රටක්" යන මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව  තාරුණ්‍යයේ  අවශ්‍යතා හඳුනා ගනිමින් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මඟින් ශ්‍රී ලංකා ජාතික තරුණ ප්‍රතිපත්තිය සම්පාදනය කරනු ලැබීය.
    ගසක් දළු ලන්නට මෙන් ම කුඩා ළදරුවෙකු පිරිපුන් මිනිසෙක් බවට පත්වන්නට වසර ගණනක් අවැසි වන්නේය. සියලු දේ තනන්නටත්, සියලු දේ ගොඩනඟාගන්නටත් එසේ කාලයක් ගත වූවත් දුක් මහන්සියෙන්, විශාල කැපවීමක් කොට ගොඩනඟාගත් දේ විනාශ වන්නට නම් අවැසි වන්නේ නිමේෂයකි.

    1902 වසරේ දී උතුරේ ජනතාවට පළමු වරට යාපනයට දුම්රියෙන් යාමට වාසනාව හිමි විය. එදා සිට උතුර දකුණ යා කරමින් පොල් රුප්පාවෙන් තල් රුප්පාවට දුම්රිය ගමන ආරම්භ විය.

    මිහිපිට වසන දැවැන්තයා යැයි සැලකෙන අලි ඇතුන් නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින වඳවී යන අතරතුරේ සුළැඟිල්ලක පුරුකක් තරමට දිගින් යුත් කුඩමස් වෙසසක් ආරක්ෂා කර ගැනීම සඳහා මෙරට හද්දා පිටිසර ගම්වාසීන් පිරිසක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයන් පිරිසක් අඛණ්ඩ ව දරන උත්සහයක් දැදිගම මැතිවරණ කොට්ඨාසයේ රන්බිඩිගල නමැති ගම්මානයෙන් වාර්තා වේ. වැඩුණු පසු උපරිම දිග සෙ.මී. 4.1ක් පමණ වන මෙම කුඩමස් වෙසස බන්දුල පෙතියා නමින් හැඳින්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya