අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කාලගුණික විපර්යාස උපායමාර්ග සඳහා ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුව සමග එක්වෙයි

    සැප්තැම්බර් 24, 2014

    කාලගුණික විපර්යාස හේතුවෙන් රටට සිදුවිය හැකි බලපෑම ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව අවබෝධ කරගත් ශ්‍රී ලංකා රජය, වෙනස් වන කාලගුණයේ බලපෑම් අවම කිරීම සඳහා ජාතික අනුවර්තන උපායමාර්ග සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා එක් ව ඇත.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2010 වසරේ දී එක්සත් ජාතීන්ගේ 65 වන සැසිය අමතමින් මෙම ගැටලුවෙහි කටුක බව පෙන්වා දුන්නේය.

     

    "ලෝකය, අතීතයේ නො වූ ආකාරයට ස්වාභාවික විපත්වලට දැඩි ලෙස භාජනය වෙනවා," ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.

     

    "දිනපතාම පාහේ මිලියන ගණනක් මිනිසුන් දැඩි ගංවතුර තර්ජන, නායයාම්, ගිනිකඳු, සුළිසුළං, භූමිකම්පා සහ වෙනත් එවැනි දේ හේතුවෙන් විපතට පත්වෙනවා. මෙවැනි අවස්ථාවල දී බලපෑමට ලක් වූ රටවලට පශ්චාත් ආපදා ප්‍රතිසාධන වැඩසටහන් කළමනාකරණය අන් අයගේ උපකාරවලින් තොර ව සිදු කිරීම ඉතා අමාරු කාරණයක් බවට පත් වී ඇත. මෑත කාලයේ අපගේ කලාපයේ සිදු වූ ස්වාභාවික ආපදා මගින් ගම්‍ය වූයේ මිනිසුන්ගේ පීඩාවන් අවම කිරීම සඳහා සැවොම එක් ව ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ තීරණාත්මක අවශ්‍යතාවයි. කිසි ම සැකයකින් තොර ව, කාලගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම්වීම අද දිනයේ සියලු ජාතීන්ගේ වහා අවධානයට ලක් විය යුතු ගැටලු බවට පත් වී තිබෙනවා."

     

    කාලගුණික විපර්යාස සඳහා වන අන්තර්රාජ්‍ය මණ්ඩලය (අයි.පී.සී.සී.) විසින් 2013 වසරේ දී නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ලොව පුරා වෙරළබඩ ප්‍රදේශවලින් සියයට 70ක් පමණ මුහුදු මට්ටම වෙනස්වීමේ අවදානමට ලක් වී ඇත. මෙම කාලගුණික විපර්යාස සඳහා වන අන්තර්රාජ්‍ය මණ්ඩලයේ පස්වැනි ඇගයුම් වාර්තාවේ සඳහන් පරිදි, ගෝලීය උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක හතරකින් ඉහළ ගියහොත් 2100 වනවිට ඉතා විනාශකාරී ප්‍රතිඵල ඇති කරමින් මුහුදු මට්ටම මීටර් එකකින් ඉහළ යාහැකිය.

     

    මෙම යථාර්ථය පසුබිම් කරගනිමින්, 2014 සැප්තැම්බර් මස 23 වන දින නිව් යෝර්ක් නගරයේ පැවැත්වෙන කාලගුණ සමුළුවේ දී ලෝක නායකයින් සියලු දෙනා හමුවී ගෝලීය උණුසුම් වීම සෙල්සියස් අංශක දෙකට වඩා අඩු මට්ටමේ පවත්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව සොයා බලනු ඇතැයි බලාපොරොත්තු වේ.

     

    කාලගුණ විපර්යාස අද දින ගෝලීය ගැටලුවක් බවට පත් ව ඇතත් ඉන් වැඩිපුර ම බලපෑමට ලක් ව ඇති රටවල් බවට පත් වී ඇත්තේ මෙම ගැටලුවට අඩුවෙන් ම දායක වූ රටවල් වේ.

     

    "මෙහි අයහපත් ම තත්ත්වය වන්නේ කාලගුණික විපර්යාස තර්ජනවලට මුහුණපා ඇති බොහෝ දූපත් රටවල් සුළු වශයෙන් හෝ ඒ සඳහා දායකත්වයක් නොදක්වා තිබීමයි," යනුවෙන් එක්සත් ජාතීන්ගේ සහකාර මහා ලේකම් සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂ අහිම් ස්ටයිනර් මහතා පවසයි.

     

    දූපත් රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ද මෙම කාලගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන තර්ජනවලින් බේරීමට නොහැකි වේ. මේ තත්වය සැලකිල්ලට ගෙන රජය ආසියානු සංවර්ධන බැංකුවේ ද සහයෝගය ඇති ව, තිරසාර ආර්ථික සංවර්ධනයක් ලබාගනිමින් කාලගුණික විපර්යාස සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රත්‍යස්ථිතිය වැඩිදියුණු කිරීම සඳහා "වසර 2011-2016 සඳහා ජාතික කාලගුණික විපර්යාස අනුවර්තන උපායමාර්ග" නිර්මාණය කොට තිබේ.

     

    ජාත්‍යන්තර තලයේ දී , විශේෂයෙන් ම කාලගුණික විපර්යාස සම්බන්ධ කරුණුවල දී, සමාජ සාධාරණත්වය ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ශ්‍රී ලංකාව නැවත නැවතත් අවධාරණය කර තිබේ.

     

    "කාර්මික රටවල් මගින් සිදුකරන ලද විසමානුපාතික පරිසර දූෂණය ද එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගෝලීය උණුසුම් වීම සහ කාලගුණික විපර්යාස සඳහා පිළියම් සෙවීම ද, මෙම ගැටලුව උග්‍රවීම සඳහා ඉතා සුළු වශයෙන් දායක වී ඇති දියුණුවෙමින් පවතින රටවලට දැඩි බාධක පැනවීම සඳහා වූ විනිශ්චයක් මගින් සිදු කළ නොහැකිය," යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2011 වසරේ දී නිව් යෝර්ක්හි දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66 වන සැසිය අමතමින් පවසා සිටියේය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya