අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 දේශගුණ සමුළුව ජනපති අමතයි

    සැප්තැම්බර් 24, 2014

    දියුණු වෙමින් පවතින රටවලට, වර්තමානයේ පවතින අරමුදල්වලට ප්‍රවේශයක් ඇති කිරීම සඳහා වැඩිදියුණු කළ විධිවිධාන ඇති කළ යුතු යයි, පොදුරාජ්‍ය මණ්ඩලය ඉල්ලා සිටින බව ඊයේ (23) නිව් යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී පැවැත්වුණු 2014 දේශගුණ සමුළුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය.


    2014 දේශගුණ සමුළුවේ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

     

    සම්භාවනීය අමුත්තනි,

     

    ලෝක පරිසරයේ සෞඛ්‍යය පිළිබඳ ව අද විශේෂ අවධානය යොමු විය යුතුව තිබෙනවා. දේශගුණික විපර්යාස හමුවේ මතුව ඇති භයානක තත්ත්වය වත්මන් හදිසි තත්ත්වයකි. අප හමුවේ ඇත්තේ ගෝලීය අභියෝගයක් වන අතර එයට සෑම පැතිකඩකින් ම, සාමූහික ව මුහුණ දිය යුතු වෙනවා.

     

    එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රඥප්ති රාමුව ලෝක ප්‍රතිචාරය පිළිබඳ අවධානය යොමු කරන ප්‍රාථමික අන්තර් රාජ්‍ය සමුළුවයි. සමානාත්මතාව සහ පොදු, එහෙත් එකිනෙකට වෙනස් වගකීම් සහ අදාළ හැකියාවන් පිළිබඳ මූලධර්ම, අපගේ විසඳුම් සෙවීමේ ගමන්මගට මග පෙන්විය යුතුය. හරිතාගාර වායූන් විමෝචනය වීම අවම කිරීම සඳහා පිරිසිදු සංවර්ධන යාන්ත්‍රණය අත්‍යවශ්‍යයෙන්ම ඇති කළ යුතු වේ. දියුණු රටවල් දියුණු වෙමින් පවතින රටවලට ඇති තම කැපවීම, මූල්‍යමය සහයෝගය, තාක්ෂණික සංවර්ධනය හා හුවමාරුව සහ ධාරිතාවන් වර්ධනය මගින්, විදහා දැක්විය යුතුය. ප්‍රඥප්තිය සඳහා පක්ෂපාතී සියලුම කණ්ඩායම් ජාතික දායකත්වයන් සඳහා වූ දේශීය සූදානම් වීම් ඉක්මන් කළ යුතුය.

     

    ශ්‍රී ලංකාව 1993 දී එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රඥප්ති රාමුව අනුමත කළ අතර, 2002 ක්යෝටෝ කෙටුම්පතට ද එකඟ විය.

     

    ලෝකය සහ එහි වෘක්ෂලතාදිය එහි පාලකයන්ට අයිති නොවන බවත්, ඔවුන් අනාගත පරපුර උදෙසා පරිසරය ආරක්ෂා කළ යුතු තාවකාලික භාරකරුවන් බවත් යැයි කියැවෙන, අරහත් මහින්ද තෙරුන් විසින් දේශනා කරන ලද බුදු රජාණන්වහන්සේගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාවේ නායකයෝ මෙතෙක් ප්‍රබෝධමත් වූහ.

     

    රාජ්‍ය ප්‍රතිපත්තීන් රාමුව වන මහින්ද චින්තනය තුළ දේශගුණ විපර්යාස සඳහා වන ක්‍රමෝපායන් අන්තර්ගත කොට ඇත. ඒ අතර, වනාන්තර ගහනය වැඩි කිරීම, ජාතික විදුලිබල පද්ධතියට ගතානුගතික නොවන පුනර්ජනනීය බල ශක්තියේ දායකත්වය වැඩි කිරීම, මෝයවල්, කළපු, කඩොලාන, ලුණු වගුරු බිම්, වැලි වැටි, මුහුදු වෙරළ සහ තෘණ බිම්, මුහුදු වෙරළ සංරක්ෂණය සඳහා ප්‍රතිසංස්කරණය කිරීම සහ නැවත ස්ථාපනය කිරීම ද, හරිත ප්‍රවාහන සේවයක් සහ ඉන්ධන ඵලදායී මාර්ග සිතියමක් ක්‍රියාවට නැංවීම ද, ජලයෙහි උපයෝජ්‍යතාව හා රඳවා තබා ගැනීම වැඩි දියුණු කිරීම සඳහා සම්පත් බොහොමයකින් සැදුම්ලත් දිය බස්නා කළමනාකරණය ද, වේ.

     

    ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම පසුගිය වසර අට තුළ තුන් ගුණයකින් වැඩි වී තිබුණත්, ඒක පුද්ගල කාබන් විමෝචනය මෙට්රික් ටොන් එකකටත් වඩා අඩු වේ.

     

    වර්තමානයේ ශ්‍රී ලංකාව මුලසුන දරන පොදුරාජ්‍ය මණ්ඩලය, කුඩා රාජ්‍යයන් දේශගුණ විපර්යාස සහ ස්වභාවික විපත්වලදී පෙන්වන නොසැලෙන ස්වභාවය සැලකිල්ලට ගැනීම සහ දේශගුණ මුදල් පාලනය පිළිබඳ නවක යෝජනා නිර්මාණය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත. දියුණු වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් සහ අඩුවෙන් ම දියුණු වී ඇති රටවල් සඳහා දේශගුණ අරමුදලට පිවිසුම් අවස්ථා ඇති කිරීම සඳහා සරල විධිවිධාන පිළියෙල කිරීමේ ඉඩකඩ පිරික්සමින් පවතී. දියුණු වෙමින් පවතින රටවලට, වර්තමානයේ පවතින අරමුදල්වලට ප්‍රවේශයක් ඇති කිරීම සඳහා වැඩිදියුණු කළ විධිවිධාන ඇති කළ යුතු යයි, පොදුරාජ්‍ය මණ්ඩලය ඉල්ලා සිටියි.

     

    ස්තූතියි.

     

    HC/IMU_Pix by: Sudath Silva

     

    President at the Climate Summit 2014 2

     

    President at the Climate Summit 2014 3

     

    President at the Climate Summit 2014 1

     

    President at the Climate Summit 2014 4

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya