මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍සේද මාවත් මිතුදම සවිමත් කරමින් හදින් හදට සහයෝගිතාව ගොඩ නගමු

    සැප්තැම්බර් 18, 2014

    චීන ජනාධිපතිවරයා හා එම ආර්යාව ශ්‍රී ලංකාවේ නිරත වූ දෙදින සංචාරය දැවැන්ත ප්‍රතිඵල රැසක් අත්කර දෙමින් නිමාවට පත් වී තිබේ.

    වසර 28කට පසු චීනයේ ඉහළ ම රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාවේ යෙදුණු ප්‍රථම සංචාරය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අතිශය වැදගත් වෙයි.

     

    b8c83078-89e2-40a3-8681-f638d058659d


    චීනය හා ශ්‍රී ලංකාව පැරණි සේද මාවත ඔස්සේ ගොඩනැගුණු ඉදිහාසයේ සිට මිත්‍රශීලි රටවල් දෙකකි. එතැන් සිට ඒ මිත්‍ර සබඳතාවන්හි ස්වර්ණමය යුගය දැන් උදා වී තිබේ. දෙරටේ මිත්‍රත්වය පෙර නො වූ විරූ ලෙස ශක්තිමත් වෙමින් පවතී. ද්විපාර්ශ්වික සබඳතාව දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඇතුළු බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ බහු විධ උපාය මාර්ගික සබඳතාවක් වශයෙන් ඉහළට ගමන් කර තිබේ. 

     

    MR09162014CH 2


    වසර 1952දී චීනය හා ශ්‍රී ලංකාව රබර් සහල් ගිවිසුමට අත්සන් තැබීය. නව චීනය ස්ථාපනය කළ අවස්ථාවේදී බටහිර රටවල් චීනයට එරෙහි ව සම්බාධක පමුණුවා තිබියදී ශ‍්‍රී ලංකාව චීනයට උපකාර කළ බැවින් චීන ජනතාව එය දැඩි‍ ලෙස අගය කරයි. ඒ අතීත මිත්‍රත්වය පිළිබඳ සැලකිලිත් වෙමින් ශ‍්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු සමාජ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම වෙනුවෙන් විශේෂ උනන්දුවකින් සහය දැක්වීමට චීනය කටයුතු කරමින් සිටී.

     

    Agreement 1 0


     ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් මේ වන විට එකඟතාවකට පැමිණ තිබේ. ලෝකයේ ප්‍රබල ම ආර්ථිකයක් ලෙසටත් වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකයක් ලෙසටත් චීනය වෙත ‍‍ලෝකයේ ම අවධානය යොමු වෙයි. මුහුදු සේද මාවතේ භූගෝලීය වශයෙන් වැදගත් උපාය මාර්ගික ගමනාන්තයක් ලෙසටත් දකුණු ආසියාවේ වේගයෙන් නැගී සිටින ආර්ථිකයක් ලෙසටත් ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය.

     

    Wu-Jianghao-e1348757531256

     

    චීන ජනාධිපති ෂී චින් පිං මහතා ඉදිරිපත් කළ මුහුදු සේද මාවත යළි සංවර්ධනය කිරීමේ යෝජනාව, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමේ සංකල්පය එකින් එක ඉතා හොඳින් ගැළපෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියාං හඕ මහතා සඳහන් කරයි. 

     

     

    china-builds-500m-container-terminal-sri-lanka


    පැරණි මුහුදු සේද මාවතේ සිට ම සමීප සම්බන්ධතාවක් ඇති ශ්‍රී ලංකාව හා චීනය යන දෙපාර්ශවයට ම මේ නව යුගයේ හදින් හදට පොදු සමෘද්ධිමත් භාවය ගොඩනැගීමේ අවස්ථාව මේ සංකල්ප දෙක එකිනෙක සම්බන්ධ කිරීමෙන් වඩාත් පහසුවනු ඇත.


    චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ දෙරටේ විවිධ අංශවල සහයෝගීතා පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්හ.  ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන සහයෝගීතා අඛණ්ඩව පුළුල් කරනු ඇති අතර ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම සඳහා වසරක අව‍රෝහණ දින ගණනය ආරම්භ කිරීමට ද ඔවුන් තීරණය කර තිබේ.

     

     

    china-sri-lanka-president


     

    ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමෙන් දෙරටේ ආර්ථික සහයෝගතාව තුළින් ජනතාවට මෙන් ම විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ව්‍යාපරික ප්‍රජාවට ප්‍රතිලාභ හිමි වනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතී. ශ‍්‍රී ලංකා - චීන දෙරටේ ජනතාව අතර අන්තර් සුහදතා වර්ධනය ද එහි පරමාර්ථයකි. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයෙහි චීනයේ දායකත්වය කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ වරාය, දුම්රිය හා අධි‍වේගී මාර්ග, විදුලි බලාගාර ඇතුළු ව්‍යාපෘති රැසකට චීන සමාගම් එක් ව සිටී. එම සහයෝගිතාව බොහෝ විට චීන රජයෙන් ණය මුදල් සහ චීන සමාගම් ඉදි කිරීමේ සහය ලබා දීම වශයෙන් සිදු වෙයි. එහි සහයෝගතා රාජ්‍ය මට්ටමේ සහයෝගීතාවක් ලෙසට හඳුන්වාදීම වඩාත් සුදුසුය. එහෙත් ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළඳ ගිවිසුම නිවේදනය කිරීමෙන් පසු දෙරටේ ආර්ථික හා වෙළඳ හුවමාරු වඩාත් පුළුල් ලෙස හා පෞද්ගලික වශයෙන් ද ජනතාව වෙත යොමු වන අවස්ථාව උදා වනු ඇත. ඍජුව ජනතාව අතට ප්‍රතිලාභ බේදී යාමේ ප්‍රවණතාවක් ඉන් අපේක්ෂා කෙරේ. විශේෂයෙන් ම එහි අන්තර්ගත තීරු බදු සහන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ලෝකයේ විශාලත ම වෙළඳපළ වන චීනයට ප්‍රවේශ වීමට මහඟු අවස්ථාවක් ලෙසට අවිවාදයෙන් සඳහන් කළ යුතුය.

     

    china


    මේ සියලු ම පසුබිම් ඔස්සේ ගොඩනැගෙන සමීප දේශපාලන සබඳතාව මත ශ්‍රී ලංකාව හා චීනය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා පහසුවෙන් ක්‍රියත්මක විය හැකිය. ඉන් මුහුදු සේද මාවතේ නැගී සිටින මෙම දෙරටට ම යහපත් ප්‍රතිඵල නෙළා ගැනීම සඳහා බුද්ධිමත් ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකා - චීන ඓතිහාසික මිතුදම තවත් චිරාත් කාලයක් පවතීවා යැයි සුභ පැතුම් පිරිනමමි.  


    - ශී  යුයැ   (Shi Yue) - බෙයිජිං නුවර සිට

    සැකසුම: එනූෂා බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya