අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක් දෙරණ අඳුර දුරලන ලක්විජය

    සැප්තැම්බර් 16, 2014
    තිස් වසරක විනාශකාරී යුද්ධය පරාජය කිරීමට සාර්ථක ව කටයුතු කරන අතරතුරදී ම ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරමින් තවදුරටත් තුන් වන ලෝකයේ රටක මට්ටමෙන් ඉහළට ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 වසරේ දී ජාතිය හමුවේ ඉදිරිපත් කළ "මහින්ද චින්තන"ය යටතේ අඩිතාලම් දැමුවේය. 
     
    ඉන් නොනැවතුණු මහින්ද රාජපක්ෂයන් 2010 වසරේ දී මහින්ද චින්තන ඉදිරි දැක්ම ඉදිරිපත් කරන්නේ රටේ ගමන් මග ඉන් නොනැවති ඉදිරියට රැගෙන යාමේ තිර අදිටනින් යුතුවය. ඒ සියලු ක්‍රියාකාරිත්වයන්ගේ ඇති සාර්ථක බව හා නිවැරැදි බව වර්තමානයේ දී කැඩපතක් සේ පැහැදිලි වෙමින් තිබේ.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාරව ජනාධිපතිතුමා  සැමට ඒකසේ විදුලිය ලබාදෙන්නට ද පොරොන්දු වන්නේය. එහි වු වැඩපිළිවෙළ සඳහා මුලපුරමින් දැවැන්ත විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීම සිදු කෙරෙන්නේ මහින්ද චින්තන ඉදිරි දැක්මේ එම පොරොන්දුව ද මල්ඵල ගන්වා ජාතියේ ඉදිරි යහපැවැත්ම අරමුණු කරගනිමිනි.
     
    2010 වසරේ දී මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් පොරොන්දු වු පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂයන් ජීවන බරට සැහැල්ලුවක් ලබාදීමට විදුලිබිල සඳහා සහන ලබාදුන්නේය. විදුලිය නොමැති ජනතාව සඳහා භූමිතෙල් සහනාධාරය ලබාදුන්නේය. ඉන් නොනැවතුණු ජනාධිපතිතුමා කළුවර යුගයට තිත තබමින් සැමට සැමදා විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කළේය. එය යථාවත් කිරීමට කෙරවලපිටිය ද්වී චක්‍ර විදුලි බලාගාරය, පුත්තලම ලක්විජය තාපවිදුලි බලාගාරය, උමා ඔය, බ්‍රෝඩ්ලන්ඩ්, මොරගොල්ල, ගිංගඟ ආදී ජල විදුලි බලාගාර, ත්‍රිකුණාමලය තාපවිදුලි බලාගාරය ආදි වශයෙන් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ රටේ විදුලි අවශ්‍යතාව 100%ක් සම්පූර්ණ කිරීමටය.
     
                   download 5
     
    මේ වනවිට ශ්‍රී ලංකාවේ දිනක විදුලි අවශ්‍යතාව මොගාවොට් 2000ක් පමණ වේ. ලෝකයේ අඩු ම පිරිවැයක් දරමින් විදුලි නිෂ්පාදනය කළ හැක්කේ ජලය යොදා ගනිමින් වුවත් ලංකාවට අවශ්‍ය දෛනික විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට පවතින ජල විදුලිය ප්‍රමාණවත් නොවන්නේ යම් කාලවලදී විදුලි බලාගාර පවතින ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් තරම් වර්ෂාපතනයක් නොලැබෙන බැවිනි. මෙම ගැටලුවට මුහුණු දෙන එක ම රටත් අප නො වේ. මෙය බොහෝ සාර්ක් කලාපීය රටවල් මුහුණු දෙන ප්‍රධාන ගැටලුවකි. 
     
    ජලය හැරුණු කොට විදුලි නිෂ්පාදනය සඳහා යොදාගන්නා තවත් අඩු වියදම් ක්‍රමයක් වන්නේ ගල්අඟුරු යොදා ගැනීම වුවත් ජලය හා සාපේක්ෂව බැලීමේ දි මිල අධික යැයි සිතුන ද ඩීසල් හා සැසඳීමේ දී එය ඉතා ලාභදායි ක්‍රමයක් වන්නේය. එහෙත් ලංකාව ජලයෙන් සම්පූර්ණ විදුලි අවශ්‍යතාව සපුරාගැනීමට අපොහොසත් වන කාලයේ දී එම අවශ්‍යතාව සම්පූර්ණ කරගත්තේ ඩීසල් බලාගාර හරහාය. ජල විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 03ත් 05ක් තරම් සුළු මුදල් වැය වන අතර ගල්අඟුරු හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 07ත් 08ත් අතර වැයක් දැරීමට සිදු වේ. එහෙත් ඩීසල් හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 16ත් 17ත් අතර මුදලක් වැය වේ.
     
    download 2ලෝකයේ ඕනෑ ම රටක ප්‍රධානතම ඉලක්කය සංවර්ධනයයි. කුමන හෝ ක්ෂේත්‍රයක් ප්‍රමුඛ කරගෙන ලෝකයේ විවිධ රටවල් සංවර්ධන සිහිනය සැබෑ කර ගැනීමට කටයුතු කරනු ලැබුවද ඒ සියලු කාරණා මුදුන් පමුණුවා ගැනීමට වර්තමානයේ දී බලශක්තිය අත්‍යවශ්‍යම අංගයක් වී ඇත. වර්තමාන ලෝකයේ සියලු කටයුතු යාන්ත්‍රිකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස බලශක්තිය නැතිවම බැරි අංගයක් වී හමාරය. දිනෙන් දින ඉහළ යන බලශක්ති ඉල්ලුමත් බලශක්තියේ උත්පාදනයට යොදා ගන්නා ස්වාභාවික සම්පත්වල සීමිත බවත් හේතු කරගෙන අද මුළු ලෝකයම බල ශක්ති අර්බුදයකට මුහුණ පා සිටියි.
     
    ඛනිජ තෙල් හිමි රටවල් ලෝක ආර්ථිකයේ මෙන් ම ලෝක දේශපාලනයේ තීරණාත්මක රටවල් වී සිටින්නේ අන් කිසිවක් නිසා නො ව ඔවුන් සතු සම්පතෙහි වටිනාකම එතරම් ම ඉහළ නිසාය. ලෝක බලශක්ති ක්ෂේත්‍රයේ උදා වී ඇති මේ තත්ත්වයත් සමඟ ලෝකයේ බොහෝ රටවල් විකල්ප වලශක්ති වෙත නැඹුරු වෙමින් සිටියි.
     
    බලශක්ති සම්බන්ධයෙන් මුළු ලෝකයම මුහුණ දෙන මේ පොදු තත්ත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට ද නොහැකිය. වාර්ෂිකව වර්ධනය වන 10% ක විදුලි ඉල්ලුම සපුරාලීම උදෙසා ක්‍රියාමාර්ග අවශ්‍ය විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගල්අඟුරු බලාගාරය ලෙස පුත්තලම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
     
    ලක්විජය ගල්අඟුරු බලාගාරයට මුල්ගල තැබීම සිදු වන්නේ 2006 වසරේ 
    මැයි මාසයේ දී ය. වර්ධනය වන විදුලිබල ඉල්ලුම සපුරාලීමත් අඩු පිරිවැයකින් යුතු විදුලිබල නිෂ්පාදිතයක් අඛණ්ඩව ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමේත් අරමුණින් මේ ව්‍යාපෘතිය ආරම්භ වන්නේය. එමෙන් ම මෙම ව්‍යාපෘතිය නිසා බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවන සංවර්ධනය තුළින් රටේ ආර්ථික වර්ධනය ද දිළිඳුකම අඩු කර ගැනීමද සමබර කලාපීය සංවර්ධනයද සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2007 ජූලි මාසයේ දී ය. අමෙරිකානු ඩොලර් මිලියන 455ක වියදමකින් යුතු පළමු අදියර මගින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන විදුලිබල නිෂ්පාදිතය මෙගාවොට් 300කි. මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රධාන අංග හතරකින් යුතුවේ. ව්‍යාපෘතියේ දෙවන අදියර හරහා ද මෙගා වොට් 300ක් මේ වන විටත් ජාතික විදුලි පද්ධතියට එකතුවී හමාරය. මේ සඳහා ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 891 කි. images 6
     
    අද (16) හිරු බැසයන හෝරාවේ චීන සමුහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන අදියර ජාතික විදුලි පද්ධතියට එකතුවන්නේ ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාවෙන් 50%ක් තරම් ප්‍රමාණයක් සපුරාලමිනි. මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන්නේ චීන ජාතික යන්ත්‍ර හා උපකරණ ආනයන සහ අපනයන සමාගමයි. මේ සඳහා ණය අරමුදල් සපයන්නේ චීන සමූහාණ්ඩුවයි.
     
    ලක්විජය ගල්අඟුරු ව්‍යාපෘතිය මගින් විදුලි ඉල්ලුම සපුරා ලීමට අමතරව පුත්තලම ප්‍රදේශයේ සංවර්ධනයක් ද සිදු වේ. විශේෂයෙන් මේ ව්‍යාපෘතිය තුළින් ඍජු හා වක්‍ර රැකියා 3000ක් පමණ බිහිවීම සිදු වේ. පාලවි - කල්පිටිය මාර්ගය සංවර්ධනය වීමද, දළුව මාර්ගය වැඩි දියුණු වීමද සිදු වේ.
     
    මෙසේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගල්අඟුරු බලාගාරය වන ලක්විජය බලාගාරය රටේ බලශක්ති අර්බුදයට විසැඳුමක් සපයනවා මෙන් ම ජාතික ආර්ථිකයේ වර්ධනයට මහත් දායකත්වයක්ද සපයනු ඇත.
     
    ලක් දෙරණට දායාද වන ලක්විජය තාප බලාගාරය හරහා ලෝක වෙළෙඳපොළේ වැඩිවන ඉන්ධන මිලෙහි බරින් අපගේ ජනතාව හා රටේ ආර්ථිකය මුදාගැනීමත් බලශක්ති සැපයුම රට තුළ ඉල්ලුමට සරිලන මට්ටමට ඉහළ නැංවීමත් සිදු වෙනු ඇති අතර ම ලක් දෙරණට බලශක්ති ජයග්‍රහණය ද ගෙනෙනු ඇත. 
     
    අවසන් කළ නොහැකි යැයි කියූ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පරාජය කළෙමු. නිදහස් මව්බිමට අහිමි වු සමෘද්ධි යළි දිනාගෙන ජාතිය හා අපේ දරුවන් සුබ අනාගතයකට රැගෙන යාමට ඉතින් අත්වැල් බැඳගනිමු.
     
    අප සැම එක්ව 
    අපගේ රට 
    දියුණුවේ හිනිපෙත්ත කරා
    රැගෙන යමු!
     
    - දිල්හාරි බණ්ඩාර - 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya