අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු සේද මාවතයි චීන ශ්‍රී ලංකා මිතුදමයි

    සැප්තැම්බර් 16, 2014

    අසීමිත සාගරයේ අනේකවිධ නෞකා මගින් නානාවිධ භාණ්ඩ ප‍්‍රවාහනය කළ මුහුදු සේද මාවත තවමත් පවතී ද? එය හුදෙක් වෙළෙඳාම පමණක් සිදු වූ මුහුදු මාර්ගයක් නො වේ. ඒ අතීත මුහුදු ප‍්‍රවාහන මාර්ගය ඔස්සේ ගනුදෙනුවල නිරත සියලු අංශ ඉතිහාසයත් සමඟ මේ වන විට නොපෙනී ගොසිනි.


    එහෙත් සේද මාවතෙන් බැඳී ඇති සබඳතාව යළි තහවුරු කර ගත හැකිය. සේද මාවත යන නමින් හැඳින්වුවද එය සේද රෙදි හා චීන පිඟන් භාණ්ඩ ප‍්‍රවාහනය කළ මුහුදු මාර්ගයක් පමණක් නොවන බවට සාක්ෂි එමටය.


    එය අතීත සංස්කෘති කිහිපයක් ම එකිනෙක  සම්මිශ‍්‍රණය කළ, දර්ශනවාද හුවමාරු කළ, කලා ක්ෂේත‍්‍ර ව්‍යාප්ත කළ ඓතිහාසික කොරිඩෝවකි.


    සේද මාවත චීනය හා යුරෝපා රටවල් අතර  සංස්කෘතික හා වෙළඳ හුවමාරු පාලමක් ලෙස  ප‍්‍රසිද්ධ වී තිබිණ. එය ආසියාවේ රටවල් හා යුරෝපා රටවල් අතර වෙළඳ ගනුදෙනුවලටත්  ජාත්‍යන්තර ආර්ථික සංවර්ධනයටත් දැවැන්ත දායකත්වයක් ලබා දී තිබේ. සේද මාවත අංශ දෙකකින් විහිදෙයි. එකක් මුහුදු මාර්ගයයි. අනෙක ගොඩබිම්  මාර්ගයයි. පළමුව ඇති වූයේ මුහුදු මාර්ගය බවට විශ්වාසයක් පවතී.

     

    sedaway


    මුහුදු සේද මාවත ඔස්සේ ඉන්දියන් සාගරයේ  මුතු ඇටය ලෙස සැලකෙන ශ‍්‍රී ලංකාව අනිවාර්ය කඳවුරක් ලෙස හැඳින්විය හැකිය. මුහුදු සේද  මාවතේ පුරෝගාමියා වූ චීනයේ ප‍්‍රකට දේශ  ගවේශක අද්මිරාල් ‘චෙන් හ’ ඔහුගේ සේද  මාවතේ ගමන් හතෙන් පස් වරක දී ම ශ‍්‍රී  ලංකාවට ගොස් තිබේ. චීනය හා ශ‍්‍රී  ලංකාව අතර පවතින සබඳතාව වෙළද භාණ්ඩ ගනුදෙනුවලින් පටන් ගෙන අනෝන්‍ය අවබෝධය සහ විශ්වාසය  වර්ධනය කර ගැනීමේ මාර්ගයක් බවට පත්  විය. අද වන විටත්, ශ‍්‍රී ලංකාව හා චීනය අතර  ද්විපාර්ශවික බහුවිධ උපායමාර්ගික සබඳතාවක් වශයෙන් තහවුරු කර තිබේ. එය දේශපාලන, ආර්ථික, වෙළඳ, සමාජ හා සංස්කෘතික වශයෙන්  විවිධාකාරයෙන් ගවේෂණය කළ හැකිය.


    මෙම සිතියමේ රතු පැහැති මාර්ගය මහා  ගොඩබිම් මාර්ගය ලෙසට හැඳින්වෙන අතර  නිල් පැහැති මාර්ගය මුහුදු සේද මාවතේ ගමන්  මඟ ලෙස හැඳින්වෙයි. මෙම මාර්ගය චීන මහා  ගොඩබිමේ සිට දකුණු චීන මුහුද, ඉන්දියන් සාගරය, මධ්‍යධරණි සාගරය හරහා මධ්‍යම යුරෝපයට පිවිසේ. මුහුදු සේද මාවත ආරම්භ  වූයේ චීනයේ චින් හා හන් රාජ්‍ය පෙළපත් කාලයේ බව සඳහන් වෙයි. මුහුදු සේද මාවතේ  වෙළඳ ගනුදෙනු අතිශයින් සමෘද්ධිමත් වූයේ චීනයේ ටාං හා සොං රාජ්‍ය පෙළපත් කාලයේදී  ය. චීනයේ සිට යුරෝපය දක්වා වෙළඳ ගනුදෙනුවල නිරත සියලු නෞකා ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව  අතර මුහුදු කලාපයෙන් ගමන් කර තිබිණ. එකල  ශ‍්‍රී ලංකාව වැදගත් සැපයීමේ මධ්‍යස්ථානයක්  විය. ඒ වන විට ශ‍්‍රී ලංකාව හඳුන්වනු ලැබුණේ  සිලෝන් ලෙසිනි.


    මුල් කාලයේදී චීනයේ සේද නිෂ්පාදිතය යුරෝපා රටවලට ප‍්‍රවාහන කිරීම මෙම මුහුදු ප‍්‍රවාහන  මාර්ගයේ ප‍්‍රධාන කාර්ය භාරයකි. චීනයේ ටාං  සහ සොං රාජ්‍ය පෙළපත් වන විට චීනයේ සේද නිෂ්පාදන පමණක් නො ව චීනයේ පිඟන් නිෂ්පාදන ද මුහුදු සේද මාවත ඔස්සේ ප‍්‍රවාහනය

     

    කෙරෙන ප‍්‍රධාන භාණ්ඩ බවට පත් වී තිබිණ.shermie 54524541


    ශ‍්‍රී ලංකාව මුහුදු සේද මාවතේ භූගෝලීය වශයෙන් වැදගත් උපායමාර්ගික ගමනාන්තයක්  බවත් මුහුදු සේද මාවත ශ‍්‍රී ලංකා චීන දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවේ සලකුණක් බවත් සැලකේ. ශ‍්‍රී ලංකා චීන මුහුදු සේද මාවතේ සබඳතාව අද වන විට අනෝන්‍ය ප‍්‍රතිලාභ සහිත උපායමාර්ගික සබඳතාවක් දක්වා වර්ධනය වී  තිබේ.


    වසර 2013 මැයි මාසයේ ශ‍්‍රී ලංකා ජනාධිපති  මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයේ නිල සංචාරයක  නිරත වූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා චීන සබඳතාව උපායමාර්ගික සහයෝගී හවුල්කාරි සබඳතාවක් දක්වා වර්ධනය කිරීමට දෙරටේ ජනාධිපතිවරු එකඟ වූහ. වසර 2013 සැප්තැම්බර් මාසයේ  චීන ජනාධිපති ෂී චින් පිං මහතා ජී 20 ප‍්‍රධාන සමුළුවෙන් පසුව මධ්‍යම ආසියාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදී සේද මාවත  පිළිබඳ ව යළිත් සිහිපත්  කළේ ය. 21වැනි සියවසේ  මුහුදු සේද මාවතේ නව ගමනාන්තය ගොඩ නැගීමේ සංකල්පය හෙතෙම ඉදිරිපත් කළේ ය. 


    එමෙන්ම චීන අග‍්‍රමාත්‍යවරයා 2014 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාවේදී විශේෂයෙන් ම සඳහන් කළේ  සේද මාවතේ ආර්ථික කලාපය සහ 21 වැනි  සියවසේ මුහුදු සේද මාවත පිළිබඳ චීන රජය වැඩි අවධානය යොමු කිරීමට සූදානම් බවයි. 


    14වැනි සියවසේ සිට අද දක්වා, චීනය හා  ශ‍්‍රී ලංකාව අතර වෙළද ගනුදෙනු පවත්වා  තිබේ. 21වැනි සියවසේ මුහුදු සේද මාවත් නව සංකල්පයේදී ද මෙම පැරණි මිත‍්‍රත්වය අමතක  කළ නොහැකි ය. මෙම මිත‍්‍රත්වය වැදගත් කොට සලකන චීනය, අනෝන්‍ය යහපත මත ශ‍්‍රී ලංකාව  සඳහා සහන ව්‍යාපෘති රැසක් පවත්වා තිබේ. ඒ  පමණක් නො ව දෙරටේ නායකයන්ගේ උපදෙස්  මත මෙම වසරේ අත්සන් තැබීමට නියමිත  චීන ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ද චීනය  හා ශ‍්‍රී ලංකාව අතර පවතින මිත‍්‍රශීලි සබඳතා  වර්ධනයට නව සලකුණක් ලෙසට හැඳින්විය  හැකි වෙයි.
    පසුගිය මැයි මස 22වනදා චීනයේ ෂැන්හයි  නගරයේ පැවති 4වන අන්තර් ක‍්‍රියාකාර හා විශ්වාස ගොඩනැගීමේ ආසියානු සමුළුවේදී  චීන ජනාධිපති ෂී චින් පිං මැතිතුමා සහ ශ‍්‍රී ලංකා  ජනාධිපති මහින්ද  රාජපක්ෂ මැතිතුමා හමු වූහ. 21 වැනි සියවසේ මුහුදු සේද මාවත  සංවර්ධනය කිරීම යන චීනය ඉදිරිපත් කළ සංවර්ධන ආකල්පය සඳහා ශ‍්‍රී ලංකාව  සක‍්‍රීය ලෙස දායක වනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කළේ ය.



    ඉතිහාසයේ සිට ම සමීප සබඳතා පවත්වා ගෙන තිබෙන චීනය හා ශ‍්‍රී ලංකාව මෙම අලුත් යුගයේදී හවුල්කාරි සබඳතා තහවුරු කර ගැනීමට කැමැත්තෙන් පසු වෙයි. අතීත මුහුදු  සේද මාවතෙන් බැඳී ඇති චීනය හා ශ‍්‍රී ලංකාව, 21වැනි සියවසේ නව සේද මාවත් සංචාරයට යළි එක් වී සිටී. එසේනම් ආසියාවේ පොදු සමෘද්ධිය ගවේෂණය කිරීමට ලෝකයේ නැඟී එන රටවල් ලෙසින් අපි අත්වැල් බැඳගමු.

     

    ඉදිරිපත් කිරීම - ශි යුයැ / එනූෂා බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya