අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ මීළඟ බලවතා චීනය

    සැප්තැම්බර් 15, 2014

    'Made in China' කියා සටහන් වී ඇති චීන භාණ්‌ඩ දැනටමත් ලෝකයේ සෑම වෙළෙඳපොළක්‌ ම පාහේ ආක්‍රමණය කර තිබෙන බව ලෝකයේ කොයි කාටත් රහසක්‌ නො වේ.

    ලෝකයේ බොහෝ රටවල සෙල්ලම් බඩු 9ක් ගතහොත් ඉන් 6ක්ම චීන නිෂ්පාදනයක් බවට සාමාන්‍ය ජනතාව අතර පවා ව්‍යවහාරයේ පැවසෙයි.

     

    පසුගිය දශක 03 තුළ චීන ආර්ථිකය ඉතා ඉහළ වේගයකින් දියුණුවට පත්විය. 1978 දී හිටපු ජනාධිපති ඩෙන් ෂියාඕපින් මැතිතුමා (Deng Xiaoping) විසින් ඇති කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ හා විවෘත ආර්ථික පිළිවෙත නිසා සීග්‍රයෙන් එරට ආර්ථිකය දියුණුවට පත් විය.


    ඔවුන්ගේ ආර්ථිකයේ වර්ධනය මනිනු ලබන ජාත්‍යන්තර මිමි දෙකකි. එනම් දළ දේශීය නිෂ්පාදනයේ ඉහළ යාම හා පාරිභෝජනය ඉහළ යාමය.

     

    2001 - සිට 2010 දක්වා දළ දේශීය නිෂ්පාදනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධනය 9.9%කි. එම දශකය තුළ සම්පූර්ණ වර්ධන ප්‍රතිශතය 158% කි. (ලෝක බැංකු වාර්තා අනුව) එය ඉතා වැදගත් වන්නේ 2008 දී ලෝක ආර්ථික අර්බුදය පැවැති අවධියේ දී ද චීනයේ ආර්ථික වර්ධනය ඉහළ යාමය.

     

    චීනයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය අනෙකුත් රටවල් සමඟ සසඳා බැලීමෙන් චීනයේ ආර්ථික වර්ධනය කොයිතරම් ඉහළ දැයි දැක ගත හැකිය. එම දශකය තුළ චීනයට පසු ඉහළ ආර්ථික වර්ධනයක් දක්වන ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධනයට වඩා දෙගුණයකින් වර්ධනය විය. රුසියාවට වඩා 2.5 කින් වැඩිය. දකුණු කොරියාවට වඩා තුන් ගුණයකි. ජර්මනියට වඩා 7 ගුණයකි. ඇමරිකාවට වඩා 20 ගුණයක අගයක් ගනී.

     

    2014 ජුනි මාසය වන විට චීනයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 7.5%කි. මේ අනුව ලෝක ආර්ථිකය තුළ ප්‍රබල භූමිකාවක්‌ නිරූපණය කරන චීනය, ලෝක ආර්ථිකය තුළ තවත් බලවත් වෙමින් ද සිටී.

     

    ඒ නිසා චීන ආර්ථිකයට ලෝක ආර්ථිකය තුළ ඇති වැදගත්කම හා සිදු කළ හැකි බලපෑම ද වර්ධනය වෙමින් තිබේ.

     

    මෙම රටේ ආර්ථිකය මේ තරම් සීග්‍ර දියුණුවක් ලැබීමට හේතු කාරණා අතරින් හිටපු ජනාධිපති ඩෙන් ෂියාඕපින් මැතිතුමා (Deng Xiaoping) විසින් 1978 දී ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණය ප්‍රධාන තැනක් ගනී.

     

    මෙම ආර්ථික දියුණුවත් සමඟ චීනයට විදේශ ආයෝජන ගලා ඒම සුලබ වී ඇත. චීනයේ නැඟෙනහිර ගුවන් ඩොං Guan Dong ෂැංහායි Shanghai හා බිහායි මුහුද අවට ප්‍රදේශය තුළ නිදහස් වෙළඳ කලාප රාශියක් විදේශ ආයෝජකයින් සඳහා විවෘත කර ඇත. දැනට ලෝකයේ විශාලතම ව්‍යාපාර 500න් 433ක් ම චීනයට පැමිණ තිබීම විශේෂත්වයකි.

     

    දැනට ලෝකයේ වැඩි ම විදේශ විනිමය සංචිතය ඇත්තේද චීනයටයි. මෙතෙක් කල් චීනයට විදේශ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කළ චීනය දැන් ලෝකයේ වෙනත් රටවල මුදල් ආයෝජනය කිරීමට පෙළඹී තිබේ. විශේෂයෙන් උතුරු ඇමරිකාව, යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව යන රටවල විශාල ලෙස මුදල් ආයෝජනය කිරීමට පටන් ගෙන ඇත. චීන සමාගම් විශාල ලෙස ඇමරිකාව හා යුරෝපයේ ප්‍රසිද්ධ සමාගම් මිලදී ගැනීමට පෙළඹී සිටී.

     

    ලෝකයේ වැඩි ම ජනගහණය සිටින්නේ චීනයේය. 2030 වන විට අවුරුදු 60ට වැඩි ජනගහනය මිලියන 355ක් වන බවට ගණන් බලා ඇත. එහෙත් අද වන විට ලෝකයේ ඉහළම සමාජ සුභ සාධන වැඩපිළිවෙළ ඇත්තේ චීනයේය.

     

    චීනය අද ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත් ව සිටී. එසේම අද අපනයනවලින් ප්‍රථම ස්ථානයට ද පත් ව සිටී.

     

    මෑතකදී අවසන් වූ 18 වන කොංග්‍රසයේ දී හිටපු නායක හු ජින්තාඕ මැතිතුමා (Hu Jintao) පැවසුවේ දැනට ඇති ඩොලර් 5000 ඒක පුද්ගල ආදායම 2020 වන විට ඩොලර් 10000 දක්වා වැඩි කර ගත යුතු බවය.

     

    එසේම චීනයේ වර්තමාන දීර්ඝ කාලීන අරමුණ නම් 2049 වන විට ලොව සංවර්ධිත රටක් ලෙස ජාත්‍යන්තරයේ බලවත් ම රාජ්‍ය බවට පත් වීමයි.

     

    එසේම වර්තමාන චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinpin) මැතිතුමාගේ ප්‍රධාන අරමුණ වන්නේ 2020 වන විට චීනය ලෝක ආර්ථික බලවතා බවට පත් කිරීමය. එසේම චීනය ලෝකයේ සුන්දර ම රට බවට පත් කරන බව ඔහු පවසයි. ඒ අනුව චීනය ඉතා කෙටි කලකින් ලෝක බලවතා වනු නිසැකය.

     

    ලෝකයේ දැවැන්තම ආර්ථීකය ලෙසින් වැජඹුණු ඇමරිකානු ආර්ථිකය පරදා බොහෝදුරට මේ වසර අගදී (2014) චීන ආර්ථිකය ලෝකයේ අංක එකේ ආර්ථිකය හිමි බලවත්ම රට බවට පත්වනු ඇතැයි ලෝක බැංකුව සමග ජාත්‍යන්තර සංසන්දනාත්මක වැඩසටහන (The International Comparison Program (ICP)) කර තිබෙන නවතම සමීක්ෂණයකින් අනාවරණය කර තිබේ.

     

    මෙවන් ලොව බලවත් ආර්ථිකයකට උරුමකම් කියන, ජාත්‍යන්තරයේ ආයෝජනයන් බහුල ව අත්විඳින චීනය වැනි ප්‍රබල රටක නායකයෙකු (චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinpin) මැතිතුමා) ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ අපේ කුඩා දිවයිනට වසර 28කට පසු පැමිණීමත් අප හා සමඟ විශාල ආයෝජන හා වෙළඳ සබඳතා ඇතුළු දේශපාලන, සාමාජීය හා සංස්කෘතික මිත්‍ර සබඳතා ඉහළ නංවා ගැනීමටත් පියවර ගැනීම ආසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව පත් වෙමින් සිටින බවට ඉඟියක් ම නොවන්නේද?.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya