අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරසවි දූ පුතුන් වෙනුවෙන් ඉදිවන ‘සරසවි මැඳුර’ විවෘත වන වගයි...

    නොවැම්බර් 22, 2014
    විශ්වවිද්‍යාල දූ පුතුන් දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන සරසවිය කරා එන්නේ තමන්ගේ අනාගතයත් ස්වකීය දෙමාපියන්ගේ අහස උසට බැඳි සිහිනත් සැබෑ කිරීමේ උදාර පරමාර්ථයන් පෙරදැරි කරගෙනය. සරසවියට පා තැබීමෙන් පසුව ඔවුන් දිනපතා මුහුණ දෙන ආර්ථික දුෂ්කරා අතර බරපතළ ගැටලුවක් ලෙස දරුවන් මුහුණ දුන් නොවිසඳුණු ම ගැටලුව වූයේ අනෙකක් නො ව නේවාසිකාගර ගැටලුව යි. සරසවි ආපනශාලාවෙන් සහන මුදලකට ලැබෙන බත්වේල හෝ තේ උගුර රසකර ගිලින ඔවුන් පෞද්ගලිකව ඇනෙක්සියක් හෝ බෝඩිමක් සඳහා මාසික ව මුදලක් ගෙවන්නටත් ඇතැම් විට දෙමාපියන්ගේ කණකර උගස්කොට ඒ සඳහා මුදල් ගෙවන්නට ත් සිදු වූ කාලයක් තිබිණි. 
     
    නමුත් ජනාධිපතිතුමාගේ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සඵල කරමින් ක්ෂිතිජයෙන් එහා දැකිය හැකි විද්වතකු සරසවියෙන් බිහි කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීමේ වගකීම උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා භාර ගත්තේ ය. 
     
    ගමේ කුඹුරේ, හේනේ නියරේ මෙන් ම පුංචි පැල්පතේ ද හද ගැස්ම හඳුනන එතුමා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හදගැස්ම ද හඳුනන්නෙකි. වරෙක ශිෂ්‍ය නායකයෙක් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙය වූ එතුමා ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ ය. එබැවින් ම දෙමාපියන් සහ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විඳින නේවාසිකාගාර වදයට ස්ථිරසාර විසඳුමක් ඉදිරිපත් කිරීමට එතුමා සිසුන් 24000කට එකවර පහසුකම් සැලසිය හැකි අවුරුදු දෙකක් වැනි කෙටි කාලකින් අවසන් කළ හැකි නේවාසිකාගාර 60 ව්‍යාපෘතිය ආරම්භ කරන්නට තීරණය කළේ ය.
     
    වර්ෂ 2009 වනවිට සිසුන් 21000ක් ඇතුළත්කර ගත් සරසවි පද්ධතියට 2014 වනවිට සිසුන් 26000ක් ඇතුළත් කරගැනීමට අපේක්ෂා කෙරේ. ජනාධිපති ශිෂ්‍යත්ව යටතේ විදේශ සිසුන් 100කට ද වසරක් පාසා නේවාසික පහසුකම් සහිත ව ශිෂ්‍යත්ව පිරි නැමේ. මෙයින් එකවර සිසුන් 24000කට නේවාසික පහසුකම් සපයන මෙම දැවැන්ත ව්‍යාපෘතිය විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශාල ම ව්‍යාපෘතිය බවට පත්වනු ඇත. මහල් හතරකින් යුක්ත එක් ගොඩනැඟිල්ල බැගින් ඉදිවෙන මෙම නේවාසිකාගාරයන්හි පොදු මුළුතැන්ගෙයක්, නවීනත ම පහසුකම් සහිත ව නාන කාමර සහ වැසිකිලි පද්ධති දෙකක්, පොදු අධ්‍යයන ශාලා පහසුකම් සහිතව ඉදි කිරීමට නියමිත ය. 
     
    IUSF LONG MARCH SRI LANKAදිනෙන් දින මාතෘකා සොයමින් විශ්වවිද්‍යාල අස්ථාවර කිරීමෙහි නියුතු ඇතැම් දේශපාලන පක්ෂ සහ විශ්වවිද්‍යාල තුළට සිය ගෝල බාලයන් ඇතුල් කරමින් ස්වකීය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ අනාගතය බිල්ලට දීමට කටයුතු කරන දේශද්‍රෝහීන්ට නම් මෙම නේවාසිකාගාර ව්‍යාපෘතිය නයාට අඳුකොළ හා සමාන නොවෙතොත් පුදුම ය. ඔවුන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමට නම් ‘සංවර්ධනය’ යන වදන විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඈත් ව පැවතිය යුතු ය. නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය කිසිසේත් විශ්වවිද්‍යාල සංවර්ධනය අමතක කොට නැත. ඒ අතර විෂය මාලා සංවර්ධනය, විෂය මාලා යාවත්කාලීන කිරීම, නව විෂය නිර්දේශයන් හඳුන්වා දීම, වෘත්තීය මූලික නව විෂයයන් හඳුන්වාදීම ආදී අධ්‍යයන මූලික සංවර්ධන කටයුතු ද නව ගොඩනැඟිලි, නේවාසිකාගාර, විද්‍යාගාර, ක‍්‍රීඩාගාර, ක‍්‍රීඩා පිට්ටනි ආදී පහසුකම් සංවර්ධනය ද සිදු කිරීම නොනවත්වා සිදු වේ. මෙම තත්ත්වය යථෝක්ත පටු අවස්ථාවාදී දේශපාලන අඳබාලයන්ට නම් ඇහේ කටු ඇනෙන්නා සේ බැව් නොකියා ම බැරි ය. 
     
    එස්.බී. දිසානායක අමාත්‍යතුමාගේ නොසැලෙන ධෛර්යය සහ උට්ඨාන වීර්යය හමුවේ සරසවි ඉතිහාසයේ දැවැන්ත ම නේවාසිකාගාර ව්‍යාපෘතිය මල්ඵල දරන්නට මූලික ම හේතුව වූ බැව් සඳහන් කළ මනා ය. සමස්තය දෙස නොබලා එක් පුංචි රොඩුවක් සමස්තය ලෙස දකින කුහක දේශපාලන හෙංචයියන්ට නම් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ව ද දහසකුත් එකක් ගැටලු තිබෙන බව නොකිව මනා ය. නමුත් සියලු බාධක, තහංචි සහ ශිෂ්‍ය දේශපාලනය මුවාවෙන් අංචි අදින ඇතැම් පුද්ගලයන්ගේ රැවුම් ගෙරවුම් මැද සරසවියට සුභ ආරංචියක් ලෙස ගෙනා මෙම නේවාසිකාගාර 60 ව්‍යාපෘතිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය වශයෙන් අපත් විශ්වවිද්‍යාල ප‍්‍රජාවත් අවසාන වශයෙන් සමස්ත ජාතියත් ලද ජයග‍්‍රහණයක් ලෙස සනිටුහන් කිරීම වැරදි නො වේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya